This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 27 January 2020

කාදිනල්ගෙන් භික්ෂුන්ට දානයක්

මම නම් කියන්නේ මේක හොද වැඩක් කියලයි. පාස්කු ප්‍රහාරයට මාස 9යක් පිරෙන දා හික්ෂුන් වහන්සේලාට එන්න කියලා අපේ මිනිස්සුන්ට කරපු විනාශය ගැන කථාකරලා දානයක් - ධම්මයක් දුන්න එක හොද දෙයක්.

අපේ මිනිස්සුන්ට යුක්තිය ඉටුකරගැනීමට අපිට ඔය සෑම කෙනෙකුගේම හඩ අවශ්යි. අනික මේ වර්ගවාදය, ජාතිවාදය, ජාතිකවාදය වඩ lවඩා ඉස්මතුකරන කාලේක, කවුරු කොහොම වරදවා වටහා ගත්තත්, අපි සියල්ලෝම තේරුම් කරලා දෙන්න ඕනේ දෙයක් තමයි අපි ඔය කාගේවත් හතුරෝ නෙමේයි කියන එක.

අපි අපේ ධර්මය, හරය සහ වටිනාකම් තුල ජීවත්වෙන ගමන්ම අපි කරන්නේ අපි ජීවත්වෙන ඕනෑම සමාජයක් තව තවත් වැඩිදියුණු කිරීමට, පිපීමට දායකවීම, මුහුන්වීම (leaven/ yeast) පමණක් බව ඒ අයට තේරුම්කර දිය යුතුයි.

එක මේ කතෝලික අයගේ විතරක් නෙමේ පොදුවේ සෑම ක්‍රිස්තියානින්ගේ අරමුණ බවත්, ඒ නිසා කතෝලිකයින්ගේ විතරක් නෙමේ පොදුවේ කොයි ක්‍රිස්තියානි කණ්ඩායමක් ගැනවත් එදිරිවාදීකම්වලට යන්න අවශ්‍ය නැහැ කියලා කාදිනල්තුමාම කියලා දෙනවා නම් වැඩිය හොදයි...

මාකස් ප්රියන්ත පෙරේරා 
25/01/2019

4 comments:

  1. දීපු දෙයක් ආපහු ඉල්ලන්නේ රොඩියෝ, ෴ උදය ප්‍රභාත් ගම්මන්පිල

    මාකස් ප්‍රියන්තත් රොඩියෙක්.

    ReplyDelete
    Replies
    1. දුන් දේ සුවදයි, නොදුන් දේ ගදයි - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාවවත් කියවලා තියෙනවා නම් තමන්ගේ රෙදි හෝදාගන්න 'රොඩීන්'හොය හොය යන්න ඕනේ නෑ නේද?

      Delete
  2. දාන කොහොම වුනත්, ඔවුන්ට පින් අනුමෝදන් කරන ඇත්තොත් ඇති නේද?

    ReplyDelete