It was the book that I first read, which says, in those days, Sri Lankans (the Ceylonese) can eat fine 'Samba' rice with beef curry, two vegetables, Malung (finely chopped leaves mixed with Lime Juice and onions), Coconut Sambal, tea and a cigarette for just 9 cents which we cannot barely manage to do for even 900 Sri Lankan Rupees nowadays. I remember it says that a Cadbury Roses Chocolate Tin was available in Sri Lanka (Ceylon, in those days) which is now a luxury gift that a foreign friend or relative brings. That book was 'The Jam Fruit Tree'. The fine novel won The Gratiaen Memorial Prize and was written by Carl Muller, published in 1993.
Carl Muller, who's name may not sound Sri Lankan, is ethnically a Dutch-German Burgher, born and died in Kandy, Sri Lanka. He was a well-known Sri Lankan English writer, poet and journalist, who brought the Sri Lankan Burgher communities' stories in his best known trilogies; The Jam Fruit Tree, Yakada Yaka and Once Upon A Tender Time. Like many other Sri Lankan English writers, he too exposed the particular stories of Sri Lanka to the English speaking world. He even used some Sinhala expressions, such as 'Chickay' (contempt or disgust) and 'Soththiya' (a weak person) in his 'The Jam Fruit Tree' novel.
But compared to many other well know Sri Lankan born English writers, such as Michael Ondaatje, Christopher Ondaatje or Shyam Selvadurai, Carl Muller carried a particular 'taste', which I believe Shyam Selvadurai also had a bit, and I am still falling in love with it. May he rest in peace.
ඉස්සර ලංකාවේ කඩේකින් දවල්ට සම්බා බතුයි, හරක් මසුයි, පොල් සම්බෝලයි, මැල්ලුනුයි කාලා, ටී එකක් එක්ක සිගරට් එකක් බොන්න යන්නේ සත නමයයි කියලා මම දැන ගත්තේ Carl Muller ගේ The Jam Fruit Tree කියන පොතෙන්. ඒ පොතේම තමයි තිබුනේ ඒ කාලේ ලංකාවේ Cadbury Roses චොක්ලට් ටින් පවා තිබුනා කියලා...ඔය කියන පොත (The Jam Fruit Tree) ජාත්‍යන්තර සම්මානයකිනුත් (Gratiaen Memorial Prize) පිදුම් ලබලා තියෙනවා. ඒ පොත වගේම එහි කතුවරයාවූ Carl Muller මහතාව සලකන්නෙත් ලෝක සාහිත්‍ය තුල නම රැදවූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසයි. නම කිව්වහම ලංකාවේ වගේ නොවුනත් Carl Muller ලුත් ලංකාවේ. වාර්ගිකව නම් ලන්දේසි-ජර්මන් බර්ගර්. ලිව්වේ ඉංගිරිසියෙන්. එත් ලංකාව ලෝකයට අරගෙන ගිය තැනැත්තෙක්. 'චීකෙයියා', 'සොත්තියා' වගේ සමහර සිංහල වචන පවා ඔහුගේ ඉංග්‍රීසි නවකතාවල ඔහු ගොදාගෙන තියෙනවා. ඒ වචන සිංහල භාෂාව ගැන මෙලෝ දෙයක් නොදන්න ලෝකයේ අනෙක් මිනිස්සු පවා දැනගත්තේ ඔහුගෙන්. මහනුවර ඉපදුන ඔහු පසුගියදා (02/12) නුවරම මියගිහින් තිබෙනවා.
Carl Muller ගෙන් පසුව Michael Ondaatje, Christopher Ondaatje වගේ සාහිත්‍යයකරුවන් ලංකාවේ උපන් ඉංග්‍රීසියෙන් ලියන ජාත්‍යන්තර වශයෙන් සාර්ථකවූ සාහිත්‍යකරුවන් ලෙස වඩ වඩාත් ප්‍රසිද්ධවුත් Carl Muller තරම් ඔවුන් ලංකාව ලෝකයට ගෙන ගියේ නැහැ. මම හිතන්නේ Shyam Selvadurai ඊට වඩා ඒක කලා කියලයි. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් සාහිත්‍යකරණයේ යෙදෙන ශ්‍රී ලාංකිකයෝ ගොඩක් බිහිවුනත් ඒ කිසිවෙකුට Carl Muller ගේ taste එක ගන්න බැහැ. අඩුම තරමේ Shyam Selvadurai ගේ touch එකවත් ගන්න බැහැ. ඒකට හේතුව අර නලින්ද සිල්වා කියන විදිහට සිංහලයාට බටහිරයා වගේ හිතන්න බැරිවීම වෙන්න පුළුවන්. ඒක එහෙමද කියලා තේරුම් ගන්න Carl Muller ගේ (ඒ වගේම Shyam Selvadurai වගේ අයගේ) සාහිත්‍ය කෘති තුලනාත්මකව හැදෑරීම ප්‍රයෝජනවත් වේවි. Carl Muller මහතාට මොක්සුව අත්වේවා!
මාකස් ප්රියන්ත පෙරේරා
23/01/2019
No comments:
Post a Comment