This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 31 January 2024

ලෙනින් මැරිලා අවුරුදු 100 යයි, අපි තවමත් ඉන්නේ ඔහුගේ ලෝකයේද?



Lenin has been dead for 100 years and we are still living in his epic? පසුගිය ජනවාරි 21 වෙනිදාට රුසියාවේ V.I.ලෙනින් මැරිලා අවුරුදු 100යක් ගතවීම සමරණු ලැබුවා. 1917 රුසියන් විප්ලවය ඔස්සේ රුසියාවේ රාජ්‍යය බලය අත්කරගෙන, මාක්ස්වාදී මූලධර්මයන් මත පදනම්ව, ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍ය බිහිකල ලෙනින්, 1924 ජනවාරි 21 දා මියගියයි කියලා ප්‍රකාශයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 53 යි. සියවසකට පෙර මියගිය ලෙනින් මේ වන විට ඓතිහාසික චරිතයක් වූවත්, ඔහුගේ සියවස් සමරු මරණ අනුස්මරණය වෙනුවෙන් ලිපි ලේඛණ රාශියක් මේ දවස්වල පුවත් පත් සඟරා රාශියක පලවී තිබුණා. එම ලිපි ලේඛණ කියවද්දී පොදුවේ මතුවෙන ප්‍රශ්නයක් වූයේ අපි තවමත් ජීවිත් වන්නේ ලෙනින්ගේ ලෝකයේ ද? (We still live in Lenin’s world)

එහෙම අහන්න හිතෙන්න ලෙනින් මැරිලත්, ලෙනින් නිර්මාණ කල සමාජවාදී සෝවියට් රුසියානු සමුහ ආණ්ඩුව බිද වැටිලත්, ලෙනින්ගේ බලපෑම තවම අවසන් වෙලා නැති බව පිලිගැනීමට සිදුවෙලා තියෙන නිසයි.

"යුක්‍රේනිය කියලා රටක් තිබුනේ නෑ, ඒක හැදුවේ ලෙනින්" කියලා යුක්‍රේනිය අල්ල ගන්න පුටින් යුද්ධ කරද්දීම ලෙනින් කියන්නේ තවමත් ඉතිහාසයෙන් ඉවත් කරන්න බැරි චරිතයක් වෙනවා. දිගින් දිගටම, අළුත් අළුත් කොටස් එකතුවෙන වීරාඛ්‍යානයක්/epic එකක්/ වීර කාව්‍යයක් වගේ තව තවත් දිග හැරෙනවා.. ඒ නිසාම අර කොමියුනිස්ට් රුසියාවේ සිටි Vladimir Mayakovski කියන කවියා ලිව්ව 'Lenin lived, Lenin lives, Lenin will live!' කියන එක යලි යලිත් මතුවෙනවා.

මාකස් ප්‍රියන්ත පෙරේරා

24/01/24

2 comments:

  1. ලෙනින් තාම ජීවත් වෙනවද කියන එකට වඩා මං වැදගත් ලෙස සලකන්නේ, ලෙනින්ගේ අදහස් අද කාලයටත් වලංගුද කියන එක..ලෙනින්ගේ පාරේ ගිය කියුබාවෙ මිනිස්සු අද කන්න නැතිව පෝලිම් වල...උතුරු කොරියාව තනි වෙලා...වියට්නාමය නමට විතරක් සමාජවාදී...ඉතින් ලෙනින් ට ඉතිහාසයේ හිමි වෙල තියෙන තැන එතැන...


    ඉස්සර හිටිය අයගේ බලපෑම අදත් තියෙනවා...ලෙනින්ට ඒ අර්ථයෙන් නම් ජීවත් වෙලා ඉන්නවා කියන්න පුලුවන්...


    පලවෙනි ලෝක යුද්ධේ ඉවර වෙලා මැද පෙරෙදිග යුරෝපීය ජාතිකයන් අතරෙ බෙදා ගත්ත එක තමයි අදටත් මැදපෙරදිග යුද්ධවල හේතුව....ඒවගේ අදකාලේ වෙන දේවලට ඉතිහාසයක් තියෙනවා...ලෙනින්ටත් ඒ අර්ථයෙන් මිසක් , එයාගෙ අදහස් වලින් වර්ථමාන ලෝකේට දියුණුවක් වෙයි කියලා හිතන්න අමාරුයි

    ReplyDelete
  2. ඔයාගේ කතාවේ ඇත්තක් තියෙනවා...ඔහු ගොඩනැගූ රාජ්‍යය ක්‍රමය අවසන්

    ReplyDelete