සාන්ත ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ (Saint Francis Xavier) මංගල්‍ය දිනය යෙදී ඇත්තේ අද (දෙසැම්බර් 3) දිනය. ක්‍රි.ව. 1506 අප්‍රියල් 7වෙනි දින වර්තමාන ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඈදාගෙන ඇති බාස්ක් (Basque) රටේ සේවියර් රජමාලිගේ (the royal castle of Xavier / The Castillo de Javier, Navarre, Spain) කුමාරයෙක් ලෙස උපත ලැබූ ෆ්‍රැන්සිස් සේවියර් 1552 දෙසැම්බර් 03 දින චිනයේ සැන්ග්චුආන් (Shangchuan Island) දුපතේදී මිය ගියේය. සේවියර්තුමාගේ මංගල්‍යය දිනය යෙදී ඇත්තේ එතුමා මියගිය දිනය පදනම් කරගෙනය.
ෆ්‍රැන්සිස් සේවියර්තුමා යනු සා. ඉග්නේෂ් ලොයලාතුමා (Ignatius of Loyola) සමග එක්ව කතෝලික ධර්මදුත ප්‍රචාරණයේ ප්‍රකට සේවාවක නිරතවූ ජේසුනිකාය (Jesuits) බිහිකළ 1525-29 වසරවල පැරිස් විශ්ව විද්‍යාලයේ (University of Paris) අධ්‍යාපනය ලැබූ කතෝලික පුජා ප්‍රසාදිවරුන්ගෙන් කෙනෙකි.
එහෙත් ෆ්‍රැන්සිස් සේවියර්තුමා වඩාත් ප්‍රකටව ඇත්තේ ජේසුනිකාය (Jesuits) බිහිකළ පුජක කණ්ඩායමේ කෙනෙකුට වඩා ඉන්දියාවේ සිට ජපානය දක්වා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරයකල ධර්ම ප්‍රචාරකයෙක් වශයෙන්ය. ඉන්දියාව, ලංකාව, සිංගප්පුරුව, මලක්කාව (වර්තමාන ඉන්දුනීසියාව-මැලේසියාව) වියට්නාමය, චීනය සහ ජපානය යන රටවල තර්ජන-ගර්ජන, තාඩන-පීඩන, වදහිංසාවලට සහ අත්අඩංගුවට ගැනීම්, සිරගතවීම් විදිමින් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරණයකල සේවියර් පියතුමා චිනයේ සැන්ග්චුආන් (Shangchuan Island) දුපතේදී රෝගාතුරුව මියයන විට වයස අවුරුදු 46 කි.
මියගිය දිනට පසුදාම සැන්ග්චුආන් (Shangchuan) වෙරළට ඔබ්බෙන් වැල්ලේ වළලනු ලැබූ එතුමාගේ සිරුර ඉන් මාස තුනකට පසුව ගොඩගෙන පෘතුගීසි පාලනය යටතේ පැවති මලක්කාවේ සා.පොල් දේවස්ථානයේ 1553 මාර්තු 22වෙනිදා තාවකාලිකව තැම්පත්කර ඇත. දේහය එතුමා ධර්ම ප්‍රචාරක කටයුතු සදහා පිටත්ව ගිය ගෝවේ නුවරට ගෙන ඒමට තීරණය කළහෙයින් පෙරේරා පියතුමා ඇතුළු කිහිපදෙනුකු පිටත්ව දේහය නැවත ගොඩගෙන 1553 දෙසැම්බර් 11වෙනිදා ඉන්දියාවේ ගෝවේ නුවරට ගෙන යන ලදී.
දේහය ගෝවේ නුවරට ගෙනඒමට මලක්කාවෙ සා.පොල් දේවස්ථානයෙන් ගොඩගත් අවස්ථාවේදී දේහය නොදිරා ඇති බවත්, එය ෆ්‍රැන්සිස් සේවියර්තුමා ජීවමානව සිටින ආකාරයටම පැවති බවත් පෙරේරා පියතුමා සටහන් තබා තිබේ. පෙරේරා පියතුමා සේවියර්තුමාව ලිස්බන් නුවර සිට හදුනන්නෙකි. එමෙන්ම එතුමා සමග ඉන්දියාවේ ගෝවේ ප්‍රදේශයේ ක්‍රිස්තියානි ධර්මදුත සේවයේ යෙදුනෙකි. එතුමාගේ සිරුර මලක්කාවෙ සිට ගෙන ඒමේ සිට ගෝවේ නුවර Basilica of Bom Jesus දේවස්ථානයේ දිව්‍ය පුජාවක් පවත්වා මිහිදන් කිරීම දක්වාම ජේසුනිකායික පියතුමන්ලා තබා ඇති ලිඛිත සටහන් තවමත් සුරක්ෂිතව පවතී. එම සටහන් කිසිවක් අතර එතුමාගේ දේහය ලංකාවට ගෙන් එමක් ගැන සදහන්ව නැත.
එහෙත් පසුගිය කාලයේදී ලංකාවේ දිවයින පුවත්පතට ලිපි මාලාවක් ලියු දැන් මහජන ආරක්ෂක ඇමති, හිටපු රියල් අද්මිරාල්, සරත් වීරසේකර මහතා දක්වා තිබුනේ ඉන්දියාවේ ගෝවේ ඇති ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ 'නොදිරන සිරුර' (ඇත්තවශයෙන්ම එය ක්‍රමයෙන් දිරාපත්වෙමින් ඇත) එතුමාගේ නොව ලංකාවේ විසු සුප්‍රකට ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ බවයි.
ඔහු එසේ තර්ක කරනුයේ;
1. අවසාන කාලය ගැන පැහැදිලි විස්තරයක් නැති රාහුල හිමියන් ගාලු දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටියට නුදුරු "අම්බත" නම් ප්‍රදේශයේ ගල් ගුහාවක තම අවසාන කාලය ගෙවූ බවත්,
2. වසර 83ක් ආයුවලදා උන්වහන්සේ 1491දී අපවත්වූ බවත්, අපවත්වන විට වසර 1000ක් සිය සිරුර නොදිරා තිබීමට කිසියම් තෙලක් බී සිටි බවත්,
3. 1552දී ගාල්ලට පැමිණි තවත් සේවියර් නම් පෘතුගීසි පුජකයෙකු එම සිරුර ගල්ලෙන කඩා ගෝවේට රැගෙන ගිය බවත්,
4. එසේ ගෙන යාම පිලිබදව ජනප්‍රවාදයේ
'සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුද පත් වතාවේ
ඉඳුරු ගල්ලෙනෙහි යක් සෙන් ඇසුරු කර සිටියෙහි මනාවේ
මිතුරු ජපකළ දහසකට කල් පවතිනා තුරු කරපු ජීවේ
මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස් තැබුවෙ "ගෝවේ"'
යනුවෙන් කතෘවරයෙක්, පලකල කාලයක්, පිළිබද කිසිදු සදහනක් නැති, ජනප්‍රවාදයේ පැවත එනවා යැයි කියන කවියක් ඇති බවත්,
5. මේ සම්බදයෙන් 1953 දෙසැම්බර් 27 ධර්මපාලතුමාගේ 'සිංහල බෞද්ධයා' පුවත්පතේද ලිපියක් පලවී තිබු බවත්, සදහන් කරයි.
මෙසේ ඉදිරිපත් කරනලද කරුණු ඇතුලත් ලිපිපෙළ 'ගෝවේ තිබෙන ඉපැරණි දේහය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේමයි' යනුවෙන් 'හෙළයේ යතිවරු' නම් බ්ලොග් අඩවියක්ද (http://dahamvila22.blogspot.com/p/blog-page_27.html) පළකර තිබුණි.
මෙකි කරුණු, සේවියර්තුමාගේ සිරුර ගැන සදහන් ජෙසුනිකායික පියතුමන්ලාගේ සටහන් සමග සැසදීමේදී පෙනී යන්නේ සරත් වීරසේකර මහතා සහ ධර්මපාලතුමාගේ සිංහල බෞද්ධයා පුවත්පතේද ඉදිරිපත්කරන කරුණු ජනප්‍රවාද මත පදනම්වී ඇති බවත් ජෙසුනිකායික පියතුමන්ලාගේ සටහන් ඔවුන් එදිනෙදා තැබූ ඇසින් දුටු, එදිනෙදා මුහුණදුන් අත්දැකීම් ඇසුරින් තැබූ සටහන්වන බවත්ය.
සේවියර්තුමාගේ නොදිරන සිරුර ගැන 1554, 1614, 1782, 1859, 1952 දී විවිධ විද්‍යාත්මක පරික්ෂණ සිදුකර තිබේ. ඒ සම්බන්දයෙන් විචාරාත්මක පරියේෂනාත්මක ලිපියක් Lerhistoria ජර්නලයට Pamila Gupta මහත්මිය 2010දී 'Discourses of Incorruptibility: Of Blood, Smell and Skin in Portuguese India' යනුවෙන් ලියා ඇත. එහිදී ඇය පල්ලියේ භක්ති ප්‍රබෝධය මතුකරණ ලෙස ඉදිරිපත්කර ඇති කරුණු මෙන්ම වෙනත් බොහොමයක් හිත්ලුද දැඩි විවේචනයකට ලක්කර තිබේ. එම ලිපිය ඔස්සේ මෙන්ම වෙනත් අධ්‍යයන ආදියේද පළකර ඇති කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනීයන කාරණා කිහිපයක්වේ. ඒවානම්;
1 ගෝවේ ඇති නොදිරන සිරුර වයස අවුරුදු 80 ඉක්මවුවෙකුගේ නොව වයස අවුරුදු 50ට අඩු තැනැත්තෙකුගේ බව.
2. DNA සම්පල අනුව ආසියතිකයෙකුගේ නොව බාස්ක් (Basque) වර්ගිකයෙකුගේ විය හැකි බව.
3. සිරුර නොදිරනවා නොව දිරාපත්වෙමින් ඇති බව.
4. සිරුර ලවන් මිශ්‍ර පසක වලලා තිබී ඇති බව.
5. ජේසු නිකායික පියතුමන්ලාගේ ලිඛිත සටහන්, කාල නිර්ණය සහ වෙනත් කරුණු සමග සැසදීමේදී නිවැරදි බව පිළිගත හැකි බව.
6. පෘතුගීසි ජාතික පියතුමන්ලා ගාල්ලේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට පැමිණෙන සහ නිරතවන අවස්ථාවේදීත් සා.සේවියර්තුමාගේ නොදිරන සිරුර ගෝවේ පවති බව.
මෙකි කරුණු සැලකීමේදී 1953 දෙසැම්බර් 27 ධර්මපාලතුමාගේ 'සිංහල බෞද්ධයා' පුවත්පතේ පලවූ ලිපිය මෙන්ම 2014 සිට හිටපු රියල් අද්මිරාල්, දැන් මහජන ආරක්ෂක ඇමති, සරත් වීරසේකර මහතා ලියු ලිපිපෙළ ඔස්සේ සමාජගතකල ගෝවේ ඇති සාන්ත ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ නොදිරන සිරුර ලංකවේ විසු කීර්තිමත් හිමි නමක්වූ, සංදේශ කාව්‍ය ගණනාවක් පබදි, ෂඩ් භාෂා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේයැයි දක්වන තර්කය පැහැදිලිවම බිදවැටෙන බව පිළිගත හැක.
ඇත්තවශයෙන්ම, ධර්මපාලතුමාගේ සිංහල බෞද්ධයා පුවත්පතේ මෙන්ම සරත් වීරසේකර මහතා ලියු ලිපිපෙලේද අරමුණුවුයේ සිංහල-බෞද්ධ ජාතිකත්වය ඉස්මතු කිරීමය. සිංහල ජාතියට, සිංහල-බෞද්ධ ජනයාට උදාර ඉතිහාසයක් හිමි බව පැහැදිලිව පිළිගත හැක්කකි. එහෙත් ඒ උදාරත්වය ඉස්මතු කිරිමෙහිලා 'නොදිරන සිරුරු' පසුපසයෑම හරසුන් ව්‍යායාමයකි.
එවැනි කල්පිත, ප්‍රබන්ධ, සම්ප්‍රයෝගවලට කාලය මිඩංගු නොකර රටේ ඇති විශිෂ්ඨ ඉතිහාස කරුණු කෙතරම් නම් මතුකල හැකිද? එවැනි කරුණු මතුකරලිම වෙනුවට ධර්මපාල යුගයේ සිට සරත් වීරසේකරලා දක්වාම දියත්වී ඇත්තේ එක් ජාතියක්, එක් ආගමක් අනෙකට වඩා උසස්ය, ප්‍රධානය, ආදීය මතුකරන වාර්ගික-ජාතිකවාදී දේශපාලන වැඩපිළිවෙලකි. එවැනි වැඩපිළිවෙලක ප්‍රචාරක අරමුණු වෙනුවෙන් හෝ සමාජගතකරන බොරුවෙන්, මුලාවෙන්, වෛරයෙන්, ද්වේෂයෙන් ගොඩනැගෙන ජාතියක්, ආගමක්, සමාජයක් හෝ රටක් නොමැත. ඇත්තේ විනාෂයක්ම පමණි. ධර්මපාල යුගයේ සිට සරත් වීරසේකරලා දක්වා ගෙනගිය එම මාවත ඔස්සේ ලංකාවට අද අත්වී ඇති ඉරණම ම ඊට හොද උදාහරණය. දැන්වත් සත්‍ය සහ යුක්තිය මත ගොඩනැගෙන වැඩ පිළිවෙලකට පියවර ඔසවමු.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
21/12/2021
*******************************************************
සාන්ත ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ (Saint Francis Xavier) මංගල්‍ය දිනය වෙනුවෙන් 'ලක්දිව කතෝලික ඉතිහාසය' Facebook පිටුවේ පලවූ ලිපියක් පහතින්.
ලක්දිව ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ භක්තිය
පෙරදිග අපෝස්තුළුවරයාණන් සහ ආසියාවේ දහම් ගිණි සිළුව යන ආදරබර නාමයෙන් හදුන්වනු ලබන ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ මංගල්‍යය දෙසැම්බර් මස 03 වන දින ඉමහත් ආනන්දයෙන් යුතුව සමරන්නීය. ස්වකීය දිවි මග තුළ ශුද්ධෝත්තම පියතුමන්ගේ තානාපතිවරයකු ලෙස ඉන්දියාව මුල් කරගෙන ජපානය දක්වා ධර්මදුතික මෙහෙවරේ යෙදී , අහම්බෙන් හෝ මෙරටට වැඩම කොට ලාංකේය ධර්මදුතික මෙහෙවරට සහ ආසියාවේ පළමූ ප්‍රාණපරිත්‍යාගි පිරිසගේ ජිවිතපරිත්‍යාගයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙමින් ද අද්විතීය වූත් , අසහාය වූත් ධර්මදානීය මෙහෙවරක යෙදුණු මෙතුමන් කැපවුණු , වැයවුණු ධර්මදුතික මෙහෙවර වෙනුවෙන් ආසියාවේ මෙන්ම ලාංකේය ශු. සභාව සදා මෙතුමන්ට ණය ගැතිය.
පෘතුගීසි සමයේදී සිට අද දක්වා සුපතල සාන්තුවරුන් අතුරින් ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ භක්තියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට සවිමත් පදනම වූයේ ක්‍රි.ව. 1602 දී මෙරටට පැමිණි ජේසු නිකායික ධර්මදුතවරුන් නිසාවෙනි. එනමුදු එතුමන්ගේ දිවිමග තුළ එතුමන් ලක්දිවට වැඩම කර තිබීම ද සුවිශේෂී වේ.
ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ ලාංකාගාමනය
ශු . ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා ක්‍රි.ව. 1551 දී ගාල්ලට පැමිණි බව ඓතිහාසිකව ගොන්සාල්වෙස්ගේ කෘතියේ සදහන් කෙරේ ශු . ප්‍රැන්සිස් සාවියෙර්තුමා දකුණු ඉන්දිය මුහුදු තිරයේ සිට ජපානයේ සිට සිංගප්පුරුව හරහා මල්කකා සමුද්‍ර සන්ධිය හරහා පැමිණි බව සදහන් කරයි. ක්‍රි.ව. 1552 ජනවාරි 24 වන දිනට සාවියෙර්තුමා ඉන්දියාව බලා පිටත් වන්නේ මල්ක්කාවෙනි, මලක්කාවේ දි එතුමාණන්ට "ගාලේගෝ" නැමති නෞකාව තුලින් ලංකාව හරහා ඉන්දියාවට යෑමට එතුමන්ට සිදුවේ මෙම නැව වනාහි පැරණි තත්ත්වයේ නැවකි.
එම නිසා ක්‍රි.ව. 1551 දෙසැම්බර් මස අවසාන දින කීපය ද ජනවාරි මුල් දින කීපය ද එතුමාණන්ට ගාල්ලේ නතර වීමට සිදුවූයේ මෙකී නැවේ කුඔ ගස කැඩී නැව නැවත අලූත්වැඩියා කරන තෙක් එතුමාණන් ගාල්ලේ විසීය. මෙහි දි එතුමාන්ට මිගුවෙල් ෆර්ඩිනැන්ඩස් හමුවිය. ඔහුගේ නැව ද ඒ වසරේ දී වීදිය බණ්ඩාර විනාශ කරන ලද්දෙන් ඔහුට ද ගාල්ලේ විසිමට සිදුවිය. ප්‍රැන්සිස් සාවියර්තුමාට මිගුවැල් ෆර්ඩිනැන්ඩස් හමුවන විට ඔහු ඉතා තදබල ලෙස අසනිප තත්ත්වයෙන් පසුවිය. මෙහි දි සාවියර්තුමා මිගුවෙල් වෙනුවෙන් දිව්‍ය පුජාවක් පවත්වා නැවත ඔහුගේ සුව දුක් බැලිමට ගිය බවත් සදහන් වේ.
මෙහි දී එතුමාණන් කාලේගාන ප්‍රදේශයට පැමිණ දේශනා කළ බවත්, එහිදි ප්‍රාතිහාර්යය කීපයක් සිදුකොට කිතු දහම දේශනා කළ ස්ථානය "කිතු දම් පිටිය" පසු කලෙක එය "කිතුලම් පිටිය" ලෙස අද දක්වා ම ජන ව්‍යාවහාරයෙන් පවති. මෙහි දී නැවත ගාල්ලෙන් එන ගමනේ දි මිගුවෙල්ගේ සුව දුක් බලා ඔහු සුවසේ විසීම හේතුවෙන් දෙවිදුන්ට ප්‍රශංසා කළේය. පසුව කලෙක ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා ශුද්ධවරයට එසැවීමේදී මිගුවෙල් ෆර්ඩිනැන්ඩස්ගේ සාක්ෂිය ඉතා වැදගත් විය. ( Gonsalves vol. p. 275 & Rev. Fr. V. Perniola S.J., The Catholic Church in Sri Lanka , The Portuguese Period , volume 1 , 1505 - 1565, pg - 289 )
මන්නාරමේ ප්‍රාණපරිත්‍යාගිවරු
ක්‍රි.ව. 1519 යාපනයේ සිංහාසනය සංකිලි නමැත්තකු විසින් පැහැර ගන්නා ලදි. පරරාජසේකරන් ලෙස ආරූඪ නමක් යොදාගත් මොහු නීත්‍යානුකුලව පත් වී සිටි රජු මරා දමා රජකම පවරා ගත්තේ ය. එසේ ම රජතුමනට පක්ෂපාතීව සිටි පිරිස ද මරා දැමුවේය. මේ හේතුවෙන් රජකමට උරුමක්කරුව සිටි රජකුමරා ඉන්දියාවට පැන ගියේ ය. ඔහු එහි ගියේ කම රාජ්‍ය දිනා ගැනීමට පෘතුගීසීන්ගේ සහාය ලබා ගනීම පිණිස ය. යාපනය අවට පිහිටි නොගැඹුරු මුහුදු වැලි වැටියේ රැදෙන සියලූ නැව් තමනට අයත් වන බව යාපනයේ රජවරුන්ගේ පිළිගත් සම්ප්‍රදායක් විය. මේ අනුව අවට මුහුදු වැල්ලේ රැදුනු නැව් බොහෝමයක් සංකීලි පැහැර ගත්තේ ය. මේ හේතුන් නිසා ක්‍රි.ව. 1543 දී පෘතුගීසී මාටින් අල්ෆොන්සෝ ද සෞසා විශාල නැව් හමුදාවක් ද කිරුළ අයත් කුමරුන් සමග පැමිණ සංකිලි පෘතුගාල රජුට බදු ගෙවන වැඩවසම් පාලකයකු බවට පත් කෙළේය. එහෙත් සංකිලි එම ගිවිසුම නොසලකා හැරියේ ය. මේ කාලය තුළ යාපනයට අයත් මන්නාරමේ සිටි ජනතාව ඉන්දියාවේ සිට ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා ගැනත් උන්වහන්සේගේ ඉගැන්වීම් හා ප්‍රාතිහාර්යයන් ගැනත් අසා උන්වහන්සේට එහි පැමිණෙන ලෙස ආරාධනා කළහ. මන්නාරමේ මේ පිරිසට මෙම " සුදු ස්වාමියර් " වසරක් පමණ කාලයක් තුළ කරැති සේවාව ගැන ආරංචි ලැබිණි. එතුමන්ගේ දැහැමි හා ශික්ෂාකාමි පැවැත්ම ගැනත්, ජනතා සමීප සේවාව ගැනත් මන්නාරමේ පිරිස දැනගන්නහ. 'පෙරිය පාද්‍රෝ 'හෙවත් 'ලොකු ස්වාමි' නමින් එහි විශාල ගෞරවයට පාත්‍ර වී සිටි එතුමන් මෙහි ද ගෙන්වා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මෙසේ සාවියෙර් පියතුමනට මන්නාරම වෙත වැඩම කරන ලෙස ආරාධනා කරන ලදි.
මන්නාරමේ කිතුනු පිරිස හුදෙක් කම ආරකෂාව පිණිස පෘතුගීසින්ගේ සිත් දිනා ගැනීමේ චේතනාවෙන් මෙසේ ආරාධනා කළහු ද යන්න ඇතැම්හු ප්‍රශ්න කරති. එහෙත් ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමාගේ ලිපි වලින් ම පැහැදිලි වන්නේ එසේ නොවන බව යි. ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමාගේ සේවාව ද හොදින් හදුනා ගෙන සිටී. මේ පිරිස කිතු දහම වැළැද ගැනීමේ පිරිසිදු චේතනාවෙන් එසේ කළ බව පැහැදි වන්නේ ය. මෙසේ ආරාධනා ලද ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමාට මෙහි පැමිණිම සදහා පහසුකම් නොතිබිණි. එම නිසා තම හිතවත් සහායක මන්සිල්හාස් පියතුමන් එවන්නට එතුමෝ සැලැසුම් කළෝ ය. එම උත්සහය ද අසාර්ථක විය. එම පියතුමාට ද තමන් සිටි තුත්තුකුඩියේ පැවැති විරුද්ධවාදින්ගේ ගැටුම් නිසා සිටි තැනක් බවත් වීම නිසා අපහසු බව දන්වන ලදි. එහි සිටි එක ම පදවි පුජක ජුවාම් ද ලිසානෝ පියතුමන් මෙහි එවන ලදි.
ජුවාම් ද ලිසානෝ පියතුමෝ මෙහි පැමිණ ක්‍රි.ව. 1536 දී විසි දහසක් වු ජන සමුහයක් කිතු දහමේ කුලවැද්දුහ. මේ පිරිස ලැබු දහම් දැනුම අල්ප බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් සැලැසුම් කළ පරිදි, ඒ දැනුම ක්‍රමයෙන් ව්‍යාප්ත කැර දියුණු කරන ලදි. කෙසේ වෙතත් කල් ගත වන්නට පෙර මෙහි වගතුග දැනගත් පරරාජසේකරන් හෙවත් සංකිලි රජතුමා මේ ගැන වියරු විය. ඒ සදහා හේතුවුයේ කුමක්දැයි ප්‍රශ්න කළ හැකිය. මේ වන විටත් පෘතුග්‍රීසින් සමග උරණ වී සිටි නිසා තම රටවැසි පිරිසක් පෘතුග්‍රීසි ගෙනා ආගම වැළැද ගැනීමෙන් තමාට විරුද්ධව ඔවුන් හට පක්ෂපාති වෙත් දැයි අති වු සැකය නිසා ද ? එසේ නැත්තම් ඔවුන් කිතු දහම වැළැද ගැනීම පමණක් නිසා එසේ අරමුණ වුයේ ද? යනු ප්‍රශ්න කිහිපයකි.
ඒ කුමක් වුවත් රජ මේ මුළු පිරිසම මරා දැමුවේ ය. මේ අනුව මැරුම් කෑ පිරිස නව කිතුනු පිරිසක් වුවත් එඩිතරව දිවි පිදුවේ කතෝලික දම කෙරෙහි තමන් දැක් වු විශ්වාසිය නිසාම ය. මොවුන් ඝාතනය කරන ලද්දේ තෝට්ටවේලි හා පට්ටිතෝට්ටම් නමැති ස්ථානයේ දීය. පසු කළ හෙළි වි ඇති ලේඛණ අනුව මැරුම් කෑ සංඛ්‍යාව හය සියයය ඉක්ම වන්නේය. මේ සිදුවිම ඛේදජනක වන නමුත් දිවයිනේ කතෝලිකයිනට ජයග්‍රහණයේ ප්‍රතිමුර්තියක් සහ නිදර්ශණයක් ද වන්නේ ය. මේ සියල්ලෝ නිසැකවම ප්‍රාණ පරිත්‍යාගවරු ය. මෙම ප්‍රාණපරිත්‍යාගිවරු වු කලි ඕලන්ද යුගයේ විරෝදාර කතෝලිකයන්ගේ පුර්ව රූපණ වෙති. ක්‍රි.ව. 1544 දෙසැම්බර් මාසයේදී ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් දකුණු ඉන්දියාවේ බටහිර මුහුදුකරයේ විසු මුක්කර් ජනතාවට ධර්මය දේශනා කරන කළ මන්නාරමේ ප්‍රාණපරිත්‍යාගීවරුන් පිළිබදව ආරංචි වූ අතර , මන්නාරමේ නව කිතුනුවන් එතරම් ඉක්මනින් දෙවිදුන් උදෙසා දිවි පිදීම ගැන දෙවිදුන්ට තුති පිදු අතර සංකිලි වැනි කෘෘර පාලකයන්ට දඩුවම් කළ යුතු යැයිද ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකාවේ පෘතුගීසි ඉතිහාසය පිළිබඳ අසහාය ග්‍රන්ථයක් රචිත ෆර්නාඹ් ද ක්වේරොස් ජේසු නිකායික පියතුමා මේ ප්‍රාණ පරිත්‍යාගි වීම ගැන විචිත්‍ර වූ විස්තරයක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාව ගැන ඇති සිය ඇල්මත් අසාධාරණයට එරෙහි වීමට නිතැතින් එතුමන් තුළැති ගුණාංගයත් එතුමන්ගේ ලිපිවලින් මනාව පිළිබිඹු වේ. ක්‍රි.ව. 1545 ජනවාරි 20 වැනි දින කොචින් හි සිට තුන්වෙනි ජුවන් පෘතුගීසි අධිරාජයා වෙත ලියන මෙතුමා යාපනයේ රාජ්‍යයේ දහම් දෙසුමේ වැදගත්කම අවධාරණය කරයි. ඉන් සතියකට පසු රෝමයේ සිය නිකායික සොයුරන්ට ලියන එතුමා මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගිවරුන් හා කෝට්ටේ රජ වාසල බුවනෙකබාහු රජ විසින් කළ ඝාතනයක් හා කෝට්ටේ දහම් දූත ප්‍රගතිය ගැන සඳහන් කරයි.
ක්‍රි.ව. 1545 දී ශු. ප්‍රැන්සිස් සාවියෙර්තුමා කොළඹ වරායට සේන්දු වන අතර එහදී එතුමන්ගේ සේවයෙන් නැවෙහි කපිතාන්වරයාගේ සිදුවන සිත්හැරිම හා ජිවිත වෙනස ඉතිහාසඥයෝ ඉතා විචිත්‍රව දක්වති. මේ ගමනේ දී කෝට්ටේ රජු සත්වන බුවනෙකබාහු රජු හමුවන එතුමා රජුට පෘතුගාලයේ අධිරාජයාගෙන් ලිපියක් භාර දෙයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව ඉන්පසුව මන්නාරම දක්වා යාත්‍රා කරන ප්‍රැන්සිස් සාවියෙර්තුමා ඉන්පසු නැදුන්තිව් දූපතට ගොඩබට බව කියැවේ.
ස්වර්ගස්ථ වීම සහ ශුද්ධවරය
ක්‍රි.ව. 1552 දෙසැම්බර් මස 03 වන දින ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් චීනයේ සන්චියන් දුපත නම් දූපතේ දී ස්වර්ගස්ථ වුණි. එවිට එතුමන්ගේ වයස අවුරුදු 45 කි. ස්පාඤ්ඤයේ නාවර් ජනපදයේ සාවියෙර් මන්දිරයේ රදලයෙකු ලෙස උපත ලැබුවද සමිදුන්ගේ ඇරයුමට ප්‍රතිචාර දක්වා ජේසු නිකායට බැදී අපෝස්තලික තානාපතිවරයෙකු සහ ධර්මදුතවරයෙකු ලෙස ලක්දිවට පැමිණ දිළින්දන්ගේ දිළින්දෙකු වෙමින් සැබෑ ක්‍රිස්තු අනුගාමිකයකු වූ ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා සැබවින්ම අසහාය ධර්මදුතවරයෙකි. එතුමන්ගේ සම්පුර්ණ ධර්මදානිය මෙහෙවර වසර 10කි. ක්‍රි.ව. 1619 ඔක්තෝම්බර් මස 25 වන දින දී පස් වන පාවුලූ ශුද්ධෝත්තම පියතුමා විසින් මෙතුමන්ව භාග්‍යවරයට එසවූ අතර ක්‍රි.ව. 1622 මාර්තු මස 22 වන දින 15 වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා විසින් මෙතුමන් විශ්ව සභාවේ ශුද්ධවන්තයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජනවන්දනා වසරේ මෙතුමන්ගේ මංගල්‍යය දෙසැම්බර් මස 03 වන දිනට යෙදී ඇති අතර , " ධර්මදුතික මෙහෙවරේ නාම සාන්තුවරයා" යන ආදර නාමයෙන් මෙතුමන් හැදින්වේ.
ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ නොදිරන ශරීරය ලංකාව හරහා ගෝව පුරයට වැඩම කිරීම
ක්‍රි.ව. 1552 දෙසැම්බර් මස 03 වනදා ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් සුරලෝප්‍රාප්ත වූහ. එතුමන්ගේ මෘත ශරිරය බටහිර සම්ප්‍රදායට අනුව ලී පෙට්ටියක බහා මේ දූපතේ වැළලීමට මොහොතකට පෙර එහි සිටියවුන්ගෙන් ඔවුන් ඉතා ගෞරවාදර කළ ප්‍රැන්සිස් සේවියර්තුමන්ගේ ඇට කටු ඉතා ඉක්මනින් ලබාගෙන එය ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයට හෝ ස්පාඤ්ඤ දේශයට ගෙන යාමට යෝජනා කෙරුණු අතර මේ සඳහා ශරිරයේ මාංශය හැකි තරම් ඉක්මනින් දියැවී යාමට උපකාරි වන ක්‍රමයක් ලෙස අළු හුණු මෘත ශරිරය බහාලූ මිනී පෙට්ටියට දැමු අතර ඉන්දියාවට ගෙන යන තෙක් තාවකාලිකව කෙරුණු මිහිදනේ මිහිදන් ස්ථානය අමතක නොවනු වස් අන්තෝනියෝ නම් එතුමන් සමග සිටි පුද්ගලයකු විසින් ගල් කීපයක් තබන ලදී. වසර ගණනාවක චීනයේ කොමියුනිස්ට්වාදී පාලනය නිසා, නොසලකා ගරා වැටී තිබුණු මෙම ස්ථානයේ ඉදිකළ ස්මාරකය හා කුඩා දෙව්මැදුර සා. ප්‍රැන්සිස් සේවියර් මුනිතුමන්ගේ 500 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන්, හොංකොං හි ජේසු නිකායික විද්‍යාලයේ මැදිහත්වීමේ හා උපකාරයෙන් නැවත පිළිසකර කරන ලදී. ක්‍රි.ව. 1553 පෙබරවාරි මස මැද වන විට මාස 2 1/2 පමණ වල දමා තිබූ ප්‍රැන්සිස් සේවියර්තුමන්ගේ මෘත ශරිරය නැවත ගොඩගෙන මලක්කාවට ගෙන යාමට කටයුතු කරන ලදී. ක්‍රි.ව. පෙබරවාරි මස 17 වන දින මෘත ශරිරය බහාලු මිනි පෙට්ටිය ගොඩට ගෙන විවර කළ විට ඔවුන් මහත් වූ පුදුමයට පත්වූයේ නොදිරා, නැවුම්ව තවමත් සුගන්ධයෙන් යුතුව තිඛෙන සිරුර දැකගන්නට ලැබූ හෙයිනි. දණ හිසට පහළින් ඇගිල්ලක තරම් ප්‍රමාණයේ කොටසක් මාංශය කැපූ ඔව්හු මෘත ශරිරයේ නොදිරුනු බව සාන්ත කෘෘස් යාත්‍රාවේ කපිතාන්වරයා වන දියාගෝ වාස්ට ඔප්පු කරනු වස් එය රැගෙන ගියහ. ඉන්පසුව නව සේද වස්ත්‍ර ශරිරයට පැළඳූ ඔවුහු මිනී පෙට්ටියේ බහාලූ සිරුර සාන්ත කෘෘස් නැවට ගෙන ගියහ. සිරුර සහිත නැව, ක්‍රි.ව. 1553 මාර්තු මස 22 දින මලක්කාවට ළගා විය. එහිදී අනුනායක හිමියන්ගේ අධීකෂණයෙන් පසු ප්‍රැන්සිස් සේවියර්තුමන්ගේ සිරුර මලක්කා කන්දේ පිහිටි ශා. පාවුළු විද්‍යාලයේ දේවස්ථානයේ තැන්පත් කරන ලදී. සිය ජිවිත කාලය තුළදී මලක්කාවේ පෘතුගීසි පාලකයන් විසින් ජනතාවට කළ පීඩා වලට විරුද්ධව හඩ නැගිම නිසා ප්‍රැන්සිස් සේවියර්තුමන් හා ඇති වූ වෛරයට මෙන් එහිදී එතුමන්ගේ සිරුර මහත් නොසැළකිල්ලෙන් වළලන ලදී. එනම් එතුමන්ගේ සිරුර මිනී පෙට්ටියෙන් ඉවත්කර සංක්‍රිස්තියන් කාමරයට ඇතුළු වන දොර අභියස කුඩා ඉඩක වැළලීමේදී මිනී වල තුළම බලහත්කාරකමින් තදකිරිමෙන් සිරුරේ ගෙලට හානි සිදුවිය. ක්‍රි.ව. 1553 අගෝස්තු මස 15 දින සිරුර පරීක්ෂා කරන ලදී. මුහුණ වසා තිබූ රෙදිකඩ සහ හිසට තබා තිබූ කුඩා මෙට්ටය වියළි රුධිරයෙන් පෙගී තිබුණි. නාසයට ද තරමක හානි සිදුවී තිබූ අතර රළු සිරුරට සැළකුම හේතුවෙන් මේ දේවල් සිදුවූවද ශරිරය දරදඬු වීමක් නම් වී නොතිබුණි. සිදුකරන ලද සියලුම පරික්ෂණ වලින් හෙළිවූයේ ශරිරය කල්තබා ගැනීම සඳහා කිසිදු ආකාරයක රසායනික ද්‍රව්‍ය භාවිතයක් සිදු නොකර ඇති බවයි. එමෙන්ම ගඳක් වහනය වීමක් ද අසන්නට සහ දකින්නට නොලැබුණි.ඉන් පසුව ශරිරය ගෝව නුවරට ලෝපෝ ද නොරොන්ඤ්ඤ නම් කපිතාන්වරයා බාරයේ මංජුසාවක බහා ගෙන යන ලදී. ඒ අනුව ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ සිරුර මලක්කාවේ සිට ගෝව ප්‍රදේශයට රැගෙන ගියේ ලංකාව හරහාය.
ලක්දිව බැතිය
පෘතුගීසි සමයේදී ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ ගෞරවය පිණිස දේවස්ථාන තුනක් කැපකර තිබුණි. මෙම දේවස්ථාන තුනම ජේසු නිකායික ධර්මදුතවරුන් භාරයේ පැවති දේවස්ථාන විය. ඉන් පළමු දේවස්ථානය වන්නේ ඒත්තාලේ වේ. මෙහි කතෝලිකයන් 100ක් ද , සිසුන් 30ක් ද , සිටි බව කියැවේ. එම දේවස්ථානය තිබු ස්ථානයේ නෂ්ඨාව ශේෂ කොටස් අදත් දක්නට ඇති අතර, එම ස්ථානය අදත් " සවිරියෙර් කෝවිල් " යන නාමයෙන් හැදින්වෙන අතර මෙම දේවස්ථානයට අනුබද්ධිතව දේවස්ථාන තුනක් පැවතිණි. ඒවා වන්නේ නාරක්කල්ලිය, මරිපෝ සහ නාවක්කඩුව වේ. ( නාරක්කල්ලිය සහ මරිපෝ යන දේවස්ථාන ශ්‍රී කුරුසියට ද නාවක්කඩුව ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් ද කැපකර තිබුණි.) දෙවන දේවස්ථානය පිහිටියේ මාරවිල වේ. මාරවිල ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ දේවස්ථානය පිළිබඳව හැදින්වෙන්නේ පෘතුගීසි සමයේදී මාදම්පේ ස්ථාපිතව පැවති ස්වර්ගාරෝපිත දේවමාතා දේවස්ථානයට අනුබද්ධිත පැවති මාරවිල දේවස්ථානය මාදම්පේ දේවස්ථානයට ලීග තුනක් පමණ දුරින් පිහිටා තිබු බව සදහන් වේ. එහි වු දේවස්ථානය ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් නමින් කැපකරන ලද අතර එහි කතෝලිකයන් 600කුද, ධර්මෝපදේශකයින් 50 කුද විසු බවයි. පෘතුගීසි සමයේ පැවති ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් නමින් කැපකරන ලද තෙවන සහ අවසන් දේවස්ථානය වන්නේ වැලිගම්පිටිය හෙවත් වර්තමාන වෑවල වේ. ජේසු නිකායික වාර්තාවන්ට අනුව පෘතුගීසි සමයේදී ජේසු නිකායික ධර්මදුතවරුන් සතු ආරාමයක් සහ දේවස්ථානයක් මෙහි පැවති අතර ප්‍රථමයෙන් එය බෝම් ජේසු හෙවත් යහපත් ජේසු සමිදුන් නමින් කැපකරන ලදී. එය පිහිටා තිබුනේ ඕලන්ද ඇළ ආසන්නයෙන් බවත් පසුව පාරසරික හේතුන් මත වෙනත් ස්ථානයක් කරා රැගෙන ගිය අතර පසුව එනම් ක්‍රි.ව. 1628 න් පසුව ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් නමින් කැපකරන ලද බව සදහන් වේ. එය පිහිටා තිබුනේ වර්තමාන වෑවල සුසාන භුමිය පරිශ්‍රයේ බව සදහන් වේ. වර්තමානයේ ද ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් නමින් ඉදිකර ඇති දේවස්ථානය වෑවල ප්‍රදේශයේ ඉදිවූ පස්වන දේවස්ථානය වන අතර , ජා-ඇල ප්‍රදේශයේ පවතින ඉපැරණිම කිතුනු සංඝය වන්නේ ද වෑවලයි.
ලන්දේසි යූගය
ඕලන්ද හෙවත් ලන්දේසි යුගය ලාංකේය ශු. සභාවේ නවෝදන යුගයේ දී ලාංකේය දේවජනතාවගේ භක්ත්‍යාදරයට පෑ ශුද්ධවරුන් අතුරින් ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් හට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. ඊට ප්‍රධානතම හේතුකාරකය වූයේ ලංකා අපෝස්තුළුවරයාණන් වන ශු. ජුසේ වාස් මුනිතුමාණෝය. ශු . ජුසේ වාස් මුනිදුන්ගේ දිවි ගමන තුළ හදබැදි ස්ථානයන් අතර ගෝවේ බෝම් ජේසු බැසිලිකාවට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. මේ බැසිලිකා දෙව්විමන ගෝවා පුරයට පමණක් නොව සමස්ථ කතෝලික ලෝකයට ම වැදගත් වන ස්ථානයකි. මන්දයත් ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන්ගේ නොදිරන ශ්‍රී ශරීරය මේ දෙව්විමනේ ස්ථාපිත කර ඇති නිසාය. බෝම් ජේසු යන පෘතුගීසි වචනයේ අර්ථය වන්නේ යහපත් ජේසු සමිදාණන් වහන්සේ යන්නයි. පෘතුගීසි ප්‍රදේශ වල මේ නාමය භාවිතා කරනු ලබන්නේ ලංකාවේ පවා සුපතල චතාරික භක්ති අභ්‍යාසයක් වන Ecce Homo යන භක්ති අභ්‍යාසය සිදුකිරීමට බව සදහන් වේ. මෙම බැසිලිකා දෙව්විමන සදහා මුල්ගල් තබන ලද්දේ ක්‍රි.ව.1594 දී වන අතර එහි වැඩ අවසන් වී එය කැපකොට අභිෂේක කරන ලද්දේ ක්‍රි.ව.1605 දී එවකට ගෝව අගරදගුරු අති උතුම් ඇලෙක්ෂියෝ ඩි මෙනසෙස් හිමිපාණන් විසිනි. බාරෝක් ගෘහ නිර්මාණ ශිල්ප වලට නෑකම් කියන්නාවූ මේ බැසිලිකා දෙව්විමන ජුසේ වාස් මුනිදුන්ගේ හදබැදි ස්ථානයක් වන්නට වුයේ එතුමන්ගේ දෙව්සත්හල් සමයේදී බව සදහන් වේ. දෙව්සත්හල් ශිෂ්‍යයෙකු ලෙසත් තරුණ සහෝදරතුමකු ලෙසත් මේ දේවස්ථානයේ ස්ථාපිත ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන්ගේ නොදිරන සිරි සිරුර දකින වාරයක් වාරයක් පාසාම ජුසේ වාස් මුනිතුමන්ද ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන් මෙන් තමන් ධර්මදුතවරයෙකු වීමට අපේක්ෂා කරන්නට විය.
එතුමන්ගේ ජීවිතය තුළ පරමාදර්ශ ශුද්ධවරුන් දෙදෙනෙකු ගත් අතර ඒ දෙදෙනා වන්නේ අසීසියේ ශු . ප්‍රැන්සිස් මුනිතුමන් සහ ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන්ය. අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් මෙන් දිළිදුකම මුල් කර ගත් සරල චාම් දිවියක් ගත කරන්නට මෙතුමාණෝ අපේක්ෂා කළ අතර ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් මෙන් ප්‍රබල ධර්මදුතවරයෙකු වන්නට ද අධිෂ්ඨාන කර ගත්තේය. එම නිසාම එතුමන්ගේ දිවි ගමන තුළ ඉහත කී ප්‍රැන්සිස් යන ශුද්ධවරුන් දෙදෙනාගේම සංකලනයක් දක්නට ලැබේ.ඒ සදහා එතුමන්ට මහගු පිටුවහල වුයේ මේ දෙව්විමනයි. පසුකාලීනව මෙරටට පැමිණි ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් ද මෙම අසහාය ශුද්ධවරයාණන්ගේ භක්තිය මෙරට තුළ ප්‍රචලිත කළෝය.
ලක්දිව කතෝලික ඉතිහාසය, Facebook පිටුව, 01 December, 2021 16.15.
****************************************************************************************
සා. සේවියර්තුමාගේ නොදිරන සිරුර ලංකාවේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ යැයි යන්න ප්‍රතික්ෂේප කරමින් ගෝවේ Herald පුවත්පතේ 02 Nov 2014 පලවූ ලිපියක්
The Fake Battle over the Body of St Francis Xavier
Fr Victor Ferrao
The 17th Exposition of the Sacred Relics of St. Francis Xavier will be solemnly inaugurated on November 22. In recent days, we had some people raising the question of the genuineness of the sacred body, which echoed the polemic that gripped the people of Goa in 1792 after the suppression of the Jesuits.
The claim at that time was rather different from present one. It stated that the Jesuits shifted the real body of St Francis Xavier to Portugal and it was claimed that a body of a dead priest had replaced him in Goa. The same controversy raised its ugly head 25 years ago in Goa without much substance. The reining controversy that drew our attention claims that sacred body of St Francis Xavier was lost at sea during its transit to Goa and was replaced by the then Portuguese authorities with the body of Buddhist Monk Thhotgamuwe Sr Rahula Thera.
This claim was highlighted by the Sinhalese as well as the English press of Sri Lanka igniting a new controversy in Goa. Sri Lankan Journalist W T J S Kaviratne, who championed the conflict in Goa, failed to persuade Goans about the same. These claims are both misleading and provocative and cannot stand any critical scrutiny.
Those who interrogate its authenticity have no basis. At best, their view has to be dismissed as a conspiracy theory.
Francis Xavier landed on Goan soil on May 6, 1542. During his ten years sojourn in the East, Francis Xavier returned to Goa four times but his total stay in Goa did not exceed eight months. His missionary expeditions took him to foreign territories like the islands surrounding Ceylon, Malacca, Moro, Moluccas and Japan. He died on the island of Sanciao while awaiting his entry into China.
Although, Francis worked on islands close to Ceylon, there is no evidence that he entered Sri Lanka. Of all things said and done, one thing is certain, Francis Xavier did not die in Sri Lanka.
Soon after his death, the body of St Francis was put in a Chinese-styled coffin on the Island of Sanciao. On February 17, 1553, after more than two months, his body was exhumed with the hope of taking his remains to Goa so that they can be sent to his family.
The body was taken to Malacca and was reburied without a coffin and very crudely at the entrance door of the sacristy of the Church of Our Lady of Mount at the end of March 1553.
After some months, the body was exhumed and it was still fresh and did not decompose. On August 15, 1553, the ship ‘Santa Cruz’ set sail for Goa along with the body. The body was embanked at Port Bhatkal and the convoy then set sail for Goa.
The convoy arrived into Goa on March 14, 1554. It was kept in the Ribandar Church for a night and the next day, the body was kept at St Paul College, Old Goa.
Dr Cosme Saraiva, then physician of the Viceroy and who personally knew Francis, after examination of the body, certified under oath that he medically checked all parts of the body and found it fresh without being embalmed with any artificial means.
It took 67 years for the Church to declare Francis Xavier as a saint. In 1556, the canonical process was initiated from Goa and in 1614, the right arm was amputated as the Pope required a concrete proof of his incorruptible body. Francis Xavier was beatified by Pope Paul V in 1619 and three years later, Pope Gregory XV canonized him.
From 1681, the Jesuits superiors in Goa already noticed that the body was already exhibiting signs of deterioration. In 1686, the body was shifted to a new and better coffin. Then in 1698, Cosmas III, the Grand Duke of Florence, sent a gift of the Florentine marble mausoleum on which the casket was mounted.
In 1744, under the orders of John IV, the king of Portugal, the Archbishop of Goa and the Viceroy opened the body to verify its condition and established that it was integral.
In 1751, the body was again opened for the sake of the family of the Viceroy.
From 1782-1952, the body of St Francis Xavier was exposed for solemn public veneration.
It is reported that for the first six expositions, every time that the body was exposed, it was subjected to through medical examination by a team of eminent surgeons.
All through the various examinations of the sacred relics of St Francis Xavier, there is nothing that suggests that body is of Asian and not of European origin.
But it was discovered the rate of deterioration of the body was increasing and therefore, the body was placed in a glass casket and no longer could be touched directly. This continued in the last five solemn expositions. The same will continue during the current solemn exposition.
Hence, we can notice that there is no basis to believe that the body is that of an Asian or for that matter, of a brown Sri Lankan. When the body was brought to Goa, certainly there were those who knew and met Francis Xavier when he was alive and would have certainly discovered if his body was a fake one.
Moreover, the body cannot be of an old monk who died at the age of 83 in 1491 as the Portuguese came into India only in 1498 and thereafter entered Sri Lanka in 1505. There are too many holes in the narrative that is under our study to merit any real attention. The body is certainly the sacred relic of St Francis Xavier and cannot be subject to further brutalization because of an un-substantive conspiracy raised by some people.
Fr Victor Ferrao is a leading Christian theologist and dean at Rachol Seminary.
*********************************************************************************
ශා. ප්‍රැන්සිස් සේවියර් ලංකාවට පැමිණ තිබේද? මේ ප්‍රශ්නය 'සිරිලක කිතුනු ඉතිහාසය' facebook පිටුවේ පළවූ ලිපියකට ප්‍රතිචාර වශයෙන් කිසිවෙක් අසා තිබුවක්. ඔව් ඒ සම්බන්දයෙන් තොරතුරු තියෙනවා. විශේෂයෙන්ම ප්‍රැන්සිස් සේවියර්තුමාගේ සේවය දැනුම්දෙමින් ඉන්දියාවේ කොචින් හී සිටි ජෙසුනිකායික පියතුමන්ලා වතිකානුවට සහ පෘතුගාලයේ ලිස්බන් නුවරට යවනලද 1545 ජනවාරි 27 දිනැති ලිපිය, ඒ වගේම Amboyna නම් පෘතුගීසි හමුදා නිලධාරියෙක් 1546 මැයි මාසේ ලියන ලද වාර්තාව, ප්‍රැන්සිස් සේවියර්තුමාගේ ජීවිතය සහ සේවාවන් ගැන පරීක්ෂණාත්මක ග්‍රන්ථයක් ලියු H. T. Coleridge (1872) 'Life and Letters of St. Francis Xavier' කෘතිය ආදිය දැක්විය හැකියි. එම තොරතුරුවලට අනුව සේවියර්තුමා දකුණු ඉන්දියාවේ සහ මන්නාරමේ වසර 03ක කාලයක් සේවය කර තිබෙනවා. ඒ විතරක් නෙමේ 1622 මැයි 22 ශාන්තුවරයට එසවූ ප්‍රැන්සිස් සේවියර්තුමාගේ ජීවන චරිතය, ධූත මෙහෙවර, සිදුකල හාස්කම් ආදිය ගැන පෘතුගාලය පමණක් නොවේ යුරෝපය පුරාම විශාල සාකච්ඡාක් පවා ඇතිවී තිබෙනවා. එම නිසාම එම යුගයේ චිත්‍ර ශිල්පීන්ට පවා එතුමා වස්තුවිෂය වී තිබෙනවා. 1590-1641 අතර ජීවත්වූ Baroque චිත්‍ර ශිල්පියෙක්වූ Andre Reinozo විසින් අදින ලද ‘St. Francis Xavier Restores to Life a Native of Ceylon’ එවැන්නක්. මෙම චිත්‍ර ශිල්පියා ලංකාවට පැමිණ නැහැ. මන්නාරමේ හැඩරුව හෝ මෙරට ජනයාගේ ඇදුම් පැළදුම්, පරිසරය ආදිය ගැන දැකලා නැහැ. ඒහෙත් සේවියර්තුමා ලංකාවේ මන්නාරමේදී මියගිය තරුණයන් දෙදෙනෙකුට නැවත ජීවය දුන්බව අසා තිබුනා. මේ ඔහු ඒ ඇසුරින් අදින ලද චිත්‍රය. මෙම චිත්‍රය පෘතුගාලයේ ලිස්බන් නුවර Sao Roque (Church of Saint Roch) දක්නට තිබෙනවා.
සරත් වීරසේකරලාගේ හීතළු වලට කාලයත් වචනත් නාස්ති කරන්න එපා! ඔහුගේ බුද්ධි මට්ටම ඔහු විසින්ම ප්‍රදර්ශණය කර අවසන්. මෙම සිරුර නොදිරා තිබීමේ විද්‍යාත්මක පසුබිම හා ඓතිහාසික පසුබිම ගැන අවධානය යොමු කිරීම වඩා වැදගත්.
ReplyDeleteඒක හරි .
Deleteඉතිහාසය විෂයයක් ලෙස එයට පමණක් ආසාවෙන් හැදෑරිය යුතු දෙයක්. ආගම්, ජාති, රටවල්, දේශපාලන කෝණවලින් ඒක කලාම වටිනාකම නැතිවෙනවා. ලංකාවෙ ප්‍රශ්නය ඒක.
ReplyDeleteඇත්ත. ලංකාවේ වෙලා තියෙන්නේ ඉතිහාසය දේශපාලන ව්‍යාපෘතියක කොටසක් බවට පත්කරගැනීමයි.
Delete🙂
ReplyDeleteසරත් වීරසේකර කිව්ව ගමං කතාව අනිත් පැත්තට යනවා.
නමුත් ගෝවේ තියෙන්නේ පෘතුගීසීන් විසින් එහෙට ගෙන ගිය රාහුල ගේ සිරුර බව අපි පොඩි කාලේ ඉඳලාම අහලා තියෙන කතාවක්. එනිසා ඒ ජනප්‍රවාදයට සරත් වීරසේකර ගාවන්න එපා!
රසික,ඔයා කියවලා තියෙනවාද 2014 ඉදන් සරත් වීරසේකර දිවයින පත්තරේ දිගටම ඔය ගැන ලියපු ලිපි ටික. මේ ලිපියේ කියලා තියෙන්නේ සරත් විරසේකර ගැන විතරක් නෙමේ අනගාරික ධර්මපාල යුගයේ සිට සිංහල බෞද්ධ ජාතිකවාදිය පතුරපු ඔය ප්‍රබන්ධය ගැනයි මම අවධානය යොමුකරලා තියෙන්නේ.
Delete