This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 26 April 2026

Impermanence in the West: Beauty from Cherry Blossoms to Keats and Nietzsche


Impermanence is not something that the West needs to be taught. Westerners do not deliberately contemplate impermanence, nor do they construct vast religious or philosophical systems to explain it. The reason is that the environment in which they live in constantly reminds them of impermanence. It shows arising and passing away, offering daily, tangible evidence of the nature of existence - much like cherry blossoms.

Cherry blossoms bloom at the end of winter, just as the first warm rays of spring sunlight touch the earth. Even before most trees sprout green leaves, these blossoms emerge in soft shades of white and pink. Their delicate petals are so light that even a gentle breeze can detach them, sending them drifting away. Carried by soft winds or stronger gusts, some petals fall onto roads or even onto gutters, yet still create scenes of quiet beauty. But before long, they wither, shrink, are trampled underfoot, fade into darkness, and disappear so completely that no trace remains.

Yet after the petals fall, the cherry tree bears bright red fruit. Birds arrive in flocks to feast on them. The fruit offers a richness of taste, like a natural banquet. The seeds, once discarded, fall somewhere and begin to grow again. In summer, the tree, now without blossoms or fruit, becomes simply a source of shade against the harsh sun. In autumn, its leaves turn into a display of colours, spreading beauty once more. But this too does not last long. With the first cold winds of winter, the leaves fall, leaving behind only a bare trunk. Then, as winter ends and the first warmth returns, the seemingly lifeless tree awakens again - branches spread, buds emerge, leaves and flowers bloom, and spring returns once more.

For the West, there is nothing new to be taught about arising, passing away, and arising again - about impermanence. Their natural surroundings and environment continuously reveal it to them. It is not something newly introduced, but something they experience throughout their lives.

In contrast, it was in Asia that impermanence needed to be explicitly taught. Especially in regions with evergreen forests, where the environment remains largely unchanged - lush, green, and abundant year-round - people lived in comfort and continuity. In such settings, impermanence was less obvious, and thus religions and philosophies arose to explain it in depth.

For Westerners, impermanence is not a new doctrine or philosophical foundation. They have long observed that everything changes, that things arise and pass away, moving in cycles. What they sought instead was an understanding of how and why this process happens - a system, a method, a philosophical framework.

This search led to the idea of a single, omnipotent God who governs the world. Everything was understood as His creation, with neither beginning nor end existing outside Him. This belief deepened further with the spread of Christianity, offering answers about creation, forgiveness, salvation, and love through Jesus Christ.

Later, the idea of impermanence re-emerged in Western thought through literature. Poets like William Wordsworth and John Keats explored it in new ways. Keats’ Ode to a Nightingale and later literary developments brought renewed attention to impermanence. Philosophers like Friedrich Nietzsche also contributed, and discussions continued within literary circles such as the Bloomsbury Group, including figures like Leonard Woolf and Virginia Woolf.

However, their understanding of impermanence differs from that of Buddhist thought, which emphasises detachment from desire. Instead, Western perspectives often see impermanence as a way of appreciating beauty, or as a path to happiness and fulfillment. It becomes a means of embracing the present moment.

Cherry blossoms embody this idea perfectly. Though they bloom and fall quickly, their fleeting beauty teaches a simple truth: regardless of impermanence, life is to be experienced in the present moment.

Come - experience impermanence as a Westerner would.

Marcus Priyantha Perera.
26/04/26

Thursday, 23 April 2026

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාත්‍යන්තර වශයෙන් පිලිගත හැකි ස්වාධීන විමර්ශනක් අවශ්‍යයි

 


හරි, ඔය සියළු වාද විවාද, දේශපාලන කතා, අදහස්, මතවාද ටිකකට පැත්තකට තියමුකෝ...

මෙතන ඉන්නවා අපිත් එක්ක එකට පන්ති ගිය, එකට හැදුන, බස් ස්ටෑන්ඩ් එකේ උකුළු මුකුළු ගාපු, අපේ ඉස්කෝලවලට ආව, එක එක වැඩවලට ආව ගිය, ගමේ එකට හැදුන, දන්න නොදන්න යාළු මිත්‍රයෝ, ගුරුවරුන්ගේ දරුවෝ, ඒ අයගේ පවුල්වල අය, දෙමාපියෝ, හරි අමාරුවෙන් ජීවිතය ගොඩනගාගෙන සිය දරු පවුල් හදාගත්ත මිනිස්සු, මල් වගේ පෙපෙන පුංචි ළමයි, පියවරින් පියවර ජීවිතයේ සාර්ථකත්වය හොයාගෙන ගිය මිනිස්සු. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැන කියාගෙන ඒක බලන්න දරු පවුල් එක්ක නිවාඩුවට ලංකාවට ආව වෙනත් රටවල මිනිස්සු. පාස්කු මංගල්‍යය සතුටින් ගතකරන්න හොද්ද මද ගින්නේ තියලා පල්ලි ආව මිනිස්සු, Easter brunch එක ගන්න හෝටල්වල අවන්හල්වලට ආව මිනිස්සු - ඔය කවුරුත් සහරාන්ලාගේ ඊනියා ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් බිලිවෙන්න ඕනෑ නෑ නේ... එහෙම බිලිගන්න ඉඩ දෙන්නත් බෑ නේ..

සහරාන්ලා මෙහෙම දෙයකට ලෑස්වෙනවා කියලා දැන දැනත් ඇයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඔවුන්ව නවත්වන්න කටයුතු නොකළේ? ප්‍රහාරය දැන දැනත් ඒක නවත්වන්න කටයුතු නොකළේ ඇයි? මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා පල්ලිවලට, හෝටල්වලට දැනුම් දුන්නා නම්, එහෙම හරි මේක වළක්වන්න තිබුණේ. එහෙමවත් නොකර වෙන්න දීලා බලන් හිටියා නේ - ඒ ඇයි?

අපිට දැනගන්න ඕනෑ ඒ සත්‍යය නෙමෙයිද? ඒ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ සත්‍යය මතුකරගෙන, මේ විනාශය වළක්වාගන්න කටයුතු නොකළ සහ ඊට අනුබල දුන් අයට දඩුවම් දීමෙන් නෙමෙයිද?

ඇත්තටම පරීක්ෂණ සිදු කරන්න ඕනෑ මේ ප්‍රහාරය දැන දැනත් එය වළක්වාගන්න කටයුතු නොකළේ කවුද?, ඒ ඇයි? කියන එක හොයන්න නේද?

ඒ ගැන අවධාරණය යොමු නොකර, පාස්කු ප්‍රහාරය කියන්නේ එවකට පැවති ආණ්ඩුව පෙරලන්න කරපු කුමන්ත්‍රණයක් ද?, ඒ කුමන්ත්‍රණය මෙහෙයවූයේ රාජපක්ෂලා, ඔවුන්ට බලයට එන්න ද?, සහරාන් පිටිපස්සේ හිටිය කවුද? ඉංදියාවේ ඔත්තු සේවය මේ පිටුපස ඉන්නවා ද? —මේවා ද්විතීය, තෘතිය පරීක්ෂණ. ඒවාත් වෙන්න ඕනෑ..

ඒත්, ඒ සියල්ලටම පළමුව,

පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් එය වළක්වා නොගැනීමට කටයුතු කළේ කවුද?, ඒ ඇයි ?, ඊට අනුබල දුන් අය ඉන්නවා ද? , ඒ කවුද?, ඒ ඇයි? කියලා පරීක්ෂණයක් කරලා ඉන්න ඕනෑ.

ඒක ලංකාවේ කිසිම ආණ්ඩුවක් කරන්නේ නෑ. මේ ආණ්ඩුව කරයි කියලා මට විශ්වාසයකුත් නෑ.

හේතුව, ලංකාවේ ඕනෑම ආණ්ඩුවකට අවශ්‍ය සිය දේශපාලන අභිලාෂයන් මුදුන්පත් වෙන ආකාරයට විමර්ශන කටයුතු දියත් කිරීම මිසක්, සත්‍යය හෙළිකරගන්න කටයුතු කිරීම නෙමෙයි.

අපි නම් දිගින්දිගටම විශ්වාස කරන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැබෑ සත්‍යය හෙළිකරගන්න නම් දේශීය හා විදේශීය විමර්ශකයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විමර්ශනයක් අවශ්‍යයි කියන එක. ඊට මෙහා සිදුකරන කිසිදු විමර්ශනයකින් හෝ පරීක්ෂණයකින් සැබෑ සත්‍යය හෙළිවෙන්නේත් නෑ, යුක්තිය ඉටුවෙන්නේත් නෑ.

එක එක ආණ්ඩු යටතේ විවිධ අරමුණු මුල්කරගෙන පාස්කු ප්‍රහාරය ගැන සිදුකරන එවැනි කිසිදු පරීක්ෂණයකට හෝ විමර්ශනයකට ජාත්‍යන්තර වශයෙන් නෙමේ රට තුලවත් නිසි පිළිගැනීමක් ලැබෙන්නේත් නෑ, සුජාතභාවයක් ලැබෙන්නේත් නෑ. ඒ නිසා දේශීය හා විදේශීය විමර්ශකයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විමර්ශනයක් අවශ්‍යයි කියන එක හැර වෙන විසදුමක් නෑ.

මාකස් ප්‍රියන්ත පෙරේරා
22/04/26

Sunday, 19 April 2026

ස්නෝඩ්‍රොප්ස් යනු මල් පමණක් නොවෙයි - ඒවා සංකේතය


ස්නෝඩ්‍රොප්ස් වසන්තයේ මල් නොවේ. ඒවා සීත කාලයේ අවසන් සුසුම මැදින්, හිම පතළ මත හිස ඔසවන නිහතමානී ජීවිත සලකුණු වැනිය. වෙනත් කිසිදු මලක් ලෝකය වෙත පැමිණීමට නොසූදානම් වූ කාලයක, ශීතයේ ගැඹුරු නිහඬතාවය බිඳ දමා, සීතලට අභියෝග කරන, පොලව වෙතටම හිස නමාගත් මේ කුඩා පුෂ්පයන් නොඇසෙන නිහඬ හඬකින් මෘදු ලෙස අපට කියා සිටියේ “වසන්තය තවදුර නොවේ” යැයි යන්නය

දැන් වසන්තය පැමිණ තිබේ. හාත්පස පරිසරයම නේක වර්ණ මල්වලින් පිරී යන කාලය උදාවෙමින් තිබේ. රතු, කහ, නිල්, දම් වර්ණ රැසක් අතරින් පෘථිවිය නැවතත් සිනාවකින් පිරි යන බව පෙනේ. සුවඳ පිරුණු මල්වලින් වාතයත්, හිරු එළියෙන් උණුසුම් වූ මැදිරිත්, සතුටින් සම්පූර්ණ වන මේ කාලය ජීවිතය නැවතත් පිබිදෙන මොහොතක් වැනිය.

එහෙත්, මේ අලංකාරයන් මධ්‍යයේ, සීතලේ කටුකත්වය මැද පවා ජීවිතය නතර නොවන බව සිහිපත් කරවමින්, හිමකැටි අතරින් ඉහළට එසවුනු, සුදු ලපටි පෙන කැටි වැනි ඒ සරල, සුන්දර, නිහතමානී ස්නෝඩ්‍රොප්ස් නම් මේ කුඩා මල් අමතක නොවිය යුතුය.

ඒවායේ වටිනාකම ඇත්තේ එහි සරල සුන්දරත්වය තුළ පමණක් නොව, ඒවා පිපෙන කාලය තුළය. සෑම දෙයක්ම නිදා සිටින සෘතුවක, ලෝකය සීතලෙන් ගුලිව මැලවී සිටින විට, අඳුරු කාලය දිගු වී ඇතැයි සිතෙන මොහොතක, මුලින්ම ඉදිරියට පැමිණෙන්නේ පෙනකැටි වන් මේ කුඩා මල්ය. ඒවා බලා සිටින්නේ නැත; බිය වන්නේ ද නැත; හැකිලෙන්නේ හෝ පැකිලෙන්නේ ද නැත. ඒවා නිහඬව, නමුත් අඩංගු ශක්තියකින්, අලුත් ආරම්භයක දොරටුව විවර කලේය.

ඒ නිසාම, ස්නෝඩ්‍රොප්ස් යනු මල් පමණක් නොවෙයි - ඒවා සංකේතය. අඳුරු සමයන්ට පසු ආලෝකය පැමිණෙන බවට, ශීතලේ කටුකත්වය මැදින් පවා ජීවිතය තම මාර්ගය සොයා ගන්නා බවට, බලාපොරොත්තුව කිසිදා මැකී නොයන බවට එය සනාථයක් වේ.

අපේ ජීවිතවල ද අඳුරු කාලයන් හමු වේ. සීතලක් වැනි නිහඬ, බරපතල අවස්ථා උදාවේ. කාලය තවදුරටත් ගමන් නොකරන සේ පෙනෙන මොහොතවල් උදාවේ. එවැනි සෑම විටම, ස්නෝඩ්‍රොප්ස් මගේ මතයට නැගේ. එය අපට මතක් කරවන්නේ එක දෙයක් පමණි: බලා සිටින විට පවා, ජීවිතය ඇතුළත නව ආරම්භයක් නිර්මාණය වෙමින් පවතින බව.

දැන් වසන්තය සම්පූර්ණයෙන්ම පැමිණ තිබේ. හාත්පස පරිසරයම වර්ණවත් මල්වලින් පිරී යන මේ සුන්දර කාලය තුළ, මේ මහා අලංකාරයන් අතර පවා වසන්තයට පාර කියා දුන් ඒ කුඩා, නිහතමානී මල් අමතක නොකරමු.

ඒවා සරලය. ඒවා නිහඬය. අඳුර අවසන්ව ආලෝකය පැමිණෙන බව පළමුවෙන්ම කියා සිටියේ මේ කුඩා ස්නෝඩ්‍රොප්ස් ය.


මාකස් ප්‍රියන්ත පෙරේරා
19/04/26

Friday, 17 April 2026

Clash of Ideologies: Donald Trump vs. Pope Leo XIV



Georg Wilhelm Friedrich Hegel states in his well-known work Lectures on the Philosophy of Religion that “if the discord between intellectual insight and religion is not properly reconciled, it ultimately leads to despair.”

I cite this statement as an entry point to understand the recent developments involving Donald Trump - particularly the images portraying him alongside Jesus Christ and being associated with Him - as well as the tensions that have arisen between Trump and Pope Leo XIV

This disagreement between President Trump and the Pope has been further intensified by J. D. Vance, the Vice President of the United States. He remarked that “Pope Leo XIV should be more careful when invoking theology while criticising U.S. foreign policy.”

Vance further argued: “Was God not on the side of the Americans who liberated France from the Nazis? Was God not on the side of those who freed innocent people from Holocaust camps? I believe the answer is yes.”

The phrase “In God We Trust” became a central motto of American politics, especially as the United States rose to global dominance after World War II. Since 1957, this phrase has even been printed on U.S. currency, reinforcing it as a foundational national principle.

This motto is rooted in Judeo-Christian values and has functioned as an ideological substructure beneath the broader economic and cultural superstructure known as The American Dream - often promoted as a “better, richer, and fuller life.”

Within this ideological framework, American global interventions have often been justified not only as politically necessary but as divinely sanctioned. Protecting and promoting a world order based on Judeo-Christian values - and its associated economic, political, social, and cultural systems - has thus become a key element of U.S. state policy.

Accordingly, resisting atheistic leftist-communist expansion, opposing what is seen as anti-Christian Islamic extremism, and countering other “false” ideological movements have all been framed as part of America’s global mission

The political movement led by Donald Trump - Make America Great Again (MAGA) - emerged partly from the belief that the United States had weakened in fulfilling this leadership role and must rise again.

Within this narrative, Trump has often been portrayed by his supporters as an “anointed” or chosen leader. After surviving an assassination attempt during the election campaign, Trump himself stated that “God spared my life for a reason.”

Throughout his presidency, many of Trump’s policy decisions have been justified within this framework - as actions taken to fulfill America’s perceived divine mission. His strict immigration policies, for example, were framed as necessary to protect the nation from harmful external forces. His tariff policies were presented as defending America from economic exploitation.

Similarly, actions regarding Nicolás Maduro in Venezuela were described as efforts to counter leftist influence, while territorial ambitions (such as interest in Danish territories) were framed as strategic necessities. Policies toward Iran were justified as efforts to weaken states accused of supporting terrorism and to prevent nuclear proliferation.

In essence, Trump has consistently linked his policies to a Judeo-Christian ideological framework, invoking the principle “In God We Trust” alongside the MAGA vision as part of fulfilling a divine mandate.

However, the most significant challenge to this ideological foundation today appears to come not from external powers like China or Iran, but from Pope Leo XIV himself. The Pope has openly accused Trump of distorting the teachings of Jesus Christ - thereby challenging not only Trump personally but the broader MAGA project.

This explains why even J. D. Vance, a Catholic, felt compelled to publicly caution the Pope.

For many pro-Trump Christians who proclaim “In God We Trust, With Trump We Stand,” the Pope’s criticism represents both a serious challenge and a warning.

At the same time, it is noted that, for the first time in history, Catholicism has surpassed Evangelicalism as the largest single religious group in the United States. Under the leadership of Pope Leo XIV, there appears to be a significant revival within the American Catholic Church.

This raises an important question: could the long-standing Judeo-Christian ideological foundation established since the 1950s be shifting toward a more distinctly Catholic intellectual framework?

In conclusion, as Hegel suggested, the human spirit cannot indefinitely sustain the tension between reason and faith. Eventually, one will assert dominance over the other.

If unresolved, this contradiction leads to a profound emptiness and alienation - ultimately resulting in despair. Preventing this outcome by reconciling the tension between reason and faith, Hegel argues, is the task of philosophy.

Whether a leader like Donald Trump is open to such philosophical reflection remains unclear. Nevertheless, Hegel’s insight provides a valuable lens through which to interpret both the symbolic imagery surrounding Trump and the growing ideological conflict between him and Pope Leo XIV.

Marcus Priyantha Perera

16/04/2026

Thursday, 16 April 2026

පාප්වහන්සේගේ මැදිහත්වීම ට්‍රම්ප්ගේ පදනම බිද දමයි ද?



බුද්ධිමය අවබෝධය හා ආගම අතර ඇතිවන අසංගතතාව නිසි ලෙස සංසන්දනය කර විසඳා නොගත්තහොත්, එය අවසානයේ බලාපොරොත්තු කඩවීමක් (නිරාශාවක්) බවට පත්වේ’ යැයි (if discord arises between intellectual insight and religion without being resolved, it leads to despair) විලියම් හේගල් ඔහුගේ සුප්‍රකට ‘Lectures on the Philosophy of Religion’ කෘතියේ සඳහන් කරයි.

මම එම ප්‍රකාශය උපුටා දක්වන්නේ, මේ වනවිට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ සම්බන්ධ කරමින් හෝ ක්‍රිස්තුස් වහන්සේ සමඟ එකට සිටින ලෙස දැක්වන ජයාරූප මෙන්ම, ඔහු සහ පාප් වහන්සේ (Pope Leo XIV) අතර ඇතිවී ඇති පරස්පරතාවයන් තේරුම් ගැනීම සඳහා වූ ප්‍රවේශයක් ලෙසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාප් වහන්සේ අතර ඇතිවී ඇති එම විසම්මුතිය තවදුරටත් තීව්‍ර කළේ ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් (J.D. Vance) විසිනි. ඔහු සඳහන් කළේ, ‘ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කිරීමේදී දේවධර්මය උපුටා දැක්වීමට පාප් වහන්සේ වඩාත් පරිස්සම් විය යුතුය’ ((Pope Leo XIV should “be careful” when he talks about theology, rebuking the pontiff over his criticisms of U.S. foreign policy) යන්නයි.

ඔහු (J.D. Vance) තවදුරටත් සඳහන් කළේ, ‘නාසීන්ගෙන් ප්‍රංශය මුදාගත් ඇමරිකානුවන්ගේ පැත්තේ දෙවියන් වහන්සේ සිටියේ නැද්ද? යුදෙව් සමූලඝාතන කඳවුරුවලින් අහිංසක ජනතාව නිදහස් කරගත් විට, ඔවුන්ගේ ජීවිත ගලවාගත් අවස්ථාවලදී දෙවියන් වහන්සේ ඇමරිකානුවන්ගේ පැත්තේ සිටියේ නැද්ද? මම විශ්වාස කරන්නේ පිළිතුර “ඔව්” (("Was God on the side of the Americans who liberated France from the Nazis? Was God on the side of the Americans who liberated Holocaust camps and liberated those, those innocent people, you know, those who had survived the Holocaust? I certainly think the answer is yes,") යන්න බවයි.

දෙවියන් අප සමඟය’, ‘දෙවියන් කෙරෙහි විශ්වාස කරමු’ (‘In God We Trust’) යන වාක්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක ආධිපත්‍යය කරා ගමන් කළ ඇමරිකානු දේශපාලනයේ කේන්ද්‍රීය පාඨය (motto) බවට පත්විය.

1957 සිට මෙම වාක්‍යය ඇමරිකානු මුදල් පත්‍රවල පවා මුද්‍රණය කිරීම මගින්, එය ඇමරිකාවේ ජාතික පදනමක් ලෙස සනාථ කිරීමට උත්සාහ කරන ලදී.

මෙම නිල පාඨය යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) අගයන් මත පදනම්ව ගොඩනැගුණු අතර, එය ඇමරිකානු ප්‍රචාරක ව්‍යාපෘති මගින් ප්‍රවර්ධනය කරන ‘better, richer, and fuller life’ (The American Dream) නම් ලෞකික ආර්ථික-සංස්කෘතික උපරිව්‍යුහයට (superstructure) යටින් පවතින දෘෂ්ටිවාදී පදනමක් හෙවත් අධෝව්‍යුහයක් (substructure) ලෙසද ක්‍රියා කළේය.

මෙම ක්‍රියාවලිය, ඇමරිකානු ක්‍රිස්තියානි සමාජ-දේශපාලන සන්දර්භය තුළ සංවර්ධනය වූ එකක් ලෙසද හඳුනාගත හැක.

මෙම දෘෂ්ටිවාදී පදනම තුළ, ලෝක ආධිපත්‍යය සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම්වලට දිව්‍යමය නීතිමයභාවයක් ඇති බව පමණක් නොමෙයි, යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) අගයන් මත පදනම්ව ගොඩනැගුණු ලෝක රටාවක් හා එයට අදාළ ආර්ථික, දේශපාලන, සමාජ හා සංස්කෘතික ව්‍යුහයන් ආරක්ෂා කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත් ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඉස්මතු කරනු ලැබුව

එම අනුව, අදේවවාදී වාමවාදී-කොමියුනිස්ට් ව්‍යාප්තියෙන්, ක්‍රිස්තියානි විරෝධී ඉස්ලාමීය ව්‍යාප්තවාදයෙන් වගේම, අනෙකුත් දේවවාදී හෝ අදේවවාදී (ඊනියා) මිත්‍යාදෘෂ්ටීක ප්‍රවණතාවලින් ලෝකය ආරක්ෂා කිරීමත්, එවැනි බලවේගවලට එරෙහිව සටන් කරන මිතුරන් සහ මිතුරු රාජ්‍යයන් ආරක්ෂා කිරීමත් ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් ලෙස වර්ධනය වුනා.

ඩොනල්ඩ් ට්‍රම්ප් වර්තමානයේ නායකත්වය දෙන දේශපාල කදවුර පෙනී සිටින Make America Great Again’ (MAGA) ව්‍යාපාරයේ තේමාව වුයේ ද ඉහත ක්‍රියාවලිය සම්බන්ධයෙන් නායකත්වය දීමෙහිලා ඇමැරිකාව මෑතකාලීනව දුර්වල වූ බවයි

එහිලා ඇමැරිකාව නැවැතත් නගා සිට විය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සදහා තෝරාගත්”, “අභිෂේක කළ” නායකයෙකු (Trump as "anointed"/chosen by God) බවත් ඔහුගේ අනුගාමිකයින් ඔහුව ප්‍රවර්ධනය කරමින් නිතර දැක්වූවක්.

ජනාධිපතිවරණ සමයේදී ඝාතන උත්සාහයකින් බේරුණු පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ද ඔහුගේ ජීවිතය බේරුනේ “විශේෂ හේතුවක් නිසාය" (God spared my life for a reason) යන්නයි.

පසුගිය කාලය පුරාම ඇමරිකානු ජනාධිපතිවරයා ගත් බොහෝ ක්‍රියාමාර්ග ඔහු සාධාරණීකරණය කළේ, ඒවා සියල්ලම ඇමරිකාවට පැවරී ඇති දිව්‍යමය වගකීම ඉටු කිරීමේ අරමුණින් ගත් පියවරයන් ලෙසයි

සරණාගතයින් පිටුවහල් කිරීම සඳහා ගත් දැඩි ක්‍රියාමාර්ග ඔහු විසින් දැක්වූයේ, සරණාගතයින් ඇමරිකාව කෙලෙසන බලවේගයන් බවයි. එසේම, තීරුබදු (tariff) ප්‍රතිපත්තිය පනවමින් ඔහු එය ඇමරිකාව සුරාකෑමෙන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ප්‍රකාශ කළා

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ඉවත් කිරීම ඔහු විසින් වාමවාදී ප්‍රවණතා මුලින් උපුටා දැමීමක් ලෙසත්, ඩෙන්මාර්කයට අයත් භූමි පිළිබඳ හිමිකම් ප්‍රකාශ කිරීම ඇමරිකාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙසත් දැක්වූවා.

ඉරානය සම්බන්ධයෙන් ගත් යුද්ධමය ක්‍රියාමාර්ග ඔහු විස්තර කළේ ලෝකයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ප්‍රවර්ධන කිරීමේ රාජ්‍යයන් දුර්වල කිරීමක් ලෙසත්, ඔවුන් අතට න්‍යෂ්ටික අවි ලැබීම වැලැක්වීමට ගත් පියවරක් ලෙසයි.

ඔහු මේ දක්වා ගත් සෑම ක්‍රියාමාර්ගයක්ම සාධාරණීකරණය කළේ, සිය යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) දෘෂ්ටිවාදී පදනම තුළ පවත්නා ‘In God We Trust’ යන මූලධර්මය සහ ‘Make America Great Again’ (MAGA) ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ කරමින් දෙවියන් වහන්සේ ඇමැරිකාව සම්බන්ධයෙන් පවරා ඇති දිව්‍යමය වගකීම ඉටුකිරීමක් ලෙසයි

ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් විසින් ගන්නා සෑම ක්‍රියාමාර්ගයක් පිටුපස තාර්කික පදනමක් සහ බුද්ධිමය අර්ථ විවරණයක් පවතින බව පෙනී යන්නක්. එමෙන්ම ඒවා සාධාරණීකරණය කිරීම සඳහා ඔහු පදනම් වී ඇති යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) දෘෂ්ටිවාදී පදනම ද ඔහු භාවිතා කරනු ලබනවා.


කෙසේ වෙතත්, මේ වනවිට එම දෘෂ්ටිවාදී පදනමට එල්ල වන බරපතළම අභියෝගය ඉල්ලවෙමින් පවතින්නේ ඉරානයෙන් හෝ චීනයෙන් හෝ වෙනත් බාහිර බලවේගයකින් නොව, 14 වැනි ලියෝ පාප් වහන්සේගෙන් බව පැහැදිලිව පෙනී යන්නක්. ලියෝ පාප් වහන්සේ අභියෝග කරන්නේ ට්‍රම්ප්ගේ ක්‍රිස්තියානි දෘෂ්ටිවාදී පදනමට වන අතර, ඔහු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් විකෘති කරන බව පාප් වහන්සේ විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම, ට්‍රම්ප් ට පමණක් නොව, සමස්ත MAGA ව්‍යාපෘතියම අභියෝගයට ලක් කිරීමක් ලෙස ද දැකිය හැකියි.

ඒ හේතුව නිසාම, කතෝලිකයෙකු වන ජේ.ඩී. වාන්ස් (J.D. Vance) පවා එළියට පැමිණ, ‘දේව ධර්මය උපුටා දක්වමින් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමේදී පාප් වහන්සේ වඩාත් පරිස්සම් විය යුතුයි’ (Pope Leo XIV should “be careful” when he talks about theology, rebuking the pontiff over his criticisms of U.S. foreign policy) යනුවෙන් ප්‍රකාශ කිරීමට පවා සිදු වී තිබෙනවා

මෙවැනි පසුබිමක් තුළ, ' අපි දෙවියන් කෙරෙහි විශ්වාස කරමු, ට්‍රම්ප් සමග නැගිටිමු' (In God We Trust, With Trump We Stand) යැයි යනුවෙන් ප්‍රකාශ කරමින් සිටි ට්‍රම්ප්වාදී ක්‍රිස්තියානීන්ට, පාප් වහන්සේ විසින් ට්‍රම්ප් විවේචනය කිරීම දැවැන්ත අභියෝගයක් මෙන්ම අනතුරු ඇඟවීමක් ලෙස ද පෙනී යාම ආරම්භ වී තිබේ.

එමෙන්ම, ඉතිහාසයේ පළමු වතාවට, ඉවැන්ජලිකවාදය පසුකරමින් ඇමරිකාවේ විශාලතම තනි ආගම ලෙස කතෝලික සභාව පත්වී ඇති බව ද සටහන් වේ. විශේෂයෙන්ම, ඇමරිකානු ජාතික 14 වැනි ලියෝ පාප් වහන්සේගේ නායකත්වය යටතේ, ඇමරිකාවේ කතෝලික පල්ලිය තුළ දැවැන්ත පිබිදීමක් දක්නට ලැබේ.

එය, 1950 දශකයේ සිට ඇමරිකාවේ ස්ථාපිත වූ යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) දෘෂ්ටිවාදී පදනම අභිබවා, කතෝලික චින්තනය (Catholicism) වෙත ගමන් කරනු ඇත් ද යන්න, ට්‍රම්ප්ගේ පරිපාලනය සහ ලියෝ පාප් වහන්සේ අතර උද්ගතව ඇති මෙම මතවාදී පරස්පරතාවයන් තුළින් මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස මතුව තිබේනවා.

මෙම ලිපිය අවසාන කරමින් කිව හැක්කේ, විලියම් හේගල් පෙන්වා දුන් පරිදි, මනුෂ්‍ය ආත්මයට ‘බුද්ධිය’ සහ ‘විශ්වාසය’ වැනි විරුද්ධ අංග දෙකක් දිගුකාලීනව එකට පවත්වා ගත නොහැකි බවයි. එවැනි තත්ත්වයකදී ඒ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම අනෙක පරයා මතුවන බව හේගල් දක්වා තිබෙනවා.

එම පරස්පරතාවය ගැඹුරු හිස්කමක් සහ අසංවේදීභාවයකට මඟ පාදන අතර, එය අවසානයේ බලාපොරොත්තු කඩවීමක් (නිරාශාවක්) කරා යාමට ද හේතු වන බවත් දැක්වෙනවා. මෙම අසංගතය එලෙස නිරාශාවකට පත්වීමෙන් වළක්වා, එය සාර්ථකව සමීකරණය කිරීම දර්ශනවාදයේ වගකීමක් බව ද හේගල් පෙන්වා දෙනවා

ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයෙකු එවැනි දර්ශනවාදී විමර්ශනයකට කොපමණ අභිමුඛ වන්නේද යන්න පැහැදිලි නොවූවත්, ඔහු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමාන කරමින් හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ එක්ව සිටින බව දක්වන ජයාරූප මෙන්ම, ඔහු සහ පාප් වහන්සේ (Pope Leo XIV) අතර ඇතිවී ඇති පරස්පරතාවයන් ද තේරුම් ගැනීම සඳහා මුලින් දැක්වූ හෙගල්ගේ ප්‍රකාශය වැදගත් ප්‍රවේශයක් ඉදිරිපත් කරන බව මාගේ අදහසයි


මාකස් ප්‍රියන්ත පෙරේරා
16/04/26

Tuesday, 14 April 2026

සිංහල අවුරුද්ද ජාතිකෝත්සවයක් ලෙස වර්ධනය වූයේ 1914 පටන් ද??

 

1914 අප්‍රේල් 13 දින කොළඹ Victoria Park හි (වර්තමාන විහාරමහාදේවි උද්‍යානයේ) පැවැත්වූ සිංහල අලුත් අවුරුදු උත්සවය, නූතන සිංහල අවුරුදු සැමරුම් ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකිය හැක. 1914 අප්‍රේල් 14 දින පළ වූ දිනමිණ පුවත්පතේ වාර්තාව අනුව, සිංහල අවුරුද්ද සැමරීම පළමු වරට ලෞකික ජාතිකෝත්සවයක් ලෙස සංවිධානය කිරීමට ප්‍රයත්නයක් දරා ඇති බව පැහැදිලි වේ.

කොළඹ සිංහල තරුණ සමිතිය මගින් සංවිධානය කරන ලද එම උත්සවයේ ප්‍රධාන අරමුණ වූයේ බෞද්ධ සහ ක්‍රිස්තියානි සිංහල ජනයා අතර පැවති ආගමික වෙනස්කම් අභිබවා, සියලු දෙනාට එකට සැමරිය හැකි ජාතික උත්සවයක් ලෙස සිංහල අවුරුද්ද ප්‍රවර්ධනය කිරීමයි.  

එම උත්සවයට බලාපොරොත්තු වූ පිරිසට වඩා විශාල ජනතාවක් සහභාගී වීම, සිංහල ජනතාව තුළ එවකට උද්දීපනය වෙමින් පැවති ජාතික හැඟීම කියාපාන්නක් යැයි පුවත්පත පෙන්වා දෙයි. 

එහෙත්, එම වාර්තාවේ දෙමළ ජනතාවගේ සහභාගීත්වය පිළිබඳ සඳහනක් නොමැතිවීමත්, උත්සවය සිංහල - දෙමළ අලුත් අවුරුදු සැමරීමක් නොවී සිංහල අලුත් අවුරුදු සැමරීමට පමණක් සීමා වී ඇති බව පුවත්පතේ පලව ඇති වාර්තාව අනුව පෙනේ. 

එමෙන්ම සිංහල අවුරුදු සැමරිම බුද්ධාගම හෝ හින්දු ආගම සම්බන්ධ යැයි ලංකීක කතෝලිකයා සිතා සිටි බවත් ඒනිසාම ලංකාවේ රෝමානු කතෝලික ජනතාව මෙම උත්සවයට සම්බන්ධ වුයේ සීමා සහිතව බවත් දක්වයි. එහෙත් එවකට ලංකාවේ රෝමානු කතෝලික සභාවේ අගරදගුරුවරයා වූ Antoine Coudert (O.M.I) අගරදගුරුවරයා විසින් ආගමික නොවන ලෞකික ජාතික උත්සවයක් ලෙස අවුරුදු සැමරීම සිදුකරන්නේ නම් ඒ පිළිබඳ විරෝධයක් නොමැති බවත් ජාතියේ දියුණුව පිණිස ලෞකික ජාතිකෝත්සවයක් වශයෙන් පවත්වන එම උත්සවයන් සර්ව ප්‍රකාරයෙන් දියුණු වේවායි ආශීර්වාද කරන බව ද එතුමා දන්වා එවූ ප්‍රකාශයක් ද නිකුත්කර තිබෙන බව ලිපියේ   සඳහන් වේ.

ඒ අනුව, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සම්ප්‍රදායිකව දිගු ඉතිහාසයක් ඇති උත්සවයක් වුවද, එය නූතන ජාතික උත්සවයක් ලෙස සංවිධානය වීමට 1914 වසරේ මෙම උත්සවය වැදගත් පියවරක් වූ බව නිගමනය කළ හැක.

'ජාතිකෝත්සවය ආරම්භ කිරීම සිංහල මහා ජන සමාගමක් බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂයේ සම්භෝගය.'

යන සිරස්තලය යටතේ ලිපිය පහතින් 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

14/04/26 

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

ජාතිකෝත්සවය ආරම්භ කිරීම සිංහල මහා ජන සමාගමක් බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂයේ සම්භෝගය.

=================================== 

සූර්යයා මේෂ රාශියට පැමිණෙන දින නිමිත්ත කොට ගෙන පවත්නා සංවත්සරය සිංහලයන්ට නොයෙක් අතින් හිමිවූ ලෞකික මහෝත්සවයයි.

මෙය පුරාතන සිටම නානා විධ නක්ෂස්ත්‍ර ක්‍රීඩා ජල ක්‍රීඩාදියෙන් සමන්විතව බෞද්ධ සිංහලයන් විසින් සම්භාවිතය. නුමුත් මේ මස 13 වන දිනය යෙදුන සූර්ය සංවත්සරය විශේෂ වශයෙන්ම ලංකා ඉතිහාසයේ ලියවෙන වැදගත් සිද්ධියක් විය. ඊට කාරණය නම් සිංහල අවුරුදු මංඟල්‍ය ආගමක් සම්බන්ධ මංඟල්‍යයකැයි තතු නොදත් ක්‍රිස්තු භක්තික සිංහල මහා සමූහයක් ඊට අවමන් කෙරෙමින් සිටි නමුත් මෙදිනයෙහි අදහස දැනගත් ඒ පක්ෂයේ බොහෝ දෙනෙක්ද සිංහල අවුරුදු මංඟල්‍යය ජාතියේ උත්සව දිනය බැවින් ක්‍රිස්තු භක්තික සිංහල ජනයා විසින් පැවැත්වීම නොමනා නොවේයැයි පිළිගැනීමය. මේ අදහස කලක සිට සිංහල ක්‍රිස්තු භක්තික මහතුන් වෙත වැඩී ගියෙන් සිංහල තරුණ සමිතියේ මහතුන් විසින් මෙදින ජාතිකෝත්සව දිනය වශයෙන් සිංහල කොයි ලබ්ධිකයන් විසිනුත් පැවැත්වීම පිණිස පසුගියදා නියම කර ගන්නා ලදින් මේ මස 13 වෙනි දින කොළඹ වික්ටෝරියා පාර්ක් පිට්ටනියේදී උත්සවය අත්‍යලංකාරයෙන් පවත්වන ලදී. හත් අට සියයක් පමණවූ පිරිසකින් පළමුව පටන් ගැන්මට යන මේ ජාතිකෝත්සවය පැවැත්වීමට පිළියෙල කරන ලද නමුත් කිසිම බලාපොරොත්තුවක් නැතුව පසළොස් දහසක් වූ ගැහැණු පිරිමි උභය පක්ෂයේ ලොකු කුඩා විශේෂ අවශේෂ සිංහල මහා පර්ශදයකින් පිට්ටිනිය පිරී ගීයේය. මෙදින උත්සවය පැවැත්වීම් වශයෙන් සිංහලයන් අතර දැනට භාවිතා වන රබන් ගැසීම, කළගෙඩි සෙල්ලම, පොල් කෙලිය, අං කෙලිය, කතුරු උන්චිල්ලා පැදීම, නයියන්ඩි නැටීම, ආදී සෙල්ලම්, කාණ්ඩ පිට්ටනියේ ඒ ඒ තැන් වල ක්‍රීඩා දක්වන ලදී. පොල් ගැසීම සහ අං ඇදීම සිංහල ක්‍රීඩා විශේෂ නොවෙත්. පිට්ටනියේ සෙල්ලම් පටන් ගන්න වෙලාවට ඝර්ම සූර්ය තාපය පැවැති හෙයින් අව්වෙන් මුවා වී සිටීමට කිසිම ආවරණයක් නොතිබුණ නමුත් දහස් ගණන් ලොකු කුඩා සෙනඟ කකියන අව්වේ මිරිකි මිරිකී සිටි ලීලාව වාර්තා කරුට මහත් පුදුම එළවන දර්ශනයක් වූයේය.


විඩාවී ක්ලාන්ත වී වැටෙන තරමේ කාටත් අමාරු පැමිණ තිබුණ නමුත් සියලු දෙනාම මහත් හික්මුණු ගතියකින් සාන්ත දාන්තවම ක්‍රීඩා නිරීක්ෂණය කෙරමින් ප්‍රීතියෙන් ප්‍රමුදිතව සිටියාහ. සිංහල ජාතිය සම්බන්ධව උත්සවයක් පවත්වනු ලැබේය යන රාවය ඇසූ පමණකින්ම මේසා මහත් ජන සමූහයක් මුහුද ගොඩ ගැලුවාක් මෙන් වික්ටෝරියා පාර්ක් පිට්ටනියේ පිරී සිටීම සිංහල මනුෂ්‍යයන් තුළ ජාතික මමත්වය නැවතත් වැඩෙන්නට පටන් ගෙන තිබීමේ ප්‍රශංසනීය ලක්ෂණයක් මැයි. නොයෙක් තරාතිරම් වල බාල මහළු ගෑණු පිරිමි සමූහයා අළුත් අවුරුදු වස්ත්‍ර හැඳ පැළඳගෙන ශුද්ධ පවිත්‍රවම පැමිණියේය. පිට්ටනියේ තනා තිබුණ කුඩා කූඩාරම් සතර හැර පසෙක ප්‍රධාන මහතුන්ට නැවතීම පිණිස සුළු මණ්ඩපයක් සාදා තිබුණේය. ප්‍රධාන මහතුන් පෙළක් පැමිණ සිටියේය.

එනම් සර් සලමන් දියෙස් බණ්ඩාරනායක මහ මුදලි තුමා, සර් එස්.සී. උභයසේකර මන්ත්‍රීතුමා, දිස්ත්‍රික් නඩුකාර පෝල් ඊ පීරිස් මහතා, ඩී.බී.ජයතිලක අද්වකාත් තුමා, සී.බටුවන්තුඩාවේ අද්වකාත් තුමා, ජේ.පී.උභයසේකර මහතා, දොස්තර සලමන් ප්‍රනාන්දු මහතා, ඇල්.ඩබ්.ඒ.ද සොයිසා මහතා, එඩ්මන් හේවාවිතාරණ මහතා, ජේ.ඇස්.ද සිල්වා දේවගැතිතුමා, ජේ.ඇස්.ජයවර්ධන අද්වකාත් මහතා, එච්.ඇල්.ද මැල් නීතිඥ මහතා, ඇලිකේවෙල බස්නායක නිළමේ, ජේ.ඇම්.සෙනෙවිරත්න මහතා, ප්‍රැන්සිස් ද සොයිසා මහතා, ආර්.ඒ.මිරන්ද මහතා, ඊ.ඩබ්.පෙරේරා අද්වකාත් මහතා නම් මහතුන් වේ.

උත්සවය ආරම්භ කිරීම සම්බන්ධව වැඩ පටන් ගන්නා වේලාව සවස 2 ක විය.

හරියටම දෙකට සභාවේ මුලාසනය පෝල් ඊ පීරිස් දිස්ත්‍රික් නඩුකාර තුමාට පිළිගන්වන ලදින් එතුමා නැගිට මෙසේ කීවේය. 

“මන්ත්‍රීවරුනි, සිංහල සහෝදරවරුනි දැනට මෙහි කතා කිරීමට බොහෝ මහතැන් සිටින බැවින් වැඩි වේලාවක් කතා කිරීමට මගේ බලාපොරොත්තුවක් නැත. මේ දවසේ මෙහි මේසා මහත් සමූහයක් පැමිණ සිටින කාරණය කවුරුත් දන්නවා ඇත. යුරෝපියෝ පළමුවෙන් ලංකාවට පැමිණියේ මීට අවුරුදු හාර සියයකට ප්‍රථමය. කෝට්ටේ රජ කළ ධර්මපාල රජතුමා පෘතුගීසීන්ට ලංකාව තෑගි පිට දෙන ලද්දෙත් මීට අවුරුදු හාරසියයකට පෙරය. එතැන් සිට සිංහල ජාතියේ පිරිහීම පටන් ගත්තේය. ඒ පරදේශික නිලමක්කාරයන් නොයෙක් ආගම් අදහන අතරම එකී ආගම් වලට අපේ ඒ පරදේශික නිලමක්කාරයන් නොයෙක් ආගම් අදහන අතරම එකී ආගම් වලට අපේ ජාතිකයන්ද ඇද ගත්තෝය. ඔව්හු ඔවුන්ගේ සිරිත් විරිත්ද පිළිගත්තෝය. ඒ නිසා සිංහලයන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන මේ ජාතීන්ගේ චාරිත්‍ර පුරුදු කර ගැන්මෙහි යෙදුනෝය.

පරදේශිකයන් ගේ චාරිත්‍ර සහ භාවිතා පිළිගැන්මෙහි කිසිදු වරදක් නැත. නමුත් ඒවා පිළිගැන්මට යාමෙන් තමන්ට අයිති වූ ස්වකීය චාරිත්‍ර වාරිත්‍ර මතක නැතිකර දැමීම අයුතුය. මේ පජාතික පුරුද්ද නිසා සිංහල මනුෂ්‍යයන්ට දැනට පැමිණ තිබෙන අන්තරාය අප්‍රමාණය. මේ නිසා ජාතිය හෙමින් හෙමින් මැරී යන බවද ඇසුවෙමි. නමුත් සිංහල ජාතිය මැරෙන්නට හරින්නට බැරිය. අප සියලු දෙනාම ජාතිය නැවතත් උස්සා තැබීමට වීර්යයෙන් ක්‍රියා කට යුත්තෝය.

මීට පසු අද්වකාත් ඩී.බී.ජයතිලක, අද්වකාත් බටුවන්තුඩාවේ,දොස්තර සලමන් ප්‍රනාන්දු, එච්.ඇල්.ද මැල් යන මහතුන්ද, ජේ.ඇස්.ද සිල්වා දේවගැති තුමාද මහා සමූහයාගේ සිත් ප්‍රබෝධ කරවන උද්වේග උපදවන ව්‍යක්ත කතා පැවැත්වූහ.සිංහල අළුත් අවුරුදු දිනය කිසිම ආගමක් සම්බන්ධ නොවූ නක්ෂත්‍ර සංවත්සරයක් බවත් එය කවර ලබ්ධික යෙකු වූත් තමා අදහන දෘෂ්ඨියට අවිරුද්ධවම පැවැත්විය හැකි බවත් අන්‍යයන් මවිත කරවන ඉතිහාසයක් ඇති නමුත් දැනට පහතවැටී සිටින සිංහල ජාතිය නැවතත් උසස් බලවත් කොටසක් කිරීමට ඇති එකම මාර්ගය නම් දැනට ආගම් වශයෙන් බෙදී සිටින බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂයේ සිංහලයන් ලෞකික කටයුතු සම්බන්ධව සමගිව ක්‍රියා කිරීම බවත් එසේ ක්‍රියා කිරීමේදී ආගම් භේද කුල භේද නොතකා සහෝදර ප්‍රේමයෙන් ඉදිරියට යා යුතු බවත් මේ ගුණය වැඩීමට සියළු භක්තික ජනයාට පොදුවේ පැවැත්විය හැකි උත්සවයක් යොදා ගැන්ම යුතුව තිබුණ බවත්, ඒ උත්සවය නම් මේ සිංහල අවුරුදු මංගල්‍යය බව දැන් ස්ථිර බවත් පසු ගිය දවසේ උගත් ක්‍රිස්තු භක්තික මහතුන් සමූහයක් එකතු වී මේ දිනය නියම කර ගත් නමුත් යම් යම් හේතු නිසා මෙය ස්ථිර නොවූවත් සිංහල තරුණ සමිතියේ මහතුන් ජාතිකෝත්සවය ආරම්භ කොට පැවැත්වීමට පිළිවන් වීම ප්‍රීතියට කරුණක් බවත් එම සමිතියට බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂයේම කවුරුත් ස්තූති කටයුතු බවත් යනාදී කරුණු රැසක් ගෙන හැර දැක්වූහ.

මෙම උත්සවය බුද්ධාගම හෝ හින්දු ආගම සම්බන්ධ යැයි වැරදි කල්පනා ඇතුව සිටින ස්වකීය ලබ්ධික එනම් රෝමානු කතෝලික බොහෝ දෙනා මීට නොබැඳුන නමුත් කාරණය හොඳින් දන්නා කතෝලික වරුන් ඊට විපක්ෂ නැති බවත් ලංකාවේ රෝමානු කතෝලික සභාවේ අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සිංහල අවුරුද්ද රෝමානු කතෝලික ජනයා විසින්ද ආගමක් සම්බන්ධ නොවන සේ ජාතියේ දියුණුව පිණිස ජාතිකෝත්සව වශයෙන් පවත්වන්නෝ නම් ඊට අප්‍රසන්න නොවන බවද එසේ පවත්වන උත්සවය සර්ව ප්‍රකාරයෙන් පවත්වන්නෝ නම් ඊට අප්‍රසන්න නොවන බවද එසේ පවත්වන උත්සවය සර්ව ප්‍රකාරයෙන් දියුණු වේවායි ආශීර්වාද කරන බවද එතුමා දන්වා වදාළ බවත් ප්‍රකාශ කරමින් ප්‍රයෝජනවත් කතාවක් කළේය. සංගීත සමාචාර වර්ධන සමිතිය විසින් ගොතවන ලද සිංහල ජාතික ගීයක් එම සමිතියේ තරුණ මහතුන් කාණ්ඩයක් විසින් සිත් කන් පිනවන වෘත්තයෙන් ගායනා කරන ලදුව මේ උත්සවය සමාප්ත කරන ලදී. පැමිණ සිටි බොහෝ දෙනාට සිංහල කැවිලි පෙවිලි වලින් සංග්‍රහ කළා දැක්ම සතුටෙකි. යුරෝපීය කෑම වර්ග කිසිත් මේ අවස්ථාවට නොගන්නා ලදී.

කැවුම්,කිරිබත්,කෙසෙල්ගෙඩි ආදී සිංහල කැවිලි වර්ගද තේ සහ කෝපි පැන්ද පිළිගන්වා සංග්‍රහ කරන ලදී. තරුණ සමිතියේ මහතුන් දාඩියෙන් තෙමී ගිය සුදු කලිසන් කෝට් ඇඳ පැළඳගෙන මහ අව්වේ කැවිලි පෙවිලි භාජන උස්සාගෙන ඈත මෑත යමින් වුවමනා අය බල බලා සංග්‍රහ කළාහ.

එම අවුරුදු උත්සවයේදී ගායනා කරන ලද සිංහල ජාතික ගීතිකාව මෙසේ වේ.

රාගය-කල්‍යාණි- තාලය - ත්‍රිතාල්

සැමා-සිරිලක-සුන්දර-ශ්‍රී-යසෝ-නිධාන 

විඝන-හරණ-ශැත්‍ර-මථන-ප්‍රභූ තේජ-ධනණ-ශාස්ත්‍ර-සතඟ- විභූ 

එම අවුරුදු උත්සවයේදී ගායනා කරන ලද සිංහල ජාතික ගීතිකාව මෙසේ වේ.

රාගය-කල්‍යාණි- තාලය - ත්‍රිතාල්

සැමා-සිරිලක-සුන්දර-ශ්‍රී-යසෝ-නිධාන 

විඝන-හරණ-ශැත්‍ර-මථන-ප්‍රභූ 

තේජ-ධනණ-ශාස්ත්‍ර-සතඟ-විභූ 

පුන්‍ය-ධනය-සුමෘධි-ගුණ-භුරී-සුබ -පරමී


කීර්ති -ධරණී-පාල-ලොල//

ශ්‍රීමති-නරපති-ධීයා-කලීතා-මහා-ප්‍රභවා-ජයෝ-

භවතූ හෙළදිව්-සුජනා-පරම-

විලාස-//

Sunday, 1 February 2026

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු - "අනන්‍යතාවය කුමක්දැයි නොදන්නෙක්"?


බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග රීතිය පිළිබඳව ජර්මනියේදීම හැදෑරූ, නාට්‍යය හා රංග කලාව පිළිබඳ විශාරදයකු වූ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරයෙකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බව දැනගත්තෙමි.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා පිළිබඳ අප මුලින්ම දැනගත්තේ 1996 වැනි කාලයේදීය. ඒ කාලයේදී ආචාර්ය මයිකල් ප්‍රනාන්දු හා මහාචාර්ය නලින් ද සිල්වා අතර වූ විවාදයක් දිවයින පුවත්පතේ දිගු ලිපි පෙළක් ලෙස පළවිය. එහිදී නලින් ද සිල්වා මහතා, මයිකල් ප්‍රනාන්දු ක්‍රිස්තියානිකාරයෙකු යැයි සෘජුව නොකියමින්, “මයිකල් ප්‍රනාන්දුගේ නිවසට ඇතුළු වූ විට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගසා සිටින විශාල කුරුසයක් එල්ලා තිබෙන බව” සඳහන් කරමින් අදහස් පළ කළේය.

නම ඇසූ පමණින්ම ඔහු ක්‍රිස්තියානිකාරයෙකු බව පෙනී ගියද, එවකට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයකු මෙන්ම එම පක්ෂය විසින් පළ කළ ‘ඇත්ත’ පුවත්පතේ කතුවරයා ද වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා හා ක්‍රිස්තියානි ආගම අතර තිබූ හෝ තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ කිසියම් ආකාරයක කුතුහලයක් අප අතර එකල ජනිත විය.

එවකට නලින් ද සිල්වා මහතාගේ කතිකාවත්, ආචාර්ය මයිකල් ප්‍රනාන්දුගේත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේත් ප්‍රතිචාර පිළිබඳව නිතර සාකච්ඡා වූ ස්ථාන අතර, හිටපු කතෝලික පියතුමෙක් වූ ලීනස් ජයතිලක මහතා කාර්යාලයක් ලෙස භාවිත කළ කොම්පඤ්ඤවීදියේ බැරැක්ක පටුමගෙ අංක 17 ද, ආචාර්ය වික්‍රමබාහුගේ කිව් පාරේ පිහිටි නව සම සමාජ පක්ෂ කාර්යාලය ද විශේෂයෙන් සඳහන් කළ හැකිය.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාගේ දේශපාලනික, ආගමික හා ශාස්ත්‍රීය සම්බන්ධතා පිළිබඳව අප මුලින්ම පැහැදිලි අවබෝධයක් ලබාගත්තේ, කිව් පාරේ සහ බැරැක්ක පටුමගේ පැවති එම සාකච්ඡා තුළිනි.

එකල අප දැනගත් කරුණු අතර, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා ජා-ඇල, තුඩැල්ල පිහිටි ක්‍රිස්තුස් රාජ විද්‍යාලයෙන් (Christ King College) අධ්‍යාපනය ලැබූ බවත්, තුඩැල්ල අඩක්කල දේවමාතා දේවස්ථානය (Mother of Refuge Church, Tudella) සමඟ ඔහුට කිසියම් සම්බන්ධයක් තිබූ බවත්, තුඩැල්ල අසල ගමක් වූ දෙහියගාත ප්‍රදේශයේ පදිංචිව සිටි සංගීතවේදී සුනිල් සාන්ත මහතාගේ සමීපතයෙකු වූ බවත් අසා තිබුණි.

එමෙන්ම ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූයේ 1971 කැරැල්ලෙන් පසුව බවත්, ඊට පෙර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමීපව සිටි බවත් කියැවුණි. නාට්‍යකරුවෙකු ලෙස මයිකල් ප්‍රනාන්දු මහතා නිර්මාණය කළ පළමු නාට්‍යය වූ “ගොළු කතගේ සැමියා” (The Tragedy of a Man Who Married a Dumb Wife) නාට්‍යයේ ප්‍රධාන නළුවා 1971 කැරැල්ලට සම්බන්ධ වූවෙකු වූ නමුත්, මයිකල් ප්‍රනාන්දු මහතා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වශයෙන් සම්බන්ධ නොවූ බවද කියැවුණි.

ඊට හේතු වූ කරුණු අතර, එවකට සම සමාජ-කොමියුනිස්ට් පක්ෂ ප්‍රමුඛ ලංකාවේ  සම්ප්‍රදායික වාමාංශික පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ යනු “සුළු ධනේශ්වර පක්ෂයක්” ය යනුවෙන් ඉදිරිපත් කළ විග්‍රහය ඔහු විසින් පිළිගැනීමද ඇතුළත් වූ බව සඳහන් විය.

බැරැක්ක පටුමගේ සහ කොළඹ කිව් පාරේ පැවති සාකච්ඡා අතර, “මයිකල් ප්‍රනාන්දු දිවයින පුවත්පතේ නලින් ද සිල්වා සමඟ විවාද කළද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව නලින් ද සිල්වාගේ නඩය සමඟ එක්ව කටයුතු කළේය” යන චෝදනාවක්ද එල්ල විය.

මෙම සියලු චෝදනා වල පදනම වූයේ දිවයින පුවත්පතේ නලින් ද සිල්වා හා මයිකල් ප්‍රනාන්දු අතර පැවති විවාදයයි. එම විවාදයේදී, “මයිකල් ප්‍රනාන්දු අනන්‍යතාවය යනු කුමක්දැයි නොදන්නෙකුය” යනුවෙන් නලින් ද සිල්වා අදහස් පළ කළේය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු වූ මයිකල් ප්‍රනාන්දුගේ නිවසේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගසා සිටින විශාල කුරුසයක් එල්ලා තිබූනි යැයි නලින් ද සිල්වා සඳහන් කළේ එම සන්දර්භය තුළය.

මෙම විවාදය මතු වූයේ, නලින් ද සිල්වා “සිංහල-බෞද්ධ අනන්‍යතාවය ද්විත්ව නිෂේධනයක්” ලෙස විග්‍රහ කළ අදහස ඇසුරිනි. නලින් ද සිල්වා මයිකල් ප්‍රනාන්දු මෙන්ම වික්‍රමබාහු කරුණාරත්න මහතාද සලකුණු කළේ, ‘ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි’ අනන්‍යතාවය නියෝජනය කරන, සිංහල-බෞද්ධ විරෝධී “බටහිර සංස්කෘතියේ” නියෝජිතයන් ලෙසය.

එහෙත්, නලින් ද සිල්වා කියූ පරිදි, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සැබවින්ම ‘ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි’ අනන්‍යතාවය නියෝජනය කළ සිංහල-බෞද්ධ විරෝධී බටහිර සංස්කෘතියේ නියෝජිතයෙක්ද?

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ඇරිස්ටෝටලියානු ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායට ප්‍රතිමුඛ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථ (Epic / Alienation) රංග රීතිය වෙනුවෙන් පෙනී සිටියෙකි. බටහිර ධනවාදී ආර්ථික ක්‍රමයට එරෙහිව, මාක්ස්වාදී සමාජවාදී ආර්ථික ක්‍රමය වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මනමේ නාට්‍යය පිළිබඳවද විවිධ විවේචන ඉදිරිපත් කළ, සිංහල-බෞද්ධ ස්වෝත්මවාදී ප්‍රවාහයට විරුද්ධව නැගී සිටියෙකි.
යුද්ධයටත්, වර්ග සංහාරයටත් විරුද්ධ වූ ඔහු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගත්තෙකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලෙස පවත්නා වංසකථා සම්ප්‍රදාය වෙනුවට, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන ප්‍රවර්ධනය කළ කාලානුක්‍රමික (Periodization) ඉතිහාස විවරණය පිළිගත් අයෙකි.

එහෙත්, එසේ වූව ද නලින් ද සිල්වා දැක්වූ පරිදි, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ‘ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි’ අනන්‍යතාවයක් නියෝජනය කළ සිංහල-බෞද්ධ විරෝධී නියෝජිතයෙක්ද?

ඇත්ත වශයෙන්ම ඔහු එවැනි ස්ථාවර අනන්‍යතාවයක් නියෝජනය කළ පුද්ගලයෙකු නොවීය. 

අන්‍යෝන්‍යව රඳා පවතින, පරස්පර විරෝධී අදහස් නිරන්තරයෙන් දැකිය හැකි, නලින් ද සිල්වා මහතාගේ විග්‍රහ අනුව නම්, “මයිකල් ප්‍රනාන්දු අනන්‍යතාවය යනු කුමක්දැයි නොදන්නෙකු” ය. එනම්, ඔහු සිය අනන්‍යතාවය කුමක් දැයි හදුනා නොගත් තැනැත්තෙකි.
 
එහෙත් නලින් ද සිල්වා මයිකල් ප්‍රනාන්දු ක්‍රිස්තියානිකාරයෙකු යැයි සෘජුව නොකියා, මයිකල් ප්‍රනාන්දුගේ නිවසේ කුරුසයක් ඇතැයි කියමින් කියන්නට උත්සහ කළේ මයිකල් ප්‍රනාන්දුලාගේ ඇත්ත සංස්කෘතික අනන්‍යතාවය වෙන එකක්‍ ය, එය ඔවුන් හෙලිකිරීමට අසමත් ය  යනුවෙන් සංඛේතාත්මකව සඳහන සිදු කළේය. ඇත්ත වශයෙන්ම මෙය මයිකල් ප්‍රනාන්දුට පමණක් සීමා වූ කරුණක් නොව, බොහෝ ලාංකික ක්‍රිස්තියානීන්ටද අදාළ වන්නකි. ලාංකික කිතුනුවන් බොහොමයක් සිය අනන්‍යතාවය කුමක් දැයි සොයමින්  සිටින පිරිසකි. අනෙක් අතට මාක්ස්වාදී හෝ ජාතික හා ජාතිවාදයන් හෝ  ස්වදේශීය වාදයන් හෝ කරපින්නාගත් බොහෝ ලාංකික ක්‍රිස්තියානින් බොහෝ දුරට අනන්‍යතා අර්බුදයට ලක්ව සිටී. 

එහෙත්, බොහෝ සේ සංසුන්, නිවුනු, සරල හා අල්පේච්ඡ ජීවිතයක් ගත කළ මනුෂ්‍යයෙකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාව වෙනත් ආකාරයකින්ද තේරුම් ගත හැකිය යන්න  මගේ අදහසයි. එය නම්, එතුමා ජර්මනියේ (එවකට නැගෙනහිර ජර්මනියේ) ප්‍රගුණ කළ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග රීතිය හා ජීවන චරිතයයි.

බ්‍රෙෂ්ට් පිළිබඳ හදාරමින් ජර්මනියේ ගත කළ කාලය, ආචාර්ය මයිකල් ප්‍රනාන්දුගේ ජීවිතයේ අතිශය සුවිශේෂී කාලපරිච්ඡේදයක් වූ බවට සැකයක් නැත. බ්‍රෙෂ්ට්ගේ ගමේම ජීවත්වෙමින්, “සමාජවාදී සමාජ ක්‍රමයක්” පැවති බව සඳහන් නැගෙනහිර ජර්මනියේ, දුරස්ථ රංග රීතිය ප්‍රගුණ කරමින්, සිය චින්තනය ගොඩනගා ගනිමින්, සියල්ලෙන් විගලිතව හා දුරස්ථව සිටීම ඔහු විසින් සවිඥානිකව තෝරාගත් ජීවන රටාවක් විය හැක.

ඒ අර්ථයෙන්, ක්‍රිස්තියානි ඇතුළු බොහෝ අනන්‍යතාවයන්ගෙන්ද දුරස්ථව සිටීමට ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ප්‍රිය කළා විය හැක. එහෙත්, අනන්‍යතාවයන් යනු පුද්ගලයා මිය ගිය පසුවද ඔහුගෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන්නක් නොවේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු යන නාමය ඇසෙත්ම ඔහුගේ අනන්‍යතාවය ඒ සමග නැගී සිටී.

"A person is really dead only when nobody thinks of him anymore." - Bertolt Brecht

මාකස් ප්‍රියන්ත පෙරේරා 
01/02/26