This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 6 June 2019

කටාන ප්‍රාදේශීය සභාවට කටුවපිටියෙන්ම නියෝජිතයෙක් පත්කරගන්න

කටාන ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණඩායමක් යටතේ තරගකර ජයලැබූ දොස්තර සනත් ප්‍රනාන්දු මහතා (වෙද මහත්තයාගේ පුතා) ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට ලක්ව කටුවපිටිය පල්ලියේදී ජීවිතක්ෂයට පත්විය.

ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකුවූ ඒ මහතා මීගමුව රෝහල් සංවර්ධන කමිටුවේද විශාල වැඩ කොටසක් සිදුකල ප්‍රදේශයේ මහත් ජන ප්‍රසාදයකට හිමිකම් කියූ තැනැත්තෙකි. ඇත්ත වශයෙන්ම එතුමා තරගකල ස්වාධීන කණඩායමට කටාන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආසනයක් දිනාගැනීමට තරම් චන්ද ප්‍රමාණයක් ලැබුනේ ඔහු දිනාසිටි පුද්ගල ජනප්‍රියතාව නිසාය.

ඔහුගෙන් අනතුරුව එම කණ්ඩායමේ ඊළගට වැඩිම මනාප ජන්ද ප්‍රමාණයක් ලබා සිටින්නේ රද්දොළුගම පෙරේය්රා මහත්මියය. දොස්තර සනත් ප්‍රනාන්දු මහතාගේ මරණය නිසා පුරප්පාඩුවෙන එම කණ්ඩායමට හිමි අසුන සදහා එම මහත්මිය හෝ එම කණ්ඩායමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මෙල්වින් මහතා පත්වීමට ඉඩ තිබේ.

එහෙත් කටුවපිටිය බෝම්බ ප්‍රහාරයත් සමග ඇතිවී ඇති එම ප්‍රදේශයේ අවශ්‍යතා සදහා එම ප්‍රදේශය අයත් කටාන ප්‍රාදේශීය සභාවෙන් අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීමට කටුවපිටිය ගමෙන්ම පුද්ගලයෙකු පත්කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. ඒ සදහා ප්‍රදේශවාසීන් ඉල්ලාසිටින්නේ එම කණ්ඩායමේ සිටින හෝ එම කණඩායමෙන් පිටත සිටින කටුවපිටිය ප්‍රදේශවාසී ක්‍රියාකාරී තැනැත්තෙකු පත්කර දොස්තර සනත් ප්‍රනාන්දු මහතාගෙන් එම ප්‍රදේශයට සිදුවූ සේවය අඩුවකින් තොරව නැවත අත්කරදීමට කටයුතු කරන්නේ නම් විපතට පත් ජනයාට මේ මොහොතේදී යම් හයියක් ලැබෙන බවයි.

මේ සම්බන්දයෙන් අවශ්‍ය අවධානය යොමුවීම ප්‍රහාරයෙන් පසු නැවත නැගීසිටීමට වෙර දරන එම ප්‍රදේශයේ ජනයාට ලබාදෙන තවත් ශක්තියක් වනු නොවනුමානය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
07/06/2019 

3 comments:

  1. නරේන්‍ද්‍ර මෝධි ලංකාවට එනවළු.
    මිනිහා ලංකාවේ දෙමළුන්ට හින්දු අන්තවාදය පතුරවයි. දැනටත් දෙමළුන්ට මුස්ලිම් විරෝධයක් තියෙනවා.
    ළඟදිම දෙමළු අතර හින්දු ක්‍රිස්තියාකි යුද්ධ ඇතිවෙයි.
    තොපිට සාදු
    මම බලා හිටියෙත් එහෙම දෙයක් වෙනකල්.

    ReplyDelete
    Replies
    1. ඔයා'සාදු' කියන්නේ ඔය ටික වෙන එකටද?

      Delete