This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 12 April 2020

වතිකානුව පාස්කු මුද්දරයට වීදි චිත්‍රයක් යොදාගෙන

Happy Easter to you all!! සුභ පාස්කු මංගල්‍යයක් වේවා ඔබ සැමට!!! මේ වසරේ කොරෝනා වසංගත නිසා වෙනදා මෙන් පාස්කු මංගල්‍ය වතිකානුවේවත් නොතිබුනි. එහෙත් පාස්කු මංගල්‍ය සදහා වාර්ෂිකව නිතුත්කරන පාස්කු මුද්දරය නිකුත් කිරීමට වතිකානු රාජ්‍ය මෙන්ම තවත් රාජ්‍ය ගණනාවක්ද අමතක කර නැත. ඒ අතරින් වතිකානු රාජ්‍ය මෙවර පාස්කු උත්සවය සදහා නිකුත්කල මුද්දරය විශේෂ අවධානයක් දිනාගන්නා ලදී. මන්දයත් ලෝකයේ ප්‍රථමවරට වීදිවල අදින චිත්‍රයක් (graffiti) සිය මුද්දර සදහා භාවිතාකල ප්‍රථම රාජ්‍ය බවට වතිකානුව පත්වීම නිසාය. 

මේ චිත්‍රය මුලින්ම දැක ගැනීමට ලැබී ඇත්තේ ඉතාලියේ විදියකය.

කොරෝනා වසංගතයෙන් ජීවිත සිය ගණනින් දවසකට අහිමිවෙමින් තිබියදී, වෛද්‍යවරුන් ''අපි අපිට කල හැකි සියල්ල කලත් ජීවිත තවදුරටත් ඇත්තේ අපේ අත්වල නොව''න බව කියද්දී...මිනිස්සුන්ව සති, මාස ගණන් සිය නිවෙස්වලටම කොටුකරලා තියේද්දී...වසන්ත හිරු එලිය සුන්දර ඉතාලිය මත පතිත වෙද්දීත්දීත් මංමාවත්, නගර, අවන්හල්, කඩ සාප්පු සියල්ල හිස්ව තියෙද්දී...ලෝකයේ කොහේ හෝ කොනක සිට පැමිණි මිලියන ගනණක සරණාගතයන්ට එරට පුරවැසිකම දී මනුස්සකමින් සලකන යහපත් මිනිස්සු පිරිසක්වූ ඔවුන්ටත් දෙවියන්ව අමතකවූ බව කියද්දී...හදිස්සියේ ඉතාලියේ විදීයක නම නොදන්න සිත්තරෙකු විසින් අදින ලද මෙම වීදි චිත්‍රය මහත් අවධානයට ලක්විය.

වෙනදාට සිය පාස්කු මුද්දරයට සම්භාව්‍ය කලාකරුවන්ගේ, විශිෂ්ඨ චිත්‍ර යොදාගන්නා වතිකානුව මෙවර ඉහතකී වීදි චිත්‍රය සිය පාස්කු මුද්දරය සදහා යොදාගෙන තිබේ. 

මම හිතන්නේ ඔවුන්ගේ පණිවිඩය පැහැදිලි බවය...

එනම්, මේ යුගය දෙවියන්ව දැකිය හැක්කේ සම්භාව්‍ය පදනම්වලට වඩා ජනයාගේ එදිනෙදා ජීවිතය තුලය !!!

Happy Easter to you all !!! Buona Pasqua !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා.
12/04/2020

No comments:

Post a Comment