අහලා තියෙනවද මෙහෙම කවියක්:
බාප්පයි මායි ගිය කළ රා බොන්න
පීප්පෙන් අරං ගැසුවෙමු ඇති වෙන්න
බාප්පා ඔහු ද මා දැයි පවසන්න
ඩෝප් පිට අපට බැරිවිය හඳුනන්න...
එහෙම නැත්නම් මෙහෙම කවියක්;
කළුබෝවිල පොල්වත්තේ රා පොළටත් ගියා
බෙල්ලන්විල මල්නයිදෙගෙ රා පොළටත් ගියා
තුම්බෝවිල රතුහාමිගෙ රා පොළටත් ගියා
කොහෙවත් ගියෙ නැති විදිහට පිනා ගෙදර ගියා
එහෙමත් නැත්නම් මෙහෙම කවියක්;
"රා බී සත පහක
වෙරි වී පනම් හතරක
දොඩවා රුපියලක
අහෝ ගුටි කති පවුම් සීයක..."
රා වගේම, රා පීප්පත්, රා ගැනැත්, ලියවෙන කියවෙන කවි-සින්දුත් දැන් අඩුයි. මම හිතන්නේ රා ගැන අන්තිමටම ප්‍රචලිත වුනු කවිය තමයි;
"ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි...
නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා
ඇග රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි
මෛත්‍රිපාල සේනා-නායකලත් බොන රා
සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා...
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි
ගැහැව්වම හොඳට වදිනවා
විස්කි වගේමයි හොඳට වදිනවා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා..."
ඔය කවිය 1970 කාලේ 'සිය රට දේ සිරි සැපදේ' කරන්න හදපු සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලේ ජනප්‍රිය වෙලා තිබුන දේශපාලන කවියක් ලු... එත් අපේ පරම්පරාවේ අය ඔය කවිය අහගත්තේ කවියක් විදිහට නෙමේ, සින්දුවක් විදිහටයි. එයකත් 'සන්ෆ්ලවර්ස්' සංගීත කණ්ඩායමේ (Sunflowers band) සලාදේ නොනවතින ගීත එකතුවේ ගීතයක් විදිහටයි.
දැන් රා ගැන කවි ලියවෙන්නේ නොමැති තරම්. රා ගැන කවි තියා හොද රා ටිකක් හොයාගන්නවත් නැති තරම්. ඉතින් රා පීප්ප ගැන කවර කතාද?
මම ඉහත පින්තුරයේ දැක්වෙන පීප්පෙන් රා බිව්වේ මිගමුවේ කාමච්චෝඩේ රා තැබැරුමෙන්. මිගමුව කාමච්චෝඩේ රා තැබැරුමට (Local Toddy Pub, Kamachchode, Negombo) සෑහෙන පැරණි ඉතිහාසයක් තිබෙන, විශාල පිරිසක් ගැවසෙන තැනක්. කටගැස්මට/බයිට් එකට ඌරු මස්ද, කුකුළු මස්ද, බැදපු මාළුද, මයියෝක්කාද, ජාඩිද, ඉස්සෝද, කරවල බැදුම්ද, කඩලද, ඉස්සෝ වඩේ ඇතුළු වඩේ වර්ග ආදී ඕනෑ දෙයක් ගන්න තියෙන තැනක්.
ඉහත පින්තුරයේ දැක්වෙන ආකාරයට ලස්සනට කාරමේ ඇරලා රා බෙදන රා පීප්ප කිහිපයක්ම ඔය කාමච්චෝඩේ රා තැබැරුමේ ඉස්සර තිබිලා තිබුණත් දැන් තියෙන්නේ ඒ ආකාරයේ එක පීප්පයක් පමණයි. මීගමුවේ ඇති රා තැබැරුම් අතරින් කාමච්චෝඩේ රා තැබැරුමට විශේෂත්වයක් අත්කරදීමට ඔය කාරමේන් රා වක්කර දෙන රා පීප්ප කාමච්චෝඩේ රා තැබැරුමේ තිබීම වගේම තවත් ඉතිහාස කථා කිහිපයකුත් බලපා තිබෙනවා.
ඉන් එකක් තමයි 1940 ගණන්වල 'සවුත්තුවා' යන නමින් හැදින්වූ මීගමුවේ චන්ඩියෙක්ව මරාදැමීම පිළිබද කථාව. ඒ ගැන මම මීට පෙර ලියු 'තැපැල්පත්, සමරු පලක, දේවාලවලට පවා මුල්වූ මීගමුවේ නුග ගස්' යන ලිපියෙන් කියවිය හැකියි. බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ අවසාන සමයේ සිදුවූ එම මිනීමැරුම ඒ දිනවල පුවත්පත්වල පවා පින්තුර සහිතව පළවූ ප්‍රකට ප්‍රවෘත්තියක්. මෙම මරණය ගැන පරීක්ෂණ නිමවනතුරු එකදිගට සුමානයක් මෙම තැබැරුම වසා දැමීම ගැන ජනතා විරෝධයක් ගොඩනැගුන බවත් වාර්තාවෙනවා. ඒ සිද්ධියෙන් අනතුරුව කාමච්චෝඩේ රා තැබැරුම එතරම් දීර්ඝකාලයක් වසාදැමු වෙනත් කාලයක් මෑත යුගයේ ඇදිරිනීති, නිරෝධන නීති එනකම්ම තිබුනේ නැහැ කියලයි මෙම තැබැරුමේ යාවජිව සාමාජිකයෝ කියන්නේ.
කාමච්චෝඩේ රා තැබැරුම ගැන තවත් ප්‍රකට කථාවක් තමයි මීගමුවෙන් බිහිවුන දකුණු ඉන්දියානු සිනමාවේ විකට නළුවෙක්වුණු චන්ද්‍රිබාබු (Joseph Chandrababu Rodriguez) 1960 දශකයේ දවසක හවස සිවාජි ගනේෂන් (Sivaji Ganesan) එක්ක කාමච්චෝඩේ රා තැබැරුමට ඇවිත් රා බිව්වයි කියන කථාව. කාමච්චෝඩේ රා තැබැරුමේ පැරණිම සමාජිකයින්ට අනුව චන්ද්‍රිබාබු (Joseph Chandrababu Rodriguez) එක්ක ආව සිවාජි ගනේෂන් (Sivaji Ganesan) කාමච්චෝඩේ රා තැබැරුමෙන් රා බිලා 'මීපුර චිත්‍රපට ශාලාවේ' එවකටත් ප්‍රදර්ශනයවෙමින් තිබු සිවාජි ගනේෂන් (Sivaji Ganesan) රගපෑ 'වීරපාන්ඩයින් කට්ටබෝම්මාම්' (Veerapandiya Kattabomman) චිත්‍රපටිය නරබන්න ගියාලු. ඔය කතාව ගැන මම මීට පෙර ලියූ 'මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්' යන ලිපිය ඔස්සේ තවදුරටත් කියවිය හැකියි.
කාමච්චෝඩේ රා තැබැරුම හැර මීගමුවේ ප්‍රකට රා තැබැරුම් රාශියක් ගැනත් සදහන් වෙනවා. ඒ අතරින් දැන් මීගමුව බස් නැවතුම්පොල ඉදිරිකර ඇති ප්‍රදේශයේ මීට වසර 60කට පමණ පෙර පැවති 'තලාදුව රා තැබැරුම' මීගමුවේ පැවති විශාලතම රා තැබැරුම ලෙස හදුන්වනවා. ඒවගේම 1980 දශකයේදී මීගමුව පෙරියමුල්ලේ 'ඇල්බට්' නම් රා රේන්ද හිමිකරු මීගමුව පිටිපන සහ දුන්ගාල්පිටිය ආදී ප්‍රදේශවල පවත්වාගෙන ගිය විශාල තැබැරුම්, කොච්චිකඩේ, දළුපොත, දළුවකොටුව, ඒත්තුකාල, කුඩාපාඩුව, බෝලවලාන, ආදී ප්‍රදේශවල තැබැරුම් ආදිය ගැනත් සදහන් කලයුතුයි. මෙකී තැබැරුම් ගැන මෙන්ම මීගමුවේ සිටි ප්‍රකට රා රේන්දකරුවන් සහ ඔවුන් මීගමුවේ පල්ලි, පාසැල් සහ නගරය සංවර්ධනය කිරිම වෙනුවෙන් ලබාදුන්දායකත්වය ගැනත් තවදුරටත් විමසා බැලිය යුතුයි. උදාහරණයක් ලෙස මීගමුව සා පීතර පල්ලිය සහ පාසැල ඉදිකිරිමටත්, එහි නඩත්තුවත් සදහා මීගමුව දුව ප්‍රදේශයෙන් පැමිණි මිහිදුකුලසූර්ය අන්තොනි ප්‍රනාන්දූ හෙවත් 'අන්තොනි රේන්දරාළ', මිහිදුකුලසූර්ය දිමින්ගු ප්‍රනාන්දු හෙවත් 'දිමින්ගු රේන්දරාළ', මිහිදුකුලසූර්ය සන්තියාගෝ ප්‍රනාන්දු හෙවත් 'සන්තියාගෝ රේන්දරාළ' සහ මාදැල් මෙන්ම පොල්වතු ද හිමිව සිටි මිහිදුකුලසූර්ය දියෝගු කුරේරා යන ධානපතීන් හතරදෙනාගේ පෞද්ගලික ධනයෙන් පමණක් එවකට මීගමුවේ විකිණීම සදහා අවට ප්‍රදේශවලින් රැගෙනා කෙසෙල් ආදී පළතුරු විකුණු කඩපේලිය පැවති 'වෙල්ගම්වත්තේ' කෙසෙල්කන් කඩපේලිය අසලින් අක්කර 12ක ඉඩමක් මිලදීගෙන වසර 20ක් තුල මීගමු ශා.පීතර නමින් නව දේවස්ථානයක් සහ පාසැලක් ඉදිකර එහි නඩත්තුව සදහා මීගමුව මඩම්පැල්ලෙන් පොල් අක්කර 35ක් ද මිලටගත් බව මම මීට පෙර ලියු මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල් යන ලිපියේ සදහන් කර තිබෙනවා.
එකී නම් සදහන් ධානපතීන් හතරදෙනා හැර තවත් එවැනිම රා රේන්ද හිමි, රා නිෂ්පාදනයන හී නිරතවී සිටි, රා තැබෑරුම් හිමිව සිටි පුද්ගලයින් රාශියක් මීගමුවේ විවිධ ක්ෂේත්‍ර නැන්වීමට කටයුතුකළ බව මීගමුව ඉතිහාසය සොයාබලනවිට පෙනී යන්නක්. මීගමුවේ සිටි විශාල රා ව්‍යාපාරිකයෙක් ලෙස පී ලියෝ ප්‍රනාන්දු (P. Leo E. Fernando) මහතා ගැන සදහන් වෙනවා. ඔහු විසින් නිෂ්පාදනයකල ලියෝ බෝතල් රා (Leo's Bottle Toddy) රටේ බොහෝ ප්‍රදේශවල බොහෝසේ අලෙවිවු මධ්‍යසාර නිෂ්පාදනයක් බව 1968 පලවු 'Ferguson's Ceylon Directory' කෘතියේ 110 වෙනි වෙළුමේ (Volume 110), 1310වෙනි පිටුවේ සදහන්වේ. මීගමුව දළුපොත පල්ලන්චේන වත්තත්, අක්කර පනහ ප්‍රදේශත් පුරා පැතිර පැවතුන ඔහුගේ පොල්වතුවලින් නිෂ්පාදනය කල රා, බෝතල්වලට අසුරා ප්‍රවාහනය කිරිම සිදුකර ඇත්තේ මිගමුව අක්කර පනහ ප්‍රදේශයේ (Akkara Panaha Estate) පිහිටි ඔහුගේම කර්මාන්ත ශාලාවකයි. වර්තමානයේ එකී රා කර්මාන්ත ශාලාව මෙන්ම එම පොල්වතුද කුඩා කොටස්වලට කඩා නිවාස තැනීමට විකුණාදමා ඇත.
මීගමුව දිස්තික් අධිකරණයේ විභාගවූ නඩු අතර රා, අරක්කු බී ඇතිවු ගැටුම්, හොර අරක්කු (illegal arrack) නිෂ්පාදන වැටලීම් ආදිය විශාල වශයෙන් වාර්තාවූ බව අද ඊයේ නොව මීට වසර 150කට පෙර සිට වාර්තාවෙන බව 1869 ජුලි 21 'Colombo Observer' පුවත්පතේ වාර්තාවක් උපුටා දක්වන 1870 පළවූ 'Annual Report of the State Board of Health of Massachusetts' නම් කෘතියේ 314වෙනි පිටුවේ සදහන් වෙන තොරතුරු අනුව නිගමනය කල හැක. එකී වාර්තාව අනුව මිගමුව අධිකරණ බලප්‍රදේශයට අයත්ව තිබු මිනුවන්ගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී රා-අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා අතිවිශාල මධ්‍යසාර නිෂ්පාදනය ප්‍රමාණයක් සහ කුකුල් කෙටවීමේ (Cockfighting) ස්ථානයක් සොයාගත් බවත් එහි වරදකරුවන්ට පවුම් 20ක දඩයක් සහ සිරදඩුවම් ලබාදුන්බවත් සදහන්ය. පවුම් 20ක දඩ මුදලක්වූකලී එම යුගයේදී ලබාදුන් විශාල දඩමුදලක් බව පැහැදිලිය.
කාලාන්තරයක් පුරා පැවති රා පෙරිමේ කර්මාන්තය ඇසුරින් මීගමුවේ ජනයා අරක්කු පෙරීමට ඉගෙන ගත්තේ ලන්දේසින්ගෙන්යැයි කියවේ. ලන්දේසි යුගයේදී පොල්වගාව වතුවගාවක් ලෙස මීගමුව ප්‍රදේශයේ විශාල වශයෙන් ව්‍යාප්ත කල ලන්දේසීන් එකී පොල්වතුවල වැඩ කිරීමට ලංකාවේ දකුණු දිගින්ද, රා මැදිමට ඉන්දියාවේ කොචින් ප්‍රදේශයෙන් කොච්චි ජනයාද ගෙනා බව වාර්තාවේ. ලන්දේසින් රා වලින් අරක්කු පෙරන අයුරු හෝ පොල්වත්තක අරක්කු පෙරන ආකාරය දැක්වෙන චිත්‍රයක් 1700 මීගමුව ආදී ප්‍රදේශවල සංචාරය කල වෛද්‍ය Paul Hermann ගේ චිත්‍රයක දැක්වේ. ලන්ඩනයේ Natural History කෞතුගාරයේ තැම්පත්කර ඇති වෛද්‍ය Paul Hermann ගේ එකී චිත්‍රය නම් කර ඇත්තේද 'Coconut Garden with Arrack pot still' නමිනි. එම චිත්‍රය පහතින් දැක්වේ. කලපුවත් මුහුදත් හෝ ජලාශයක් මුහුදත් මැදිකරගත් පොල්වත්තක අරක්කු පෙරිම දැක්වෙන එකී චිත්‍රය මීගමුවේ ජනයා රා ඇසුරෙන් අරක්කු පෙරීමට ඉගෙන ගත්තේ ලන්දේසින්ගෙන්යැයි කිමට එක උදාහරණයක්දැයි කීමට මට තවමත් ප්‍රමාණවත් තොරතුරු ලැබී නැත.
මාකස් ප්‍රියන්ත පෙරේරා
02/09/2021
කොළඹ කොටුවෙ කොටු-දොරකඩ තාප්පේ
ReplyDeleteඩගු, ඩුගු ගගා බිම පෙරෙලෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ
කොළඹ කරත්ත ප්‍රවාහන යුගයේ කවියක්. ඉතුරු ටික ලියන්න ආයෙ එන්නම්. බොහොම රසවත් ලිපියක්. ස්තූතියි.
ඕක කරත්ත කවියක් නේද? ස්තුතියි.
Deleteමට හිතා ගත්තෑකි :)
ReplyDeleteYou're welcome
ReplyDeleteඅනේ අනේ බස්සානෝ මහප්පේ
ReplyDeleteමඟ කියලා දී පුච්චන ආප්පේ
එව්වට පිං පළ දෙනවාමයි මෙකපේ
පෙරේ-රා ගැනත් ලිපියක් තිබෙයි ළිපේ
ලියමින් ඉන්න blog පොස්ට් එකකට කවියක් දෙකක උපුටා ගන්නන් ප්‍රියන්ත මහත්තයෝ, link එකත් දාලා.
ගන්න ගන්න නදී
Deleteමීගමුව විතරක් නෙමෙයි. අපේ ගම් ගැනත් ලියල තියනව. කලුබෝවිල, බෙල්ලන්විල, තුම්බෝවිල (මගෙ තාත්තගෙ ගම )
ReplyDeleteඒ කවියෙ ගම් රයිම් වෙන්න විතරක් නෙමෙයි තියෙන්නෙ භූගෝලීයවත් ගැලපෙනවා.
ඒ කවියේ කියවෙන ගම් එකිනෙකට තදාසන්න ගම් නේද?
Deleteඔව් .කිට්ටුව පාත ගම් කීපයක්. ඉස්සර නම් හරි සුන්දර පලාතක්.
Deleteස්තුතියි.
Deleteහරිම ඉන්ටරෙස්ටින්ග් ලිපියක්. තැන්ක්ස් මාකස්.
ReplyDeleteස්තුතියි අරුන.
DeleteMe chithraye janthawa. Topless neda...topless eka apita samanya deyak neda
ReplyDeleteTopless එක මේකාලේ ලොකු කතාවක් නේද? 😃😃
Deleteවටින තොරතුරු තියන ලිපියක්. පාසල් කාලෙ මතක් උනා. දැං මීගමුව බස් ස්ටෑන්ඩ් එක තියන තැන රා තැබෑරුම පහුකරගෙන තමයි අපි සයන්ස් කොලෙජ් ටියුෂන් ක්ලාස් ගියේ.එක දවසක් යනකොට මිනිහෙක් පොල් කට්ටකින් රා බොනවා. එක උගුරක් බීලා පොල් කට්ට පාත් කරනකොට තොල්දෙක මැද්දෙ හූනෙක්! ඇඟිලි දෙකෙන් ඇදලා වීසිකරලා ගානක්වත් නැතිව ඉතිරි රා ටිකත් බිව්වා. හිනා වෙන්න ඕනෑ, ඒත් බයයි.ඉක්මනට කටවල් තදකරගෙන තැබෑරුම පහුකරගෙන ගියා.
ReplyDeleteහුනා විසිකලත් රා විසිකරනවාද කියලා හිතන්න ඇති 😃😃😃 ඔය කොයිකාලෙද?
Delete1978 විතර අපි A/L කරන කාලේ
Deleteඅවුරුදු 60 කලින් නෙමේ 1980 විතරවෙනකම්ම තලාදුවේ රා තැබැරුම තිබිලා තියෙනවා එහෙනම්. ස්තුතියි.
Deleteබස්සගෙ මඟ පෙන්වීම ඔස්සේ ඇවිත් තෙලිදිය වගේම රසවත් ලියවිල්ලක් කියෙව්ව.
ReplyDeleteඇත්තටම රා වලට රා කියනවාටත් වඩා තෙලිදිය කියන එක සුන්දරයි. ස්තුතියි.
Deleteරා පිළිබඳ අතීත තොරතුරු නම් රසවත්. වර්තමාන තොරතුරු නම් ඔය තරං රසවත් කියන්න බෑ. ඔයැයි ඒ පැත්තෙ නං ඉතිං දන්නව ඇති නේ.
ReplyDeleteඅර සිංදුවත් ඇඩ් කළා නං මරු. රා කර්මාන්තිය සමබන්ධව මම දන්න එක ම සිංදුව. සමහර විට තවත් ඇති.
ඩ්‍රැක් තමා පාර කීවෙ ඕං.
දැන් නම් හොද රා ටිකක් බොන්න දන්න කියන තැනකටම යන්න ඕනේ. හැබැයි තවමත් එහෙම තැන් කිහිපයක්ම තියෙනවා අපේ පලාත්වල. සන්ෆ්ලවර්ස්ලාගේ අර සින්දුව තියෙන්නේ සලාදේ කැසට්පටියේ ඒ කෑල්ල වෙනම බාගෙන දාන්න බලුවේ නෑ. බලන්න ඕනේ.
Deleteබස්සගෙ කීමට ආවෙ. මේක නියම ලිපියක්. අර සිංදුවනං සන්ෆ්ලවර්ස් රිමික්ස් කරල තිබුණෙ.
ReplyDeleteදවසක් දා ජෙමයිය රා පෙර පෙර උන්නා
උගුඩුවාගෙ ඔත්තුවකට පොලිසිය පැන්නා
උගුඩුවො වගේ රා බොන්නෙ රාළහාමිලා
උගුඩුවො වගේ රා බොන්නෙ රාළහාමිලා
වෙරි ගුඩ් රා වෙරි ගුඩ් රා වෙරි ගුඩ් රා
මලේ රා ටික නං විෂ්කි වගෙයි හරිම ප්‍රනීතයි
බිව්වම ඔලුව විකාරයි
මලේ රා ටික නං විෂ්කි වගෙයි නේ...
මරු
Delete