
Sunday, 7 December 2025
ආණ්ඩුවේ ආපදා දේශපාලනය - The disaster politics of Sri Lanka's government

Wednesday, 5 November 2025
බ්‍රිතාන්‍යයේ Bonfire Night දිනය හා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම
මේ සැමරුමේ පදනම වුයේ 1605 නොවැම්බර් 5 වෙනි දින බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට ගිනි තබා, 1 වෙනි ජේම්ස් රජ (James I) මරා දමා, ගයි ෆවුක්ස් (Guy Fawkes) ඇතුළු පිරිසක් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අඩපණ කිරීමට, බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විනාශ කිරීමට කළ කුමන්ත්‍රණය (Gunpowder Plot) සමච්චලයට ලක්කිරීමයි.
පාර්ලිමේන්තුවට බෝම්බ ගසා විනාශ කිරීමට උත්සහ කළ එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එවකට චෝදනා එල්ලවුයේ Robert Catesby මෙහෙයවූ කුඩා කතෝලික කණ්ඩායමකටය. ගයි ෆවුක්ස් (Guy Fawkes) යනු ඔවුන් බදවා ගත් ස්පාඤ්ඤ කතෝලික හමුදා සමග කටයුතු කළ පුපුරන ද්‍රව්‍යය පිලිබදව පුහුණුවක් ලැබූවෙක්.
එම කාලයේදී (1600) එංගලන්ත සභාව හෙවත් ඇන්ග්ලිකන් පල්ලිය නියෝජනය කළ 1 වෙනි ජේම්ස් රජ (James I) ඒවකට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව යොදවාගෙන කතෝලික සභාවට සහ කතෝලික ජනයාට එරෙහිව විවිධ අණ පනත් සම්මත කරමින් බ්‍රිතාන්‍යය හා එහි පාලනයට නතුකරගෙන සිටි ප්‍රදේශ තුල දැඩි කතෝලික මර්ධනයක් දියත් කරමින් සිටි යුගයකි. ගයි ෆවුක්ස් (Guy Fawkes), Robert Catesby ඇතුළු කුඩා කතෝලික කණ්ඩායමට අවශ්‍ය වූයේ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට බෝම්බ ගසා, 1 වෙනි ජේම්ස් රජ මරා, විවිධ අණපනත් පනවමින් බ්‍රිතාන්‍යය දියත් කරමින් සිටි එම මර්ධනකාරි ක්‍රියවලිය පරාජය කිරීමට හෝ ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් පළකිරීමටය.
එහෙත් එය සාර්ථක වූයේ නැත. පර්ලිමේන්තුවේ යටි මහලේ වෙඩි බෙහෙත් ගොඩගසමින් සිටියදී ගයි ෆවුක්ස්ව (Guy Fawkes) අත් අඩංගුවට පත්විය. ගයි ෆවුක්ස් (Guy Fawkes), ලාගේ Robert Catesby ලාගේ, කුමන්ත්‍රණය පරාජයට පත්විය. ඔවුන්ට මරණ දඩුවම පැනවීය.
එම කුමන්ත්‍රණකරුවන්ගේ පරාජය සැමරීම මෙන්ම, බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට බෝම්බ ගසා, බ්‍රිතාන්‍යයේ නීති සම්පාදන ක්‍රියාවලිය, බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, පරාජය කිරීමට හැකිය යන්න සමච්චලයට ලක්කිරීම, විහිළුවක් බව පෙන්වාදිම අද දිනයේ බ්‍රිතාන්‍යයන් සමරණ November 5 (05/11) සැමරුම හෙවත් Bonfire Night දිනයේ පදනමය. අද බ්‍රිතාන්‍යයන් මල්වෙඩිදාමා, රතිඤ්ඤා පත්තු කර, ගිනි මැල් දල්වා රාත්‍රිය ආලෝකමත් කරන දිනයකි.
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගසා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට හිතීම ම විහිළුවක් යැයි සමරන අද වැනි දිනක: ශ්‍රී ලංකාවේ අපිට වුව ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ බව, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට උත්සහ කළ ඉතිහාසයක් ඇති බව, අමතක කළ නොහැක.
එහෙත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ හා එය ගිනිතබා විනාශ කිරීමට ගත් උත්සහයන් ලාංකිකයා වැළද ගත්තේ පාලකයන්ට එරෙහි ක්‍රියාමාර්ගය ලෙස මිස ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ලවූ ප්‍රහාර ලෙස නොවේ.
ඒ නිසාම පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතවූ අමාත්‍යය ලලිත් ඇතුලත්මුදලි කේන්ද්‍රකරගෙන දියත්වූ "මැදපු කමිස තුන නැත" වැනි විහිළු ජනයා අතර බහුලව සංසරණය වීමටත්, ජනයා අමන්දානන්දයට පත් කිරීමටත් හේතුවිය.
එහින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ විට ලාංකිකයා අමන්දානන්දයට නැන්වූයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ක්‍රියාවලියය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ලවූ තර්ජනය පිලිබදව ඔවුන්ට කියවීමක් නොවිණි.
එයට හේතු වූයේ ලාංකිකයා සිටියේ J.R. ඇතුළු පාලනයට එරෙහිව වීමය. රට වැසියන් අතර ජනප්‍රිය වෙමින් තිබුණේ පාලකයාට, පාලනයට, එරෙහිව වර්ධනයවෙමින් තිබූ විරෝධාකල්ප මානසිකත්වය. රටේ උත්තරීතරම ආයතනයක් වන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම තුල රටේ එතෙක් ස්ථාපිත ආයතනගත ක්‍රියාවලියට එරෙහිව එල්ල වූ ප්‍රහාරයේ භයානක පූර්වාදර්ශය සම්බන්ධයෙන් රට වැසියාට අවබෝධයක් නොවුනි. ලංකිකයා සිටියේ ලලිත් ඇතුළත්මුදලිගේ "මැදපු කමිස තුන" රසවිදිමින් මිස උදාවෙමින් පැවැති අනතුරු පිලිබදව අවබෝධයකින් නොවේ.
එහෙත් 1605 නොවැම්බර් 05 දින බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට බෝම්බ ගසා විනාශ කිරීමට ගත් උත්සහය බ්‍රිතාන්‍යයන් සිය පාලකයාට එරෙහිව නැගීමක් ලෙස සැලකුවාට වඩා බ්‍රිතාන්‍යයන් සැලැකිල්ලට ගත්තේ එය ඔවුන් රටක් ලෙස එතෙක් පවත්වාගෙනා ක්‍රමය විනාශ කිරීමට ගත් උත්සහයක් ලෙසය.
කාලාන්තරයක් පුරා ගොඩනගාගත් සිය උත්තරීතර ආයතන ව්‍යූහයට බෝම්බ ගසා, ඔවුන්ගේ සම්ප්‍රදාය බිද දමා, ඔවුන්ගේ අනන්‍යතාවයේ සංකේතයක් ලෙස සලකන බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ගත් උත්සහය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් හා ලාංකිකයන් දැක්වන ප්‍රතිචාරයන්ගේ වෙනස එයය...
"Remember, Remember the Fifth of November(05/11),
The Gunpowder Treason and Plot,
I know of no reason
Why Gunpowder Treason
Should ever be forgot..."
මාකස් ප්‍රියන්ත පෙරේරා
05/11/25
Wednesday, 29 October 2025
මුස්ලිම් හෙදියන්ට හිජාබ් අවශ්‍ය ඇයි?
Wednesday, 8 October 2025
ඩොනල්ඩ් ට්‍රම්ප්, සදික් ඛාන්ව පතුරු ගහන්නේ මම්ඩානිට මුහුණදෙන්න බැරි නිසාද?
Wednesday, 1 October 2025
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිලිගැනීම නෙතන්යාහුගේ පරාජයක්
ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම නෙතන්යාහු නැවත නැවතත් ප්‍රකාශ කර සිටියේ පලස්තීනයේ ස්වෛරී රාජ්‍යයක් හෝ ද්වි-රාජ්‍ය විසඳුමක් නොමැති බවයි (no two-state solution). පලස්තීන රාජ්‍යත්වය ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහ භෞමික හිමිකම්වලට තර්ජනයක් ලෙස සලකන ඊශ්‍රායල දේශපාලනයේ දක්ෂිණාංශික කණ්ඩායම් සෑම විටම ඔහුගේ ස්ථාවරය ශක්තිමත් කළේය. බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස පුළුල් කර, E1 නමින් හදුන්වන ජෙරුසෙලමේ සිට මළ මුහුද දක්වා යුදෙව් ජනාවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ජෙරුසලමේ පාලනය සම්පුර්ණයෙන්ම අත්කරගනිමින්, ඊශ්‍රායලයේ “නොබෙදුණු අගනුවර” ලෙස ජෙරුසලම ඒකාබද්ධ කිරීම සහ අනුකම්පා විරහිත ජන ඝාතන යුද්දයක් මගින් පලස්තීන භූමි ප්‍රදේශ මත මිලිටරි පාලනය පවත්වා ගැනීම සඳහා වූ බෙන්ජමින් නෙතන්යාහුගේ දේශපාලන ව්‍යාපෘතිය පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීම තුල අර්බුදයට යනු ඇත.
පලස්තීන ස්වෛරීභාවය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම එවැනි සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමත්, සම්පුර්ණයෙන්ම මිලිටරි ආධිපත්‍යය මත යැපීම සිය දේශපාලන භාවිතය කර ගත් නෙතන්යාහුට දැන් රාජ්‍යතාන්ත්‍රික දේශපාලනයේ සැබෑ අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. නෙතන්යාහුගේ
අන්තවාදී ප්‍රතිපත්ති, කලාපයේ යුක්තිය, මානව හිමිකම් සහ සාමය සඳහා වන ගෝලීය ඉල්ලීම් අතර දැඩි පරතරයක් තිබුණි. ඔහුගේ නිමක් නැති යුද්ධ ප්‍රතිපත්තිය එකී පරතරය වඩ වඩාත් තීව්‍ර කරන ලදි. එහින් නෙතන්යාහුගේ දේශපාලනය පරාජය කළ යුතුම තැනකට මෑතකලයේදී බටහිර ලෝකය සේන්දුවිය. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීම එහි ප්‍රතිපලයකි. එබැවින් පලස්තීනය පිළිගැනීම පලස්තීනුවන්ගේ සංකේතාත්මක ජයග්‍රහණයක් පමණක් නොව, නෙතන්යාහුගේ දේශපාලන උපාය මාර්ගයේ දෘෂ්ටිවාදාත්මක පදනමට සෘජු පරාජයක් ද අත්කර දී ඇත.
The recognition of Palestine as a separate state by nearly 160 countries worldwide — including France, the United Kingdom, Canada, Australia and Portugal — would mark a significant political setback for Benjamin Netanyahu’s government. For decades, Netanyahu has been a central figure in Israel’s right-wing politics, rejecting negotiations on security, settlements and coexistence with Palestine. On every occasion he has come to power, he has shaped national policy on the basis of this hard-line position.
Throughout his political career, Netanyahu has repeatedly declared that there will be no sovereign state of Palestine and no two-state solution. The right-wing factions of Israeli politics, which view Palestinian statehood as a threat to Israel’s security and territorial claims, have consistently reinforced his stance. His political agenda has included expanding Israeli settlements in the West Bank, advancing the E1 project to build Jewish settlements from Jerusalem to the Dead Sea, consolidating Jerusalem as Israel’s “undivided capital,” and maintaining military control over Palestinian territories through what many be described as a relentless war of collective punishment. The international recognition of Palestine as a separate state would throw this political project into crisis.
By rejecting Palestinian sovereignty, refusing meaningful negotiations, and relying entirely on military dominance, Netanyahu has defined his political strategy. Now, however, he faces a genuine diplomatic challenge. His extremist policies, which stand in sharp contrast to global calls for justice, human rights and peace in the region, have only deepened that divide. As a result, his endless war policy has been increasingly discredited in the West, and the international recognition of Palestine is a direct outcome of this shift.
Thus, recognising Palestine is not only a symbolic victory for the Palestinians, but also a direct defeat to the ideological foundation of Netanyahu’s political strategy.
Marcus Priyantha Perera
මාකස් ප්‍රියන්ත පෙරේරා
23/09/25












