This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 8 March 2022

ලෝක කාන්තා දිනය ගැන


M අනිත්‍ පැත්තට පෙරලුවහම W වෙනවා. එතකොට Man වෙනුවට Woman නියෝජනය වෙනවා. එත් woman කියන එක ඈතුලේත් man කියලා කොටසක් තියෙනවා. හරියට surname/වාසගම් වගේ; McDonald’s, McDonna's කරන්න බැහැනේ?

ඕනේ නම් අලුත් වාසගම්/surname ජාතියක් පටන් ගන්න පුළුවන් හරියට WcDonald නැතිනම් WcDonna වගේ. නැතිනම් මුළුමනින්ම මුළු මුහුණුවරම වෙනස් කරන්න ඕනේ.

හරියට ලෝක කාන්තා දිනයට සමහර රටවල් KFC එක පටන්ගත්ත Colonel Sanders රූපේ වෙනුවට ඔහුගේ බිරිදගේ, Claudia Sanders, රූපේ දානවා වගේ.

එත්, එහෙම කලත්, KFC, KFCමයි. එහෙනම් ලෝක කාන්තා දිනයක් ඇයි?

ඒ මේක පිරිමි ලෝකයක්, එහි කාන්තාවන්ද සිටින බව සිහිකිරීමටද?
නෑ, පිරිමින්ට වගේම කාන්තාවන්ටත් හැම අයිතිවාසිකමක්ම හිමි බව පසක්කර දීමටත්, ඔවුන්ද මිනිස් සමාජය තුල කිසිදු වෙනසකට භාජනය නොකල යුතුය යන්න නැවත නැවත මතක්කර සිටීමටයි.

මේ ජයාරූප පෙලේ ඉන්නේ සින්ඩෙරෙල්ලාගේ සිට හොලිවුඩ් සිනමාව තුල විව්ධ ආශ්කාන්තවත් චරිත නිරූපයකල නිලියන්. ලමාවියේදී එම චිත්‍රපටි නැරැබූ ලමුන්, ගැහැනු-පිරිමි බේදයකින් තොරව ඔවුන්ට ආදරය කල මුත් කාලයත් සමග ඔවුන්ගේ ජීවිතවලින් එකී සුන්දර චරිත ඉවත්වී වෙනත් හිංසාකාරී චරිතවලින් තරැණ මනස් පුරවා ගන්නේ ඇයි යන්න දැන් නිතර ප්‍රශ්න කරන දෙයක්.  

ඉහත ජයාරූප අතර ගැහැනු-පිරිමි බේදයකින් තොරව ලමුන්ගේ ආදරයට පාත්‍රවූ Lesley Ann Warren, Andrea Martin, Mitzi Gaynor, Julia Andrews, Lady Thiang (The King and I), Audra McDonald ආදින් වෙති.

ඒ කොහොම වුනත් - Happy International Women's Day !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
08/03/22

2 comments:

  1. සලකාබැලිය යුත්තේ gender එක ගැන නෙවේ ඒ කෙනාගේ ගතිගුණ හා දැනුම මත පදනම්ව... කියන එකයි මගෙ අදහස

    ReplyDelete
  2. ඒක තව පැත්තක්. මෙතනදී සලකා බලන්නේ ස්ස්ත්‍රිත්වය පදනම් කරගත් වෙනස් ලෙස සැලකීම් සහ ඔවුන්ගේගග් ගැටලුයි.

    ReplyDelete