This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 6 September 2021

කල්කටාවේ ශාන්ත තෙරේසාතුමිය හමුවීම



මම කල්කටාවේ ශාන්ත තෙරේසාතුමිය හමුවීමට සහ ඇගේ අතින් අල්ලා කථා කිරීමට වාසනා ලද්දෙක්මි.

ඒ 1996 කල්කටාවේ පැවති කියුබානු සහයෝගිතා සමුළුවට සහභාගීවිමට අප ඉන්දියාවේ කල්කටා නුවරට ගොස් සිටියදීය.

මදුරාසියට ගුවනින් ගොස් එතැන් සිට කල්කටාවට දුම්රියෙන් ගමන් කලෙමු. තරමක නින්දත් නොනිදත් අතර සිටියදී දුම්රිය කල්කටා දුම්රිය ස්ථානයට ලගාවෙන විට රතු කොඩි වනමින් විශාල පිරිසක් අප පිළිගැනීමට පැමිණ සිටියහ. ජනාධික කල්කටා දුම්රිය ස්ථානයේදී දුටු ඒ දසුන සිතුවමක් ලෙස මගේ මතකයේ තිබේ.

සමුළුව සංවිධානය කර තිබුනේ එවකට බටහිර බෙංගාලය පාලනය කල කොමියුනිස්ට් පක්ෂයේ මහ ඇමති ජෝති බාසු විසිනි. අප නැවතී සිටියේ ශේක්ෂ්පියර් පෙදෙසේ රජයේ හෝටලයකය. සුප්‍රකට කල්කටා කෞතුකාගාරය තිබුනේද ඒ අසලය. ඉංදියානු කෞතුකාගාරය හෙවත් කල්කටා කෞතුකාගාරයද, කල්කටාවේ වික්ටෝරියා අනුස්මරණ ගොඩනැගිල්ලද, ශා පාවුළු දේවස්ථානයද, හෞවූරා පාලමද නැරබිමට ගියෙමි. ඒ සියල්ලටම වඩා කල්කටාවේ තෙරේසාතුමිය බැලිමටයෑම මට වැදගත්විනි. කල්කටාවේ තෙරේසාතුමියගේ ආශ්‍රමය පැවතියේද අප නැවතී සිටි රජයේ හෝටලය අසලය. 

මම රික්ෂෝ රථයකින් එම ස්ථානයට ගියවිට ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාද ඒ ස්තානයට පැමිණ සිටියහ. අප දෙදෙනාම තෙරේසා තුමිය බැහැදකින විටත් ඇය රෝගියෙකුගේ තුවාලයකට තවත් සිස්ටර් කෙනෙක් සමග බෙහෙත් කරමින් සිටියේය. අත සෝදාගත් ඈ තුවායකින් අත පිසදාමගෙන අපට අතට අතදි කථා කලහ.

ගැබුරට ගිලීගිය මුත් ඇගේ කාන්තිමත් දෙනෙත අප හදවත්ද ජීව ගුණයකින් දල්වාලුහ. ඇය අපව ඇගේ ආශ්‍රමය පුරාම ගෙන ගියහ. අන්ත අසරණ දරුවන්ද, දුගීන්ද, මහල්ලන්ද එහි විය. ඇයගේ දයාවේ සේවය කෙතරම් නම්වූ පිරිසකට පිලිසරනක්ද යන්න අපිට මැනවින් පෙනී ගියහ.

ශා. තෙරේසා මව්තුමිය අප හිස් මත අත්තබා යාක්ච්නා කලහ. ජයලත් ජයවර්ධන සහ මම ඇය සමග ජයාරූපයක්ද ගත්හ. එහෙත් ඉන් පිටපතක් මට ජයලත් ජයවර්ධනගෙන් ලැබුනේ නැත.

It was precious to hold her hand, talk to her, face to face. Her eyes had so much depth, but they were shining and sparkling, and it dried my heart, in such a way that I have never felt it before.

It was in 1996 and we went to Calcutta to attend a conference about the 'Solidarity to Cuba'.The conference was organised by the former Chief Minister of West Bengal, Jyoti Basu. Calcutta was the capital city of West Bengal. While I was there at the conference, I visited many remarkable places in Calcutta: Victoria Memorial, Indian Museum, St. Paul's Cathedral, Howrah Bridge, ect.

But above all of that, I saw Mother Teresa at her 'Mother House'. When I went over there, she was treating a wounded child. She came to us after that and held our hands and greeted us, 'us' meaning I and the person who was with me at the time.

He was Jayalath Jayawardena, the late Sri Lankan parliamentarian, and later, minister. We shared the same audience with Mother Teresa. His assistant took photos and Jayalath Jayawardena promised me to send some copies, which I never recieved...

Marcus Priyantha Perera
05/11/21

2 comments:

  1. තෙරේසා මවු තුමිය ගැන වෙන ම කන්ටෙක්ස්ට් එකක කතාවක් තියෙනව මට මතකයි. එතුමිය දිළීඳු දරුවන්ට උපකාර කරන මුවාවෙන් ආගම පැතිරවීම හෝ වෙනත් යටින් ගිය ගේමක් ගැන. ඔබතුමා මොනව හරි දන්නවද ඒ ගැන?

    ReplyDelete
  2. ඔහොම කතාවක් ජාතිවාදී ජාතිකවාදීන් ප්‍රචාරය කරන බව දන්නවා. ඒත් කල්කටාවේ තෙරේසාතුමියගේ දයාවේ සේවය නිසා ක්‍රිස්තියානි ආගමට බැදුනු අය ගැන සදහන් කරන්නේ නෑ. අන්න එහෙම තොරතුරු එක්ක ඔය වගේ චෝදනා එල්ලවෙනවා නම් තමයි ඔය වගේ චෝදනාවලට පදනමක් තියෙනවා කියලවත් හිතන්න පුලුවන් වෙන්නේ.මම නම් ඔය මොන චෝදනා නැගුණත් ඇයගේ දයාවේ සේවය කිසි ලෙසකින් හෙලාදකින්නේ නැහැ.

    ReplyDelete