This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 16 April 2020

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට පවුම් මිලියන ගාණක් රැස්කළ අවුරුදු 99 සීයා

මේ සීයට අවුරුදු 100යක් වෙනවා මේ අප්‍රියල් 30වෙනිදාට. තමන්ගේ අවුරුදු 100යේ උපන්දිනය සැමරීමට මේ සීයා අපුරු තීරණය ගත්තා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට පවුම්1000ක් රැස්කර දෙන්න. ඒ සදහා ඔහු කලේ පොඩි දෙයයි...ඔහු කලේ තමන් දන්න කියන කට්ටියට දැනුම් දුන්නා ඔහුගේ නිවාස වටේ ඔහු රවුම් 100ක් යනවා පුළුවන් නම් එක රවුමකට පවුමක් දෙන්න කියලා ඉල්ලීම විතරයි. වැඩේ නැගලා ගියා. මිනිස්සු සල්ලි දෙන්න පටන්ගත්තා. පවුම් 1000ක් නෙමේ දැන් ඔහු පවුම් මිලියන12ක්ම රැස්කරලා. මේ ගාන තවත් ඉහලයයි. මිනිස්සු මේ සීයාගේ උත්සහය අගය කරන්නේ එහෙමයි.

අවුරුදු 99ක් වන මේ සීයාගේ නම ටොම් මෝර්(Tom Moore). 1920 අප්‍රියල් 20වෙනිදා බ්‍රිතාන්‍ය Bedfordshire පළාතේ උපතලද මේ සීයට අවුරුදු 18 පිරෙද්දී තමයි දෙවන ලෝක යුද්ධය ඇතිවෙලා තියෙන්නේ. ඉතින් ඔහු බ්‍රිතාන්‍ය හමුදාවට බැදිලා හිට්ලර්ට විරුද්ධව යුද්ධ කරන්න ගිහිල්ලා. එහිදී ඔහු පදක්කම් රාශියක් විතරක් නෙමේ කැප්ටන් තනතුරටත් පත්වෙච්ච කෙනෙක්. පසුව විවාහවී දරුමල්ලෝ ලැබ සාර්ථක ජීවිතයක් ගතකරමින් සිටි මේ සීයා පසුගිය කාලේ තරමක් අසනීපයෙන්  තමයි  ඉදලා  තියෙන්නේ. 

ඒ ඔහුගේ උකුල් ටේ බිදීයෑම සහ දිරායෑම නිසයි. ඒ නිසා වයසට ගියත් ඉතා උද්යෝගයෙන් උදේට නැගිටලා තේ එකක් බීලා පත්තරය අරන් එන්න කඩේට ගිහින්, තමන්ගේ වැඩ බොහොමයක් හිමින් හිමින් තමන්ම කරගත්ත ටොම් සීයා යන්න එන්න බැරිව එක්තැන්වෙලයි ඉදලා තියෙන්නේ. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය ඔහුගේ වයස ගැන නොතකමින් ඔහුගේ උකුල් ඇටය සැත්කමකට ලක්කරලා කැඩී බිදී දිරාපත්වෙලා තිබුන ඔහුගේ උකුල් ඇටය වෙනුවට අලුත් උකුල් ඇටයක් බද්ධකරලා(Hip replacement surgery) විතරක් නෙමේ සෙමින් සෙමින් යථා තත්වයට පත්වෙන්න දි බෙහෙත්-හේත් කරලත් තිබුනා.  
හුගාක් රටවල නම් මේ තරම් වයස්ගිය අයට ඔය වගේ සැත්කම් කරන්නේ නැහැ.  සුවවීමට ඇති ප්ර්වනතාවය අඩු නිසාත්, අධික වියදමක්යන නිසායි. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය මේවගේ නෙමේ මොනම සැත්කමක් සදහාවත් එරට පුරවැසියන්ගෙන් මුදල් අයකරන්නේ නැති නිදහස් සෞඛ්‍ය සේවයක්. එය මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන ඉහල ගුණත්වයක් ඇති නිදහස් සෞඛ්‍ය සේවයක්. ඇතැම්විට සමහර  සැත්කම් සදහා තරමක කාලයක් බලාසිටීමට සිදුවුවත් අවශ්‍ය සේවය නොපිරිහෙලා නොමිලේ ඉටුකිරීමට ඔවුන්  කැපවී සිටිනවා.  

ඉතින් උකුල් ඇටය බද්ධ කිරීමෙන් පසුව නැවත ක්‍රමයෙන් යථා තත්වයට පත්වූ මේ ටොම් සීයා කල්පනාකළා තමන්ට නැවත ඇවිදීමට හැකියාව ලබාදුන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට යම් ප්‍රතිඋපකාරයක් කරන්න. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය නිසා සිය ජීවිතපවා අනතුරුට ලක්ව ඇති මොහොතක ඒගැන නොසලකමින් අධික දාරිතාවයකින් වැඩකරන බ්‍රිතාන්‍යසෞඛ්‍ය සේවයට යම් ස්තූතියක් පලකරන්න. ඉතින්  ඒ සදහා තමයි ඔහු සිය100වෙනි උපන්දිනයට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ සුබසාධන කටයුතු සදහා පවුම්1000ක් රැස්කරදෙන්න තමන්ගේ නිවාස වටේ රවුම් 100යක් යන්න පටන් ගත්තේ. 

සීයාගේ මේ උත්සහය මුළු මහත් මිනිස් ප්ර්ජාවකගේම අවධානයට ලක්වුවා. බ්‍රිතාන්‍ය ස්ටලින් පවුම්1000 ඉල්ලකය කාලයේ වේගයටත් වඩා වේගයෙන් පසුකර ගියා. දැන් එය ස්ටලින් පවුම් මිලියනයක් නෙමේයි මිලියන12-13ත්ප හුකරලා ඉවරයි. ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන3000කටත්  වඩා  වැඩියි. ඒක හරිය  පහුගිය  දවසක ලංකාව  චීනයෙන්  ගත්ත ණය මුදලකට  සමාන  තරම්  මුදලක්. 

බලන්න තනි පුද්ගලයෙකුගේ උත්සහයක් කොච්චර සාර්ථකවී තිබෙනවාද? ඇරත් මේ කොරෝනා කාලේ...බොහෝ කටයුතු ඇනහිට ඇති තත්වයක් තුල...කෙතරම් නම් අපූරුද? වයසට ගියත් මේ මනුෂ්‍යා හදවතින් කෙතරම් නම් තරුණද? 

මම නම් මේ ටොම් සීයා මුළු මහත් මිනිස් සමාජය එක්කරන ජවයට සහ ආශ්වාදයට හරිම ආදරෙයි. 
මාකස් ප්‍රියන්ත  පෙරේරා 
16/04/2020    

5 comments:

  1. පවුම්මිලියන 15 ට ලඟයි

    ReplyDelete
  2. දැන් පවුම් මිලියන 24 යි

    ReplyDelete
  3. ඔහු මියයනවිට පවුම් මිලියන 39 රැස්කර අවසන්.

    ReplyDelete