Marcus Priyantha Perera
Thursday, 14 September 2023
චැනල් 4 - කාදිනල්, ශෙහාන්, කීර්ති, චම්පික, අනුර සහ සිරිල් ගාමිණී පියතුමා
Tuesday, 22 August 2023
රනිල් මඩු මංගල්‍යයට සහභාගීවීම කතෝලික පල්ලියේ ප්‍රතිපත්තිමය වෙනසක් නිරූපණය කිරීමක්ද?
පසුගිය අගෝස්තු 15 දා මඩු පල්ලියේ පැවැති වාර්ෂික මංගල්‍යයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආවනේ.. ඔහු එහිදී කතාවකුත් කලානේ... "රනිල් වික්‍රමසිංහට මඩු මංගල්‍යයට එන්න කිව්වේ කවුද?", "එයාට කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද?", "එයා එතන කලේ සම්පුර්ණ දේශපාලන කතාවක් නේද?", "රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් ඕනෑම දේශපාලකයෙක්ට මංගල්‍යය පුජාව අතරතුර කථා පවත්වන ඉඩදීලා මංගල්‍යය පුජාව දේශපාලන වේදිකාවක් බවට පත්කරගන්න ඉඩ දෙනවද?", "මිනිස්සුන්ගේ සද්ධාවට, භක්තයට සහ ශුද්ධ භූමියට එමගින් හානිවෙනවා නේද?" ආදි ලෙස ඒ සම්බන්ධයෙන් කිතුනුවන් අතර මතුව ඇති විරෝධයත්, කතිකාවත් පිළිබඳව මම ඉතා උනන්දුවෙන් බලා සිටියා...
මගේ අදහස නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මඩු දේවස්ථානයේ ප්‍රධාන වාර්ෂික මංගල්‍යයට සහභාගීවීමත්, එහිදී කතාවක් පැවැත්වීමත් ඉතා වැදගත් සංදිස්ථානයක් සටහන් කරනවා කියන එකයි.
මම එහෙම කියන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි දැන් බලන්න අර මතුවෙලා තියෙන්න කරුණු: "රනිල් වික්‍රමසිංහට මඩු මංගල්‍යයට එන්න කිව්වේ කවුද?", "එයාට කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද?"...ඕවා බලද්දීම අපිට තේරෙනවා නේද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපේ තියෙන විරෝධය. අපි දන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වෙද්දීම කාදිනල් තුමා ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ එක්ක එකට හිටගනිමින් කිව්වා "අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව වගේම ඔහුගේ පත්වීමත් පිලිගන්නෙත් නෑ" කියලා. ඔහුට ජනවරමක් නෑ කියලාත් කිව්වා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් ජයගෙන පත්වූ ජනාධිපතිවරයෙක් නොවන බව ඇත්ත. ඒත් ඔහු පත්වුනේ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. එහෙම පත්වූ ජනාධිපතිවරයෙක් අපි පිලිගන්නේ නෑ කිව්වහම ඒක එක්තරා ආකාරයකින් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිගන්නේ නෑ කියනවා වගේ කතාවක්... මම දන්නේ නෑ කාදිනල් තුමා ඒ ප්‍රකාශය කලේ රදගුරු මණ්ඩලයේ තීරණයක් අනුවද? දේශපාලන දැනුවත්භාවයක් උඩද? නැතිනම් ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගේ ලණුවක් කාලද කියලා... අනික අපි රනිල් වික්‍රමසිංහගේ ජනවරම ගැන ප්‍රශ්ණ කරනවා නම් එහෙම ප්‍රශ්න කරන්න තිබුනේ ඔහු පැරදිලා ඒත් ජාතික ලැයිස්තුවේ මංත්‍රිවරයෙක් ලෙස දිවුරුම් දීමේ ඉදලමයි. අන්න එහෙම කලා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීම අපි පිලිගන්නේ නෑ කියන්න අපිට පැහැදිලි පදනමක් තියෙනවා.
කොහොමත් අපිට රනිල්ට විරුද්ධ වෙන්න පැහැදිලි කාරණා රාශියක් තියෙනවා. මූලික දේ තමයි පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී ඔහු තමයි අගමැති. ඔහුට ඒ වෙලාවේ ජාතික ආරක්ෂාව ගැන වගකීමක් තිබුනේ නෑ කියන කාරණය ගැන පදනමක් තියෙන්න පුලුවන්, එහෙත් ඔහු තමයි සිරිසේන ජනාධිපතිවරයා කර අරිද්දී රජයක් විදිහට ජාතික ආරක්ෂාවේ බිදවැටීම නිසා ප්‍රහාරය එල්ලවුනා කියලා වගකීම බාරගත්තේ..අද ඔහු ජනාධිපති ඒත් පාස්කු ප්‍රහාරය ගැන නිසි නීතිමය ක්‍රියාමාර්ග තවම අරගෙන නෑ...පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන නිලන්ත ජයවර්ධලා, දේශබන්දු තෙන්නකෝන්ලා, සුරේෂ් සාලි ලා තවම තනතුරුවල ඉන්නවා..රනිල් වික්‍රමසිංහට ඕනේ නම් කියන්න පුලුවන් එයා ජනාධිපතිවරයා වුනාට ආණ්ඩුව පොහොට්ටුවේ නිසා එයාට එහෙම්ම ක්‍රියාමාර්ග ගන්න බෑ කියලා. ඒත් අපි විශ්වාස කරනවද රනිල් වික්‍රමසිංහ එහෙම ක්‍රියාමාර්ග ගනියි කියලා.. නෑ රනිල් වික්‍රමසිංහ ලංකා රාජ්‍යය ආරක්ෂා කරන්නෙක් මිසක් රාජ්‍යය යට ක්‍රියාත්මක වෙන ජාතිවාදී, වර්ගවාද, මිලිටරි, බල දේශපාලන හස්තයන් හෙලිකරන්න, ඒවා එක්ක හැප්පෙන්න යන්නේ නෑ...ඒවා එක්ක හැප්පිලා එයාගේ දේශපාලන න්‍යාය පත්‍රය අවුල් කරගන්න එයා යන්නේ නෑ...ඇත්තම කිව්වොත් එයා විතරක් නෙමේ රාජ්‍යය බලය ගැන උනන්දු ඔය කිසිම සිංහල දේශපාලකයෙක් ශ්‍රී ලංකා රාජ්‍යය යට ක්‍රියාත්මක වෙන, ශ්‍රී ලංකා රාජ්‍යය තුල මුල්බැසගෙන ඇති, ජාතිවාදී, වර්ගවාදී, මිලිටරි, බල දේශපාලන හස්තයන් එක්ක හැප්පෙන්න යන්නේ නෑ...එනිසා තමයි රනිල්ගේ පාලනයක් තුල පවා පාස්කු ප්‍රහාරය ගැන විතරක් නෙමේ අතුරුදන් කල, ඝාතනය කල උතුරේ පියතුමන්ලා, ගිහියන් පිලිබදව විතරක් නෙමේ රෝෂාන් චානක, හලාවත ඇන්ටනී, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැල්ගොඩ ආදීන්ට පවා යුක්තිය ඉටුවෙයි කියලා හිතන්න බැරි.
ඉතින් අපි රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප කරන්න ඕනේ නේද? ඔහුට විරෝධය දක්වන්න ඕනෑ නේද? ඔව් ඇත්ත. හැබැයි කතෝලික පල්ලිය එහෙම කටයුතු කරන්න යන්නේ නෑ..මොකද එහෙම කටයුතු කරන්න ගිහිල්ලා එගොල්ලන්ට කිසිදෙයක් කරගන්න බෑ විතරක් නෙමේ පවතින්නත් බෑ කියලා ඒගොල්ලෝ දන්නවා... එක තමයි ඒගොල්ලන්ගේ තක්සේරුව...
එගොල්ලන්ගේ විතරක් නෙමේ ෆාස්‍ටර් ජෙරම්ගේ තක්සේරුවත් එහෙමයි. ඒ නිසා නේ විරෝධාර දිවැසිවරයෙක් වගේ ප්‍රකාශ කරලා දැන් අම්මා-තාත්තව දාලා ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ හරහා කිසියම් පිලිසරණක් හොයන්න හදන්නේ... ඔය කවුරුත් දන්නවා "දෙවියන්ගේ දෙවියන්ටත්, සීසර්ගේ දේ සීසර්ටත්" දෙන්න කියලා ජේසු කිව්වත් ක්‍රිස්තියානි පල්ලියේ බලය තිබ්බ, පල්ලියත් රාජ්‍යයත් එකට බද්ද වෙලා තිබ්බ, මධ්‍යතන යුගය බිදවැටිලා බිහිවුනු නූතන ජාතික රාජ්‍යය තුල දේශපාලනයෙන් තොරව පවතින කිසිවක් නෑ කියලා. දේශපාලනයෙන් තොරව පල්ලිවල මංගල්‍යයක්වත් කරගන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව පිලිගන්නේ නෑ, මාව බලන්න කිසිම දේශපාලකයෙක් එන්න එපා කියන කාදිනල්ගේ තද ස්ථාවරය තුල පල්ලියට දිගටම පවතින්න බෑ කියලා පල්ලිය දන්නවා...ඒ නිසා කාදිනල්ගේ ස්ථාවරය පැත්තකින් තියෙද්දී කතෝලික සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක කටයුතු කරන්න තීරණය කරනවා.
මෙවර මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණීම තුල සටහන් කරන්නේ කතෝලික සභාවේ එම ප්‍රතිපත්තිමය වෙනස වෙන්න පුලුවන්. එයා මීට කලින් 2018 දීත් ආවා, ඊටත් පෙර ජනාධිපති ප්‍රේමදාසත් මඩු මංගල්‍යයේ පුජාවට 1982දී ඇවිත් තියෙනවා...
ඒ කොහොම වුනත්, ඇත්තටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට එන්න ආරාධනා කලේ කවුද? අල්‍තාරේ නොවුනත් අල්තාරේ පැත්තකින් ඉදලා හරි කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද? මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු ද රනිල්ට ආරාධනා කලේ, රදගුරු සමුළුවේ තීරණයක් අනුවද ආරාධනා කලේ නැතිනම් ශ්‍රී ලංකාවේ වතිකානු තනාපති (අපෝස්තලික නන්සියෝ) බ්‍රයන් උදයිග්වේ ද රනිල් ට ආරාධනා කලේ කියලා අහන,කතෝලික ගිහි ක්‍රියාකාරීන්, ගිහි සංවිධානය ලංකා කතෝලික සභාවෙන් අහන්න ඕනෑ ඒවා නෙමේ... ඒ අය අහන්න ඕනෑ කතෝලික සභාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න තීරණය කළාද? කියන එකයි...එහෙම නම් ඒ මොන පදනමින්ද? පාස්කු ඉරිදා ප්‍රහාරට යුක්තිය ඉටුකරගන්න, සත්‍යය මතුකරගන්න, ඔහු සහයෝගය දෙන්නේ කොහොමද? ස්කොට්ලන් යාඩ් එක සම්බන්ධ කරගන්නවාද? ආදිය තමයි අහන්න ඕනේ..
අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ වතිකානු තනාපති (අපෝස්තලික නන්සියෝ) බ්‍රයන් උදයිග්වේ එම මංගල්‍යය පුජාවේ සදහන් කල සංහිඳියාව ගොඩනැගීමට ජනාධිපතිවරයා දරණ උත්සාහයට වතිවානුවේ සහය හිමිවෙනවා කියන එක ගැනත් පැහැදිලි කරගන්න ඕනේ...එහිදී ඔහු සංහිඳියාව කියලා සදහන් කලේ පල්ලිය සහ ජනාධිපතිවරයා අතර සංහිඳියාවද නැතිනම් ජාතීන් අතර සංහිඳියාවද කියන එකත් පැහැදිලි කරගන්න ඕනේ. මොකද ජනාධිපතිවරයා සංහිඳියාව ගොඩනගවා කියන්නේ 13වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම හා එකට එක් කරලා කතා කරන නිසා කතෝලික සභාව 13 ගැනයි මේ කියන්නේ කියලා වෙනත් අර්ථ නිරූපණයන් ඇති වෙන්නත් ඉඩ ඇති නිසා...
ඒවගේම ජනාධිපතිවරයා මඩු පල්ලියේ දේශපාලන කතාවක් කෙරුවා කියන එක ගැනත් කියන්න ඕනේ... දේශපාලකයෝ කරන්නේ දේශපාලන කතා මිසක් වෙන මොනවද? හැබැයි රනිල් එතැන ක්‍රවුඩ් එක, රැස්වෙලා ඉන්න පිරිස, ගැන අදහසකින් තොරවයි කතා කලේ.. ඔහු, ඔහුගේ කතාව තුල මන්නාරමේ සංවර්ධන සැලසුම් ගැන කතා කලේ එතැන ඉන්න වැඩි පිරිසක් මන්නාරමේ ය කියලා හිතන්ද? වන්දනාකරුවන්ට දුම්රියක් දාන එක තමයි ඔහු වන්දනාකරුවන් ඉලක්ක කරන් සදහන් කලේ... ඇත්තටම රනිල් කතා කලේ එතැන හිටපු පිරිසට වඩා එතැන නැති පිරිසට... මුළු රටටම.. සහ ඉංදියාවට...ඉංදියාවේ අද්වානිලාගේ ආයෝජකයන් විදිහටනේ ඔය මන්නාරමේ සහ පුනරින් බලශක්ති උත්පාදන වැඩසටහන් දියත්වෙන්න යන්නේ...රනිල් ඔහුගේ කතාව තුල ඉංදියාවක් ගැන කිව්වේ නම් නෑ තමයි, නමුත් වැඩපිළිවෙළ ගැන කිව්වා...
පල්ලි, පංසල්, පාසැල් කියලා නෑ, රනිල් ඕනෑ තැනක ගිහින් දැන් කියන්නේ එයාගේ වැඩපිළිවෙළ ගැන.. එහෙම කියලා එයා අපෙන් අහන්නේ මම මේක කරන්න යන්නේ ඔයලා එකතුවෙනවද? නැද්ද? කියන එකයි... මඩු පල්ලියේ දී රනිල් එයාගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා වතිකානුවෙන්, රදගුරු මණ්ඩලයෙන් වගේම රටේ කතෝලියන්ගෙන් ඇහැව්වේත් ඒකයි: "මම මේක කරන්න යන්නේ...ඔය ගොල්ලෝ එකතුවෙනවද? නැද්ද?"
අපිට තියෙන්නේ විසදුම් තුනයි..එක්කෝ රනිල් එක්ක එකතුවෙන්න ඔනේ...නැතිනම් රනිල්ව පන්නන්න ඕනේ..ඒත් රනිල්ව පැන්නුවා කියලා වැඩක් නෑ.. මොකද අර වැඩපිළිවෙළ යනවා..කවුරු ආවත් ඒ වැඩපිළිවෙළ දැන් යනවා.. IMF හරහා, IMF එකෙන් උදව් ගන්නවා කියලා වෙලා තියෙන්නේ ඒක.. අර වැඩපිළිවෙළ ස්ථාපිත වෙන එකයි වෙන්නේ...ඒ නිසා රනිල් එලෙව්වා කියලත් වැඩක් නෑ වැඩපිළිවෙළ දිගටම යයි... ඉතින් ඔය විසදුම් දෙකම වැඩක් නෑ...තුන්වෙනි විසදුම තමයි ඔය වැඩපිළිවෙළ පරාජය කරන්න කටයුතු කරන එක..ඒක ලේසි නෑ.. ඉක්මනින් කරලා ඉවර කරන්නත් බෑ, සංකිරණයි, පුළුල්, සීමාවක් නෑ, ජාත්‍යන්තරයි, ක්ෂේත්‍ර ගණනාවකට විහිදෙනවා..හැබැයි උත්සාහයක් දරන එක, දායක වෙන එක වටිනවා...මොකද ඒකෙන් මුළු මනුෂ්‍ය සංහතියටම, ලෝක ගෝලයටම අද්විතීය ප්‍රතිඵලයක් ලැබෙනවා, හරියට අර බයිබලයේ සදහන් කරන විමුක්තියේ සුභාරංචිය වගේ!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
21/08/23
Tuesday, 8 August 2023
පල්ලියට හෝ පාලකයින්ට සීමා කල නොහැකිවූ මෙඩ්ජුගෝර්ජේ (Medjugorje) බැතිය!!

Monday, 31 July 2023
Barbie සහ Oppenheimer පරම්පරා දෙකක යුග වෙනස නිරූපණය කරන සිනමා සමාර්ථයන්ද?
Wednesday, 26 July 2023
බ්‍රිතාන්‍යයන්ගේ ගෞරවාදරයට ප්‍රාප්තවූ ජෝර්ජ් අලගායා නම් නිහතමානී මිනිසා

BBC ප්‍රවෘත්ති සේවයේ සවස හයට ප්‍රවෘත්ති කියූ ජෝර්ජ් අලගායා (George Alagiah) නික්ම ගොසිනි. වසර 10කට ආසන්න කාලයක් පිලිකා රෝගයකින් පීඩා විදි ඒ මහතා මට අවස්ථා කිහිපයකදීම මුණ ගැසී ඇත. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ අයවද මම කාලයක් තිස්සේ දන්නා හදුනමි.
ජෝර්ජ්ට පෙර මට මුණ ගැසුනේ ඔහුගේ පියා සහ සහොදරියන් ය. ඒ 2001 තරම් ඈත කාලයේදීය. ඩොනල්ඩ් අලගායා (Donald Alagiah) වු ජෝර්ජ් ගේ පියාට මාව හදුන්වා දුන්නේ Samuel Durham නම් මාගේ මිතුරෙකි. ඔහු මාව ඩොනල්ඩ් අලගායා ට හදුන්වා දුන්නේ මෑතකදී ලංකාවේන් පැමිණි ශිෂ්‍යයෙකු ලෙසිනි. ඔවුන් ජීවත්වුයේ අප ජීවත්වන ප්‍රදේශයට තදාසන්න ප්‍රදේශයකය. අපි දේශපාලන විද්‍යා ධාරාවෙන් අධ්‍යයනය හැදෑරුවන් නිසා ජොර්ජ් ගේ පියාවූ ඩොනල්ඩ් අලගායා (Donald Alagiah) කෙලින්ම කතාවට බැස්සේ රටේ දේශපාලන තත්වය ගැන විමසමිනි. ඒ අපි ලංකාවේ සිට ආ අළුතමය. අපේ දේශපාලන විග්‍රහයන් සහ භාවිතය ගැන මා හදුනාගත් මුල් දිනයේ සිටම ඔහුට කිසියම් පැහැදීමක් තිබුනි.
ඔහු සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කිරීමත් සමගම ලංකාව පිලිබදවු බලාපොරොත්තු අත්හැර වෙනත් රටවල රැකියා සොයා ගිය, බටහිර අප්‍රිකාවේ (ඝානාවේ) කාලයක් ජිවත්වී, සිය දරු පවුල සමග බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණියෙකි. ඔහු බ්‍රිතාන්‍යයට පැමිණෙනවිට සිය ජීවිතයේ තරුණ කාලයත් පසුකර අවසන්ය. අප ඔහු හදුනාගන්නා විටත් ඔහු වයවෘද්ධය. ඒ වනවිට ඔහුගේ බිරිද මිය ගොස් තිබිනි. එහෙත් සිය දියණියන් 4 දෙනාගේ සහ පුතාගේ ආදරය සහ අනුහස හොදින් ලබමින් ඔහු සතුටින් ජීවත්විය. ජොර්ජ්ගේ පියා, ඩොනල්ඩ්, මා හමුවූ හැමවිටම, දිගින් දිගටම, ලංකාවේ යුද්ධය, නිමක් නැති මනුෂ්‍යය ඝාතන, අතුරුදහන්වීම් සහ වදහිංසා ගැනත්, වර්ගවාදී දේශපාලනය ගැනත් දීර්ඝ වශයෙන් අදහස් බෙදාගත් තැනැත්තෙකි. ඒ සෑම විටම ඔහු කැටව ආ දියණියන් ඔහුගේ අදහස් දැක්වීම ඉවර කරන්නට ඉඩදී බලාසිටියහ. එලෙස හමුවූ බොහෝ අවස්ථාවල ඔවුන් දැක්වුයේ "let me introduce you to my son/our brother" යනුවෙනි.
කලකට පසු ඒ අවස්ථාව උදාවුනි. ඩොනල්ඩ් සහ ඔහුගේ දියණියන් වරක් මට ඔහුව, ජෝර්ජ් අලගායා (George Alagiah) ව, හදුන්වා දුනි. ඉන් අනතුරුවත් මට ඔහු කිහිප අවස්ථාවකම හමුවිනි. ඩොනල්ඩ් (පියා) ට මෙන් නොව ජෝර්ජ් (පුතා) ට ලංකාව ගැන තද බැදීමක් නොවිනි. අලගායා පවුල ලංකාවෙන් පිටත්ව යන විට ජොර්ජ් අවුරුදු 06ක ළමයෙකු විය. ඔහුට ලංකාව ගැන එතරම් ගැබුරු මතකයක් නොවුනි. එහෙත් සුනාමි ව්‍යාසනය සිදුවූ සමයේ BBC වාර්තකරුවෙකු ලෙස ඔහුගේ පියාගේ පියාගේ (සීයාගේ) නිවස පිහිටි ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට ගොස් තිබුනි. සුනාමියට ඔවුන්ගේ නෑ පරම්පරාවේ කිහිපදෙනෙකුම බිලිවී සියාගේ නිවසේ ලිඳ පමණක් ඉතුරුවී සෙසු සියල්ල විනාශවී ගොස් තිබුනි. සුනාමිය, යුද්ධය ගැන ඔහු තරමක් කතා කලද. ඔහුට ලංකාව සම්බන්ධයෙන් තිබූ බැදීම සීමා සහිතය යන්න මගේ හැගීමයි.
ඔහුට ලංකාවට වඩා අප්‍රිකාව ගැන විශේෂ උනන්දුවක් , අවධානයක් සහ ලැදියාවක් තිබුනි. ඒ ඔහු සිය පාසැල් දිවියේ මුල්ම කොටස එහි ගතකර තිබීම නිසාත්, සිය මාධ්‍යවේදී දිවිය ආරම්භ කරන්නේ BBC යේ අප්‍රිකානු වර්තාකරුවෙකු ලෙස වීමත් එයට හේතුවන්නට ඇත. ඔහු සෑම අතින්ම වෘත්තියවේදියෙකු (professional) ලෙස කටයුතු කරන බවක් පෙනුනි. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේන් OBE (Order of the British Empire) සම්මානය ලැබීමට තරම් ඔහුගේ එකී වෘත්තිය භාවය හේතුවිය. ඔහුගේ සමාජ සම්බන්ධතාවල ස්වරූපයත් ඒ ආකාර විය. භාෂාව භාවිතයේදි මෙන්ම හැසිරීමේද ඔහු දැක්වූයේ එවැනි ස්වරූපයකි. ඔහු මුලින්ම ලියූ 'A Passage To Africa' පොත මට ඔහුගේ සොහොයුරියකගෙන් ලැබුනි. එම කෘතියේ භාෂාව මෙන්ම ස්වභාවයද ඇමැරිකාවේ හිටපු ජනාධිපති Barack Obama ලියූ 'Dreams from My Father' කෘතියට සමාන යැයි මට හිතේ. ජෝර්ජ් අලගායා (George Alagiah) ද බැරැක් ඔබාමා (Barack Obama) මෙන් ලෝකයක් දිනාගත්තෙක් යැයි මට සිතේ.
ඔවුන් දෙදෙනාම එම සමාජයන්වලට ඉතා හොදින් අනුගතවූ, එම සමාජවල කොටසකරුවන් වූවන් විය. ඒ දෙදෙනාටම එකී සාමාජයන් තුල හොදින් අනුගත්වීමට ඔවුන්ගේ අධ්‍යයනය මෙන්ම ඔවුන්ගේ ක්‍රිස්තියානි සංස්කෘතියද එක සේ හේතුවිය. එය කෙතෙක් දුරට ඔවුන්ගේ අනන්‍යතාවය සමග බැදී තිබුනේදැයි කිවහොත් BBC ය ජෝර්ජ් අලගායා (George Alagiah) ගේ මරණය ගැන දන්වමින් පලකල නිල නිවේදනයේ දැක්වූයේ ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ක්‍රිස්තියානුවකු (a Tamil Christian) ලෙසය.
Your soul lives on in the people you touched - RIP George!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
25/07/23