ඔබේ හිස කකියයි නම්
දෙපා වෙව්ලවයි නම්
ඔබට තවත් අවදිව සිටීමට නොහැකිනම්
ඔබට උණ වැළදී ඇත..
ඔබේ ආදරණීය මැයි මස
වියකිව ගියේ නම්
හෙට දිනයේදී ඔබට මියයාමට සිතේනම්
ඔබට උණ වැළදී ඇත..
ඔබ උදෑසන අවදිවන විටද
පැය ගෙවී අවසන් බව ඔබට දැනේ නම්
ඔබේ කටයුතු සමග ඔබට පොර බැදීමට සිදුව ඇත්නම්
ඔබට උණ වැළදී ඇත..
අන් අයගේ මැසිවිලි අසා
ඔබ අශ්‍රීර්වාදලද්දෙකුයැයි සිතා
කයිසර් රජට වෙඩිතැබීමට ඔබට හැකි යැයි සිතේනම්
ඒ ඔබට උණ නිසාය..
අහෝ කෙතරම් සුවපහසක් දැයි සිතා
ඔබ හමුදාවට බැදී
රාජකාරිය තුල නිසලව සිටී නම්
අහෝ, උණ සිදුකර ඇති කාලකණ්ණිකමක මහත...
සෙනසුරාදා සවස්යම, ඔබ වෙරි වූ විට
භයංකර හැගුම් දැක
ඔබ වමට දකුණට බමණය වේනම්
ඒ උණ නිසාමය...
අප නිවාස අඩස්සියේලා
තොටිල්ලේහි සැතපී සුවය සොයන්න පොඩ්ඩන් මෙන්
වැතිරී සිටී නම්
නිසැකවම එය ස්පාඤ්ඤ උණය ...
ඉහතින් දැක්වූයේ පළමුවැනි ලෝක යුද්ධ සමයේ (1914-18) ඉතාලියේ සටන්වැදී වේල්ස් (Walsh) සොල්දාදුවෙකු වූ Will Walters ගේ 'ස්පාඤ්ඤ උණ' (The Spanish flu) නම් කවියේ පරිවර්තනයකි.
මෙරට සිසුන්ගේ පාසල් විෂය මාලාවේ අතිරේක කියවීමක් ලෙස නිර්දේශකර ඇති Trench Talk: Words of the First World War නම් පොතේ පලවී ඇති එම කවිය පලමු ලෝක යුද්ධයේ සොල්දාදුවන්ගේ අත්දැකීම් මෙන්ම යුද්ධයේ අගභාගයේදී පැතිරුණු ස්පාඤ්ඤ උණ වසංගතය පිළිබදවද තොරතුරු කැටි කොටගනී.
ජර්මනියේ දෙවන කයිසර් රජ 1918 නොවැම්බර් 9 වන දින රජකම අත්හැරීමත්, ඉන් දින දෙකකට පසු (11/09/1918) අත්සන්කල Armistice ගිවිසුමත් නිසා පළමු ලෝක යුද්ධය නිමාවුවද ඉන් පසුව පැතිරුණ 'ස්පාඤ්ඤ උණ' වසංගතය නිසා යුද්ධයට වඩා වැඩි ජීවිත හානියක් සිදුවිය.
මේ දිනවල කොරෝනා වසංගත සහ ස්පාඤ්ඤ උණ වසංගතය සංසන්දනය කරමින් විවිධ රචනා පලවෙන බැවින් ඒ පිලිබදව යමක් කියවීමට සිතුනි.මේ එහි ප්‍රතිපලයකි. කොරෝනා වසංගතය මෙන්ම ස්පාඤ්ඤ උණද ගෝලීය මට්ටමින් පැතිරුණ වසංගතයකි. මිලියන 50-100 අතර පිරිසක් හෙවත් එවකට ලෝක ජනග්‍රහණයෙන් සීයට 2.5ත් - සීයට 5ත් අතර පිරිසක් මරාදැමූ මෙම වසංගතය පළමු ලෝක යුධයෙන් මියගිය ගණනවූ මිලියන 20ක් පිරිස මෙන් 3න් 4 ගුණයකට වැඩි පිරිසක් බිලිගෙන ඇත.
ස්පාඤ්ඤ උණ රෝගය ප්‍රතමයෙන්ම වාර්තාවී ඇත්තේ 1918 මාර්තු 4 දිනය. එතැන සිට 1920 මාර්තු අවසානවෙන තෙක්ම පුරා වසර දෙකක්ම මේ මහා වසංගතය ලොව පුරාම පැතිරී ඇත. කැස්සෙන් සහ කිවිසුමෙන් ආරම්භව පසුව උණ රෝගයෙන් උත්සන්නව නිව්මෝනියා තත්වයකින් දක්වා ගමන් කර රෝගියා මරාදැමීම ස්පාඤ්ඤ උණහී ස්වභාවයවී ඇත. අද භාවිතා කරන මුඛආවරණ ආදිය මේ වසංගත තත්වයේදී භාවිතයට පැමිණි තිබේ..
ස්පාඤ්ඤ උණ වසංගතය ගැන ලිවිය යුතු කරුණු රාශියක් ඇත. ඒ අතර මෙම වසංගතය ඇරබුනේ ඇමරිකාවෙන්ද? ඒසේ නම් එයට ඇමරිකානු උණ යැයි නොකියා ස්පාඤ්ඤ උණ යැයි දැක්වුයේ ඇයි ? අද තරම් ආගමන විගමන නොතිබි, සංචරන සහ සංචාරක කටයුතු සීමාවී පැවති එකල ඇමරිකාවේ සිට ජපානය දක්වාත්, බ්‍රිතාන්‍යයේ සිට ලංකාව, ඉන්දියාව වැනි දකුණු ආසියානු කලාපය දක්වාත් මේ රෝගය මෙතරම් ඉක්මනින් පැතිර ගියේ කෙසේද? රුසියාවේ ස්පාඤ්ඤ උණ රෝගය ව්‍යාප්ත නොවීම 1917 රුසියන් විප්ලවයේ ප්‍රතිපලයක්ද? ඇත්ත වශයෙන්ම මෙම වසංගතය සමනයවුයේ herd immunity නම් තත්වය තුලද ආදී බොහෝ කරුණු සාකච්ඡා කළයුතුව ඇත. එහින් ඒගැන වැඩි විස්තර පසුව ලියමි.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
04/04/2020
No comments:
Post a Comment