This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 21 April 2020

පාස්කු ප්‍රහාරයට වසරයි මේ ආණ්ඩුවත් තෙපරබානවා

පාස්කු ප්‍රහාරයට වසරයි...
ඔවුන්ගේ විලාපය තවමත් එලෙසමයි...
පවුල් පිටින් ජීවිත අහිමිවුවෝ එමටයි...
මැරී මැරී ජීවත්වෙන ජීවිත අනත්තයි...
තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් අපමණයි...
ඔවුන්ගේ වේදනාව කොහොමට ඇත්ත?
අපිට මෙහෙම කැක්කුමක් තියෙනවා නම් 
ඔවුන්ට කොහොම කැක්කුමක්‌ ඇත්ද?
                             එත් කවුද මේවට 
                             උත්තර බදින්නේ?
ඔවුන් දැන දැනත් මේ විනාශය වෙන්න
 ඉඩදීලා බලන් හිටියා...
මිනිස් ජීවිත ගැන අබමල් රේණුවක තරම්වත් 
තැකීමක් කලේ නැහැ...
ඔවුන් ඔවුන්ගේ වගකීම හරියට ඉටුකළේ නැහැ...
අපේ මිනිස්සු මැරෙන්න ඇරලා බලන් හිටියා...
එකෙන් දේශපාලන වාසි හෙව්වා.. 
අදටත් අපේ මිනිස්සු දුක්විදිනවා.. 
එහෙම තියෙද්දීත් උන් බලන්නේ අපිව කොහොමද
 මුස්ලිම් එකා එක්ක කොටවන්නේ කියන එකයි..

සහරාන්ලාගේ ISIS මිනීමරුවන්ට හිතූ හිතූ හැටියට මිනී මරන්න ඉඩහැලා බලන් ඉදලා, 
ඔවූන්ගේ 
වගකීම් ඉටු නොකර 
ජාතිවාදය උසි ගන්වලා 
ලස්සනට බේරිලා ඉන්නවා... 
කට හිටිය ආරක්ෂක ඇමති සිරිසේනට,
 හිටපු අගමැති රනිල්ට, 
ජාතික ආරක්ෂාව බාර 
හමුදාවේ, පොලිසියේ, 
 ප්‍රධානීන්ට විරුද්ධව 
මේ ආණ්ඩුවත්
 මොනවද කලේ?
තවම එක නඩුවක්වත් දැම්මද?
 නෑ. 
සිරිසේන අද පොහොට්ටුවේ සභාපති...
පාස්කු ප්‍රහාරය විකුනලා, ජාතිවාදය උසිගන්වලා, මීගමුවට බෝම්බ ගහලා මදි...මුන්ට මෙහෙම කරලා මදි කියන කාලකන්ණි තැනකට මිනිස්සු ගෙනල්ලා දැන් කියනවා රට හදන්න එන්නලු...
රටවල් හදන්න කලින් අපරාධකාරයින්ට දඩුවම් දීපල්ලා... අහිංසක මිනිස්සුගේ ජීවිත බිල්ලටදීලා... අපරාදකාරයින්ට දඩුවම් නොදී... හැදිච්ච එකම රටවක්වත්, එකම ජාතියක්වත් මේ ලෝකේ නැහැ...

ඒ වගේ මනුෂ්‍ය කොට්ටාශ
 දවසින් දවස පිරිහෙනවා මිසක් 
කිසිම දවසක සාමයක්, සතුටක්, සමාදානයක්, සංවර්ධනයක් 
අත්කරගන්නේ නැහැ...
එක තමයි මේ මුළු ලෝක ඉතිහාසයේම සත්‍යය... ඒකෙන් පිට වෙන දෙයක් නැහැ...

අපිට නම් මියගිය ඒ අහිංසක මිනිස්සු වීරයෝ, 
ප්‍රාණ පරිත්‍යාගවරු...
අපේ ඇදහිල්ල තුල 
සදාතනික ජීවිතය අත්කරගත් මිනිස්සු. 
ඔවුන් මැරුණත් ජීවමානයි...
එත් අපරාදකාරයෝ...
මිනී මරුවෝ..
මිනීමරුවන්ට ඉඩ ප්‍රස්තාව හදලාදීලා 
තමන්ගේ වගකීම පැහැර හැරිය නිලධාරින්..
ඒවා දැන දැනත් 
අපරාධකාරයින්ට දඩුවම් නොදී ඉන්න අය.. 
ඒ අය ජීවත්වුනත් ජීවත්වෙන්නේ මැරි මැරී...
මැරී මැරී ජීවත්වෙන මළකදවල්...

කෘර ප්‍රහාරයෙන් මියගිය 
අපේ අහිංසක ජනයා සමාදානයේ සැතපේවා!!! 
විපතට පත් සියල්ලන්ට යුක්තිය සහ සාදාරණ ඉටුවේවා!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/04/20

One year after the Easter Sunday Attack, Sri Lanka has still failed to bring the attackers,culprit, their associates, government officials, police, military and intelligence officers, who did not prevent it from happening, to the judicial process. Instead, the government officials, who fail to abort the attack, was released on bail and the ex-Sri Lankan President Sirisena, who was the Minister of Defence and did nothing to prevent the attack, has been promoted into the current ruling party's chairmanship. Justice has not been done.

As a state, Sri Lanka has continued to fail to protect, prove their genuine concern and respect the minority communities who have been victims of various atrocities of the country.

Neither past nor the current regime has shown no real interest on this regard.

But we won't forget, we will continue to stand for justice.

Marcus Priyantha Perera
21/04/2020

4 comments:

  1. මාකස් අයියේ ජේසු කියලා තියෙනවා මිතුරාට වගේම සතුරාටත් ප්‍රේම කරන්න කියලා.

    දැන් ඔයාගේ මිතුරා කවුද?
    ඔයාගේ මිතුරා තමයි දෙමළ ජාතිවාදියා. ඔයා ඔවුන්ට ප්‍රේම කරනවා.

    නමුත් ඹයාගේ සතුරා වන සිංහල බෞද්ධ ජාතික වාදියාට සහ මුස්ලිම් අන්තවාදියාට ඔයා ප්‍රේම කරන්නේ නෑ.

    මේකද සැබෑ ක්‍රිස්කියානිකම කියන්නේ.

    ReplyDelete
  2. මේ දිවිපිදූවන් ප්‍රාණ පරිත්‍යාගකරුවන් බව නිසැකය. එය හෙළා දකිමු.
    ඔබ පෘතුගීසි උරුමයන් ආරක්ෂා කිරීම ගැන ලිපි පලකල නිසා ත් ආසියාවේ අප්‍රිකාවේ ම්ලේච්ඡ මිනිසුන් හා සටන් කළ පෘතුගීසි වීරයන් හා පෘතුගාලය ගැන ලිපිපළ කළ නිසා මේ ලින්ක් එක එවමි. මේ ගැන ඔබේ අදහස කුමක්ද
    මේ අය ප්‍රාන පරිත්‍යාගකරුවෝ නොවේද?
    සිය මුතුන් මිත්තන්ගේ හපන්කම් ගැන වර්තමාන පෘතුගීසි ජනතාව දැනුවත්ද?
    ඔබ සිතන්නේ ඔවුන් මේ ගැන කුමන මතයක් දරනවා කියාද?

    https://www.facebook.com/photo?fbid=226367818451496&set=a.106615790426700

    ReplyDelete

  3. ඔබතුමාගේ සහ ඔබතුමාගේ බ්ලොග් එක කියවන භාග්‍යවන්තයන්ගේ පහසුව සඳහා ලින්ක් එකේ තිබූ දේ මෙහි සදහන් කරමි.

    පෘතුගීසින් සිංහලයන්ගේ මිතුරන්ද ?
    =============================
    ජේසු නිකායික පූජකයෙකු වූ අන්දෝ පල්මිරෝ මෙසේ පවසයි.

    "සිංහලයෝ පෙරළිකාරයෝ ය. ඉඩක් ලත් සෑම අවස්ථාවක දීම ඔවුහු කැරලි ගසති. එහෙත් කැරැල්ල බිඳවැටෙන ලකුණු පහළ වූ වහාම ඔවුහු කිසිවක් නොවුවා සේ පෘතුගීසි ආධිපත්‍ය හිස මුදුනින් පිළිගැනීමට නොපැකිලි වෙති. එහි කැරලි ඇතිකරන ජන ප්‍රධානීන්ට හෝ ගමේ ප්‍රධානින්ට සමාවක් නොදී හිස ගසා දැමිය යුතුය. එසේ දඩුවම් දිය යුත්තේ හොර රහසේය. නැතහොත් සිංහල නිලධාරින්ගේ මාර්ගයෙන් ප්‍රසිද්ධ නඩු විභාග සිදු කළහොත් මහජනයා නොසන්සුන් වෙති. ලංකාවේ මන්ගේ අවසන් වසර කිහිපය තුළ කැරලි විරහිත වූයේ කැරලිකරුවන් එසේ නිර්ධය ලෙස සමූල ඝාතනය කළ නිසාය. එසේ මරණයට පත් කළ ගණන පිළිබඳ ගණන් හිලව් නැත."

    "අසවේදු නැමැති පෘතුගීසි නිලධාරියා ලංකාවේ මුලාදෑනිකම් කළ සමයේ සිංහල ගැහැනුන්ට සිය දරුවෝ වංගෙඩිවල දමා කොටන්නට අණ කළේ ය. මෝල් ගස් පහර කන අසරණ දරුවෝ ගැන වත් තමන්ගේ ම දරුවන් | වංගෙඩි වල දමා කොටන්නට සිදුවීමේ සාපය උසුලාගත නොහැකි වූ මව්වරුන්ගේ ගැනවත් අබැටක දයාවක් නොදැක්වූ මෙම සෙනෙවියා අවසානයේ එම මව්වරුන්ගේ ද හිස ගසා දමන ලදී.

    'කුකුළු පැටවුන්ගේ හඬන ශබ්දය අසන්නටයැයි කියමින් දෙමාපියන් ඉදිරියේ කුඩා දරුවන් සොල්දාදුවන්ගේ හෙල්ලට මත රඳවන ලදහ. කිරි බිබී සිටි දරුවෝ මවගෙන් උදුරාගෙන ඇඹරුම් ගල් වල දමා ලොඳමෙන් තලා පොඩි කරන ලදහ. මෙම හද පැලෙන දුක්මුසු ක්‍රියා බලා සිටීමට බලකරනු ලැබීමෙන් පසු එම දරුවන්ගේ මව්වරුන්ට ද එලෙස වද දී මරනු ලැබූහ. යුධ භටයින්ගේ විනෝදය පිණිස කිඹුලුන්ට ගොදුරු කරනු වස් සිංහල මිනිස්සු පාලම් උඩින් ගඟට විසිකරනු ලැබූහ. මෙසේ මිනිමස් කෑ කිඹුල්ලු කෙතරම් හීලෑ වූවාද යත්, පසුව ඔවුහු සිවුරුහන් හඬ ලෑමක් ඇසුනු කෙනෙහි ගොදුරු බලාපොරොත්තු වෙන් ජලයෙන් හිස ඔසවාගෙන සිටීමට තරම් පුරුදු වූහ.

    " ගැහැනුන් පිරිසක් හා ළමුන් දෙසිය දෙනෙකු වටලා වෙල් යායකට ගාල් කරන ලදී. කතෝලික ආගමට හැරුණු සයිමන් කොරයා නම් වූ සිංහල කපිතාන් වරයෙක් ඔවුනට මැරෙන තෙක් පහර දෙන ලෙස නියම කළේය. අසරණ මිනිස්සු බැටළු රැලක් සේ සුසුමක් හෝ කෙඳිරිල්ලක් නොනගා බලා සිටියහ. ඇතැම් මව්වරුන්ගේ දෑතේ සිටි සිංහල බිලිඳු දරුවන් දුටු පෘතුගීසී කපිතාන්වරයෙකු ඔවුනගේ ශාරිරික ජීවිත රැකගැනීමට නොහැක්කේ, අධ්‍යාත්මික සුවයක් ලබා දීම වස් ඔවුන්ව බෞතිස්ම කළේය. අනතුරුව මැරෙන තෙක් පහර දීම වෙනුවට වඩාත් සහනදායි මරණයක් පතා ඒ නොදරුවන්ගේ හිස ගසා දමන ලදී."

    " යාපනය අර්ධද්වීපයට ගිය පෘතුගීසි හේවායින් දරුවන් දෙපළු කරමින් කතුන්ගේ පියොවුරු අසිපතින් සිඳිමින්මිනිසුන් බිය වැද්දාහ.''
    යාපනය ආක්‍රමණය කළ පෘතුගීසි ජාතිකයකු වූ චිගේරා යාපනයේ වැසියට දරුණු දඬුවම් දී ඔවුන් පෘතුගීසින් කෙරෙහි මහත් බියට පත්කළ බව සඳහන් ය. එපමණක් නොව කුතෝ සහ වෙරෝස් පූජකයන් මෙසේ සඳහන් කරයි.

    "අපේ ඇත්තන් කැරලිකාර ගම් වල වැසියන්ට දරුණු වධ කළේය. ඒ අන් අයටත් පාඩමක් උගන්වනු පිණිස ය. පෘතුගීසිහු දේපළ කොල්ලකමින් ගිනි තබමින් මිනිසුන් මරමින් ය නෝ ගලක් පිට ගලක්වත්, ගසක් පිට ගෙඩියක් වත් ඉතිරි නොකළ හ."

    ගුණපාල මලලසේකර මහතා පෘතුගීසින්ගේ ක්‍රියාකාරකම් මෙසේ විස්තර කර තිබෙයි

    • අන් කිසිම යුරෝපිය රටක්, විජිතවාදී ජාතියක්, ඉතිහාසයේ දක්නට නොලැබෙන අන්දමට ඔවුන්ගේ ඉදිරි ගමනේ සෑම පියවරක්ම අධික තණ්හාවෙන්ද අවිචාර බුද්ධියෙන් ද, කෘර කමින්ද අමනුෂ්‍ය ක්‍රියාවලින්ද යුක්ත විය. යුද හමුදාවේ ජයග්‍රහණයත් සමගම ඔවුන්ගේ දරුනු කමත් රෞද්‍රභාවයත් දුම්පීඩා පිළිබඳ නොතැකීමත් දියුණු විය. ඔවුන්ගේ අමානුෂ්‍ය මිලේකම් ස්ත්‍රී, පුරුෂ, ළදරු, මහළු යැයි වෙනසක් නොදත්හ. දයා විරහිත භාවයෙන් යුක්ත විය. අනුකම්පාව ඔවුනට රහසක් විය. යටත් වැසියන් බිය වද්දනු පිණිස ද පෘතුගීසි බලය ඔවුන් තුළ කාවද්දනු පිණිස ද ඔවුන් කළ දාමරික ක්‍රියා කෙතරම් භයංකර දැයි කියහොත්, ඒ ක්‍රීයා ඔවුන්ගේම මිත්‍ර ඉතිහාසඥයින් විසින් ඒ අවධියේම වාර්තාගත නොකරන ලද නම් සත්‍ය යැයි පිළිගැනීමට තරම් පිළිකුල් සහගත ය

    ReplyDelete
  4. ඔය පිටුව මම දැක්කා, කාගේවත් සැහැසිකම් කිසිසේත්ම සාධාරණීය කරන්න මට කිසිත් උවමනාවක් නැහැ. එත් එක දෙයක් කියන්න ඕනේ ඕනේ අදාලා පිටුවේ පරිවර්තනය නිවැරදි නැහැ. කරුණු විකෘතිකිරීමක් සහ පිටුවක් පෙන්නලා වෙන කතාවක් කියලා තියෙන්නේ. එහි අවසාන අරමුණ ක්‍රිස්තියානි විරෝධී වර්ගවාදී ප්‍රචාරක උපක්‍රමයක් විතරයි. Luso-Asian ලිපී ලේඛන අධ්‍යනය කරන්න අවශ්‍ය දැනුමක් නැතිනම් පිළිගත හැකි ඉංග්‍රීසි පරිවර්තනයක්වත් භාවිතා කරන්න කියන්න.

    ReplyDelete