එහෙත් මෙයවුකලී පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමේ හෝ පාස්කු ප්‍රහාරය පිලිබදව සත්‍ය මතුකර ගැනීමේ උන්නදුවේ අඩුවක් නොවේ. එහිලා ගන්නාවූ ඊලග උපායමාර්ගික ප්‍රවේශය සදහා පිවිසීමට සුදානම්වීමේ, ලකලැස්තිවීමේ, කාලයක් බව ඉදුරම ප්‍රකාශකළ හැක. එසේ පවසන්නේ පාස්කු ප්‍රහාරය සිදුවී දින 1000 ලගාවෙන එළබෙන 2022කේ ජනවාරි 14 වෙනි දිනට ක්‍රියාකාරම් රාශියක්ම සිදුවීමට නියමිත බව තතුදත් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන නිසාය. ඇත්තවශයෙන්ම මේවූකලී පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකර ගැනීමේ සහ සත්‍ය සොයාගැනීමේ උත්සහයේ ක්‍රමික අඩුවක් නොව මේ ගමනේ ඊලග පිම්මටමට සුදානම්වීමේ අවධියකි.
මේ වන විටද රට තුල පාස්කු පරහාරය පිලිබදව නඩු දෙකක් විභාගවෙමින් පවතී. එකක් නම් නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විසිපස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 23,270ක් යටතේ පාස්කු ප්‍රහාරය එල්ල කලා යැයි චෝදනා නගමින් කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවය. එය විභාගවී තීන්දුවක් දීමට දීර්ග කාලයක් යනු නියතය. අනෙක නම් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්දයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අධිචෝදනා 864ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවය. මීට අමතරව තවත් විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව මඩකළපුව මහාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර එයද නොබෝදිනකින් විභාගවීමට නියමිතය. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය, ආබාධිතවූ හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ගොනුකර ඇති නඩු 128ක විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නයැයි හිටපු ජනාධිපති සිරිසේන මහතා ඉදිරිපත්කල මෝසම පිලිබදව තීන්දුව ජනවාරි 7වෙනිදා කොළඹ දිසා අධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමටද නියමිතය.
මෙකි නඩු පිළිබද කටයුතු එසේ සිදුවෙමින් පවතින අතර පසුගිය සතිය දක්වා විභාගවූ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්දයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩුවේ රජයේ සාක්ෂිකරුවෙක් ලෙස සාක්ෂි ලබාදීමට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ වත්මන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා නම් කිරීම පිලිබදව දැදී විරෝධයක්ද එල්ලවිය. එම නඩුවෙ රජයේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබාදෙන නිලන්ත ජයවර්ධන මහතා දිගින් දිගටම කියා සිටින්නේ තමා ජනාධිපති සිරිසේනට මෙම ප්‍රහාරය පිළිබඳව ලැබුණූ තොරතුරු දැනුම් නොදුන් බවය. නමුත් ඒ මහතාගේ ප්‍රකාශ පාස්කු ප්‍රහාර පිලිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව පිළිගෙන නොගත්තා පමණක් නොව කොමිෂන් සභාව විසින් ඒ මහතා දැඩි දෝෂදර්ශනයකට ලක්කර නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළයුතුයයි නිර්දේශද නිකුත්කර ඇත. එසේ තිබියදී ඔහුව පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්දයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩුවේ රජයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කිරීම කෙතෙක් යුක්ති සහගත යන්න නිරන්තරයෙන් පැන නැගුන ප්‍රශ්නයකි.
ඒ අතර මේ නඩුව තුලදී නිලන්ත ජයවර්ධන මහතා ලබාදුන් සාක්ෂි එවකට සිටි යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය ඔස්සේ අභියෝගයට ලක්විය. නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති සිරිසේනට සෘජුවම බුද්ධි තොරතුරු සන්නිවේදනය කරන බව ආරක්ෂක ප්‍රධානින් සියලු දෙනාට අවබෝධයක් තිබු බව ද, පාස්කු ප්‍රහාරය පිළිබදව අප්‍රේල් 04 වනදා ලැබුණු විදේශ බුද්ධි තොරතුර ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 වන දා පැවති අවසන් බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් නොකළ බවද හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. එම සාක්ෂි ලබාදීමත් සමග නඩුවේ ඊළගට කැදවීමට සිටි තුන්වන සාක්ෂිකරුවූ ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ගේ සාක්ෂිය නොකැදවීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නඩුව කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. ඒ සමග හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂියට කැදවුයේ නම් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා දිගින් දිගටම ප්‍රකාශකරන 'ජනාධිපති සිරිසේනට මෙම ප්‍රහාරය පිළිබඳව ලැබුණූ තොරතුරු දැනුම් නොදුන්නා' යැයි යන ප්‍රකාශය තවදුරටත් විමර්ශනය කිරීමට මෙන්ම තව තවත් තොරතුරු මතුවීමටද ඉඩ තිබුණ බවත් මෙන්ඩිස් මහතා සාක්ෂියට නොකැදවීමේන් එම අවස්ථාව දැන් ඇහිරී යන්නේ යැයි යන්න දැක්වෙන මාධ්‍යවල වාර්තා පසුගිය දින කිහිපය පුරාම පලවී තිබුණි.
මෙකී සිද්ධීන් සමුදාය එක්තරා ආකාරයට ලංකාව තුල සිදුකරන විමර්ශන ඔස්සේ හෝ නඩු විභාග ඔස්සේ හෝ පාස්කු ප්‍රහාරයේ සැබැ සත්‍ය හෙළිකරගැනීමට හා යුක්තිය ඉටුකර ගැනීමට නොහැකිය, එහෙයින් එය ජාත්‍යන්තර අධිකරණයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් වෙත ගෙනයා යුතු යැයි යනුවෙන් හඩනගන්නගේ හඩ නැවත ප්‍රතිරාවදීමට මංපෙත් විවිර කරන්නට හේතුවිය.
එකී හඩ නගන්නන් බොහොමයක් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සලකනුයේ රාජ්‍යයේ දේශපාලන නායකත්වයන් විසින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සහ ඉලක්ක හඹායෑම සඳහා ස්වාධීනව ක්‍රියාත්මකවිය හැකි රහසිගත සහ අවසර හෝ අනවසර කණ්ඩායම්/ බුද්ධි නිලධාරීන්/ නිල හෝ නිල නොවන හමුදා ජාලයන් යොදා ගනිමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන මෙහෙයුම්වල ප්‍රතිපලයක් ලෙසය. 'Deep state' යන භාෂිතයකින් (rhetoric) හදුන්වන එම ක්‍රියාකාරිත්වය ලෝකේ බොහෝ රටවල දේශපාලන ක්‍රියාකාරිත්වයන් සම්බන්දයෙන් කුමන්ත්‍රණ න්‍යාය (Conspiracy theories) ඔස්සේ සාකච්චාවට ලක්කරන්නකි. ශ්‍රී ලංකාවේද පාස්කු ප්‍රහාරය වත්මන් රාජපක්ෂ පාලනය බලයට ගෙන ඒමට, රාජපක්ෂලාට බලය ලබාගැනීමට කල කුමන්ත්‍රණයක් යැයි යන කියවීමද එක්තරා ආකාරයකට ඉහත උපන්‍යාසය (hypothesis) පදනම් කරගෙන ගොඩනැගුනකි. එකී උපන්‍යාසය ඔප්පු කිරීම නොකිරීම සිදුවනුවේ පාස්කු ප්‍රහාරය පිලිබදව විනිවිද භාවයකින් යුතු, සමට පිළිගත් විමර්ශනයක් සිදුකිරිමෙන්ය. කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික පල්ලියත්, රටේ බොහෝ දෙනාත් ඉල්ලා සිටින්නේද එයමය.
මේ අතර පසුගියදා (03/12/2021) ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිලිබද විවාදයට එක්වෙමින් ජාතික ජනබලවේගය මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ආණ්ඩුව දෙසට එල්ල වෙන චෝදනා වළක්වන්න නම් පාර්ලිමේන්තුවට කරුණු පහක් පැහැදිලි කළ යුතුව තිබෙන බවය. ඔහු පැහැදිලි කිරීම් ඉල්ලු කරුණු 05වුයේ:
1. මහින්ද රාජපක්ෂ අගමැතිවූ දින 52කේ ආණ්ඩුව තුල සිදුවූ වවුනතිව් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම එල්ටීටීඊය දෙසට යොමු කරන්න කටයුතු කළේ කවුද?
2. සහරාන් ඇතුළු කණ්ඩායමට වැටුප් ලබා දුන්නාද? එහෙම නම් ඒ වැටුප් ලබා දුන්නේ කවුරුද? ඊට නිර්දේශ දුන්නේ කවුද? වැටුප් ලබා දුන්නේ කවර පිරිස්වලට ද? යන්න හෙළි කළ යුතු බව.
3. ටාජ් සමුද්‍රා හෝටලයට ප‍්‍රහාර එල්ල කිරීමට ආ පුද්ගලයා පසුව දෙහිවල ප‍්‍රදේශයේ නවාතැන්පලකදී පුපුරුවා හැරීමක් කර ගන්නවා. ඒත් ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ඒ පිපිරීම දක්වා ඇතුළත කාලයේදී බුද්ධි අංශ ඔහුගේ ගෙදරට යනවා. ඒ වනවිට ඔහු ගැන හෙළිදරව් වෙලාවත් නැතුව බුද්ධි අංශ ඔහුගේ ගෙදරට ගියේ කොහොමද?
4. පාස්කු ප‍්‍රහාරයට අදාළව ඒ ස්වයං ඝාතක කණ්ඩායම් සතුව තිබූ පරිගණකය පාවිච්චි කරන ලද පුද්ගලයා කවුද?
5. ප‍්‍රහාරයෙන් පසුව එහි වගකීම අයි. එස්. අයි. එස්. සංවිධානය මෙහි සිට කතා කළ පොඩි සහරාන්ගේ දුරකථන ඇමතුම පිළිබඳ පිළිතුරු දෙන්න, ආදි ඔහු පැහැදිලි කිරීම් ඉල්ලු ප්‍රශ්නය.
අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මතු කල මෙම කරුණු සම්බන්දව ශ්‍රී ලංකා රජය පැහැදිලිවම පිළිතුරු සැපයිය යුතුව ඇත. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පමණක් නොව රාජපක්ෂ රජයේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේම අනාගතය තීරණය කරන ප්‍රශ්න 5කි. මෙම ප්‍රශ්න පහට ලබාදෙන පිළිතුරු සහ එකී ප්‍රශ්න පහට පිළිතුරු සපයා ගැනීමට දරන්නාවූ සෑම සියළු උත්සහයක්ම අතිශයින්ම තීරණාත්මකය.
එහෙත් පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධාරණය සොයායෑමත්, සත්‍ය මතුකර ගැනීමත් එකී ප්‍රශ්න පහට පමණක් ලඝු නොවේ. මන්දයත් පාස්කු ප්‍රහාරයවූකලී නිදහසින් පසු ක්‍රමයෙන් ගොඩනැගුන ශ්‍රී ලංකා රාජ්‍යයේ විනාශකාරී ජඩ දේශපාලන විභයන්ගේ එක් තිවුර හරස්කඩක් හොදින් ප්‍රදර්ශනය කරන නිසාය.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
21/12/2021.
පාස්කු ප්‍රහාරය කියන්නේ එක්තරා විධිහක "දේශපාලන " ප්‍රහාරයක් නම් ත්‍රස්තවාදී එකක් පමණක් නොවේනම් , අර පළමු නඩුවේ කට්ටියට විතරක් දඬුවම් ලැබෙයි.
ReplyDeleteඔය නඩු පවරලා තියෙන අයට උසාවියෙන් දඩුවම් ලැබුනත් ප්‍රහාරයේ සියලු තොරතුරු හෙලිවෙන්නේ නැතිනම් වැඩක් නැහැ. අවශ්‍යවන්නේ කිසිදු සැකයක් ඉතුරුනොවන ලෙස සියල්ල හෙලිකරගැනීමයි.
Delete