This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 25 June 2019

කටුවපිටියේ විපතට පත් ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකරමු


පාස්කු ඉරිදා එල්ලකල ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා විපතට පත් මීගමුව කටුවපිටිය සා. සෙබස්තියන් පල්ලියේ සිටි ජනතාව වෙනුවෙන් මීගමුව මහනගර සභාවේ මූලිකත්වයෙන් ස්මාරකයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය මතුකරමින් මීගමුව නගරාධිපති දයාන් ලාංසාගේ facebook පිටුවේ මා තැබූ සටහනක් ගැන පුළුල් අවධානය යොමුවී ඇති බවක් පෙනේ. 


නගරයේ බොහෝ දැන උගත් පිරිස් අතර පමණක් නොව සාමාන්‍ය ජනයාද මේ ගැන යම් උන්නදුවකින් පසුවෙන බව පෙනීයයි. විශේෂයෙන්ම සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කිහිපදෙනකුද මේ සම්බන්දයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ සදහා (මා දක්වා සිටි ලෙසම) හලාවත-කොලබ පාරෙන් කටුවපිටිය පල්ලියට හැරෙන මීගමුව රෝහල අසල 'බාල්දි හන්දියේ' අත්හැර දමා ඇති ඉඩම වඩාත් සුදුසුබව ඔවුන්ද පිළිගන්නා බව දක්වා තිබුනි.

මෙවැනි මිල අධික කටයුත්තකට මුදල් වියදම් කරනවාට වඩා, විපතට පත් ජනයාට එම මුදල් ලබාදී ඔවුන්ව ගොඩනැගීම ඊට වඩා වැදගත් බවද සිතන පිරිසක් සිටින බවද පැහැදිලිය. එම කාරණයද කිසිසේත්ම බැහැර කල නොහැකි කරුණකි. ඔවුන්ගේ ජීවිත නගාසිටවීම සියළුම කටයුතුවලට වඩා වැදගත් මෙන්ම ප්‍රමුඛත්වය ලැබිය යුතු කාරණය බව අප සියල්ලන් පිළිගත යුත්තකි. මේ මොහොතේද ඒ සදහා යම් යම් කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒවා ප්‍රමාණවත්ද? නැත්ද? යන්න සහ තවදුරත් අවධානය යොමුවිය යුතු ක්ෂේත්‍ර මොනවාද යන්න ගැන සොයාබලා කටයුතු කිරීමටද යාන්ත්‍රණයක් අවශ්‍යය. 

අනෙක් අතට, ස්මාරක සම්බන්දයෙන් ලංකාවේ තත්වය ගැන සලකාබලා අදහස් දක්වන්නන් මතුකරන කාරණයක් වනුවේ ඒවා කෙතරම් මුදල්වියදම් කර ලස්සනට ඉදිකලද අවසාන වශයෙන් හුදෙක් කාක්කෝ ලගින ස්ථාන බවට පමණක් පත්වෙන බවයි. ඇත්ත වශයෙන්ම ජනතාවට අවශ්‍ය නොවන ස්මාරක රටකට අවශ්‍ය නැත. එමෙන්ම හුදෙක් ස්මාරකයක් පමණක් ඉදිකිරීමෙන්ද පලක් නැත. එය මහජනයාට විවෘත, ගැවසිය හැකි, කාලය ගෙවිය හැකි, නිදහස් ස්ථානයක්වීමට අවශ්‍යය. එවැනි  ස්මාරක හදන මුදලින් මිනිස්සුන්ට ජීවත්වීමට දියහැකියැයි සිතා  යම් ස්මාරකයක් හැදීම වලක්වනවාලීමද වැරදිය. මන්දයත් ස්මාරක සමාජයේ ඉදිරි වර්ධනයට හේතුවිය හැකිය. අපි සියල්ලන්ම මියයන බව අපි සියල්ලෝම දනිමු. එහෙත් අප මියගියද සිදුවූ සිද්ධීන් යලි යලිත් ආවර්ජනය කරමින් ස්මාරක ඉතුරුවෙනු ඇත. කවුරු පැමිණියද, නැත්තද, කාට මතකද, නැතිද, යන්න  මතක්කරමින් ස්මාරක ඉතුරුවෙනු ඇත.

එසේම, මෙම ප්‍රහාරය නිසා බිදවැටුන, ඉරිතැලී-දෙදරා ගියද මීගමුවේ තිබු සමගිය, සහෝදරත්වය සහ සහයෝගීතාවය අත්නොහැරි ජනතාවක් ලෙස සටහන් කිරීමට සහ නැවත තහවුරු කිරීමට, සංකේතාත්මකව නැවත සනිටුහන් කරන කිසියම්ම හෝ වැඩපිළිවෙක් අවශ්‍යය. මීගමුව වූ කලී චිරාත් කාලයක් තිස්සේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බර්ත, ජා-මැලේ, පරවර ආදී සියලු ජනකොටස්ද, කතෝලික, මුස්ලිම්, හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි, සහ නිරාගමික ජනයාද සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත්වූ දේදුනු නගරයකි.

මීගමුව ජනයාගේ එම ලක්ෂණ නැවත මතුකරලමින්, මීගමුවට සිදුවූ දරුණුතම ව්‍යාසන යෙදේ පවා එම සමගිය, සහෝදරත්වය සහ සහයෝගීතාවය අත්නොහැරි ජනතාවක් ලෙස සටහන් කිරීමට සහ තහවුරු කිරීමට යම් අවකාශයක් අවශ්‍යය. ලෝකයේ අනෙකුත් රටවල, විවිධ නගරවල, විවිධ ව්‍යාසනයට ලක්ව විපතට පත් ජනයා සිහිපත් කිරීමට, ඔවුන් කිසිදා අත්නොහැරි බව සනිටුහන් කිරීමට, විවිධ ස්මාරක ඉදිකර තිබේ. අපද ඒ අනුව යමින් මීගමුව මුහුණදුන් දරුණුතම ව්‍යාසනයෙදේ පවා සමගිය, සහෝදරත්වය සහ සහයෝගීතාවය අත්නොහැරි ජනතාවක් ලෙස සටහන් කිරීමට සහ තහවුරු කිරීමට, ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකවාසීන්ටම එය සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීමට මීගමුව ජනයාගේ දායකත්වයෙන්, මීගමුව මහනගර සභාවේ මූලිකත්වයෙන් කටුවපිටියේ විපතට පත් ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම කටයුතු කරමු !!!!!!

(මීගමුව නගරාධිපති දයාන් ලන්සාගේ facebook පිටුවේ මා තැබූ සටහන පහතින් දැක්වේ)

//''කටුවපිටිය පල්ලිය අයිති කටාන ප්‍රාදේශීය සභාවට නේද''? ආදී රේගුලසිමය කරුණු අනුව යන්නේ නැතිව, විපතට පත්වුයේ අපේ මිනිස්සුයි කියලා හිතලා නගරාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ මීගමුව මහ නගර සභාව කටයුතුකල ආකාරය ඇත්තටම ප්‍රශාන්ශනීයයි. ඒ සමබන්දයෙන් ඔබ සියලු දෙනාටම ස්තූතිවන්තවිය යුතුයි. මම හිතනවා මීගමුව නගරසභාව විදිහට පාස්කු ප්‍රහාරයෙන් දිවිපිදු 'අපේ නම් නොකරනලද ප්‍රාණ පරිත්‍යාගීන්' වෙනුවෙන් මීගමුව නගරයේ ස්මාරකයක් ඉදිකරන්න පුළුවන් නම් එය තවත් අමරණීය කාර්යක්වෙනවා. නගර වැසියන්ගේද ආධාරෝපකාර ඇතිව, මීගමුව මහ නගර සභාවේ දායකත්වයෙන්, නගරාධිපතිතුමාගේ නායකත්වය යටතේ එවැන්නක් ඉදිකිරීමට කටයුතු කිරීමට ඔබට හැකිනම් එය වඩාත් වටිනවා. මේ සදහා හලාවත-කොලබ පාරෙන් කටුවපිටියට හැරෙන 'බාල්දි හන්දිය' වඩාත් උචිත ස්ථානයක්. මොකද එතැන ඒ පාරෙන් නිතිපතා ගමන් කරන ලක්ෂගානක් පිරිසගේ ඇස ගැටෙන තැනක්.// 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
18/06/2019

4 comments:

  1. දැන් මාකස් අයියේ ඕකේ මෙහෙම ගැටළුවක් තියෙනවා. යම්කිසි කතෝලික අන්තවාදියෙක් ඔය ස්මාරකේට හානියක් කලොත් ආයෙත් වලියක් යනවනේ. අනිත් අතට ඔය ස්මාරකේ හින්දා ප්‍රදේශයේ මුස්ලිම් අයටත් හිත්වේදනාවක් එනවා නේද. ඒක නිසා ඔබේ යෝජනාවට මම විරුද්ධයි.

    ReplyDelete
  2. I think this is good thing, since we Sinhala only remember things for 2 weeks. Katuwapitiya is the best place since most people died here.

    Not only this, people should remember to teach a good lesson to current govt for smiling on people's distress and disregarding national security responsibilities.

    ReplyDelete
  3. 1983 ජූලි මාසේ වෙච්ච දේවල් එක්ක බැලුවාම මේවා මොනවද බං. ඉස්ලාම් ෆෝබියාව පතුරන්නැතුව ඉඳු.

    ReplyDelete