මීගමුව බලකොටුව හා කොටුව පල්ලිය (St. Stephen's Anglican Church, Negombo) අවට කලාපය එළිපෙහෙළි කර ඇති බව වාර්තා වේ. කැලෑව වැවී, වල් බිහිවී තිබූ මෙම කොටස සුද්ද පවිත්‍ර කර නැවත මහජයාට දැක බලාගත හැකි ස්ථානයක් බවට පත් කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත විය යුතුය.
මීගමුවේ පෘතුගීසි - ලංදේසි බලකොටුව නැරබීමට මීගමුවට පැමිණෙන සංචාරකයින්ට පමණක් නොව, මීගමුවේ බලකොටුවක් ඇත්තේ කොහේදැයි විමසන ශ්‍රී ලාංකිකයන්ට ද මීගමුව කොටුවේ ඉතිරිවී ඇති කොටස් මෙසේ හෝ දැකබලා ගැනීමට මෙලෙස හෝ අවස්ථාවක් හිමිවේ නම් එය ද වටින්නේය. මීගමුවේ පෘතුගීසි - ලන්දේසි කොටුව යනු මීගමුවේ ඓතිහාසික සංස්කෘතික උරුමයකි.
එහෙත් මීගමුව කොටුව අවට කලාපය මෙසේ සුද්ද කළ පමණින් එකී ඓතිහාසික සංස්කෘතික උරුමය රැකෙන්නේ හෝ එහි වටිනාකම නැවැත මතු පරපුර වෙත රැගෙන යන්නේ හෝ නැත.
එය කළ හැක්කේ මීගමුව කොටුව මීගමු ජනයාගේ ජන ජීවිතයේ කොටස් බවට පත්වුවහොත් පමණි. එහිලා දිගින් දිගටම මෙම ස්ථානය පිරිසිදුවට, පිලිවෙලට හා ආකර්ෂණීයව පවත්වාගෙන යෑමේ ක්‍රමයක් අත්‍යවශ්‍යය.
එපමණක් නොව මීගමුව කොටුවේ වටිනාකම මීගමු ජනයා අතර තහවුරුවීමට නම් මීගමුව පෘතුගීසි - ලන්දේසි කොටුව අවට කලාපය මීගමු ජනයාගේ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රයක් බවට පත්විය යුතුය.
එහිලා මීගමුව කොටුව අවට කලාපය මීගමු ජනයාට විවේකියව ගත කළ හැකි ප්‍රදේශයක් බවට පත්විය යුතුය. 1950 - 80 කාලවල ම්ගමුව කොටුව අවට කලාපය කොළඹ ගෝල්ෆේස් පිටිය මෙන් වූ බව එම යුගයේ තරුණ්‍යය ගත කළ මීගමුවේ හැදී වැඩුන ඔබේ දෙමාපියන්ගේ විමසා බලන්න. එකී සුන්දරත්වය මීගමුවට නැවැත ගෙනා යුතුය.
එහිලා මීගමුව කොටුව, කොටුව පිටිය හා ඒ අසල ඇති වෙරළ තීරුව ඉතා හොද තෝතැන්නකි. දැන් එලිපෙහෙළි කර ඇති මීගමුව කොටුව ඉදිරි පිට බිම් තීරුව එලිමහන් සංස්කෘතික ප්‍රසංගයට කදිම පසුබිමක් ඇති ස්ථානයක් බවට පත්කරගැනීමට, නත්තල් සමයේදී අලංකාර නත්තල් ගසක් ඇති ස්ථානයක් බවට පත් කර ගැනීමට, වෙසක් සමයේදී අලංකාර වෙසක් කූඩුවක් ඇති ස්ථානයක් බවට පත් කර ගැනීමට අදාල බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය!!
ඒ සමග කාලාන්තරයකට පසුව හෙලිපෙහෙලි කර ගත් මෙම බිම මීගමුව සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් බවට පත්වීම නතර කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කිරීමට ද මීගමුවේ ජනයා සැහැදී පැහැදී සිටිය යුතුය.
දැනටමත් මෙම භූමිය මීගමුව මහනගර සභාවට හෝ නාගරික මංත්‍රීවරයෙකුට හෝ ඔවුන්ගේ හෙංචයියන්ට හෝ මුදල් උපයාගත හැකි රථ ගාලක් හෝ වෙනත් කටයුත්තක් සදහා කුලියට දීමට හෝ දත නියවන්නන් ද පෙරට පැමිණ ඇති බව ද කියවේ.
එවැනි නහීන උත්සාහයන් පරාජය කරමු!!
මීගමුව කොටුව අවට කළාපය මීගමුවේ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරගැනීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරමු!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
16/07/25
No comments:
Post a Comment