This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 11 March 2020

මීගමුවේ මිනීමරුවන්ගේ පැටිකිරිය හෙළිවේ -පොහොට්ටුවේ චන්ඩි

මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් ආපනශාලාවක මුස්ලිම් තරුණයෙක් මරා දැමු කණ්ඩායමේ පැටිකිරිය දැන් හෙළිවෙමින් පවතී. 

ඔවුන් සියළු දෙනා දිවුලපිටිය - මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට අයත් කටුවැල්ලේ ගම, හීනටියන, යටියන යන ගම්වල පදිංචි කරුවන්ය. 

නිසි රැකියාවක් නොකරන ඔවුන් දේශපාලකන්ගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කරන බෝඩි ගාඩ්ලාය. ප්‍රධාන සැකකරුවා වන මිලාන් දසනායක පොහොට්ටුවේ දිවුලපිටිය මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ගේ පුද්ගලික ආරක්ෂකයාය. ඔහු ඊට පෙර මීගමුව හිටපු මන්ත්‍රී, මීගමුව කලපුව සංවර්ධනය ලබාදුන් මුදල් අයතා ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් නඩු පැවරී ඇති, සරත් ගුණරත්නගේ ආරක්ෂකයාය. ඔවුන් තවමත් සරත් ගුණරත්නලා සමග සමීප සබදතා පත්වන  කණඩායමකි. සිද්ධිය සිදුවූ දිනයේදීද පෙරියමුල්ල අවන්හලට පැමිණ ඇත්තේ මීගමුව සංචාරක කලාපයේ ඇති සරත් ගුනරත්නගේ අවන්හලක සිට බවද ස්ථීර නොකළ තොරතුරු හෙළිකරයි. 

මෙම මිනී මැරුමට සම්බන්ද කණ්ඩායමේ ඇතමුන්ට මිනුවන්ගොඩ කඩ ගිනි තැබීම ගැනද චෝදනා නැගෙන බව කියවේ. 

මිනීමරුම සිදුවූ ඊයේ දිනයේදී තලවිල පල්ලි ගොස් පැමිනෙමින් සිටි ජනයා ආගම් බේදයකින් තොරව පෙරියමුල්ල මුස්ලිම් කඩවලින් පවා ආහාර ගැනීම ගැනද ඔවුන් විවිධ දෑ දෙඩුබවද වාර්තා වේ.

අපරාදකරුවන්ව ඊයේ දිනයේදීම පොලිසියට බාරදීමට මෙන්ම අද උසාවියට ඔවුන් ඉදිරිපත් වන විටද පොහොට්ටුවේ දේශපාලකයින් කිහිපදෙනෙකුම පැමිණ සිටි බවත් ඒ අතර පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාද වූ බවත් කියවේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
 11/03/2020.

1 comment:

  1. Marcus Priyantha Perera: මීගමුවේ මිනීමරුවන්ගේ පැටිකිරිය හෙළිවේ -පොහොට්ටුවේ චන්ඩි >>>>> Download Now

    >>>>> Download Full

    Marcus Priyantha Perera: මීගමුවේ මිනීමරුවන්ගේ පැටිකිරිය හෙළිවේ -පොහොට්ටුවේ චන්ඩි >>>>> Download LINK

    >>>>> Download Now

    Marcus Priyantha Perera: මීගමුවේ මිනීමරුවන්ගේ පැටිකිරිය හෙළිවේ -පොහොට්ටුවේ චන්ඩි >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete