This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 24 September 2021

පෘතුගීසින්, ලන්දේසීන්, ඉංග්‍රීසින් මෙන්ම Viii වන වීර පරා­ක්‍ර­ම­බාහු රජුද ඉදිකළ හැමිල්ටන් ඇළ

1940 වසරේදී මිගමුව කොච්චිකඩේ පෝරුතොට හෙවත් පාරුතොට ප්‍රදේශයෙදී ගන්නා ලදැයි කියන මෙම ඡයාරූපය මාහට ලබාදුන්නේ මීගමුවේ උතුරු කෙලවරේ පිහිටි පෝරුතොට, ආබ්දීන් පාරේ, වසර 40 පමණ පදිංචිව සිටි මොහොමඩ් යුසුෆ් මහතාය. ඒ 2014දීය. ඒ මහතා දැන්  මියගොස් ඇති බව දැනගැනිමට ලැබුනි. මා ඔහුව මුණගැසෙන විටත් (2014) ඉතාමත් වයස්ගතව රෝගීව සිටියද ඒ මහතාට මෙම ඡයාරූපයේ ඉතිහාසය පිළිබදව පැහැදිලි මතකයක් තිබුණි. ඔහුට අනුව මේ ඡයාරූපයේ දැක්වෙන්නේ, 1970දී ඇළ සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කටයුතුවලට පෙරාතුව, මීගමුව පෝරුතොට පාලම අවට ප්‍රදේශයයි. පසුගිය සියවසේ කොප්පර ඇතුළු භාන්ඩ ප්‍රවාහනය සදහා යොදාගත් පාරු, මහඔය සහ ගින්ඔය ඔස්සේ හැමිල්ටන් ඇළට අතුල්වු විට පෝරුතොට ප්‍රදේශයේ නවතා තිබු බවත්, පෝරුතොටට ඒ නම ලැබෙනුයේ මෙම පාරු නවතා තැබූ පාරුතොට යන අර්ථයෙන් බවත් පසුව එය පෝරුතොටවූ බවත් ඒ මහතාගේ අදහසයි. 

හැමිල්ටන් ඇලේ ඉතිහාසය පිලිබදව නිවැරදී පැහැදිලි විස්තරයක් 2019 සැප්තැම්බර් 14  'සිළුමිණ' පුවත්පතට 'කොළඹ සරු කළ අතීත ඇළ මාර්ග පද්ධති' නමින් ලිපියක් ලියු ජේත­වන කෞතු­කා­ගා­රයේ හිටපු පාලක, මිහි­න්තලේ ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ පුරාවිද්‍යාව පිළිබද බාහිර කථි­කා­චාර්යක් ලෙස සේවය කල ආචාර්ය කුසු­ම්සිරි කොඩි­තු­වක්කු මහතා දක්වා තිබුණි. ඒ මහතාගේ ගවේෂනාත්මක අදහස් පහතින් පළවේ;

==========================================

ඇළ හා ජල මාර්ග (Canals and Water ways) විය­දම් අඩු ප්‍රවා­හන ක්‍රම­යක්ය, යන්න අනා­දි­මත් කාල­යක සිටම ලොව බොහෝ රට­වල ප්‍රච­ලි­තව පැවති අද­හ­සකි. විශේ­ෂ­යෙන්ම, මේ සම්බ­න්ධ­යෙන් වඩාත් ප්‍රවී­ණ­ත්ව­යක් දැරුවේ මුහුදු මට්ට­මට වඩා පහත් හෝ නිතර ගං වතු­රට ලක් වන රට­වල වැසි­යෝය. ඒ අත­රින් ඕලන්ද ජාති­ක­යන් හෙවත් ලන්දේ­සීන්ට හිමි වන්නේ අද්වි­තීය ස්ථාන­යකි. ඔවුහු සිය, ජල විද්‍යා­ත්මක ඉංජි­නේරු ක්‍රම (hydraulic engineering techniques) සම්බන්ධ පරි­චය ප්‍රයෝ­ජ­න­යට ගනි­මින්, සිය යට­ත්වි­ජිත රට­ව­ලද ඇළ මාර්ග බිහි කිරී­මට පසු­බට නොවූහ. දැනට ශ්‍රී ලංකාවේ බට­හිර හා දකු­ණු­දිග වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­යෙහි දැකිය හැකි ඇළ මාර්ග­ව­ලින් බොහො­ම­යක්ම එලෙස ලන්දේ­සීන් අතින් බිහි වූ ඒවා වෙයි.

යට­ත්වි­ජිත පාලන සම­යේදී ඇළ මාර්ග බිහි කිරීමේ ගෞර­වය ලන්දේ­සීන්ට හිමි වුවද ශ්‍රී ලංකාවේ ජල කර්මා­න්තයේ ඉති­හා­සය බොහෝ ඈතට දිව යන්නකි. අනු­රා­ධ­පුර, පොලො­න්නරු යුග­ව­ලදී පැවති විශිෂ්ට වාරි තාක්ෂ­ණය ලන්දේ­සීන්ට කිසි විටෙ­කත් සම කළ නොහැ­ක්කකි. එසේම ප්‍රවා­හන කට­යුතු සඳහා අභ්‍ය­න්තර ජල මාර්ග ප්‍රයෝ­ජ­න­යට ගෙන ඇති අවස්ථා පිළි­බ­ඳ­වද අපගේ සාහි­ත්‍ය­මය මූලා­ශ්‍ර­ය­න්ගෙන් තොර­තුරු ලැබේ. ඇතැම් ඉති­හා­ස­ඥ­යන් සඳ­හන් කරන පරිදි කෝට්ටේ සහ රයි­ගම ප්‍රදේ­ශ­වල මුලින්ම ජල මාර්ග ඔස්සේ ප්‍රවා­හන කට­යුතු ආරම්භ කර ඇත්තේ සිංහල රජ­ව­රුය.

කෙසේ වෙතත් රට තුළ ප්‍රවා­හන කට­යුතු සඳහා භාවිත කළ හැකි පරිදි ජල මාර්ග දියණු කර ඇත්තේ ලන්දේ­සීන් විසිනි. වෑන් ඉම්හෝෆ් ආණ්ඩු­කා­ර­ව­රයා (1736-1740) නිල වශ­යෙන්ම මෙන්ම පෞද්ග­ලික වශ­යෙන්ද ඉම­හත් පරි­ශ්‍ර­ම­යක් දරා ඇති බව පෙනේ. එසේ ලන්දේ­සීන් විසින් ඇළ මාර්ග දියුණු කිරීම කෙරෙහි වඩාත් උත්සුක වී ඇත්තේ වෙළඳ භාණ්ඩ නිෂ්පා­දන ප්‍රදේ­ශ­වල සිට ලාභ­දායි ලෙස කොළඹ වරා­යට ප්‍රවා­හ­නය කර­වී­මයි. ලන්දේ­සීන් පැමි­ණී­මට පෙරා­තුව පෘතු­ගී­සීන් විසින්ද කොළඹ හා ඒ අවට ඇළ මාර්ග කීප­යක් ආරම්භ කොට තිබූ අතර ලන්දේ­සීන් අතින් ඒවාද වැඩි දියු­ණු­වට පත් විය.

කොළඹ හා ඒ අවට ඇති ඇළ මාර්ග අත­රින් පැර­ණිම ඇළ මාර්ග­යක් ලෙස උතු­රින් හැඳල දක්වාත්, දකු­ණින් බොල්ගොඩ ජලා­ශය හා කෝට්ටේ ජලා­ශය සම්බන්ධ වන අයු­රින් බිහි කර ඇති ඇළ මාර්ගය හැඳි­න්විය හැකිය. ලන්දේ­සීන්ගේ වාර්තා­ව­ලට අනුව එය පෘතු­ගී­සීන් විසින් ඉදි කරන ලද්දකි. එසේම කොළ­ඹට උතු­රින් කැලණි ගඟේ සිට පමු­ණු­ගම කල­පුව දක්වා ඉදි කර ඇති ඇළ මාර්ග­යද පෘතු­ගී­සීන්ගේ නිර්මා­ණ­යක් බව එල්.ආර්. බ්‍රෝහි­යර් (L.R. Brohier - Links Between Sri Lanka and Netherlands) සඳ­හන් කරයි. පර්නාවෝ ඩී. ක්වේරෝස් පිය­තුමා ( Fr. Fern ao de Queyroz ) සිය, “Temporal and Spiritual Conquest of Ceylon” නම් ග්‍රන්ථ­යෙහි එම ඇළ මාර්ගය වීර පරා­ක්‍ර­ම­බාහු රජුගේ නිර්මා­ණ­යක් ලෙස සඳ­හන් කර ඇති අතර, ඒ නිසැ­ක­යෙන්ම Viii වන වීර පරා­ක්‍ර­ම­බාහු (1476-1489) රජු විය හැකි බව එච්.ඩබ්ලිව්. කෝඩ්රි­න්ටන් ( H.W. Codrington - Short History of Ceylon) සඳ­හන් කරයි. කෙසේ වෙතත් ලන්දේසී වාර්තා අනුව එම ඇළද පෘතු­ගී­සීන් විසින් ආරම්භ කරන ලද්දකි.

කොළ­ඹට උතු­රින් සාර­වත් වෙල් යායක්ව පැවති මුතු­රා­ජ­වෙල පුරන් වී ගියේද එම ඇළ මාර්ගය ඔස්සේ ගලා ආ මුහුදු ජලය නිසා බව සඳ­හන් වේ.

ඒ පිළි­බඳ තව­දු­ර­ටත් තොර­තුරු සොයා බැලී­මේදී 1614.04.23 වැනි දින දොම් ජෙරො­නිමෝ ද අස­වේදු Dom Jeronimo de Azevedo විසින් මනු­වෙල් මස්ක­ර­ඤ්ඤස් හොමේම් MANOEL (Mascarenhas Homem) ජන­රා­ල්ව­රයා වෙත යවන ලද ආඥා පත්‍ර­ය­කින් (regimento) වැද­ගත් කරුණු රැසක්ම අනා­ව­ර­ණය කර ගත හැකි වේ.

පෘතු­ගීසී බසින් රචිත එම ලේඛ­න­යෙහි එම ඇළ මාර්ග පිළි­බ­ඳව සඳ­හන් වන ආකා­රය මෙහි දක්වා ඇත. 

එහි සිංහල පරි­ව­ර්ත­නය මෙසේය.

එහි (මීග­මුවේ) සිට කොළ­ඹට ඇති අභ්‍ය­න්තර ගංඟා­වක් නිසා කොළ­ඹට භාණ්ඩ ප්‍රවා­හ­නය ඉතා පහසු බැවින් හා නැව් වලින් ගොඩබාන භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා පහ­සු­වෙන් බෝට්ටු සප­යා­ගත හැකි බැවින් මීගමු වරාය ඉතා යෝග්‍ය එකක් ලෙස සඳ­හන් කරයි.

තවද අය­හ­පත් කාල­ගු­ණය හා කුණාටු සහිත බව නිසා ඔබට කොළ­ඹට ගොඩ බැසී­මට අප­හසු වුව­හොත් කල්පි­ටි­යට යා හැකිය. එය ආර­ක්ෂිත වරා­යක් වන අතර ඊට “ ගඟ” ඔස්සේම යා හැකිය. එය වඩාත් පහසු හා ආර­ක්ෂිත මාර්ග­යක් වන අතර බෝට්ටු­ව­ලින් හා කම්ක­රු­ව­න්ගෙන් හිඟ නොවේ.

කෙසේ වෙතත් එම ලේඛ­න­යෙහි “ඇළ” යන්න වෙනු­වට ‘ගංගාව’ යන්න අර්ථ­වත් වන rio යන වච­නය යෙදා තිබීම මත­භේ­ද­යට තුඩු දෙන්නකි. rio යන්න ඇතැම් විට කල­පුව සඳ­හාද යොදා තිබේ. එහෙත් කොළඹ සිට මීග­මුව දක්වා විහි­දෙන කල­පු­වක් නැති බැවින්ද ශ්‍රී ලංකාවේ ගංඟා ව්‍යාප්ති රටාව අනුව කිසිදු ගංගා­වක් වෙර­ළට සමා­න්ත­රව නොවි­හි­දෙන බැවින් මෙහි “ගඟක්’ ලෙස සඳ­හන් කර ඇත්තේ ඇළ මාර්ග­යක් බව නිසැ­කය.

මීග­මුවේ සිට කල්පි­ටිය දක්වාද එම ඇළ මාර්ගය විහිදි බව සඳ­හන් කර තිබීම තවත් ගැටලු සහ­ගත තැනකි. මන්ද යත්, පුත්ත­ලමේ සිට කල්පි­ටිය දක්වා කලපු තීර­යක් විහි­දෙන බැවින් ඇළ මාර්ග­යක් අවශ්‍ය නොවන බැවිනි. ඒ අනුව මෙම ඇළ මාර්ගය කොළඹ සිට පුත්ත­ලම දක්වා නිර්මා­ණය කර තිබී ඇති අතර, එතැන් සිට කල්පි­ටිය දක්වා කල­පුව ඇළ මාර්ග­ය­ටම සම්බන්ධ කොට එක් ජල මාර්ග­යක් ලෙස ප්‍රයෝ­ජ­න­යට ගන්නට ඇතැයි සිතිය හැකිය.

කොළඹ සිට පුත්ත­ලම දක්වා සැත­පුම් 78 ක් දිගැති ඉහත ඇළ මාර්ගය පිළි­බඳ ඇතැම් ඉති­හා­ස­ඥ­යන් සඳ­හන් කරන්නේ මුලින් පෘතු­ගී­සීන් විසින් කොළඹ සිට මීග­මුව දක්වා කොටස නිර්මා­ණය කර තිබූ අතර ලන්දේ­සීන් විසින් පුත්ත­ලම දක්වා වූ කොටස සම්පූර්ණ කර ඇති බවයි. එහෙත් ක්‍රි.ව. 1614 වන විටත් එම සම්පූර්ණ ඇළ මාර්ග­යම නිර්මා­ණය වී තිබූ බව ඉහත ලේඛන අනුව ප්‍රත්‍යක්‍ෂ වේ. ඒ අනුව 18 වන සිය­ව­සේදී ලන්දේ­සීන් එම ඇළ මාර්ගය තව­දු­ර­ටත් නවී­ක­ර­ණය කර ඇති පෙනේ.

ඒ සම­ඟම කොළඹ හා පුත්ත­ලම අතර ප්‍රදේ­ශ­යෙහි ගංඟා, කලපු සම්බන්ධ කර­මින් සැත­පුම් 120ක පමණ ඇළ­වල් සංඛ්‍යා­වක් වෑන් ඉම්හෝෆ් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් ඉදි කරන ලද බව සඳ­හන් වේ.

කෝට්ටේ සිට කිරු­ළ­පන හරහා නැදි­මා­ල­ටත්, ඉන්ප­සුව බොල්ගොඩ ජලා­ශ­ය­ටත් විහි­දෙන ඇළද පෘතු­ගී­සීන් විසින් නිර්මා­ණය කරන ලද්දක් වන අතර පසුව එය ලන්දේ­සීන් විසින් පිළි­ස­කර කරනු ලැබ තිබේ. කෝට්ටේ සිට ගංගො­ඩ­විල ඔස්සේ නැදි­මාල දක්වා තවත් කෙටි ඇළ මාර්ග­යක් ලන්දේ­සීන් විසින් සැල­සුම් කළ ද එහි වැඩ කට­යුතු අව­සන් කළ නොහැකි වී තිබේ.

පෘතු­ගීන් හා ලන්දේසී යුග­ව­ලදී කොළඹ හා ඒ අවට ජල කර්මා­න්තය ගැන කතා කිරී­මේදී බේරේ වැව (Beira Lake) ද විශේ­ෂ­යෙන්ම සඳ­හන් කළ යුත්තකි. මුලින් කුඩා වැවක් ලෙස ඉදි කර ඇත්තේ 1521 දීය. ඒ, පෘතු­ගීසී බළ­කො­ටුව හා කොළඹ නග­රය ගොඩ­බිම දෙසින් එන සතුරු ආක්‍ර­ම­ණ­ව­ලින් ආරක්ෂා කර­ගැ­නීම සඳ­හාය. 

බේරේ වැවේ ආර­ම්භය පිළි­බඳ පර්නාවෝ ඩී. ක්වේරෝස් පිය­තුමා (1680), 1521 දී විජ­ය­බාහු රජු කොළඹ වැටලූ කල්හි පෘතු­ගීසී කපි­තාන් ලෝපොද බ්‍රිටෝ ආක්‍ර­ම­ණි­ක­යන් මර­මින් එක්තරා දොළක් දක්වා ලුහු­බැඳ ගිය බවත් පසු කලෙක එම දොළ හරස් කොට නග­ර­යට වඩා හොඳින් රැක­ව­ර­ණය ලබා­ගැ­නීම සඳහා වැවක් බඳින ලද බවත් සඳ­හන් කරයි.

ඒ අනුව වැව ඉදිකිරීම නිසා උතු­රින් හා බට­හි­රින් මුහු­දින් ආරක්ෂා වූ කොළඹ නග­ර­යෙහි දකුණු හා නැඟෙ­න­හිර සීමා­වල ආර­ක්ෂා­වද තර කර­ගත හැකි විය.

කෙසේ වෙතත් එම වැව “බේරේ වැව” ලෙසින් වඩාත් විශාල කොට නිර්මා­ණය කර ඇත්තේ ලන්දේ­සී­හුය. ඒ කාර්යෙ­හිලා ඩී. බියර් (De. Beer) නම් ලන්දේසී ජාතික ඉංජි­නේ­රු­වෙකු ප්‍රමු­ඛ­ත්වය ගෙන ඇති අතර, ඒ අනුව ඔහු­ගේම නමින් වැව නම් කර තිබේ. ආර­ම්භ­යේදී එම වැවෙහි ප්‍රමා­ණය (Lake area) අක්කර 400 (හෙක්ටාර් 162) ක් වී තිබේ. එහෙත් පසුව නොයෙ­කුත් අව­ශ්‍යතා සඳහා ගොඩ කරන ලදුව දැනට මෙහි ප්‍රමා­ණය හෙක්ටාර් 65.4 දක්වා අඩු වී තිබේ. පෘතු­ගීසී හා ලන්දේසී යුග­ව­ලදී සෙබ­ළුන් හා භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු සිදු වී ඇත්තේ ඒ වැව ඔස්සේය.

මුල් කාලී­නව බේරේ වැව හා සම්බ­න්ධව ඇළ මාර්ග කීප­යක් නිර්මා­ණය වී තිබී ඇති අතර, දැනට ඉන් ඉති­රිව ඇත්තේ එකක් පමණි. ඒ ‘සන්ත බස්ති­යම් ඇළයි. එම ඇළ පෘතු­ගීසී බළ­කො­ටු­වට පහර දීම සඳහා වැව හිස් කිරී­මට 1 වන රාජ­සිංහ රජු විසින් කර­වන ලද්දකි. ඒ සඳහා හේවා­ගම් කෝර­ලයේ ජන­තාව සම්බන්ධ වී ඇති බව සඳ­හන් වේ.

19 වන සිය­වස වන විට කොළඹ නග­රයේ ප්‍රවා­හන කට­යුතු හා ගං වතු­රින් ආරක්ෂා වීම සම්බ­න්ධ­යෙන් ඇළ මාර්ග­වල වැද­ග­ත්කම වට­හා­ගත් බ්‍රිතාන්‍ය පාල­ක­යන් තව­දු­ර­ටත් ඒවා නවී­ක­ර­ණය කොට පව­ත්ව­ගෙන යෑම­ටත්, නව ඇළ මාර්ග ඉදි කිරී­ම­ටත් උත්සුක විය. එහි ප්‍රති­ඵ­ල­යන් ලෙස කැලණි ගඟ පමු­ණු­ගම කල­පු­වට සම්බන්ධ කෙරෙන හැමි­ල්ටන් ඇළද බොල්ගොඩ ජලා­ශය කළු ගඟට සම්බන්ධ කෙරෙන අන්ස්ට්‍රෑ­දර් ඇළ (1829 දී කොළඹ අය­කැමි ධුරය දැරූ පිලිප් අන්ස්ට්‍රෑ­දර්ගේ නමින්) ද බිහි විය.

ඊට අම­ත­රව කෝට්ටේ කිරු­ළ­පන සහ නැදි­මාල ඇළද වැල්ල­ව­ත්තෙන් මුහු­දට සම්බන්ධ කර­මින් තවත් ඇළක් ද ඉදි කර තිබේ. මෙම ඇළ එව­කට බස්නා­හිර පළාතේ දිසා­ප­තිව සිටි සී.පී. ලෙයාඩ් විසින් සැල­සුම් කරන ලද බැවින් ලෙයාඩ්ගේ ඇළ නම් විය. කැලණි ගඟේ පිටාර ජලය බැහැර කිරීම එම ඇළ ඉදි කිරීමේ අර­මුණ වුවත් ඇළේ පතුල, ගං වතුර රඳන ප්‍රදේ­ශ­යට වඩා උස් වූ බැවින් එය ‘ලෙයාඩ්ගේ මෝඩ ඇළ’ නමින් ප්‍රකට විය. පසුව එම ඇළ ගැඹුරු කොට ගංව­තුර බැස්ස­වීමේ මාර්ග­යක් ලෙස සකස් කෙරිණි.

එම ඇළ මාර්ග ඔස්සේ ප්‍රවා­හන කට­යුතු සිදු කිරීම සඳහා ප්‍රධාන වශ­යෙන් ප්‍රයෝ­ජ­න­යට ගන්නා ලද්දේ ඔරු හා පාරු ය. ඒ අත­රින් භාණ්ඩ ප්‍රවා­හ­නය සම්බ­න්ධ­යෙන් වඩාත් වැද­ගත් යාත්‍රාව වූයේ පාරු­වයි.

බොහෝ ඉඩ­කඩ හා ආර­ක්ෂාව ඇතිව සකසා ඇති එම පාරු­ව­ලින් තේ, රබර්, පොල් වැනි කෘෂි නිෂ්පා­දන කොළඹ වරාය කරාත් ලුණු, ගඩොල්, උළු, ලී වැනි දේ රට අභ්‍ය­න්ත­ර­ය­ටත් ප්‍රවා­හ­නය කෙරිණි. දින ගණ­නක් මුළුල්ලේ සිදු කෙරුණු පාරු ගම­න්ව­ලදී අව් වැසි­ව­ලින් ආරක්ෂා වීම සඳහා පොල් අතු­ව­ලින් සැකසූ පිය­ස්සක් ද පාරු­වට විය. පොල් අතු වහ­ලක් සහිත එම පාරු විශේ­ෂය ලන්දේ­සීන් විසින් මෙර­ටට හඳුන්වා දෙන ලද්ද­කැයි පැවසේ. එම පාරු හබල් ගෑමෙන් හෝ දිග රිටි­ව­ලින් පැදී­මෙන් හෝ ඉවුරේ සිට කළ කණු­වල බැඳි කම්බි මගින් යාත්‍රා කෙරිණි. ආහා­ර­පාන පිළි­යෙල කර­ගැ­නී­මද පාරුව මත දීම සිදු වූ අතර පාරු නතර කර තැබීම සඳහා නිශ්චිත නැව­තුම් පොළද විය.

ඔරු, පාරු උප­යෝගී කොට­ගෙන කොළඹ ආශ්‍රි­තව සිදු කෙරුණු වෙළඳ කට­යුතු සම්බන්ධ පැර­ණිම සාධ­කය හඳු­නා­ගත හැක්කේ හංස සංදේ­ශ­යෙනි. එහි එක් කවෙක කොළඹ, වත්තල, පුත්තූ­රුව වැනි තැන්ව­ලින් පිටත්ව ඔරු, පාරු­ව­ලින් වෙළ­ඳාමේ යන වෙළ­ඳුන් ගැන සඳ­හන් කර ඇත්තේ මෙසේය.

‘කොළඹ විසල් වත්තල් පුත්තූරු වෙනි

නරඹ යනෙන වෙළ­ඳුන් ඔරු පාරු වෙනි’

එහි සඳ­හන් ‘පුත්තූ­රුව’ මට්ට­ක්කු­ලිය යනුද මත­යකි. සුනිල් සරත් පෙරේරා උපුටා දක්වන කොළඹ සිට මාදම්පේ දක්වා ගිය පාරු ගම­නක් විස්තර කෙරෙන බ්‍රිතාන්‍ය යුග­යට අයත් කවි කොළ­යක එම ගමන පිටත් වූ ස්ථානය ලෙස සඳ­හන් වන්නේ නාග­ල­ගම් පාල­මයි. කොළ­ඹින් පාරු ගමන පිටත් වීම විස්තර කෙරෙන එහි මුල් කවිය මෙසේය.

‘සකල සිරින් පිරි

පසල කොළො­ම්පුර

නාග­ල­ගම් පාලමේ සිටන්

යදල පඬුරු සන්තා­නම්

මව් හට වික්ටෝ­රියා පාලමේ යටින්

යැදල සිව්දෙන හබල් හතර ගෙන

කැලණි ගඟේ සැඩ පහර තදින්

යැදල නැමති ගමේ අලුත් ඇළට

වන් ලාදුරු වත්තට නුදුරු තැනින්'

1940 ගණන් වන විට දුම්රිය හා මහා මාර්ග ප්‍රවා­හන කට­යුතු වැඩි දියුණු වීම නිසා ප්‍රවා­හන කට­යුතු සම්බ­න්ධ­යෙන් ඇළ මාර්ග සතු වූ වැද­ග­ත්කම ක්‍රම­යෙන් අඩු වන්නට විය. ඒ අනුව ඊට තර­ග­කාරී ලෙස ඇළ මාර්ග ප්‍රවා­හ­නය පව­ත්වා­ගෙන යෑමට නම් ඇළ මාර්ග­වල ඉවුරු පිළි­ස­කර කොට යාන්ත්‍රි­කව ධාව­නය කෙරෙන යාත්‍රා උප­යෝගී කොට ගත යුතු බවට අද­හස් ඉදි­රි­පත් විය.

මේ අතර 1970 ගණන් වලදී ඇළ මාර්ග කීප­යක් පුන­රු­ත්ථා­ප­නය කිරීම සඳහා අව­ධා­නය යොමු කෙරුණු අතර ඉන් ප්‍රමු­ඛ­ත්වය හිමි වූයේ කොළඹ - පුත්ත­ලම ඇළ මාර්ග­ය­ටය.

එහෙත් එ පිළි­බඳ ප්‍රවා­හන ආර්ථික ශක්‍ය­තාව තක්සේරු කරනු පිණිස 1981 දී මෙහි පැමිණි නෙද­ර්ලන්ත ප්‍රවා­හන ආර්ථික විශේ­ෂ­ඥ­යන් දෙදෙ­නාගේ නිග­ම­නය වූයේ දුම්රිය මහා­මාර්ග වැනි දියුණු කළ යුතු වෙනත් ප්‍රවා­හන ක්‍රම තිබි­යදී ඇළ මාර්ග ප්‍රවා­හන කට­යුතු පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කිරීම අකා­ර්ය­ක්ෂම බවත් ඒ අනුව කොළඹ - පුත්ත­ලම ඇළ මාර්ගයේ ඉදිරි වැඩ කට­යුතු සිය­ල්ලද අත්හි­ටු­විය යුතු බවත් ය. (ආර්ථික විම­සුම - 1981 අගෝස්තු)

ප්‍රවා­හන ආර්ථික විද්‍යා­ත්ම­කව එසේ අව­ධා­න­යෙන් ගිලිහී ගිය අංග­යක් වුවද ශත වර්ෂ ගණ­නා­වක් මුළුල්ලේ ප්‍රවා­හ­න­යට උර දුන් එම ඇළ මාර්ග ඓති­හා­සික වශ­යෙන් අපට කිසි­සේත් අම­තක කළ නොහැකි මා හැඟි පුරා­වි­ද්‍යා­ත්මක ස්මාරක ලෙස හැඳි­න්විය හැකිය. 

====================================

කුසු­ම්සිරි කොඩි­තු­වක්කු මහතාගේ ඉහත ගවේෂනාත්මක ලිපිය අනුව පෙනීයන්නේ කෝට්ටේ සිට මෝදර දක්වා හෝ වත්තල, හැදල දක්වා හෝ වර්තමානයේ හැමිල්ටන් ඇළ ලෙස හදුන්වන මෙම ඇළ මාර්ගයේ මුල් අදියර ඉදිකර ඇත්තේ Viii වන වීර පරා­ක්‍ර­ම­බාහු (1476-1489) රජ සමයේ විය යුතුය. බොහෝදුරට එම ඇළ මාර්ගය පුළුල්කර කලපුව හරහා මිගමුව දක්වා දීර්ඝ කර ඇත්තේ පෘතුගීසීන්ය. එම කොටස සැතපුම් 9යක් හෙවත් කිලෝමිටර් 14.5කි. එහෙත් මෙම ඇළ මාර්ගය මීගමුවේ සිට  පුත්තලම  දක්වා දිවයයි. 

එම ලිපියේ සදහන් නොවුන තවත් කරුනක් වන්නේ ලන්දේසින් ඉදිකිරිමට ආරම්භකල නමුත් වැඩ අවසන් නොවූ මීගමුවේ සිට පුත්තම දක්වාවූ ඇලේ කටයුතු අවසන්කලේ ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයාවූ ප්‍රෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයාය. ඒ 1804දීය. එය බ්‍රිතාන්‍යයන් ලංකාව (මුහුදුබට පළාත්) අත්කර ගැනීමෙන් පසුව සිදුකල පළමු සංවර්ධන ව්‍යාපෘතියය. එම ව්‍යාපෘතිය භාරව කටයුතුකලේ හැමිල්ටන් නම් නිලධාරියෙකි. අද පවත්නා හැමිල්ටන් ඇළ නම් කර ඔහු (Hamilton) නමිනි. 

අපි කුඩා කාලයේදී නෑමට පවා හැකිලෙස පිරිසිදුව පැවති හැමිල්ටන් ඇළ අද ජරාවාසව ගොසිනි. කුඩා බෝට්ටුවල ඇන්ජින්වලින් නිකුත්කරන තෙල්ද, අවට කාණුවලින් එකතුවන කුණු කන්දල්ද හැමිල්ට ඇළ සහමුලින්ම පාහේ අපවිත්‍රකර ඇත. ඇළ දෙපස භුමියද අනඅවසර ඉදිකිරීම් ඔස්සේ ජරාවාස කර ඇත. අතිතයේදී කොප්පරා ප්‍රවාහනයකල පාරුවලින් ළමාලපටීන් කොප්පර ඉල්ලා කෑ බවත්, නත්තල් කාලයේදී කැරොල් ගී ගයන කණ්ඩායම් පාරුවල නැගී හැමිල්ටන් ඇලේ කැරොල් ගී ගයමින්  ගිය බවත්, මුන්නක්කරයේ කොතලාවල පාලම ඉදිකිරිමට මත්තෙන් පාස්කු කාලයෙදී දුවේ ආශ්චර්යමත් ක්‍රිස්තු  ප්‍රතිමාව මීගමු දුවේ සිට මිගමුව සා. පීතර දේවස්ථානයට රැගෙනේම මෙන්ම රැගෙනයාම සිදුකලේ මෙම ඇළ මාර්ගය ඔස්සේ බවත්, මීගමුව වැල්ලවිදිය පල්ලියද, සා. පීතර පල්ලියද, තවත් පල්ලි රාශියක්ම ගොඩනගන කාලයේදී  උළු, ගඩොල්, ලී දඩු ඇතුළු බොහෝ ගොඩනැඟිලි ද්‍රව්‍ය  රැගෙන ආවේ මෙම ඇළ මාර්ගය ඔස්සේ බවත් මා මිට පෙර ලියා ඇත. 

ඇත්තවශයෙන්ම හැමිල් ඇල දියුණුකර රටේ ප්‍රවාහන  අවශ්‍යතා සදහා මෙන්ම සංචාරක කටයුතු සදහාද කෙතරම් යොදාගත හැකිනම්  කෙතරම් යහපත්ද? එහෙත් ඒ සම්බන්දයෙන් කිසිවෙකුගේ අවධානය යොමුනොවීම  කෙතරම්  නම් අවාසනාවක්ද? 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

24/09/2021

Tuesday 21 September 2021

වැස්සට දෙකට වල්බිහිවී කටුපදුරින් වැසීයන ලංකා භුමියේ පාස්කු ප්‍රහාරයට මාස 29යි.

ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ 2019 අප්‍රියල් 21 පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු ඉරිදා දිව්‍ය පුජාවට සහභාගීවු ජනයා මිහිදන්කර ඇති කටුවපිටිය සුසානභුමියේ වල්පැල ආදිය ගලවමින් පිළිසකර කරන කටුවපිටිය ජනයාගෙන් කොටසකි.

වැස්සට දෙකට වල්බිහිවී සියල්ල වල්වැදී, කටුපදුරින් වැසීයන ලංකා භුමියේ මිට වසර 2කකුත් මාස 5කට පෙර, එනම් මාස 29කට පෙර, මිහිදන්කල පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුන්ගේ සොහොන්වලට අත්වීමට නියමිතව පැවති ඉරණමවුයේද එයය. එහෙත් අප්‍රියල් 21 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ කටුවපිටියේ ජනයා පමණක් නොව, කොළඹ කොච්චිකඩේ සා. අන්තෝනි පල්ලියේ  ජනයාද, මඩකලපුව සියොන් දේවස්ථානයේ ජනයාද, කොළඹ තරු හෝටල්වල විපතටපත්වූ ජනයාගේ ඥාති-මිත්‍රාදීන්ද  එකී ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අමතක කලේ නැත. අතහැරදමනලදව, වල්වැවී, වනවැදී, යටපත්වීයෑමට ඉඩහැරියේ නැත. ඔවුන්ට අත්වූ සහාසික ඉරණම වෙනුවෙන් ඔවුහු නොකඩවාම හඩනැගුහ. 

එහිලා පෙරමුණ ගත්තේ මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු  ශ්‍රී ලංකා කතෝලික සභාවය. සිය ආගමික චර්යාව අනුව  කිතුනුවන්  කිසිවිටකත් මළවුන්  අමතක කරන්නේ නැත. වසර 2000කට පෙර මරාදැමූ සිය ශාස්තෘවරයාවූ ජේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය ඔවුහු සෑම වසරකම චතාරික කාලය තුල සමරති. ක්‍රිස්තියානි ආගමික විශ්වාසය අනුව ජීවත්වූ, ක්‍රිස්තියානි ආගමික විශ්වාසය නිසා සිය ජීවිත පරිත්‍යාගකල විශ්වාසින් ප්‍රාණපරිත්‍යාගීන් / නම් කල  හෝ නම් නොකළ සාන්තුවරුන්  ලෙස සලකා සෑම වසරකම නොවැම්බර් මස පළමුවෙනිදා 'සියළු සාන්තුවරුගේ දිනය' (All Saints' Day) ලෙස ඔවුන් සමරති. සෑම වසරකම නොවැම්බරය කිතුනුවන්  සමරන්නේ  මලවුන්ගේ මාසය ලෙසය. එම මාසය තුල හෝ ඔක්තෝබර මාසයේ අගසිටම මියගිය සිය ඥාති-මිත්‍රාදීන් මිහිදන්කර ඇති  සුසාන භූමිවලට ගොස් ඒවා සුද්ද පවිත්‍රකර ඔවුන් වෙනුවන් මල් තබා, ඉටිපන්දම් දල්වමින් මියගිය ජනයා අනුස්මරණය කිරීම කිතුවන්ගේ සිරිතය. 

ඔක්තෝම්බර් අග හෝ  නොවැම්බර් මාසයේදී ඥාති-මිත්‍රාදීන් පැමිණ සුසාන භූමිය පවිත්‍ර කිරීම වනතෙක් කල්නොදමාම පාස්කු ප්‍රහාරයෙන් මියගිය කටුවපිටියේ ජනයාගේ සුසාන භූමිය වල්වැදී යටපත්වීයෑමට ඉඩනොදී පවත්වාගෙනයෑමට 'අප්‍රියල් 21ක යුක්තියට-පදනම' සංවිධානය  කටයුතුකර තිබීම සංඛේතාත්මකව නිකුත් කරන පණිවිඩය ඉතා  ඉහලය. එය එක්තරා  ආකාරයකින්  පාස්කු ඉරිදා  එල්ලවූ  ප්‍රහාරයෙන් විපතට පත් ජනයාව  කිසිසේත්ම අමතක නොකරන  බවට තවත් එක් ක්‍රියාකාරී ප්‍රකාශනයකි. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු  ශ්‍රී ලංකා කතෝලික සභාව මෙන්ම තවත් මෙවැනි ආකාර විවිධ සමාජ, සංව්ධාන, පදනම් මෙන්ම තනි තනි පුද්ගලයින් රාශියක්ද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය  ඉටුකිරීම වෙනුවෙන්  අප්‍රතිහත ධෛර්යෙන් සහ නොපසුබස්නා වීරයෙන් යුතුව ස්වේච්චාවෙන්ම රට තුල  මෙන්ම  ඉන් පිටතත්, ගමතුල මෙන්ම  ජාත්‍යන්තරයේත්  කටයුතු කරමින් සිටින බව පැහැදිලි සත්‍යයකි. 

මේවූකලී ශ්‍රී ලංකා භූමියට සහමුලින්ම නව්‍යය තත්වයකි. සියල්ල සති දෙකෙන් අමතකවී යන්නේ යැයි කියන ශ්‍රී ලංකා ජනසමාජය තුල පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් දින ගණන් , සති  ගණන්, වසර දෙකකටත් වැඩි  කාලයක් පුරා, බියගැන්වීම්, තර්ජන එල්ලවීම්, වසංගත, නිරෝධායන ඇදිරි නීතින් ආදියෙන් පවා නිෂ්ක්‍රිය නොවී දිගින් දිගටම නොකඩවාම හඩනැගිමද පුදුමයකි.  පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසම්  සභා  විමර්ශනයක් සිදුවෙනතෙක් මෙන්ම  එකී  විමර්ශන වාර්තාව මහජනයාට  නිකුත්කරනතෙක් මැදිහත්වීමද, එම  වාර්තාව ඔස්සේ දෝෂදර්ශනයට ලක්කර ඇති සියල්ලන්ට  එරෙහිව  නිති අනුව  නඩු පවරන ලෙස ඉල්ලමින්  දිගින් දිගටම  නොපැකිලිව  ක්‍රියාකාරීවීමද  අපරාධ යටපත්වී  අපරාධකරුවන් නිදැල්ලේ පසුවන ශ්‍රී ලංකාවට නව්‍ය  අත්දැකිමකි. 

ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රහාරය  පිළිබද නිසි විමර්ශනයක් සහ අපරාධකරුවන්ට නිතිය අනුව දඩුවම් හිමිවිය යුතුයයි යන්න    දැන් ශ්‍රී ලංකා සමාජයේ දින දින මුවහත්වෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ  පාලනය සහ යුක්තිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ 

අරගලයේ  සංකේතාත්මක සටනක් බවට පත්වෙමින්  ඇත. එයට හේතුවුයේ පැවති රජය මෙන්ම පවත්නා රජයද පාස්කු ප්‍රහාරය  පිළිබදව  නිසි විමර්ශනයක්  සිදුනොකර  අපරාධකරුවන්ට දඩුවම් නොදී   කිසියම් හෝ ආකාරය එය ඉබේ යටපත්වීමයෑමට කටයුතු සැලස්වීමේ ප්‍රවනතාවකින්  කටයුතු  කිරිමය. 

ඒ කෙසේවුවද, ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට  පාස්කු ප්‍රහාරය  එසේ වල්බිහිවී යටපත්වී ගියේ නැත. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු  ශ්‍රී ලංකා කතෝලික සභාවේ මැදිහත්වීමත්, අනෙක විධ  සමාජ, සංව්ධාන, පදනම් මෙන්ම තනි තනි පුද්ගලයින්ගේ ස්වේච්චා දායකතත්වයන්  නිසා පාස්කු ප්‍රහාරයේන්  විපතට පත්වුවනට යුක්තිය ඉටුකිරීම පිළිබද සටන දිගින්  දිගටම  ශක්තිමත්ව  වඩ වඩාත් පෙරට පැමිණ ඇත. එකී මැදිහත්වීම්, කැපවීම් නිසාම ඉදිරි සති කිහිපය තුල ත්‍රිපුද්ගල විනිසුරුවන්ගෙන්  සමන්විත  අධිකරණයකින්  පාස්කු  ප්‍රහාරයේ  විමර්ශන  ඔස්සේ අත්අඩංගුවට පත් පුද්ගලයින්ට එරෙහිව  නඩු පැවරිමකට යන බව වාර්තා වේ. එලෙස පවරන නඩුවක් තුල ප්‍රහාර පිලිබදව නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය ලක්වා නොගත් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාවූ  නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීමෙන් පසුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත්කළ මේජර් ජෙනරාල්  සුරේෂ් සාලෙයිවත්, ඉකුත්කාලයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වියත්මගේ රැස්වීම්වල කථිකයෙක් ලෙස කටයුතු  කල ත්‍රස්‌තවාදී කටයුතු පිළිබද 'ස්වයං-ප්‍රකාශිත විශේෂඥයෙක්' ලෙස නම්කරගන්නා මහාචාර්ය රොහාන් ගුණරත්නවත් රජයේ  සාක්ෂිකරුවන් බවට පත්කරන බවත් මධ්‍යවාර්තා සදහන් කරයි. 

මෙම නඩු කටයුත්තේ අරමුණ පාස්කු ප්‍රහාරය ISIS ත්‍රස්‌තවාදී ගිණුමට බැහැ කිරීම බව නඩුව පැවරිමට පෙරම පෙනීයන්නකි. අනෙක් අතට  පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනයකල ජනාධිපති කොමිසමෙන්  දෝෂදර්ශනයට ලක්කළ හිටපු ජනාධිපති සිරිසේන ඇතුළු නිලධාරින් සහ බලධාරීන්ට මෙකී නඩු කටයුත්ත තුල නඩු පැවරිමක් සිදුවන්නේද? නැද්ද? යන්න පැහැදිලි  නැත. එහෙත් පැහැදිලිවම  ඇතැම් නිලධාරින්  සහ  බලධාරීන්  නිදහස්වෙන බව නම් අනුමානකල හැක. මන්දයත්  ජනාධිපති  කොමිසම් සභාවේ දෝෂදර්ශනයට ලක්කර ඇති ප්‍රහාරය පිලිබදව කිහිපවරක්ම දැනුවත්කලේයැයි හෙළිවී ඇති රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාවූ නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිව රජයේ සාක්ෂිකරුවා කිරීමෙන් නිතියේ මුක්තිය  ඔහුට හිමිවීමට  ඉඩක් පැවතීමයි. 

මේ සම්බන්දයෙන් නීතිපතිවරයාව දැනුවත් කිරීමට හෝ ඒ සම්බන්දයෙන් විරෝධය දැක්වීමට කතෝලික සභාවට අනුබද්ධ ආයතනවල නිති කටයුතු පිළිබද විශේෂඥයින් මෙන්ම වෙනත් නීති විශාරයින්ද කටයුතු කරන බවක් වාර්තාවේ. කෙසේ වෙතත් එවැනි නඩු කටයුත්තකදී ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කාදිනල්තුමා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂමල් පෙරේරා  මහතාත්, නීතිඥ දුතික පෙරේරා, වරුණ සේනාධීර, ඉන්දික අබේකෝන්යන මහත්වරුත් පෙනීසිටීමට නියමිතය. 

කෙසේවෙතත්,  නඩු කටයුත්තකින් පමණක්  යුක්තිය  ඉටුවේද? අපරාධකරුවන්ට දඩුවන්  හිමිවීම වෙනුවට ඔවුන් නිදොස්වී නිදහස්වේදෝයි යන ගැන  සැකයක් මහජනයා තුල පවතී. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රජය දිගින් දිගටම මන්දගාමීව කටයුතු කිරීමත්, චූදිතයන්ට නඩු දැමීමේ කටයුතු ප්‍රමාද කිරීමත්, "සොනික් සොනික්", "මෙයා අපේ එකෙක්, මේක අපේ ප්‍රොජෙක්ට් එකක්","ටාජ් හෝටලයේ බෝම්බකරු දෙහිවලදී හමුවීම", "ප්‍රහාරයෙන් පසු වගකීම භාරගැනීමට ඉන්දුනීසියාවේ ISIS නායකයින්ට කතාකිරීම", ආදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ බුද්ධ් අංශවල කන්ඩායම් සහ පාස්කු ප්‍රහාරය එල්ලකල සහරාන්ගේ කන්ඩායම් අතර පැවැති සබඳතා ගැන හෙලිවී ඇති කරනු පිලිබදවත් නිසි විමර්ශනයක්  සිදුනොවීමත් ඊට හේතුවය . 

අනෙක් අතින් බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සිහළ රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදන්ත හිමි වැනි අන්තවාදී බෞද්ධ සංවිධානවල භික්ෂුන් පෙරට පැමිණ කාදිනල්තුමන්වත්, කතෝලික  පල්ලියත් විවේචන කරමින්  විවිධ දෝෂ සහගත ප්‍රකාශකරමින්, වර්ගවාදය, ජාතිවාදය උඩදැමීමට  කටයුතු කරන බවක්ද පෙනීයැයි. කිතුනු ජනයාට  තවත්  ප්‍රහාරයක් එළවීමට නියමිතයැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමි හිරු රූපවාහිනී සේවයේ වැඩසටහනකදී කල ප්‍රකාශය ගැන නිසි විමර්ශනයක්  කරන මෙන්  ශ්‍රී  ලංකා කතෝලික සභාව ප්‍රසිද්ධියේ  ඉල්ලා සිටියේය. කෙසේවුවද බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සිහළ රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදන්ත හිමි වැනි අන්තවාදී බෞද්ධ සංවිධානවල භික්ෂුන්ව විවේචනයට ලක්කරමින්  ශ්‍රී ලංකාවේ භික්ෂුන්  වහන්සේලාගෙන්  බහුතරයක් කාදිනල්තුමාට සහ ලංකික  කතෝලික  ජනයාට සහය පලකිරීමට පෙරට පැමිණීම අප ඉතා ඉහලින්ම  අගය  කලයුතුය. එකී සහය පලකල භික්ෂුන් අතර උගත්, සැදැහැවත්, රටපුරාම පිලිගැනීමට ලක්වූ භික්ෂුන් වහන්සේලාද සිටීම ගිහි  පැවැදි සියළු ජනයාට විශාල  ශක්තියකි.  

රටතුල යුක්තිය  සහ සාධාරණත්ව ඉටු නොවන්නේ නම්  ජිනීවා හි  පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුළු  ජාත්‍යන්තරයට  ගොස් හෝ  යුක්තිය  සහ සාධාරත්වය ඉටුකර ගැනීමට කාදිනල්තුමාට සහ කතෝලික සභාව ක්‍රියාකළ යුතුයැයි දැක්වීමට තරම් පාහිංගල ආනන්ද සාගර හිමියන  පෙරට පැමිණීම කාදිනල්තුමාට සහ ශ්‍රී ලංකික  කිතුනුවන්ට අන්තවාදී භික්ෂුන්ගෙන් එල්ලවන තර්ජන, ගර්ජන  සහ චෝදනාවලට එරෙහිව ලංකික බෞද්ධ සමාජය සමගම  නැගිසිටිම අත්වැල සපයන්නකි. 

ඇත්තවශයෙන්ම, අද සියල්ලන් අවශ්‍යව ඇත්තේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සැකනැතිව හෙළිකර ගැනීමය. ප්‍රහාරය  පිටුපස බළල් අත් තිබේද? ඒ කවුද? සැගවුනු න්‍යාය පත්‍ර තිබේද? ඒ මොනවාද? යන්න හෙළිකර ගැනීම අද  මෙරට පමණක් නොව  ලොව පුරාම ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය ගැන උනන්දුවන්න සියල්ලන්ගේ එකම අරමුණය. එකී අරමුණු ඉටුකර  ගන්නාතෙක්  පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන  යටපත්වීයෑමට  ඉඩනොදී  රැකගැනීමට අප සියල්ලන්ගේම සහය හිමිවිය යුතුය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

21/09/2021    

Monday 13 September 2021

අගමැති මහින්ද සහභාගිවූ බොලොඤ්ඤ සමුළුවේ ඇත්ත සහ නැත්ත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ඉතාලියට පැමිණ ඇත්තේ ඉතාලියේ බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය විසින් පවත්වන සමුළුවක ප්‍රධාන ආරධිතයා ලෙස දේශනයක් පැවැත්වීමටයයි ලංකාවේ මාධ්‍යය මහත් අභිමානයෙන් පසුගියදා වාර්තාකර තිබුනි.

එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියට පැමිණ අදාළ දේශනය පවත්වන්නේ ක්‍රි.ව.1088දී පිහිටවූ යුරෝපයේ පරණම විශ්ව විද්‍යාලයවන බොලොඤ්ඤ විශ්ව විද්‍යාලයේ (Università di Bologna /University of Bologna) බවත්, එම සමුළුව ජී20 (G20) රටවල රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන සමුළුවක් බවත්, සමුළුව ඉතාලි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවෙන බවත්, ඉන් අනතුරුව අගමැතිවරයා වතිකන් නුවරට ගොස් පාප්තුමාව හමුවී පාස්කු ප්‍රහාරය පිලිබදව ශ්‍රී ලංකා රජය සිදුකරන විමර්ශන සම්බන්දයෙන් දැනුවත් කරන බවත් කියවිණි. 

ශ්‍රී ලංකා ආන්ඩුවේ සහ ආන්ඩුවට හිතැති මාධ්‍යය විසින් අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය අරභයා දියත්කල එකී ප්‍රචාරක වැඩපිලිවෙල තුල බලාපොරොත්තුවුයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ රාජ්‍යය තාන්ත්‍රික වැදගත්කම සහ ජාත්‍යන්තර පිලිගැනීම ඉස්මතුකරලිමය.

එහෙත් එකී පුම්බෑලීමේ ප්‍රචාර ව්‍යාපාරයේ හුලං එකවරම  බැසගියේ  කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමියන් ''අගමැති පාස්කු ප්‍රහාරය ගැන කියන්න පාප්වහන්සේ හමුවන්නේ නම්, යුක්තිය ඉල්ලා ඔවුන් ජාත්‍යන්තරයට'' යනවා යැයි කිමත් සමගය. කාදිනල්වරයා මාධ්‍ය හමුවක් පවත්වා නිකුත්කළ එම නිවේදනයේ තවදුරත් දැක්වුයේ ''ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යටගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ'' යැයි දැක්වීය. ඒ සමග අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයාගේ ඉතාලි සංචාරය අතරතුර පාප්තුමා හමුනොවෙන බව කියන්නට විය. මෙකී පරස්පර නිවේදන සමග අගමැතිගේ ඉතාලි සංචාරය පිලිබදව රටපුරාම කසුකුසුවක් පැනනගින්නට විය.

බොහෝදෙනා විපරම්කල අගමැතිගේ බොලොඤ්ඤ සමුළුව පිලිබදව දැන් සත්‍ය තොරතුරු හෙළිවී ඇත. කාදිනල් මැල්කම් රංජිත් දැක්වූ ලෙසම මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ඉතාලි සංචාරය සත්‍යය යටගැසූ තවත් එක් ප්‍රචාරක තුරුම්පුවකි. ඊටත් වඩා තමන් පුම්බාගන්නා ප්‍රෝඩාකාරී ප්‍රචාරක ව්‍යාපෘතියකි.

ශ්‍රී ලංකා අගමැතිවරයා සහභාගීවන්නේ බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය විසින් පවත්වන සමුළුවකට නොවේ. ඇත්තවශයෙන්ම ඔහු සහභාගිවුයේ ධරණිය සංවර්ධනය (Sustainable Development Goals) සදහා ආගමික, රාජ්‍ය සහ අනෙකුත් ආයතන අතර සබැදියාවක් ගොඩනගා ගැනීමේ අරමුණින් ජී20 (G20) රටවල් 2014 දී පිහිටවාගත් අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) වාර්ෂික සමුළුවටය. මෙම සමුළුව මීට පෙර ඔස්ට්‍රේලියාවේ (2014), තුර්කියේ (2015), චීනයේ (2016), ජර්මනියේ (2017), ආර්ජන්ටිනාවේ (2018), ජපානයේ (2019) සහ සෞදි අරාබියේ (2021)දී පවත්වා තිබේ. මේ වසරේ එය පවත්වන්නේ ඉතාලියේ බොලොඤ්ඤ නුවරය. ලංකාවේ මාධ්‍යවල දැක්වූ ලෙස මේම සමුළුව විවෘත කිරීමට ඉතාලි ජනාධිපතිවරයා සහභාගීවුයේ නැත. මෙවර (2021) ජී 20 රටවල සමුළුවේ සභාපතිත්වය දරන්නේ ඉතාලිය නිසා ඉතාලි ජාතික Mario Draghi මහතා ජී 20 රටවල සමුළුවේ සභාපති ලෙස මේම සමුළුවට සභභාගීවීමට නියමිතව සිටි. එහෙත් ලංකාවේ මාධ්‍ය මෙම සමුළුව සදහා ඉතාලියේ ජනාධිපතිවරයා සහභාගීවන්නේයැයි කීම කරුණු වරදවා වටහාගැනීමක් හෝ කරුණු විකෘතිකර වාර්තා කිරීමකි.

මෙවර සමුළුවේ සත්කාරක දායකත්වය ලබාදෙන්නේ ඉතාලියේ 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' (The Fondazione per le scienze religiose - FSCIRE) නම් සංවිධානය විසිනි. 1953දී පිහිටුවාගත් මෙම සංවිධානයේ අරමුණ වන්නේ පෞරාණික-ආගමික ශික්ෂණයන්(historical -religious disciplines) පිළිබද පරීක්ෂණ කටයුතුවල නිරතවීමය. එකී ආයතනය බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය සහ තවත් විශ්ව විද්‍යාල රාශියක් සමග ඔවුන්ගේ අධ්‍යන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්දයෙන් එකගතා ගිවිසුම් අත්සන්කර ඇති බව ඇත්තය. එහෙත් 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' (The Fondazione per le scienze religiose - FSCIRE) බොලොඤ්ඤ විශ්ව විද්‍යාලයේ අංශයක්වත්, බොලොඤ්ඤ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක්වත් නොවේ. කොටින්ම ජී 20 රටවල අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) වාර්ෂික සමුළුව බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන්නක් නොවේ. එහින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය විසින් පවත්වන සමුළුවක ප්‍රධාන ආරධිතයා ලෙස දේශනයක් සදහා පැමිණියේයැයි සදහන් ආණ්ඩුවේ ප්‍රචාරය සත්‍යයෙන් තොර පට්ටපල් බොරුය. රැවටිලිකාර ප්‍රෝඩාවන්ය.

මහින්ද රාජපක්ෂ මහතාට ජී 20 රටවල අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) වාර්ෂිකව සමුළුවට ආරධනා කලේ එකී සමුළුවේ සත්කාරක ආයතනය වන 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' ය (The Fondazione per le scienze religiose - FSCIRE). ඒද සමුළුවේ ප්‍රධාන දේශණය සදහා නොව එක් දේශනයක් සදහා පමණි. එම සංවිධානය රාජ්‍ය, පෞද්ගලික සහ වෙනත් ආයතනවල ආධාර මත යැපෙන තවත් රාජ්‍ය නොවන සංවිධානයකි. එකී 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' (FSCIRE) ජී 20 රටවල අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) මෙවර සමුළුව සදහා සත්කාරය සපයන්නේ ඔවුන්ගේ අරමුදල් රැස්කිරීමේ (fundraising) ක්‍රියාවලියක කොටසක් වශයෙන් මෙන්ම සිය මුලික අරමුණ වන පෞරාණික ආගමික - ශික්ෂණයන් පිළිබද අධ්‍යානයේම කොටසක් ලෙසය. ඒ අනුව දේශන සදහා ආරාධනා කල පුද්ගලයින්, ආයතනවලින් සහ වෙනත් සංවිධානවලින් ආධාර එකතුකර ගැනීම මෙවැනි සමුළු සංවිධානය කරන බොහෝ ආයතනවල සමාන්‍ය ක්‍රියාපටිපාටිය ය. පොල් තෙල් පහන් දැල්වීමට හේතුවක් නැතිව  කිසිවෙකුට නිකම්ම නිකන් ආරාධනා කරන්නේ නැති බව ලංකාවේ අපි හොදින් දනී. ඒ අනුව සමුළුවේ දේශනයක් සදහා ආරාධනා ලැබූ මහින්ද රාජපක්ෂ මහතා හෝ ශ්‍රී ලංකා රජය විසින් 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම'ට (FSCIRE) කිසියම් ආධාරයක්, ප්‍රදානයක් සිදුකළේද / නැද්ද? යන්න ඔවුන්ගේ මුල්‍ය වාර්තාවලින් පසුව හෙලිවනු ඇත.

කෙසේවුවද ඉකුත් පාස්කු ප්‍රහාරයේ සිටම 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' (FSCIRE) ශ්‍රී ලංකාව සම්බන්දයෙන් විශේෂ උන්නදුවකින් කටයුතු කරන බව පැහැදිලිය. සමුළුව ආරම්භ කරමින් ප්‍රදර්ශනය කල ආගමික ස්ථානවල සිදුකල ඝාතන ('Plorabunt: A Memory of the People Killed in the Places of Prayer) නම් ප්‍රදර්ශන වැඩසටහන තුල ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයදීම ඉස්මතුකර දක්වා තිබුණි. පාස්කු ප්‍රහාරය විශේෂවත්, සිරිමා බෝධි මළුවේ ඝාතනයත්, දළදා මැදුරේ බෝම්බ ප්‍රහාරයත්, කාන්තන්කුඩි මුස්ලිම් පල්ලිවල ඝාතනත්, යාපනයේ නාවලි හී ශා. පිතර පල්ලියට ගුවන් හමුදා ප්‍රහාරයකින් 150ක් දෙනෙකු මියයැමත් ලංකාවේ ආගමික ස්ථානවල සිදුකල ඝාතන ලෙස (Memory of the Killings 1982–2021) එක පෙලට ගොනුකරලිමට 'ආගමික විද්‍යාව පිළිබඳ පදනමේ' (FSCIRE) අධ්‍යයන අංශ සමත්වී තිබුණි. මෙම දිග හැරමේ බරපතලකම පිලිබදව හෝ මෙම සමුළුව ශ්‍රී ලංකාව ඉලක්ක කර ගැනීම පිලිබදව හෝ මහින්ද රාජපක්ෂ මහතාට හෝ ශ්‍රී ලංකා රජයට කෙතරම් අවබෝධයක් පැවතියේද යන්න ගැන තවමත් යමක් කිව නොහැක. එහෙත් ශ්‍රී ලංකාව ආගමික ස්ථානවල ඝාතන සිදුවෙන රටක් ලෙස, අන්තර් ආගමික සහජීවනය අර්බුධයකට ගිය, ආගමික අන්තවාදීන් හිස ඔසවන රටක් ලෙස  මේවර (2021) ජී 20 රටවල අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) වාර්ෂිකව සමුළුව තුලදී විශේෂ අවධානයකට ලක්වූ බව නම් පැහැදිලිය.

ඒ බව වඩවඩාත් සනිටුහන් කරමින් සමුළුවේ තේමාව වූ “Time to Heal: Peace among Cultures, Understanding between Religions” ඔස්සේ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතමින් දේවානම් පියතිස්සේ රජතුමාගේ සිට ලංකාව ශිෂ්ටාචාරය ගැන කියමින් සිටිනවිට ඉන් පිටත බොලොඤ්ඤවේ රිඑන්සෝ පැලස් ද පොඩෙස්ටා (The Palazzo del Podestà) ශාලාව ඉදිරිපිට ''පාස්කු ප්‍රහාරය පිළිබද නිසි විමර්ශනයක් කරුණු !!'', ''විමර්ශන ඔස්සේ හෙළිවී ඇති හමුදා බුද්ධි අංශ නිලධාරින් පිලිබදව විමර්ශනය කරනු !!'', ''වරදකරුවන්ට දඩුවම් දෙනු !!'' යැයි බලකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයන් පිරිසක් විරෝධය දක්වා තිබුණි.

බොලොඤ්ඤ නගරයේම වෙනත් තැනක යුද්ධයෙන් පිඩාවට පත්වූ දෙමළ ජනයාද උද්ගෝෂණයක නිරතවූ බව වාර්තාවිය. මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ හෝ වෙන් ඕනෑම ශ්‍රී ලංකා රාජ්‍ය නායකක් විදේශයන්ට පැමිණිවිට දෙමළ ඩයස්පෝරාව උද්ගෝෂණවල නිරන්තවීම සමාන්‍යයෙන් නිතර සිදුකරන්නක්වුවද සිංහල ජනතාවගෙන් කොටසක්වන සිංහල කතෝලිකයින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පිටරටකදී ආණ්ඩුවට බලකරන උද්ගෝෂණයක නිරතවූයේ මේ පළමුවතාවටය. ඔවුන්ගේ ඉල්ලීමට රජය නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිටත් රජයට බලකරමින් උද්ගෝෂණවල නිරතවෙන බවට ඔවුන් සපථ කළේය.

රජය හුදු දේශපාලන වාසි නොසයමින් උත්සන්න වෙමින් ඇති විරෝධය හමුවේ හෝ පාස්කු ප්‍රහාරය පිළිබදව නිසි විමර්ෂණයක් සිදුකර වරදකරුවන්ට දඩුවම් දෙන්නේ නම් එය ශ්‍රී ලංකා රාජ්‍යයේ වගවීම සහ විනිවිදභාවය පිළිබද ඉහළ නිදර්ශනයක් ලෙස ලොවට පෙන්විය හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
13/09/2021

Friday 10 September 2021

විමර්ශන නොකෙරෙන තැනට වැඩකරන්න ආණ්ඩුව කාදිනල් සමග දේශපාලන චෙස් ක්‍රීඩාවේ

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව සහ ශ්‍රී ලංකා රජය අතර බරපතල විරසකයක් නිර්මාණයවෙමින් ඇතිබව දැන් පැහැදිලිය.

මෙම විරසකය නිර්මාණයවුයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රජය දිගින් දිගටම මන්දගාමීව කටයුතු කිරීමත්, චූදිතයන්ට නඩු දැමීමේ කටයුතු ප්‍රමාද කිරීමත්, "සොනික් සොනික්", "මෙයා අපේ එකෙක්, මේක අපේ ප්‍රොජෙක්ට් එකක්","ටාජ් හෝටලයේ බෝම්බකරු දෙහිවලදී හමුවීම", "ප්‍රහාරයෙන් පසු වගකීම භාරගැනීමට ඉන්දුනීසියාවේ ISIS නායකයින්ට කතාකිරීම", ආදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ බුද්ධ් අංශවල කන්ඩායම් සහ පාස්කු ප්‍රහාරය එල්ලකල සහරාන්ගේ කන්ඩායම් අතර පැවැති සබඳතා ගැන හෙලිවී ඇති කරනු පිලිබදව විමර්ශනය කරන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික සභාව රජයෙන් ඉල්ලා සිටීමත් සමගය.

එකී කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් කතෝලික සභාව රජයට යොමුකල ලිපියට ශ්‍රී ලංකා රජයෙන් ලැබුන පිලිතුර ගැන ශ්‍රී ලංකා කතෝලික සභාව සෑහිමකට පත්නොවන බවත්, අවශ්‍යවනුයේ නිසි ක්‍රියාමාර්ග ගැනීම බවත්, එසේ නොකර පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශන කටයුතු යටගැසීමට රජය කටයුතු කරමින් සිටින බවත්, රජය නිසි විමර්ශනයක් නොකරන්නේ නම් ජාත්‍යන්තරයට යාමටවුවද පසුබට නොවන බවත් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රකාශ කලේය.

එකී ඉල්ලිම් ගැන ධනාත්මකව කටයුතුකර කතෝලික සභාවේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වා උද්ගතවෙමින් ඇති තත්වය සමනය කරගනු වෙනුවට රජය තෝරාගත්තේ දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදිමය.

එහි මුල්ම පියවරවුයේ උද්ගතවෙමින් ඇති අභියෝගයට මුහුනදීමට අමාත්‍යය මන්ඩලයේ වෙනස්කම් කරමින් ජී. එල්. පීරිස් මහතාව විදේශ කටයුතු ඇමතිවරයා ලෙස පත්කිරීමය. ජී. එල්. පීරිස් මහතා විදේශ කටයුතු ඇමතිවරයා ලෙස අතගැසූ මුල්ම කාර්යවුයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සහ ප්‍රගතිය පිළිබදව සාකච්චා කිරිමට කාදිනල්වරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිමය. විදේශ කටයුතු ඇමති ජී. එල්. පීරිස් මහතා සමග සාකච්චා කිරීමට මැල්කම් රංජිත් කාදිනල්තුමා කාලය ලබාදීම ප්‍රතික්ෂේප කළේය. කාදිනල්වරයා ප්‍රකාශකලේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු බවයි. මෙහිදී කාදිනල්වරයා භාවිතාකල ''විනිවිදභාවය සහ විශ්වාසයක් ඇතිවීම'' යන වචන ඉතාමත් ඉහල බරක් සහිත වචනය බව ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන කටයුතු අධ්‍යනය කල, යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකාවේ ගැටුම් නිරාකරණය පිලිබදව ශාස්ත්‍රීය සහ ප්‍රායෝගිකව මැදිහත්වූ, යුක්තිය, සාමය සහ සාධාරණත්වය පිළිබද න්‍යාත්මක දැනුමක් ඇති විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතාට පමණක් නොව එකී රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලන යෙදුම් පිළිබද අවබෝධයක් ඇති සියල්ලන්ට පැහැදිලිව වැටහෙනු ඇත.

මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවුයේ මැල්කම් රංජිත් කාදිනල්තුමා මහාචාර්ය ජි. එල්. පීරිස් ඇමතිතුමාට ඔහු දන්නා භාෂාවෙන්ම පිළිතුරුදිමය.

තත්වය එසේ ගොඩනැගෙමින් තිබියදී මහාචාර්ය ජි. එල්. පීරිස් ඇමතිතුමා වෙනත් ප්‍රවෘත්ති සාකච්චාවක් කැදවා පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබද කතෝලික සභාවේ සහ කාදිනල්වරයාගේ අසතුට වෙනත් පාර්ශවයක් උපයෝගීකරගෙන රජය අපහසුතාවයට පත්කිරිමට මෙම ප්‍රශ්නය ජීනිවා මානව හිමිකම් කොමිසම දක්වා ගෙනයාමේ අනතුරක් ඇතැයි දැක්වීය. මෙහිදී විදේශ කටයුතු ඇමති ජි. එල්. පීරිස් ඇමතිතුමා සදහන්කල 'වෙනත් පාර්ශවයන්' කවරක්දැයි යන්න පිලිබදව නිෂ්චිතව සදහන් නොකළද, රටේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකරුවෙකුවන, මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවලට පවා සහභාගීවූ, බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මීගමුව 'කටුවපිටියේ යුක්තියට පදනම' සංවිධානය සංවිධානයකල මාධ්‍ය සාකච්ජාවක අදහස් දැක්වීම නිමිතක් කරගත්තේද යන්න සලකා බැලිය යුතුය.

ඇත්තවශයෙන්ම, පල්ලියේ කෙලින්ම සම්බන්දයක් ඇතිව සහ නැතිව දැන් ගොඩනැගී ඇති පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා පෙරට පැමිණ ඇති පුළුල් මහජන ක්‍රියාකාරිත්වය තුල බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා හෝ ඔහු සමාජිකත්වය දරන 'මීගමු ජනතා පදනම' තවත් එක කණ්ඩායමක් පමණි. එයට වඩා පුළුල් ජනතා ගොඩනැගීමක් සිදුව ඇති බව පසුගියදා දින 8ක් තිස්සේ එකදිගට ප්‍රශ්න කල ශෙහාන් මාලක ගමගේ තරුණයා වටා ඇතිවු පෙළගැස්ම ඔස්සේ රජයට ඒත්තු යන්නට ඇත .

ඒ සමග බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සිහළ රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදන්ත හිමි වැනි අන්තවාදී බෞද්ධ සංවිධානවල භික්ෂුන් පෙරට පැමිණ කාදිනල්තුමන්ව විවේචන කරන්නට කටයුතු කළේය. ආණ්ඩුවේ පෙළගැස්ම මෙන්ම මෙම භික්ෂුන්ගේ පෙලගැස්ම පැහැදිවම පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කටයුතු ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට යෑම වලක්වා ගැනීමය. එක පැත්තකින් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය වෙත මෙම පාස්කු ප්‍රහාරය පිලිබද මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළිවී ඇති තොරතුරු අනුව වුවද සහරාන්ගේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් මෙන්ම බොදුබල සේනා වැනි සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන පවා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පෝෂණයවූ බව හෙළිවෙනු ඇතයි සාධාරණ සැකයක්, භයක් ඔවුන්ට තිබීමට හැක.

පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශන ජාත්‍යන්තරයට යාමට ඉඩනොදීමට නම් රජය කල යුත්තේ පාස්කු ප්‍රහාරය පිලිබදව පිළිගත හැකි සධාරණ විමර්ශනයක් රට තුල සිදුකර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉටුකරලිමය.

එහෙත් ඒ වෙනුවට රජය කරමින් සිටින්නේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කටයුතු බෙලහින කිරිමය. නැතිනම් පාස්කු ප්‍රහාරය සිදුවන දිනයේ අළුයම පවා දුරකථන ඇමතුමකින් ප්‍රහාරය පිලිබදව දන්වා සිටි නමුත් ප්‍රහාරය වැලැක්වීමට කිසිවක් නොකළ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාව රජයේ සාක්ෂිකරුවාකර පරීක්ෂණ නොමග යැවීම වැනි ක්‍රියාවක් සිදුවෙතැයි යන අදහසක් තහවුරුවන අන්දමට කටයුතු කිරිමය.

ඒ සියල්ලටම වඩා පාස්කු ප්‍රහාරය වෙනුවෙන් හඩ නගන කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවත්, වෙනත් ක්‍රියාකාරීනුත් කුමන හෝ ක්‍රම ඔස්සේ අඩපන කිරිමට හෝ යටින් හාරා බිද දැමීමට හෝ කටයුතු කිරිමය.

කාදිනල්තුමා හමුවීමට උත්සහකර එය අසාර්ථකවූ විදේශ කටයුතු ඇමති ජී. එල්. පීරිස් මහතා ඉන් අනතුරුව ලංකාවේ සිටින වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් හමුවීය. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලූ දෙනා නීතිය හමුවට ගෙනෙන බවත් ඒ සම්බන්දයෙන් සාකච්චා කිරීමට මැල්කම් රංජිත් කාදිනල්තුමන් සහ කතෝලික රදගුරු සම්මේලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡාවකට ඉඩ ප්‍රස්ථාව සකසා දෙන ලෙසත් එහිදී ඉල්ලා තිබුණි. විදේශ කටයුතු ඇමතිවරයා වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් සමග ඔක්තෝම්බර් 12 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සහ සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිබඳවද මෙහිදී කරුණු හුවමාරු වූ බව තතු දත් ආරංචි මාර්ග පවසයි. මේ අනුව රජය පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කටයුතුවල ප්‍රශ්න එකී සභාවන්හිදී මතුවේදෝයි යන සැකයකින් පසුවෙන බව පැහැදිලිය.

එහෙත් එම සාකච්චාව පිළිබද වාර්තා කල රජයේ සහ රජයට සම්බන්ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයකලේ ''ලංකාවේ කතෝලික ජනයාට ශ්‍රී ලංකාව සලකන ආකාරය ගැන වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් අතිශයින්ම පැහැදීමට පත්වී ඇති බවත්, වෙනත් රටවලවත් මේ ආකරයෙන් කතෝලික ජනයාට සලකනවා තමන් දැක නැතිය'' වැනි අදහසකි. එමගින් රටේ ජනයාව කිසියම් ආකාරයේ වෙනතක යොමුකිරිමකට කටයුතු කලේද යන අදහසක් ජනිතවිය. එකී ප්‍රවෘත්තිය තුල මෙතෙක් සහෝදර ජනතාවක් ලෙස, සිංහල ජනයාගෙන් කොටසක් ලෙස සැලකු කතෝලික ජනයාව බෙදාවෙන් කිරීමක් ගැන අදහසක් මතුව ඇතයි පෙනීයයි.

මෙවැනි මාධ්‍ය උප්පරවැට්ටියක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දැන් සිදුකරන ඉතාලි සංචාරය තුලදී පාප් වහන්සේ හමුවී සිදුකිරිමට කටයුතු කරනු ඇතයි කාදිනල්තුමන් නොබෝදා පැවති මාධ්‍ය සාකච්චාවකදී දැක්වීය. මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ සහ ශ්‍රී ලංකා කතෝලික සභාවේ හඩට කන්දී පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්දයෙන් විනිවිදභාවය සහ විශ්වාසය රැකෙන පරිදි කටයුතු කරනවා වෙනුවට ඉතාලියට ගොස් පාප්වහන්සේ මුණගැසී අතට අතටදී මෙරට මාධ්‍ය ඔස්සේ පාප්තුමාද පාස්කු ප්‍රහාරය ගැන රජයේ විමර්ශන සම්බන්දයෙන් දැනුවත් කලේ යැයි දක්වමින් ආණ්ඩුවේ පළුදුවී ඇති විශ්වාසය ගොඩනගා ගැනීමේ දේශපාලන සටකපටකම්වලට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයකට කාදිනල්තුමා ගමන් කර ඇති බව පෙනේ. ඒ අනුව කාදිනල්තුමා දක්වා සිටියේ අගමැති පාස්කු ප්‍රහාරය ගැන කියන්න පාප්වහන්සේ හමුවන්නේ නම්, යුක්තිය ඉල්ලා ඔවුන් ජාත්‍යන්තරයට යන බවය:

'' විදේශිය රටවල් පවා ඒ වගේ ම ශුද්ධෝත්තම පාප්වහන්සේ පවා නොමග යවන්නට බොරු කියලා අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉටුකොට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යටගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. මේ රජය පරීක්ෂණ යටගහන උත්සහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක වීමක් අපිට පෙනේනට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා. ජනාධිපතිතුමාට ජූලි මාසේ දොලොස්වෙනිදා දිනය දරණ ලිපියක් අපි යැව්වා. සේරම කාරණා විස්තර කරලා. මේ සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්වලා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. මේ ප්‍රශ්නය මගඇරලා ගිහිල්ලා ජාත්‍යන්තරයත් රවට්ටන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යනවා. මේ සම්බන්ධයෙන් අපි වතිකානුවේ යුක්තිය හා සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා කළින්. ඒ අය මට දැනුම් දුන්නා ඒ අය සූදානම් කියලා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක්ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්න සූදානම් කියලා. ඒ නිසා අපිට තියෙන්නේ ඒ කරුණු ඒ විදිහට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පමණයි. මේ රටේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු දූෂිත දේශපාලන ක්‍රමවේදය, දැන් ඒක එක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබාදීම තුළින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තියනවා. අපිට මේ රටේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙයිද කියලා අපිට සැකයත් මතුවෙලා තියනවා. රටේ නීතිය පිළිබඳ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳ ලිට්නස් පරීක්ෂණයක් වගේ වෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගැනීමේ වැඩපිළිවෙළ. තමන්ගේ පක්ෂෙ කෙනෙක් වුණත් වැරැද්දක් කරලා තියනවා නම් ඒ වැරැද්දට දඬුවම් ලබාදීම සඳහා උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒකයි අපි අවංක දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන්ව ආරක්ෂා කරගන්න ජ්‍යාතන්තරේට ගිහිල්ලා ජාත්‍යන්තරේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිට කොන්ද තියන මිනිස්සු කරන්නේ. මේ ජාත්‍යන්තරේට යෑම ඉතාමත් ම බාල බොළඳ වැඩක්. දප්පුල ද ලිවේරා නීතිපතිතුමා පැහැදිලිව ම කිව්වා නිව්ස්ෆස්ට් නියෝජිතයෙකුට මේක ග්‍රෑන්ඩ් විශාල කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය අපිට දැනගන්න ඕන. ජනාධිපතිතුමා බලයට එනකොට වේදිකාව උඩ මොරදුන්නේ මොනවද? එක රටක් එක නීතියක්. දැන් අපිට පේනවා එක රටක් ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක්. ජාත්‍යන්තරේට ගිහිල්ලා ඒක අස්සේ හැංගෙන්න උත්සහ කරන එක බොහොම ළඳබොළඳ වැඩක්. ඒ නිසා අපි අගමැතිතුමාටත් විදේශ ඇමතිතුමාටත් කියනවා ඔය බාල්දු වෙන වැඩේ කරන්න යන්න එපා. අපි නෙමෙයි ජාත්‍යන්තරේට ගියේ. ඔබයි ගියේ. අන්න මතක තියාගන්න''

රජයේ එකී තුරුම්පුවද වැරදි ඇති තත්වයක් තුල ඊලගට වඩාත් පෙරට පැමිණ ඇත්තේ අන්තවාදී භික්ෂුන් සහ ඔවුන්ගේ වර්ගවාදී/ ජාතිවාදී සංවිධානය. රජය මේ හදන්නේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සන අන්තවාදී සංවිධානාවල කරමතින් ගොස් හෝ පාස්කු ප්‍රහාරය පිළිබද නිසි විමර්ශනයක් නොවන තැනට, වැඩ සිදුවෙන ලෙස පිටිය සැකසීමදැයි යන සැකයක් දැන් පැන නැගී ඇත. මෙම ගොඩනැන්මේ ඊලග පියවරවල් දැකිය හැක්කේ ඉදිරියේදීය.

එහෙත් එකක් නම් පැහැදිලිය. එනම් ගරු සිරිල් ගාමිණී පියතුමා දැක්වූ ලෙසම පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙලිවුනුදාක ලංකාවේ දේශපාලනය කෙතෙක් දුෂිත යන්න හෙළිවනු ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
10/09/2021 

Tuesday 7 September 2021

ජිප්සීස්ලාගේ සොමි-කොමි සින්දු අතර සුනිල්ගේ ''ඔබ දුටු ඒ මුල් දිනේ''

සුනිල් පෙරේරාගේ සින්දු අතරින් මම එදා ඉදන්ම වඩාත්ම ආසම සින්දුව තමයි ''ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ'' කියන සින්දුව.

හැබැයි මම දැනන් උන්නේ නැහැ එයා ඒක එයාගේ බිරිදට කිව්ව සින්දුවක් කියලා. ඒකත් මම දැනගත්තේ දැන් ටික කාලෙකට කලින් සුනිල්ගේ බිරිද පත්තරයට දුන්න ඉන්ටර්විව් එකකින්. ඒක පහලින් තියෙනවා.

ජිප්සීස්ලාගේ සොමි-කොමි සින්දු අතරින් සුනිල්ගේ ''ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයේ රැදේ'' කියන සින්දුව තුල මොකක්දෝ අපූර්ව සුන්දරත්වයක් තියෙනවා. උතුරා ගලායන ආදරයක් තියෙනවා.

මම දන්න විදිහට ඒ සින්දුවත් ලියලා තියෙන්නේ ජිප්සීස්ලට මුල්කාලේ සින්දු ලිව්ව චන්ද්‍රාම තමයි. නමුත් ජිප්සීස්ලාගේ අනික් සින්දුවල නැති සෞන්දර්‍යාත්මක වචන ටිකක් ඒ සින්දුවේ ගැබ්වෙලා තියෙනවා.

යෞවනියකගේ හමුවීම අපූර්වට විස්තර කරන මුල පදපේලි ටික...,"නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ කුමක් කියන්නටද සැරසුනේ" ...තුල, එකී යෞවනිය 'මියුලැසියේ' ලෙස හදුන්වාදීම තුල, ගායකයෙකුට තමන්ට ලැබෙන්න පුලුවන් තමන්ගෙම ආත්මීය අනෙකා හමුවිම ගැන කියවෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

කාගේ කවුරුද? කොහේද ඉන්නේ? ආපහු කොහොමද හම්බවෙන්නේ වගේ තරුනයෙකුගේ හිතේ අතිවෙන ඊලග දැවෙන ප්‍රශ්න ටිකට..,

"කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ"...

ගැන පිලිතුරුත් ගායකයෙක් විදිහට තමන්ගේ මාධ්‍යයෙන්ම විසදා ගැනීමට සුනිල් පෙරේරා ගන්නා උත්සහයත් ඒ ගීතයේ ඊලග පදපේලි ඔස්සේ විස්තර කරනවා.

''කැටිකොට ගුවනට මුසුකොට මාගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්''' ..

ඇත්තටම සුනිල් පෙරේරා ඇයට විතරක් නෙමේ ඔහුට ආදරයකල, ආදරය නොකල, සැමට පෙරලා ආදරය කරලා තියෙන්නේ ඔහුගේ භාවිතයවූ සංගීතය ඇසුරින්මයි.

සුනිල් පෙරේරලාගේ සංගීතයෙන් 'චූන්' වෙලා හිටිය අපි ඔහුගේ අදහස්, උදහස්වලින් සමාජය නැවත නියම රිද්මයට යා යුතුයි කියලා සමාජය 'ටියුන්' කරන වැඩේට බැස්සහම කට්ටිය සුනිල් එක්ක අවුල් වෙනවා.

ඒත් අපි හිතන්නේ ඔය මොකවුනත් සුනිල් පෙරේරා ඔහුගේ ගීත ඔස්සේ අපිට ගෙනාව මිහිර නැවත අපට ගෙනදීමට ඔහු ජීවත්වෙලා හිටිය නම් තවදුරටත් නොකඩවාම කටයුතු කරනු ඇති බව. ඔහු ඔහුගේ බිරිදට කිව්ව අර "ඔබ දුටු ඒ මුල් දිනේ" ගීතයේ අන්තිමට කියන්නෙත් ඒ ටිකමයි. හැබැයි, ඒ ටික ඒ විදිහටම කියන්න සුනිල් පෙරේරා අපි අතර තවත් නෑ කියලා හිතෙත්දියි වඩාත්ම දුක..

"මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්"



අපි සුනිල් පෙරේරාගෙන් ඉගෙනගන්න ඕන දෙයක් තමයි මේ සමාජය 'චූන්' (choon) කරන්න පහසුවුනාට 'ටියුන්' (tune) කරන්න පහසු නෑ කියන එක. ගායකයෙක්, වාදකයෙක්, සංගීතඥයෙක්, විනෝදාස්වාදය සපයන්නෙක්, කලාකරුවෙක් ලෙස සුනිල් පෙරේරා ජනකාන්ත චරිතයක්වීමටත්, මතවාදියෙක් ලෙස විවාද සම්පන්න චරිතයක්වීමටත් හේතුව එයයි. එහෙත් අපිට නම් මේ සමාජය 'චූන්' කරන්න එක වගේම 'ටියුන්' කරන එකත් එකසේ වැදගත්. සුනිල් පෙරේරා අපිට පොරක් වෙන්නේ අන්න ඒ පසුබිම තුලයි.

සුබ ගමන් සුනිල් අය්යා !!
Rest in Peace Sunil Perera!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
07/09/21
=====================================

සුනිල්ගේ බිරිද පත්තරයට දුන්න ඉන්ටර්විව් එක

‘I tolerate my husband’s crazy ways’

Geetha speaks of life with Sunil Perera the much adored musician: Sunday Observer (Sri Lanka) 2008/07/20.

By Lakmal.

“Oba dutu mul dine...’ (the first day I saw you) is my favourite out of all the songs of Sunil,” says Geetha, wife of Sunil Perera, Gypsies leader and `Baila Chakrawarthi’. Sunil, the man who has hit the whole country with his deep mellifluous voice, once said in an interview that other than his mother, his wife is the most respectable woman in his world.

Mingling Western Cha-Cha, Rock, Hip-Hop or Reggae with local verse, Sunil with his clan of Gypsies have tried to introduce new innovations to his fans. All his songs were hits. For the past 40 years, Gypsies has recorded only about 100 songs.

The quality of the song is their main target while rendering a message or a different perspective in a novel way of their own. There’s no need to give a lengthy introduction about Gypsies, as it would be unusual to find even a kid who hasn’t tapped his toes on the floor when Sunil’s song is on the air.

Music has no barriers so is it for love. Geetha waits patiently to reveal her story with Sunil which has a history of 26 years. “I really respect my wife for tolerating all my nonsense and not leaving me. If it was any other woman, I would have been a divorcee by now,” I (the writer) recall the very words which Sunil once spoke at a similar interview over a TV channel.

The moderate size woman with an extremely pleasant smile when every time she speaks a word, has given a wide margin to her hubby in their lives. “I assume that we, women are born for sacrifice. It is a duty of a woman, and that’s why we are meant to bear children,” she voices in belief.

Geetha Kulatunga was born on March 18 in 1967 to Mahinda Kulatunga, Sub- Inspector of the Police and Dunitha Kulatunga. Geetha was the second of four in the family.

“Since my father was in the Police, we had to go from town to town along with his transfers. Hence I studied in about 7-8 schools and my last school was Mahamaya Balika Vidyalaya. My father was stationed in Colombo and we were staying at Pannipitiya. I was in my O/Ls class, when for the first time I met Sunil,” she reminisces.

Geetha was fond of Kandyan and Bharatha dancing. She started attending dancing classes of Rajini Selvanayagam at the Buddhist Hall, Moratuwa.

“It was 1981. Gypsies were a popular band in the country. I’ve heard about them, but was not that interested as many others did. But, once I got the chance to go for a show by the Gypsies with my sister and cousins.

After the show, we were coming out of the place, when a slight drizzle started. There was a van, and I just leaned against it. Somebody in that van peeped out and looked. It was Sunil!”, she recalls.

Sunil who was an extremely social man by nature thought of having a word with the pretty teenager who had a long hair and was in a simple ankle length dress.

“I too started talking to him, but didn’t have any special fanatic enthusiasm nor did I get excited over this meeting. We talked very casually, and then he asked me to come and meet him at his place like he would ask any other fan of his,” she reminisces.

Geetha met Sunil some other day at his place and was soon in his fan club. “We were good friends, and I was too young to think about Sunil in any other way. He was 15 years older to me and treated me as a younger sister, and that’s all. When it was possible he used to come to Nugegoda to meet me, and used to drop me home.

I never met him alone my sister was always with me. I didn’t see anything wrong in our relationship though he was a popular man, for me he was just like a brother or cousin. He has a great sense of humour, so anyone who has met him would automatically love to have lengthy conversations with him as he knew how to make you laugh,” she smiles.

Sunil was a hero in Geetha’s world. She used to reminisce above his jokes with herself as she rarely had a friend to share them with. Though she was taking things so cool, the eyes around her were taking fire home.

“My mother was an extremely strict person. Somebody who had seen me getting into Sunil’s vehicle with my sister, had given the tip to my mother. She was devastated and started scolding me, and never believed me even when I said I had nothing to do with him. She thought we were carrying on, and asked me stop saying `Sindu kaarayo’ (singers) would not be a good match with our family.

There were days she had hit me. But, somehow or other I didn’t stop phoning Sunil and meeting him, knowing we hadn’t anything between us that would create more problem with my mom,” recalls Geetha.

Geetha was about 15 years and studying for her O/Ls. Her mother who couldn’t endure the gossips she heard over her daughter, decided to stop Geetha going to school. First, it was for three months. Geetha was idling at home sighing, seeing her siblings and neighbouring teens going to school.

After three months her mother said “Ok, you can go back to school, but no nonsense with Sunil again.” Geetha nodded her head, but by that time was quite stubborn in her thoughts. She phoned Sunil again, and met him. His meeting was bringing her a lot of joy.

When her mother got to know about Geetha’s disobedience, she declared war at home, and stopped her going to school completely. Geetha was devastated and wrecked. She was very angry with her mom. Even her father had no say over it. One night, she took a decision, wrote a letter to her mom and eloped from home.

“I went to Boralesgamuwa to one of my friends place. Her sister was planning to take me home with Sunil and explain to my parents that we were not lovers, and to arrange for me to go back to school again as I was to do O/Ls... But, before that my parents had lodged a complaint at the Police saying that Sunil had abducted me and vanished. I was under age, so it was a criminal offence. Homagama police arrested Sunil and I too had to appear there. It was around 3.00 am on October 25 in 1981,” recollects Geetha.

Sunil and Geetha both tried to prove to the parents of both who has come to the police over their arrest that they were friends and nothing else was going on. But, nothing could convince Geetha’s mom.

“Finally, Sunil said he would marry me, and asked my parents to let me continue with my studies first. But, nothing worked with my mother. I was shocked, and didn’t know what was going to happen.

At last, Sunil’s parents took us to a Registrar, a friend of theirs at Moratuwa, woke him up and registered our marriage at 4 o’clock in the morning. Sunil, later told me that after they saw me at the Police, his parents had told him, `Son, the girl looks decent and ok. If you like her, go ahead and marry her. We have no objections’... His parents liked me then and there.

When I think about it now it can be expressed that a great blessing was showered upon us,” smiles Geetha. Ivor Sylvester Sunil Perera was born on September 14 in 1952 to Anton Perera, ex-army person cum businessman and Dorine Perera.

Sunil was the second of the nine children in his family. Nihal, Sunil, Lal, Nimal and Piyal were the five brothers who later started `Gypsies’ musical band which turned the local music upside down with their innovative rebellious lyrics, melodies and singing. Sunil had his education first at St.Sebestian College, Moratuwa and then entered St.Peter’s College, Colombo.

After crashing in his O/Ls his father decided, music would do him best than anything else, and inspired all his sons to start their band `Gypsies’ in 1969. Sunil and his brothers learnt the guitar under Vincent Jayawardane and George Ferdinando arranged the Band for them. They did voice training under Loren Abeysekara, Lily Godridge and Maryanne David.

`Gypsies’ mainly concentrated on Western radio music and songs first. But, since they felt the wider demand for the Sinhala songs, they too decided to opt for it. `Linda Langa Sangamaya’ and `Amma...Amma’ were the first local songs of Gypsies.

Sajith, Rehana, Gayan and Manisha are the four `Sa, Ri, Ga, Ma’ (Eastern music notes) born in Sunil’s nest. Though just 41 years, Geetha is today a grandmother. Her elder son, Sajith who is married to Tahani (popular singer Dalreen Suby’s daughter) is already a father of a two and half year old baby girl. “Sajith was born when I was 16, and others were born each year after that. I was a mother of four when I reached the age of 20,” she laughs.

Question: Why did you think of stopping at four, as there were more notes (Pa, Da, Ni, Sa) in music?

Geetha: (Laughs) Our children and we are like friends. sons studied at St.Peter’s and girls went to St.Bridget’s.

Sajith works for Ceylinco Group and runs his own Advertising business. Gayan has his music band. Rehana is also married, and is a housewife. Our youngest, Manisha is following a Fashion Designing course.

Q: Sunil and you come from two different backgrounds. Did this affect your family life in any stage?

Geetha: He comes from a Catholic background and I’m a Buddhist. I could get on with his family members and haven’t encountered much difficulty though our social status were also different. Racial differences has never be a problem either of us. Even our eldest son, Sajith is married to a Muslim girl and Rehana is married to a Buddhist boy.

Both Gayan and Manisha are also engaged to Buddhists. Sunil is a cool person at home and gets angry rarely. But, there were so many other things that would have destroyed my marriage, if I didn’t act wisely. Like many other famous personalities, Sunil also got into many temptations, especially in the first ten years of our marriage. When I heard of them I used to ask him straight.

He never denied me, and if he had done something wrong, he had always confessed. He had promised me not to repeat the wrong once again, but it took nearly quarter century for him to realise the iniquity he was committing.

Q: How did you face life in difficult situations like that?

Geetha: Other than asking him straight I’ve never discussed them with anybody, even with my parents. Even if somebody asked me I would slip out of the matter saying `that’s all what people gossip about’. I have never ever argued or scolded Sunil over the things that were taking place.

I was a woman who wept silently. I’m a devoted Buddhist and treading the Buddhist way of life was the only remedy for my anguish. I used to recite Gaathas at home and go for Bodhi Poojas seeking relief. I did all my duties my husband. I provided a peaceful healthy home front to my children. I think my sacrifice succeeded, and my endeavour didn’t go in vain.

Today, Sunil is a totally different person. He has started to explore into Buddhism, and has become a great disciple of Buddhist philosophy. We are Sai devotees as well. Sunil reads a lot on Buddhism, and even on Sai Baba’s preaching. My children, though they are Catholics by birth, come to temple and take part in Sai Bajans with me whenever they can. They too read a lot on religion.

Q: With your experience, what message can you give to society?

Geetha: Being women, we have a great responsibility by our family as well as by the society. If you cannot go out of the way and render some service to the society, at least be aware that you are not responsible in breaking others’ marriages. A man cannot clap with one hand, and if there’s an illicit affair, the woman would also be responsible to it. Some say marriage are made in heaven, but many who preach this do wrong, tempt men and cause trouble in another woman’s marriage.

Question: Future plans?

Geetha: Lead a happy and good life with Sunil and my family.

Monday 6 September 2021

කල්කටාවේ ශාන්ත තෙරේසාතුමිය හමුවීම



මම කල්කටාවේ ශාන්ත තෙරේසාතුමිය හමුවීමට සහ ඇගේ අතින් අල්ලා කථා කිරීමට වාසනා ලද්දෙක්මි.

ඒ 1996 කල්කටාවේ පැවති කියුබානු සහයෝගිතා සමුළුවට සහභාගීවිමට අප ඉන්දියාවේ කල්කටා නුවරට ගොස් සිටියදීය.

මදුරාසියට ගුවනින් ගොස් එතැන් සිට කල්කටාවට දුම්රියෙන් ගමන් කලෙමු. තරමක නින්දත් නොනිදත් අතර සිටියදී දුම්රිය කල්කටා දුම්රිය ස්ථානයට ලගාවෙන විට රතු කොඩි වනමින් විශාල පිරිසක් අප පිළිගැනීමට පැමිණ සිටියහ. ජනාධික කල්කටා දුම්රිය ස්ථානයේදී දුටු ඒ දසුන සිතුවමක් ලෙස මගේ මතකයේ තිබේ.

සමුළුව සංවිධානය කර තිබුනේ එවකට බටහිර බෙංගාලය පාලනය කල කොමියුනිස්ට් පක්ෂයේ මහ ඇමති ජෝති බාසු විසිනි. අප නැවතී සිටියේ ශේක්ෂ්පියර් පෙදෙසේ රජයේ හෝටලයකය. සුප්‍රකට කල්කටා කෞතුකාගාරය තිබුනේද ඒ අසලය. ඉංදියානු කෞතුකාගාරය හෙවත් කල්කටා කෞතුකාගාරයද, කල්කටාවේ වික්ටෝරියා අනුස්මරණ ගොඩනැගිල්ලද, ශා පාවුළු දේවස්ථානයද, හෞවූරා පාලමද නැරබිමට ගියෙමි. ඒ සියල්ලටම වඩා කල්කටාවේ තෙරේසාතුමිය බැලිමටයෑම මට වැදගත්විනි. කල්කටාවේ තෙරේසාතුමියගේ ආශ්‍රමය පැවතියේද අප නැවතී සිටි රජයේ හෝටලය අසලය. 

මම රික්ෂෝ රථයකින් එම ස්ථානයට ගියවිට ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාද ඒ ස්තානයට පැමිණ සිටියහ. අප දෙදෙනාම තෙරේසා තුමිය බැහැදකින විටත් ඇය රෝගියෙකුගේ තුවාලයකට තවත් සිස්ටර් කෙනෙක් සමග බෙහෙත් කරමින් සිටියේය. අත සෝදාගත් ඈ තුවායකින් අත පිසදාමගෙන අපට අතට අතදි කථා කලහ.

ගැබුරට ගිලීගිය මුත් ඇගේ කාන්තිමත් දෙනෙත අප හදවත්ද ජීව ගුණයකින් දල්වාලුහ. ඇය අපව ඇගේ ආශ්‍රමය පුරාම ගෙන ගියහ. අන්ත අසරණ දරුවන්ද, දුගීන්ද, මහල්ලන්ද එහි විය. ඇයගේ දයාවේ සේවය කෙතරම් නම්වූ පිරිසකට පිලිසරනක්ද යන්න අපිට මැනවින් පෙනී ගියහ.

ශා. තෙරේසා මව්තුමිය අප හිස් මත අත්තබා යාක්ච්නා කලහ. ජයලත් ජයවර්ධන සහ මම ඇය සමග ජයාරූපයක්ද ගත්හ. එහෙත් ඉන් පිටපතක් මට ජයලත් ජයවර්ධනගෙන් ලැබුනේ නැත.

It was precious to hold her hand, talk to her, face to face. Her eyes had so much depth, but they were shining and sparkling, and it dried my heart, in such a way that I have never felt it before.

It was in 1996 and we went to Calcutta to attend a conference about the 'Solidarity to Cuba'.The conference was organised by the former Chief Minister of West Bengal, Jyoti Basu. Calcutta was the capital city of West Bengal. While I was there at the conference, I visited many remarkable places in Calcutta: Victoria Memorial, Indian Museum, St. Paul's Cathedral, Howrah Bridge, ect.

But above all of that, I saw Mother Teresa at her 'Mother House'. When I went over there, she was treating a wounded child. She came to us after that and held our hands and greeted us, 'us' meaning I and the person who was with me at the time.

He was Jayalath Jayawardena, the late Sri Lankan parliamentarian, and later, minister. We shared the same audience with Mother Teresa. His assistant took photos and Jayalath Jayawardena promised me to send some copies, which I never recieved...

Marcus Priyantha Perera
05/11/21

Thursday 2 September 2021

මීගමුවේ රා කර්මාන්තය ගැන තොරතුරු කිහිපයක්

අහලා තියෙනවද මෙහෙම කවියක්:

බාප්පයි මායි ගිය කළ රා බොන්න

පීප්පෙන් අරං ගැසුවෙමු ඇති වෙන්න

බාප්පා ඔහු ද මා දැයි පවසන්න

ඩෝප් පිට අපට බැරිවිය හඳුනන්න...

එහෙම නැත්නම් මෙහෙම කවියක්; 

කළුබෝවිල පොල්වත්තේ රා පොළටත් ගියා

බෙල්ලන්විල මල්නයිදෙගෙ රා පොළටත් ගියා

තුම්බෝවිල රතුහාමිගෙ රා පොළටත් ගියා

කොහෙවත් ගියෙ නැති විදිහට පිනා ගෙදර ගියා

එහෙමත් නැත්නම් මෙහෙම කවියක්;

"රා බී සත පහක

වෙරි වී පනම් හතරක

දොඩවා රුපියලක

අහෝ ගුටි කති පවුම් සීයක..."

රා වගේම, රා පීප්පත්, රා ගැනැත්, ලියවෙන කියවෙන කවි-සින්දුත් දැන් අඩුයි. මම හිතන්නේ රා ගැන අන්තිමටම ප්‍රචලිත වුනු කවිය තමයි; 

"ඇගේ රා ටික නං හරිම හොඳයි

විස්කි වගේමයි

ගැහැව්වම හොඳට වදිනවා

ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි...

නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා

සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා

වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇග රා ටික නං හරිම හොඳයි

විස්කි වගේමයි

ගැහැව්වම හොඳට වදිනවා

ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

මෛත්‍රිපාල සේනා-නායකලත් බොන රා

සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා

වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා...

ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි 

ගැහැව්වම හොඳට වදිනවා

විස්කි වගේමයි හොඳට වදිනවා

වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා..."

ඔය කවිය 1970 කාලේ 'සිය රට දේ සිරි සැපදේ' කරන්න හදපු සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලේ ජනප්‍රිය වෙලා තිබුන දේශපාලන කවියක් ලු... එත් අපේ පරම්පරාවේ අය ඔය කවිය අහගත්තේ කවියක් විදිහට නෙමේ, සින්දුවක් විදිහටයි. එයකත් 'සන්ෆ්ලවර්ස්' සංගීත කණ්ඩායමේ (Sunflowers band) සලාදේ නොනවතින ගීත එකතුවේ ගීතයක් විදිහටයි.

දැන් රා ගැන කවි ලියවෙන්නේ නොමැති තරම්. රා ගැන කවි තියා හොද රා ටිකක් හොයාගන්නවත් නැති තරම්. ඉතින් රා පීප්ප ගැන කවර කතාද?

මම ඉහත පින්තුරයේ දැක්වෙන පීප්පෙන් රා බිව්වේ මිගමුවේ කාමච්චෝඩේ රා තැබැරුමෙන්. මිගමුව කාමච්චෝඩේ රා තැබැරුමට (Local Toddy Pub, Kamachchode, Negombo) සෑහෙන පැරණි ඉතිහාසයක් තිබෙන, විශාල පිරිසක් ගැවසෙන තැනක්. කටගැස්මට/බයිට් එකට ඌරු මස්ද, කුකුළු මස්ද, බැදපු මාළුද, මයියෝක්කාද, ජාඩිද, ඉස්සෝද, කරවල බැදුම්ද, කඩලද, ඉස්සෝ වඩේ ඇතුළු වඩේ වර්ග ආදී ඕනෑ දෙයක් ගන්න තියෙන තැනක්.

ඉහත පින්තුරයේ දැක්වෙන ආකාරයට ලස්සනට කාරමේ ඇරලා රා බෙදන රා පීප්ප කිහිපයක්ම ඔය කාමච්චෝඩේ රා තැබැරුමේ ඉස්සර තිබිලා තිබුණත් දැන් තියෙන්නේ ඒ ආකාරයේ එක පීප්පයක් පමණයි. මීගමුවේ ඇති රා තැබැරුම් අතරින් කාමච්චෝඩේ රා තැබැරුමට විශේෂත්වයක් අත්කරදීමට ඔය  කාරමේන් රා වක්කර දෙන රා පීප්ප කාමච්චෝඩේ රා තැබැරුමේ තිබීම වගේම තවත් ඉතිහාස කථා කිහිපයකුත් බලපා තිබෙනවා. 

ඉන් එකක් තමයි 1940 ගණන්වල 'සවුත්තුවා' යන නමින් හැදින්වූ මීගමුවේ චන්ඩියෙක්ව මරාදැමීම පිළිබද කථාව. ඒ ගැන මම මීට පෙර ලියු 'තැපැල්පත්, සමරු පලක, දේවාලවලට පවා මුල්වූ මීගමුවේ නුග ගස්' යන ලිපියෙන් කියවිය හැකියි. බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ අවසාන සමයේ සිදුවූ එම මිනීමැරුම ඒ දිනවල පුවත්පත්වල පවා පින්තුර සහිතව පළවූ ප්‍රකට ප්‍රවෘත්තියක්. මෙම මරණය ගැන පරීක්ෂණ නිමවනතුරු එකදිගට සුමානයක් මෙම තැබැරුම වසා දැමීම ගැන ජනතා විරෝධයක් ගොඩනැගුන බවත් වාර්තාවෙනවා. ඒ සිද්ධියෙන් අනතුරුව කාමච්චෝඩේ රා තැබැරුම එතරම් දීර්ඝකාලයක් වසාදැමු වෙනත් කාලයක් මෑත යුගයේ ඇදිරිනීති, නිරෝධන නීති එනකම්ම තිබුනේ නැහැ කියලයි මෙම තැබැරුමේ යාවජිව සාමාජිකයෝ කියන්නේ.

කාමච්චෝඩේ රා තැබැරුම ගැන තවත් ප්‍රකට කථාවක් තමයි මීගමුවෙන් බිහිවුන දකුණු ඉන්දියානු සිනමාවේ විකට නළුවෙක්වුණු චන්ද්‍රිබාබු (Joseph Chandrababu Rodriguez) 1960 දශකයේ දවසක හවස සිවාජි ගනේෂන් (Sivaji Ganesan) එක්ක කාමච්චෝඩේ රා තැබැරුමට ඇවිත් රා බිව්වයි කියන කථාව. කාමච්චෝඩේ රා තැබැරුමේ පැරණිම සමාජිකයින්ට අනුව චන්ද්‍රිබාබු (Joseph Chandrababu Rodriguez) එක්ක ආව සිවාජි ගනේෂන් (Sivaji Ganesan) කාමච්චෝඩේ රා තැබැරුමෙන් රා බිලා 'මීපුර චිත්‍රපට ශාලාවේ' එවකටත් ප්‍රදර්ශනයවෙමින් තිබු සිවාජි ගනේෂන් (Sivaji Ganesan) රගපෑ 'වීරපාන්ඩයින් කට්ටබෝම්මාම්' (Veerapandiya Kattabomman) චිත්‍රපටිය නරබන්න ගියාලු.  ඔය කතාව ගැන මම මීට පෙර ලියූ  'මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්' යන ලිපිය ඔස්සේ තවදුරටත් කියවිය හැකියි. 

කාමච්චෝඩේ රා තැබැරුම හැර මීගමුවේ ප්‍රකට රා තැබැරුම් රාශියක් ගැනත් සදහන් වෙනවා. ඒ අතරින් දැන් මීගමුව බස් නැවතුම්පොල ඉදිරිකර ඇති ප්‍රදේශයේ මීට වසර 60කට පමණ පෙර පැවති 'තලාදුව රා තැබැරුම' මීගමුවේ පැවති විශාලතම රා තැබැරුම ලෙස හදුන්වනවා. ඒවගේම 1980 දශකයේදී මීගමුව පෙරියමුල්ලේ 'ඇල්බට්' නම් රා රේන්ද හිමිකරු මීගමුව පිටිපන සහ දුන්ගාල්පිටිය ආදී  ප්‍රදේශවල පවත්වාගෙන ගිය විශාල තැබැරුම්, කොච්චිකඩේ, දළුපොත, දළුවකොටුව, ඒත්තුකාල, කුඩාපාඩුව, බෝලවලාන, ආදී ප්‍රදේශවල තැබැරුම් ආදිය ගැනත් සදහන් කලයුතුයි. මෙකී තැබැරුම් ගැන මෙන්ම මීගමුවේ සිටි ප්‍රකට රා රේන්දකරුවන් සහ ඔවුන් මීගමුවේ පල්ලි, පාසැල් සහ නගරය සංවර්ධනය කිරිම වෙනුවෙන් ලබාදුන්දායකත්වය ගැනත් තවදුරටත් විමසා බැලිය යුතුයි. උදාහරණයක් ලෙස මීගමුව සා පීතර පල්ලිය සහ පාසැල ඉදිකිරිමටත්, එහි නඩත්තුවත් සදහා මීගමුව දුව ප්‍රදේශයෙන් පැමිණි මිහිදුකුලසූර්ය අන්තොනි ප්‍රනාන්දූ හෙවත් 'අන්තොනි රේන්දරාළ', මිහිදුකුලසූර්ය දිමින්ගු ප්‍රනාන්දු හෙවත් 'දිමින්ගු රේන්දරාළ', මිහිදුකුලසූර්ය සන්තියාගෝ ප්‍රනාන්දු හෙවත් 'සන්තියාගෝ රේන්දරාළ' සහ මාදැල් මෙන්ම පොල්වතු ද හිමිව සිටි මිහිදුකුලසූර්ය දියෝගු කුරේරා යන ධානපතීන් හතරදෙනාගේ පෞද්ගලික ධනයෙන් පමණක් එවකට මීගමුවේ විකිණීම සදහා අවට ප්‍රදේශවලින් රැගෙනා කෙසෙල් ආදී පළතුරු විකුණු කඩපේලිය පැවති 'වෙල්ගම්වත්තේ' කෙසෙල්කන් කඩපේලිය අසලින් අක්කර 12ක ඉඩමක් මිලදීගෙන වසර 20ක් තුල මීගමු ශා.පීතර නමින් නව දේවස්ථානයක් සහ පාසැලක් ඉදිකර එහි නඩත්තුව සදහා මීගමුව මඩම්පැල්ලෙන් පොල් අක්කර 35ක් ද මිලටගත් බව මම  මීට පෙර ලියු මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල් යන ලිපියේ සදහන් කර තිබෙනවා. 

එකී නම් සදහන් ධානපතීන් හතරදෙනා හැර තවත්  එවැනිම රා රේන්ද හිමි, රා නිෂ්පාදනයන හී නිරතවී සිටි, රා තැබෑරුම් හිමිව සිටි පුද්ගලයින් රාශියක් මීගමුවේ විවිධ ක්ෂේත්‍ර නැන්වීමට කටයුතුකළ බව මීගමුව ඉතිහාසය සොයාබලනවිට පෙනී යන්නක්. මීගමුවේ සිටි විශාල රා ව්‍යාපාරිකයෙක් ලෙස පී ලියෝ ප්‍රනාන්දු (P. Leo E. Fernando) මහතා ගැන සදහන් වෙනවා. ඔහු විසින් නිෂ්පාදනයකල ලියෝ බෝතල් රා (Leo's Bottle Toddy) රටේ බොහෝ ප්‍රදේශවල බොහෝසේ අලෙවිවු මධ්‍යසාර නිෂ්පාදනයක් බව 1968 පලවු 'Ferguson's Ceylon Directory' කෘතියේ 110 වෙනි වෙළුමේ (Volume 110), 1310වෙනි පිටුවේ සදහන්වේ. මීගමුව දළුපොත පල්ලන්චේන වත්තත්, අක්කර පනහ ප්‍රදේශත් පුරා පැතිර පැවතුන ඔහුගේ පොල්වතුවලින් නිෂ්පාදනය කල රා, බෝතල්වලට අසුරා ප්‍රවාහනය කිරිම සිදුකර ඇත්තේ මිගමුව අක්කර පනහ ප්‍රදේශයේ (Akkara Panaha Estate) පිහිටි ඔහුගේම කර්මාන්ත ශාලාවකයි. වර්තමානයේ එකී  රා කර්මාන්ත ශාලාව මෙන්ම එම පොල්වතුද කුඩා කොටස්වලට කඩා නිවාස තැනීමට විකුණාදමා ඇත.   

මීගමුව දිස්තික් අධිකරණයේ විභාගවූ නඩු අතර රා, අරක්කු බී ඇතිවු ගැටුම්, හොර අරක්කු (illegal arrack) නිෂ්පාදන වැටලීම් ආදිය විශාල වශයෙන් වාර්තාවූ බව අද ඊයේ නොව මීට වසර 150කට පෙර සිට වාර්තාවෙන බව 1869 ජුලි 21 'Colombo Observer' පුවත්පතේ වාර්තාවක් උපුටා දක්වන 1870 පළවූ  'Annual Report of the State Board of Health of Massachusetts' නම් කෘතියේ 314වෙනි පිටුවේ සදහන් වෙන තොරතුරු අනුව නිගමනය කල හැක. එකී වාර්තාව අනුව මිගමුව අධිකරණ බලප්‍රදේශයට අයත්ව තිබු මිනුවන්ගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී රා-අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා අතිවිශාල මධ්‍යසාර නිෂ්පාදනය ප්‍රමාණයක් සහ කුකුල් කෙටවීමේ (Cockfighting) ස්ථානයක් සොයාගත් බවත් එහි වරදකරුවන්ට පවුම් 20ක දඩයක් සහ සිරදඩුවම් ලබාදුන්බවත් සදහන්ය. පවුම් 20ක දඩ මුදලක්වූකලී එම යුගයේදී ලබාදුන් විශාල දඩමුදලක් බව පැහැදිලිය. 

කාලාන්තරයක් පුරා පැවති රා පෙරිමේ කර්මාන්තය ඇසුරින් මීගමුවේ ජනයා අරක්කු පෙරීමට ඉගෙන ගත්තේ ලන්දේසින්ගෙන්යැයි කියවේ. ලන්දේසි යුගයේදී පොල්වගාව වතුවගාවක් ලෙස මීගමුව ප්‍රදේශයේ විශාල වශයෙන්  ව්‍යාප්ත කල ලන්දේසීන් එකී පොල්වතුවල වැඩ කිරීමට ලංකාවේ දකුණු දිගින්ද, රා මැදිමට ඉන්දියාවේ කොචින් ප්‍රදේශයෙන් කොච්චි ජනයාද ගෙනා බව වාර්තාවේ. ලන්දේසින් රා වලින් අරක්කු පෙරන අයුරු හෝ පොල්වත්තක අරක්කු පෙරන ආකාරය දැක්වෙන චිත්‍රයක් 1700 මීගමුව ආදී ප්‍රදේශවල සංචාරය කල වෛද්‍ය Paul Hermann ගේ චිත්‍රයක දැක්වේ. ලන්ඩනයේ Natural History කෞතුගාරයේ තැම්පත්කර ඇති වෛද්‍ය Paul Hermann ගේ එකී චිත්‍රය නම් කර ඇත්තේද 'Coconut Garden with Arrack pot still' නමිනි. එම චිත්‍රය පහතින් දැක්වේ. කලපුවත් මුහුදත් හෝ ජලාශයක් මුහුදත් මැදිකරගත් පොල්වත්තක අරක්කු පෙරිම දැක්වෙන එකී චිත්‍රය මීගමුවේ ජනයා රා ඇසුරෙන් අරක්කු පෙරීමට ඉගෙන ගත්තේ ලන්දේසින්ගෙන්යැයි කිමට එක උදාහරණයක්දැයි කීමට මට තවමත් ප්‍රමාණවත් තොරතුරු ලැබී නැත.  

මාකස් ප්‍රියන්ත පෙරේරා

02/09/2021