වෙනදා නොතිබි උනන්දුවකින් කිතුනුවන් මෙවර වෙසක් උත්සවය සැමරීමට සූදානම්වෙමින් සිටී. බොහෝ කිතුනු නිවෙස්වල මෙන්ම පල්ලිවලද ධර්ම චක්‍රය සහ කුරුස ලකුණ රැගත් වෙසක් කූඩු, බකට්, පහන්වැටවල් සහ කිතුනු කොඩිය සමග බෞද්ධ කොඩියද ලෙළ දෙවමින් තිබේ.
මේ අතර, "වෙසක් කූඩුවේ කුරුසේ සලකුණ යෙදීම හරිද?" "ධර්ම චක්‍රය සමග කුරුස ලකුණ එකට පෑහෙන්නේ කෙසේද?'' "මුන් අපේ වෙසක් කූඩුවට කුරුස ලකුණ යොදා එකටත් කෙලියා නේද?" වැනි ප්‍රශ්න 'තුලාව' සහ වෙනත් facebook පිටුවල මතුකර තිබීමද දැකිය හැකිවිය. මේ ගැන අවධානය යොමුකළ 'සිරිලක කිතුනු සසුන' වැනි කිතුනු facebook පිටු 'වෙසක් කූඩුවේ කුරුස ලකුණ යෙදීමට බෞද්ධ ජනයා අකමැති බව පෙනීයන බැවින් කරුණාකර කුරුස ලකුණ ඉවත්කර වෙසක් කූඩු සාදන්න' යනුවෙන් ඉල්ලා සිටී බවද දැකිය හැකිවිය.
ඇත්තවශයෙන්ම, වෙනදාට වඩා වෙසක් සැමරුම සදහා කිතුනුවන් විශාල උනන්දුවකින් කටයුතුකලේ පසුගිය අප්‍රියල් 21වෙනිදා ඉස්ලාමීය ජෙහාඩි අන්තවාදීන්ගේන් එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමගය. ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීම් පැහැරහැරීම නිසා සිදුවූ ඒ මහා මිනිස් සංහාරයේදී කිතුනුවන් 250කට වඩා මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එම අවස්ථාවේදී රටේ බුහුතර ජනයාවන සිංහල-බෞද්ධ ජනයා සාතිශ්‍යය කණගාටුවට පත්ව ඇප-උපස්ථානයන්, උපකාරයන්, කරුණාව, දයාව සහ මෙත්‍රීය කිතුණු ජනයාවෙත යොමුකරනලදී. වෘර්ක දේශපාලකයන් කෙසේවුවද සාමාන්‍ය ජනයා කටයුතුකලේ ඒ ආකාරයටය. එසේ වැඩුණු සහෝදරත්වය සහ ලෙන්ගතුකම තුල ඒ දිනවලම කිතුනු facebook පිටුවල නිතර ලියවුනු වැකියක් වඩාත් ජනප්‍රිය වන්නටවිය. ඉන් කියවුනේ ''අපේ පාස්කුව අපිට නැතිවුනාට උබලාගේ වෙසක් උබලාට නැතිවීමට අපි ඉඩතියන්නේ නැහැ, මෙවර අපිත් වෙසක් සමරනවා''යන්නය. එය ඉතා වේගයෙන් කිතුනු ජනයා වැළදගත්තා පමණක් නොව කිතුනු දේවස්ථානවල පියතුමන්ලා පවා ''එන්න අපි මෙවර පල්ලියේත් වෙසක් සමරමු!!'' යැයි කිතුනු ජනයාට ආරාධනා කරන ලදී. මෙවර වෙසක් සැමරුමට කිතුනුවන් වෙන කවරදාකටවත් වඩා උනන්දුවන්නේ එවැනි පසු බිමක් තුල. ඒ එවැනි ලෙන්ගතුකමක් සහ සහෝදරත්වයක් තුලය. දින 40ක් ක්‍රිස්තුස්වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිකරමින්, නිරාහාරව සිටිමින්, එකවරු අල්ලමින්, තමන් ආශාකරන කරන කුමන හෝ දෙයක් කැපකරමින් ගතකල චාතාරික සමය නිමවා උත්සවාකාරයෙන් සැමරීමට සිටි අපේ පාස්කුව අපට අහිමිවුවද, අපට අහිමිවූ සතුට බෞද්ධ ජනයාට සිය වෙසක් දිනයේදී අහිමිවීමට ඉඩ නොතිබිය යුතුය යන තිර අදිටනින් කටයුතු කිරීමට කිතුනුවන් ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. එවැනි පසුබිමක් තුල අප හදන වෙසක් කූඩුවේ කුරුස ලකුණු නොදිය යුතුබව මගේද පෞද්ගලීක මතයයි.
ඇත්ත වශයෙන්ම, වෙසක් කූඩුවේ කුරුස ලකුණ නොයේදුවද නූතනයේ උත්සවාකාරයෙන් සමරණ වෙසක් උත්සවය බෞද්ධයන්ට ලැබුනේ කිතුනුවන්ගෙන්ය. ඒ බව ලාංකීය සිංහල-බෞද්ධ සමාජය ගැන සමාජ විද්‍යාත්මක පරීක්ෂණ ග්‍රන්ථ ගණනාවක්ම ලියු, ලංකාවෙන් බිහිකළ ලෝපතල විශිෂ්ඨ මානව සහ සමාජ විද්‍යාඥානයෙක්වන මහාචාර්ය ගනනාථ ඔබේසේකර (Gananath Obeyesekere) ගේ ග්‍රන්ථ රාශියකම දක්වා තිබේ. රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකර (Gananath Obeyesekere) එක්ව සිදුකල ඉතාමත් තියුණු ශාස්ත්‍රීය අධ්‍යනයක් අනුව 1988දී ලියවුනු 'Buddhism Transformed: Religious Change in Sri Lanka' (page 202-242) නම් කෘතිය ඒ බව වඩා විස්තරාත්මකව දැක්වේ.
ලංකාවේ උත්කර්ෂවත් ලෙස 'දැන් සමරන වෙසක් උත්සවය' සැමරීමට පටන්ගෙන ඇත්තේ අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය තුලින් බවත්, එහිදී ඔවුන් ක්‍රිස්තියානි ජනයා සිය නත්තල සැමරීමට භාවිතා කරන නත්තල් කාර්ඩ් (Card), කැරොල්, නේක වර්ණ සැරසිලි අදියෙන් ආභාෂය ලබා වෙසක් සුබ පැතුම් පත්, බොදු බැති ගී සහ වර්ණවත් වෙසක් සැරසිලි සහිත උත්සවයක් බවට වෙසක් උත්සවය පත්කළ බවත් දක්වයි.
මින් අදහස් කරන්නේ බෞද්ධයන් මීට පෙර වෙසක් උත්සවය පැවැත්තුවේ නැති බවක්වත්, වෙසක් උත්සවය යනු බුදුන්වහන්සේගේ තෙමගුල සමරණ උත්සවය බව යටපත්වී ඇතිබවවත් නොවේ.
වෙසක් උත්සවය යනු බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සමරණ ලොව පුරාම වෙසෙන බොදුනුවන්ගේ සම්බුදු තෙමගුල සමරණ උත්සවය බව අප යලි යලිත් මතක්කර ගතයුතුය.
වෙසක් උත්සවය යනු බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සමරණ ලොව පුරාම වෙසෙන බොදුනුවන්ගේ සම්බුදු තෙමගුල සමරණ උත්සවය බව අප යලි යලිත් මතක්කර ගතයුතුය.
රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකරයන්ගේ (Gananath Obeyesekere) 'Buddhism Transformed: Religious Change in Sri Lanka' (1988) කෘතිය ඇසුරින් පෙන්වාදෙනුයේ බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීමත පදනම්වූ මෙරට බෞද්ධ ජනයාගේ නුතන වත්පිළිවෙත්, වතාවත්, ආගමික ආයතන පමණක් නොව ඔවුන් අති උත්කර්ෂවත්ව සමරණ වෙසක් උත්සවය ඉහල උත්සවත්ශ්‍රීයකින් පැවැත්වීමේහිලා ඔවුන් ක්‍රිස්තියානි ආගමත්, එහි සංස්කෘතියත්, බටහිර යටත්විජිත පාලකයන් මෙරටට ගෙනා බටහිර ශිෂ්ටාචාරයේ බොහොදේවල්ද උකහාගත්බවත්, අදාලකරගත්බත්, යොදාගත්බවත්ය.
මෙම තත්වය වඩාත් විද්‍යාමාන නිසාම සිංහල අවුරුදු උත්සවය සමරන්නේ නැති මීගමුව වැනි අපේ පළාත්වල වෙසක් උත්සවයට දන්සැල්දීමට, බකට්-කූඩු ආදිය එල්ලීමට කලාන්තරයක් තිස්සේ පුරුදුවී සිටී.
කෙසේවුවද, සංස්කෘතියක් තවත් සංස්කෘතියකින් උකහාගැනීම හෝ ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් ආභාෂය ලැබීම පොදුවේ ලෝකය පුරාම සිදුව ඇත්තක් බව, එයත් පොදු සත්‍යක් බවත් අප අමතක නොකළ යුතුය. කිතුනුවන් ඉතා ඉහලින් සමරණ නත්තල් උත්සවයේ තත්වයද එසේය. එහි ඇති උත්සවාලන්කාර අංග, නත්තල් ගස් සහ සැරසිලි ආදිය එක් සංස්‌කෘතියකට හෝ එක් ශිෂ්ටාචාරයකට අයත් නැත. විවිධ සංස්කෘතීන්ගෙන්, විවිධ ශිෂ්ටාචාරවලින් එකතුවූ අංගවලින් ගොඩනැගුනකි. එනයින්ම වෙසක් උත්සවයටද එය පොදුය.
බෞද්ධාගම ලංකාවට හදුන්වාදීමෙන් පසුව මෙරට පැවති ශිෂ්ටාචාරය තව තවත් වර්ධනයවූ බව පැහැදිලිය. ඉන් අනතුරුව මෙරට සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය හැඩගැස්වීමෙහිලා යටත්විජිත පාලනය ඔස්සේ ලංකාවට උරුමවූ ක්‍රිස්තියානි ආගමත්, එහි සංස්කෘතියත්, බටහිර ශිෂ්ටාචාරයත් නිතැතින්ම බලපෑ බව අප පිළිගතයුතුය. නුතන ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැන්වීමටද, එය වඩාත් ඔපවත් කිරීම සදහා එය වඩා වඩාත් දායකවී ඇත. මෙරට ශිෂ්ටාචාරයට පමණක් නොව රටේ වැඩි දෙනා භාවිතාකරන භාෂාවටද එය එසේමය. සිංහල භාෂාවේ අද භාවිතා කරන හාර ලක්ෂයකට අධික වචනවලින් බහුතරයක් මෙරටටම ආවේනික නැත. වෙනත් සංස්කෘතියකින් හෝ වෙනත් ශිෂ්ටාචාරයකින් පැන නොනැගී ලංකාවටම පමණක් අනන්‍වූය වචන ඇත්තේ ඉතා ස්වල්පයකි. සිංහල හෝඩියේ තත්වයද එසේමය.

මා මේ කරුණු මතුකරනුයේ මේක අපේ ජාතියේ, අපේ ආගමේ, අපේ සංස්කෘතියේ, අපේ ශිෂ්ටාචාරයේ, අපේම අපේම අපේ දෙයක් යැයි කියමින් ඉරිගසා, වැටකොටු බැද බෙදා වෙන්කර ගැනීමට නොහැකි බව පැහැදිලිවම කීමටය.
පොදුවේ අද සියළු මිනිස් සමාජ, සියළු ආගම්, සියළු සංස්කෘතීන් සහ සියළු ශිෂ්ටාචාරයන් අනෙක් මිනිස් සමාජයන්ගෙන්, අනෙක් ආගම්, සංස්කෘතීන්, සහ ආභාෂය සහ පෝෂණය ඇතිව සකස්වී ඇත. කිතුනුවන් මේ තත්වය වඩා හොදින් දැනගත යුතු පිරිසකි. ඔවුන් එක් ආගමක් ඇදහුවද එක් ජාතියක්, එක් ජාතික අනන්‍යතාවයක්, එක් භාෂාවක් නියෝජනය නොකරයි. ආබ්‍රම්හම් වැනි එකම මූලයකින් පැන නැගුනද එකම භාෂාවක් සහ එකම සංස්කෘතික පදනක් මත පදනම්වූ යුදෙව් සහ ඉස්ලාම් ආගම්වලින් කිතුනුවන් වෙනස් වෙන්නේද එම නිසාය. ඇත්තවශයෙන්ම, කතෝලික යන්නෙහි තේරුම විශ්වීය යන්නය. ඔවුන්ගේ ජාතිය මනුෂ්‍ය ජාතිය මිස වෙන වෙන ජාතික අනන්‍යතාවයන් නොවේ. ඔවුන්ගේ රට දේශසීමාවලින් බෙදා වෙන්කරනලද එක් රටක් නොව දෙවියන්වහන්සේ මවාවදාළ මේ ලෝතලයමය, මුළුමහත් විශ්වයමය.
එහෙත් ඔවුන් ජීවත්වෙන ඒ ඒ රටවල පමණක් නොව විවිධ මිනිස් සමාජ තුලද ඔවුන් කලයුත්තේ කුමක්ද යන්න ඔවුන්ගේ කිතුනු ආගම තුල උගන්වා ඇත. එනම් මුහුන්වීමය. ඒ ඒ රටවල, ඒ ඒ මිනිස් සමාජවල පිපෙමින්, එම රටවල් සහ එම ජන සමාජ පුබුදුවා විකසිත කිරීම ඔවුන්ගේ දූත කාර්යය. එහින් ශ්‍රී ලංකා කිතුනුවන්ද කල යුත්තේ අපිත් මේ ජාතියේමයි, අපිත් මේ සංස්කෘතියේයැයි, අපෙත් ඇත්තේ මේ ලේමයි කීම වෙනුවට අපි පෙනී සිටින්නේ විශ්වීය සංස්කෘතියක් සහ යහපත් මිනිස් ශිෂ්ටාචාරයක් වෙනුවෙන් බව මේ වෙසක් උත්සවයේදීද සාක්ෂි දැරිය යුතුය. පාස්කු ඉරිදා දිවිපිදුවේ එවැනි අරමුණක් වෙනුවෙන් පෙනී සිටි අපේම සහෝදර සහෝදැරියන් පිරිසක් අප සියල්ලන් පිළිගත යුතුය.

ඔබ සැමට සිරි සුබ වෙසක් උත්සවයක් වේවා !!!
මා මිට පෙර වෙසක් උත්සවයන් අලලා ලියූ 'වෙසක් උත්සවයට උත්සවත් ශ්‍රීය ලැබීම සහ වෙසක් මුද්දර පිළිබද කථාවක්' (එය මෙම යොමුවෙන් කියවිය හැක) යන ලිපියද, එමෙන්ම 'වෙසක් දේශපාලනය' (එය මෙම යොමුවෙන් කියවිය හැක) යන ලිපියද කියවන මෙන් ඉල්ලා සිටිමි.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
17/05/2019
No comments:
Post a Comment