This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 23 February 2024

ප්‍රියාව ඇගයීමට වඩා ඇති අභියෝගය


ප්‍රියා සූරියසේන කියන්නේ කොල්ලෝ - කෙල්ලෝ love letters ලියපු කාලේ නැගලා ගිය ගායකයෙක්. ඔහුගේ ගීත කොච්චර ලස්සන වුනත් දැන් තියෙන SMS/MMS යුගයේදී ප්‍රියා ගයපු ගීතවල තිබුන දිගු වදන් ලියලා යවන්න බෑ...ඒ නිසා ප්‍රියාගේ සින්දු රැදෙන්නේ නෑ...ත්‍රීවීල් එකක පිටිපසේවත් ලියවෙන්නේ නෑ.. ගුවනේ පාවෙලා යනවා... ඒත් ඔහුව ඇගයීමට ලක්වීම වැදගත්. මොකද, ප්‍රියාගේ ගීත අහලා love කරපු පරම්පරාව තමයි මේ යුගයේ කලාව, සාහිත්‍යය, විචාර, ඇගයිම් සහ සම්මාන ආදිය සියල්ල හොබවනනේ, මෙහෙයවන්නේ. එහෙව් එකේ ඒ පරම්පරාව ප්‍රියාව ඇගවූයේ නැතිනම් එය වරදකාරී හැගීමකට ඔවුන් ලක්කරණ බව සිකුරුයි.

ඒත් ඇත්තම අභියෝගය ප්‍රියාව කොහොමද අළුත් පරම්පරාව තුල නැවත මුල්බස්සවන්නේ කියන එකයි. අපේ කාලයේ, ඒ කියන්නේ 1990 දශකය වෙද්දීත්, ප්‍රියා තරමක් යට යමින් හිටියේ, සන්ෆ්ලවර්ලා තමයි ඔහුව ආපහු පණ ගහලා ගත්තේ.. හැබැයි දැන් ඒ කාලෙත් ඉවරයි...දැනුත් ප්‍රියාගේ සිංදු රියලිටි වැඩසටහන් වල, ප්‍රසංග වල, පාරේ යද්දී එහෙන් මෙහෙන් ඇහෙනවා තමයි. ප්‍රියාට හිටිය, දැනටත් ඉන්න, රසික රසිකාවියෝ එහෙම්ම ඉදියි. ඒත් ඊලග පරම්පරාවේත් ප්‍රියාට එහෙම රසික, රසිකාවියෝ පිරිසක් ගොඩනැගේවිද?

එක කාලයක කැලැරන්ස්, මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සුරියසේන, පුන්සිරි සොයිසා හිටියේ එකම මාදිලියක වගේ. ප්‍රියා හිටියේ කැලැරන්ස්ට මෙහායින් මිල්ටන්  සහ පුන්සිරි අතර මැද ස්ථානයක. දැන් වෙද්දී පුන්සිරි සොයිසා කොහොම වුනත් කැලැරන්ස්  සහ මිල්ටන් මල්ලවආරච්චි ඊලග පරම්පරාව දක්වාත් අතික්‍රමණය කරලා තියෙනවා.. එත් ප්‍රියා?

ආපහු කොහොමද ප්‍රියාව උස්සලා ගන්නේ කියන එක තමයි ඇත්ත අභියෝගය කියලා කිව්වේ ඒ නිසයි. කැලැරන්ස්ව යාවත් කළා වගේ ප්‍රියාවත් යාවත්කාලීන කරන්න පුළුවන් නම් එය ප්‍රියාව තවත් කාලයක් නැගිට සිටවාවි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

22/02/24

2 comments:

  1. ඇත්තටම වර්තමාන පරපුර අතර උනත් ප්‍රියා ජනප්‍රියයි..එයාව බලෙන් ප්ලාන්ට් කරන්න දෙයක් නෑ..
    සන්ෆල්වර් වලට පස්සෙ ප්‍රියා ඊට පස්සෙ අන්ප්ලග් මියුසික් එක්ක එයාගේ සින්දු එලියට දැම්මා...ඒ වගේම අලුත් මියුසික් සංයෝජනත් එක්කත් එයාගේ ගීත එලියට දැම්මා.. ඉතින් ඒවා තාමත් තරුණ පරපුර අතර තියෙනවා කියලා තමයි මට හිතෙන්නෙ...අද උනත් රියැලිටි තරග වල ප්‍රියාගේ ගීත ඇහෙනවා.

    සුමති සම්මාන උලෙල ෆේස්බුක් වල නිතර දක්නට තිබ්බා...ඒවත් අලුත් පරපුර ඇතුලේ එයාව උඩ තැනක ස්ථානගත කරන්න උදව් වෙනවා..ඒ නැතත් කට්ටියක් එකතු උනාම කියන සින්දු අතරේ ප්‍රියාගේ සින්දු කොච්චර නම් තියෙනවද.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙන්න ඕනේ ප්‍රියාව නිරන්තරයෙන් යාවත්කාලීන කරන්න ඕනෑ...

      Delete