This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 24 March 2022

බල හුව මාරුවට රාජපක්ෂලාගේ තේරීම රනිල් ද?

මේ පොටෝ එක ඊයේ පවත්වපු සර්ව පාක්ෂික සම්මේලනය ගැන පලකර තිබුන පොටෝ එකක්. ඒ සමුළුව හදුන්වලා තිබුනේ "රටේ පවත්නා ආර්ථික අර්බුදයට කඩිනම් විසදුම් සෙවීමට පැවැත්වු සර්ව පාක්ෂික සමුළුව'' කියලයි. සොයාගත්ත විසදුම් මොනවාද කියලා දන්නේ නෑ.  පත්තරවල ඒ ගැන දාලා තිබුනෙත් නෑ. 

හැබැයි මේ පින්තූරේ දැක්කහම හිතනවා මේ අය ලොකු විසදුමක් දෙන්න යන්නේ වගේ කියලා...ඒ තරමට ඒ පින්තුරේ පෙනුමයි..

ඒත් අපි දන්නවා එහෙම වෙන්නේ නෑ. ඔහොම සර්ව පාක්ෂික සමුළු දාල රටේ ප්‍රශ්න විසදන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද. මේවා මොන බොරු වැඩද..සර්ව පාක්ෂික සමුළුවකට තියෙන බලය මොකක්ද? ඔය අයට දෙන්න පුලුවන් විසදුම් මොනවාද? ඔය ආදි දාහක් දේවල් අපේ ඔලුවලට එනවා. 

ඒත් ඒ  පොටෝ එක දැක්කහම ආයේම හිතෙනවා විසදුමක් දෙන්න වගේ යන්නේ කියලත්.. 

ඒ මොකද ඔය පොටෝ එකට අර ගෑස් පොලීම්, ශෙඩ්වල පැට්‍රෝල්, භූමිතෙල් පෝලිම්, කිරිපිටි පෝලිම් ඔය එකක්වත් පේන්නේ නෑ. නැත්නම් අමතක වෙලා යන නිසා. 

ඔය අස්සේ සර්ව පාක්ෂික සමුළුව අස්සේ රනිල් දිගට හරහට බැට් කරනවා...බැසිල්ට නැතිවෙන්නෙ දෙනවා...කබ්රාල්ව කුඩු කරලා දානවා... ජනාධිපතිතුමා ඔබතුමාගේ හිත රිදුනනන් සමාවෙන්න කියලා රනිල්ට කියනවා. රැස්වීම කැදෙව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවෙන් වුනත්, පොරවෙන්නේ රනිල්..මිනිහා එකට වැටුනත්, රට බිංදුවටම  වැටුනත්, බිමට වැටෙන්නේ නෑ.... 

රනිල්ගේ රෝල් එක බලලා නන්නත්තාර වෙලා හිටිය UNP කාරයෝ කියන්න ගන්නවා පොදු අපේක්ෂකයා විදිහට කරූ වගේ කෙනෙක් හොදයි නේ...එතකොට රනිල්ට අගමැති වෙන්න පුලුවන් කියලා  කියනවා...

ඔය ගමන්ම අහනවා කෝ සජිත්ලවත්, අනුරලවත් ආවේ නැද්ද? චම්පික හරි එන්න තිබුනේ කියලත් කියනවා...

ඒ එක්කම මේ ආන්ඩුව පන්නන්න ඕනේ, මුන්ව එලවන්න ඕනේ කිය කිය පෝලිම්වල වරුගනන් රස්තියාදු වෙන මිනිස්සු, ගිනි ගනන් දීලා බඩු ගන්න මිනිස්සු, අනුරලා හයිලෙවල් පාර අහුරගෙන පෙලපලියෙන් දහඩිය දාගෙන, කෑමොර ගහගෙන නුගේගොඩ පැත්තට ඇදෙනවා දැකලා කියනවා "පෝලිම්වල හිටියා මදිවට මුන් දැන්  පාරත් අහුරලා, මිනිස්සු කොහොමද පාරේ යන්නේ මොන කරුමයක්ද මේ කිය කිය බැන බැන යනවා. 

පත්තරවල හරි T.V එකේ හරි ගිය ඔය පොටෝ එක කාගේ හරි ඔලුවේ තිබ්බොත් එහෙම එයට මතක් වෙන්නේ ලෝකෝපකාරය..'වියතුන් සභා මැද - ඉන්ට ඉදිරිව'' කියන කොටස. 

මුන්ට බෑනේ හරි තනැක ඉදගෙන මේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න කියලා හිතනවා. එතකොට පෙලපාලි යන උන්ගේ දෙමාපියෝ මතක් කරනවා 

          'දෙගුරුන් විසින් තම දරුවන්ට - දෙන නොමඳ දන නම් 

           වියතුන් සභා මැද - ඉන්ට ඉදිරිව සිල්ප දෙනු මැයි...'  

ඒකත් ඉතින් 'ලෝකෝපකාරය' පොතෙන් ම තමයි. 

මේ සුමානේ පටන් ගද්දීම එක ඇතෙක්  මාගල්කන්දේ සුදන්ත හමුදුරුවන්ට කිතුල් පොල්ලකින් දමලා ගහනවා දැක්කා. අද දැක්කා ඔය පහලින් තියෙන බැසිල් ගේ කතාවකින් උපුටා දක්වලා තියෙන ඊයේ සර්වපාක්ෂික හමුවට ආපු රනිල් පෙන්වලා 'තනි අලියා දරුණුයි' කියන කතාව. 

පහුගිය සති කිහිපය පුරාම විපක්ෂයේ ප්‍රබල උද්ඝෝෂණ රැල්ලක් දියත්වුනා. සජිත් ලොකු සෙනගක් අරන් ඇවිත් ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉස්සරපිට ලොකු විරෝධතාවයක් සංවිධානය දියත්කලා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍යය සංගමයත් එතැනම වෙඩි වගේ දැවැන්ත උද්ඝෝෂණයක් කලා. ඊයේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ජාතික ජන බලවේගය විශාල සෙනගක් සහභාගිවුනු අති දැවැන්ත උද්ඝෝෂණයක් නුගේගොඩ කලා. 

ඒ ඔක්කොම දැවැන්ත කැපවීම්/කැපකිරීම් මැද සංවිධානය කරපු ඒ සියලු උද්ඝෝෂණ, විරෝධතා මැද  ඒ කිසිවක් නොකර, එහෙම බලයකුත් නැතිව මෙන්න රනිල් වික්‍රමසිංහ අවධානය දිනාගෙන...

'තනි අලියා' දරුණුයි කියලා අර 'තුන්පත් රෑන' වගේ ඉන්න බැසිල්-ගෝඨා-මහින්ද ලත් කියනවා..

ඇත්තටම මේ වෙන්නේ වෙන මොකවත් නෙමේ අර 'තුන්පත් රෑන' වගේ ඉන්න බැසිල්-ගෝඨා-මහින්ද ලා රනිල්ව පුම්බන එකයි මේ කරන්නේ.  මම හිතෙන්නේ සමරවිට ඒ ගොල්ලෝ මේ කරන්නේ මේ වෙලාවේ බලහුවමාරුවක් කරන ඕනේ නම් කරන්න හොදම විකල්පය රනිල් වික්‍රමසිංහ කියලා තෝරාගෙන රනිල් ව පෝර්ම් කරන එක තමයි ඔය කරන්නේ...

රනිල් ඒගොල්ලන්ට කරදයක් කරන මිනිහෙක් නෙමේ කියලා ඒ ගොල්ලෝ දන්නවා. ඒ වගේ කෙනෙක් බලයට ආවහම ඒගොල්ලන්ට ආපහු  බලයට එන්නත් අපහසු නෑ කියලත් ඒගොල්ලෝ දන්නවා. ඒ අනුව ඒගොල්ලෝ මේගොල්ලෝ දෙගොල්ලොම රැකෙනවා. 

ඒත් රටේ ප්‍රශ්න විසදෙනවද? සමහරවිට ක්ෂණික සහන ලැබෙන්න පුලුවන්..ගෑස් පෝලිම්..ශෙඩ්වල පැට්‍රල්, ඩීසල්, භූමිතෙල් පෝලිම් නැතිවෙන්න පුලුවන්, බඩු හිගයට විසදුම් ලැබෙන්නත් පුලුවන්, බඩු මිල අඩුවෙන්නත් පුලුවන්, ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත වෙන්නත් පුලුවන්...

ඒත් රට එරිලා තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුලුවන්ද? මේ අපරාධකාරයෝ, හොරු වංචාකාරයෝ රජකරන එක නවත්වන්න පුලුවන්ද? ඇති එකා වැජඹෙන, නැති එකා පෑගෙන මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න පුලුවන්ද? රටේ සුලුතර ජනයාගේ අනන්‍යතාවයන් යටපත්කරලා මහජාතියේ වාර්ගික-ජාතික අනන්‍යතාවයන් සුලුතර ජනයා මත බලෙන් පටවන අධිපති දේශපාලනය ආධිපත්‍යය බිදදමන්න පුලුවන්ද? අඩුම තරමින් පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිකරලා අපරාධකරුවන්ට දඩුවන් දීලා, වින්දිතයන්ට යුක්තියදීමවත් කරයිද? 

රාජපක්ෂලා යටතේ නෙමේ, රනිල් යටතේ නෙමේ, සජිත් යටතේ නෙමේ, චම්පික යටතේවත් ඒවා නොවෙන්න පුලුවන්. අනුර ලාට ඔය ප්‍රශ්න ගැන කොතරම් බැරෑම් අවබෝධයක් තියෙනවාද කියලා මට තවම නිගමනයකට එන්න අමාරුයි.   

හැබයි මේ අර්බුදයන් ගැන වඩාත්ම පුළුල් අවබෝධය ඇත්තේ රනිල්ට වෙන්න පුලුවන්. ඒත් එයා එයාගේ පන්තියට පිටින් තීරණ ගන්නේ නෑ. ඒ ගොල්ලෝ ආරක්ෂාකරන පන්ති පදනම්, ප්‍රභූ රාජ්‍ය ව්‍යහුයන් නිසා එගොල්ලෝ වුනත් අපරාධකාරයෝ රකිනවා. ඒ නිසාම වෙන්න පුලුවන් රාජපක්ෂලා වුනත් බැරි නම් අඩියක් පස්සට ගිහින් බල හුවමාරුවක් කරන්න ඕනේ නම් රනිල්ව ෆොර්ම් කරන්නේ.. තවමත් ඒක ඒ විදිහටම නොවෙනත් පුලුවන්.  

ඒත් අපි බලන් ඉම්මු;

"ඔබ තනි ඇතෙක්වුව වන මැද සරණ

ඔබ ඇත් රජෙකි සිය පරපුර රකින

ඔබ ඇත් රජෙකි ඇත් කුලයම බැබලවන

ඔබ ඇත් රජෙකි සිරි දලදා කරඩුව වඩමවන'' 

කියලා එදිරියට එන දේශප්‍රේමින් කවුද කියලා !!

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

24/03/22

Tuesday 8 March 2022

ලෝක කාන්තා දිනය ගැන


M අනිත්‍ පැත්තට පෙරලුවහම W වෙනවා. එතකොට Man වෙනුවට Woman නියෝජනය වෙනවා. එත් woman කියන එක ඈතුලේත් man කියලා කොටසක් තියෙනවා. හරියට surname/වාසගම් වගේ; McDonald’s, McDonna's කරන්න බැහැනේ?

ඕනේ නම් අලුත් වාසගම්/surname ජාතියක් පටන් ගන්න පුළුවන් හරියට WcDonald නැතිනම් WcDonna වගේ. නැතිනම් මුළුමනින්ම මුළු මුහුණුවරම වෙනස් කරන්න ඕනේ.

හරියට ලෝක කාන්තා දිනයට සමහර රටවල් KFC එක පටන්ගත්ත Colonel Sanders රූපේ වෙනුවට ඔහුගේ බිරිදගේ, Claudia Sanders, රූපේ දානවා වගේ.

එත්, එහෙම කලත්, KFC, KFCමයි. එහෙනම් ලෝක කාන්තා දිනයක් ඇයි?

ඒ මේක පිරිමි ලෝකයක්, එහි කාන්තාවන්ද සිටින බව සිහිකිරීමටද?
නෑ, පිරිමින්ට වගේම කාන්තාවන්ටත් හැම අයිතිවාසිකමක්ම හිමි බව පසක්කර දීමටත්, ඔවුන්ද මිනිස් සමාජය තුල කිසිදු වෙනසකට භාජනය නොකල යුතුය යන්න නැවත නැවත මතක්කර සිටීමටයි.

මේ ජයාරූප පෙලේ ඉන්නේ සින්ඩෙරෙල්ලාගේ සිට හොලිවුඩ් සිනමාව තුල විව්ධ ආශ්කාන්තවත් චරිත නිරූපයකල නිලියන්. ලමාවියේදී එම චිත්‍රපටි නැරැබූ ලමුන්, ගැහැනු-පිරිමි බේදයකින් තොරව ඔවුන්ට ආදරය කල මුත් කාලයත් සමග ඔවුන්ගේ ජීවිතවලින් එකී සුන්දර චරිත ඉවත්වී වෙනත් හිංසාකාරී චරිතවලින් තරැණ මනස් පුරවා ගන්නේ ඇයි යන්න දැන් නිතර ප්‍රශ්න කරන දෙයක්.  

ඉහත ජයාරූප අතර ගැහැනු-පිරිමි බේදයකින් තොරව ලමුන්ගේ ආදරයට පාත්‍රවූ Lesley Ann Warren, Andrea Martin, Mitzi Gaynor, Julia Andrews, Lady Thiang (The King and I), Audra McDonald ආදින් වෙති.

ඒ කොහොම වුනත් - Happy International Women's Day !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
08/03/22