This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 6 December 2023

පෘතුගාලේ පෝර්තෝ (Porto) නගරය - පෙරේරා ලා සහ පෝර්ට් වයින්


Porto Portugal - මම පෘතුගාලේ පෝර්ටො /පෝර්තෝ (Porto) ගැන මුලින්ම දැන ගත්තේ නගරක් විදිහට නෙමේ, වයින් ජාතියක් විදිහට යි. ඒ මම ලංඩන් යනවා කිව්වහම අපේ ගමේ, මීගමුවේ, ආච්චි කෙනෙක් කිව්වා එයාට 'පෝර්ට් වයින්' බෝතලයක් අරන් එන්න කියලා. 

ඒ කාලේ මීගමුවේ පෝර්ට් වයින් ගැන දන්න අය හිටියා. මීගමුවේ මහවිදිය පල්ලිය ඉස්සර තිබුන ඇපෝතිකරි (Apothecary) එකේ විතරක් නෙමේ ගෝමස් වයින් සාප්පුවෙත් පොර්ට් වයින් විකුණන්න තිබිලා තියෙනවා. පෝර්ට් වයින් හදන්නේ පෘතුගාලයේ කියලත් දැනන් ඉදලා තිබුනා. මීගමුවේ පැවැති ඔය සාප්පු දෙක ගැන මම මීට පෙරත් ලියා තිබෙනවා ඒ ගැන මෙතැනින් පිවිස කියවිය හැකියි.

 පෝර්ට් වයින් අනික් වයින්වලට වඩා thick. ඒ වගේම පැණි (sweet) රසයි. අනෙක් වයින්වලට වඩා වදිනවා, සැරයි. හැබැයි රහයි. ඒ වයින් හදන්නේ පෘතුගාලයේ මෙම පෝර්ටො/පෝර්තෝ පලාතේ හැදෙන මිදිවලින්. අර ආච්චි ඒ ගැන දැනන් හිටියා. කොහොමත් ඒ ආච්චි වයින් ගැන හොදට දන්නවා. ඇය තැඹ්ලි වලින් විතරක් නෙමේ ලොවි වලිනුත් වයින් හදනවා.

නත්තල් කාලේදී මට ඇයව නිතර මතක් වෙනවා.. ඇගේ කේක්, වයින්, කෑම ජාති, තවමත් මතකයි. කොහොම හරි පෝර්ට් වයින් වගේම ලංකාවේ /මීගමුවේ පිරිසක් විශ්වාස කරනවා ඔය පෙරේරා ලාගේ නමත් පෝර්තෝ නගරය හා සම්බන්ධයි කියලා. ඒ ගැන තවම මට හරියටම කියන්න බෑ.. හොයන්න ඕනේ.. 

කොහොම වුනත් පෘතුගාලයේ දෙවෙනි විශාලතම නගරය වන පෝර්ටො/පෝර්තෝ (Porto) නගරය පිහිටා ඇත්තේ එරට අගනුවර වන ලිස්බන් නුවරට පැය 5ක පමණ දුරකින්, රටේ උතුරට වෙන්න. පෘතුගාලයේ පාතිමා දේවමතා සිද්ධස්ථානයට පිහිටා තිබෙන්නේ ලිස්බන් සහ පෝර්තෝ නගර අතර එක්තරා ආකාරයකින්  රට මැද්දට වෙන්න. ඒ නිසා පාතිමා යන අය ඔය නගර දෙකෙන් කොයිකට හෝ ඇවිත් තමයි යන්නේ. 

මේ පොර්තො නගරයේ ශා. ජුසේ වාස් පියතුමා අයත්වූ ඔරතෝරියානු (Oratorian) නිකායට අයත් පැරණි අලංකාර පල්ලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. නගරය මැදින් වැටී ඇති Douro ගඟ හරහා ඉදිකර ඇති Maria Pia පාලම ඉදිකර ඇත්තේ පැරීසියේ අයිෆල් කුලුණ තැනූ Gustave Eiffel විසින්. ඒ 1877 දී. පෘතුගාලේ පෝර්ටො /පෝර්තෝ (Porto) කියන්නේ හරිම අලංකාර, එයටම උරුමවූ අනන්‍යතාවයක් ඇති ලෝක ප්‍රකට පැරණි අලංකාර නගරයක්. ඒ නිසාම යුනෙස්කෝව එම නගරයම පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති නගරයක් හෙවත් Unesco World Heritage Site එකක් ලෙසත් නම් කර ඇති නගරයක්. 

පෝර්තෝ නගරය ගැන වැඩි විස්තර පසුව ලියන්නම්.


මාකස් ප්‍රියන්ත පෙරේරා
07/12/23

4 comments:

  1. මාකස් අයියේ ඔය නත්තල කියන්නේ වේසාකමක්.
    අනිත් වේසා ගෑණු නම් වේසාකම් කරන්නේ උන්ගේ නැතිබැරි කමටය. ඒත් උඹලා කරන්නේ සල්ලිත් දී මිනිහෙක් ගෙන්නාගත්තා වගේ වැඩකි.
    උඹලාට දෙසැම්බරයේ ආගමික උත්සවයක් කරන්නම ඕනෑනම් හනුකා මංගල්‍යය සමරපන්ය.
    යෙෂුවා වහන්සේ ඉපදුන දවස මහිමයට පත්කරන්න අප දෙවියයන් වහන්සේට ඕනෑකලේ නැත. ඒ නිසා කිසිම මනුශ්‍යෙක්ට ඒ දිනය දැනගන්නට නොහැක්කේය.

    යිදහා හස් මකලග කබුකා ඉහ සහල සුං කණ් බන්
    හලේලුයා.

    ReplyDelete
    Replies
    1. නත්තලේ දී අපි සමරණනේ ජේසු උපන් ප්‍රීතිය විතරක් නෙමේ සහෝ රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානිවීමත් සමරණනවා... ඒක වෙනම ප්‍රීතියක් සහෝ...පැලදුවත් විදින්න බෑ..

      Delete
  2. පෝර්ට් වයින් ගැන දැනගෙන හිටියට, මේ Porto නගරය ගැන දැන සිටියෙ නැහැ. ලියන්න, ඒක රසවත් ලිපියක් වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මම ඒ ඉල්ලීම ඉටු කරන්නම්

      Delete