පහුගියදා කතෝලික ගිහි සංවිධාන එකතුවක් බිහිවුවා. එහිදී එම්මානුවෙල් පියුම්වර්ධන මහත්තයා හොද කතාවක් කලා. එම කතාව තුල ඔහු මීගමුවේ ජනයා අද මුහුණපා තිබෙන ගැටලු රාශියක් එක පෙලට, එක ලෙසට කැටි කොට ගත්තා. විශේෂයෙන්ම අද මුළු මීගමුවටම වෙලා තියෙන වින්නැහිය එම කතාව තුල ඔහු ලඝු කරගත්තා.
අද මුළු රටේම මිනිස්සු ප්‍රශ්න රාශියකට ගොදුරුවෙලා තියෙන්නේ. මිනිස්සුට කන්න බොන්න නැහැ. බඩුමිල අහස උසට. මිනිස්සුට අතේ සල්ලි නෑ. සල්ලි තිබ්බත් ගන්න බඩු නෑ. ආහාර වගේම ගෑස්, විදුලිය, ඉන්ධන, ජලය, ගොවීන්ට පොහොර ආදී නිමක් නැති හිගයකින් පෙලෙද්දී මීගමුවේ ජනයාට හුස්මක්-කටක් අරන් ජීවත්වෙන්න බැරි තත්වයකට නගරය පත්කරලා.
අර බලන්න පිටිපන මාළු අපද්‍රව්‍යවලින් කාබනික පොහොර හදනවා කියලා පටන් අරන් කරලා තියෙන වින්නැහිය. ඒ පලාතේ මිනිස්සුන්ට පලාතේ ඉන්න බැරි දුර්ගන්ධස්සාරේ පතුරුවලා. මාළු අපද්‍රව්‍යවලින් කාබනික පොහොර හදන එක හොද අදහසක්. ඒත්, ඒකේ ප්‍රමිතියක් තියෙන්න ඕනේ. පිටිපන වගේ මීගමුවේ ජනාධිකම තැනකද එවැනි ව්‍යාපෘතියක් හදන්න ඕනේ?
පිටිපන ඉදන් නගරය පැත්තට එද්දී කලපුව හාරනවා කියලා කලපුව හාලා පලාතේ ඉන්න බෑ. ධීවරයින්ට බෝට්ටුවක් ගහන්න තැනක් නෑ. කලපුවේ ගොඩදාන පස් තට්ටු විකුණනගන්න දේශපාලුවෝ ඉහද පනුවෝ වගේ පොරකනවා.
එතනින් කොටුව පැත්තට ආවහම කරෝල ගදේ ඉන්න බෑ . මීගමුවේ උසාවියේ වැඩකරන නීතිඥයින්ට, නඩුකාර උන්නාන්සේලාට නහයක් නැද්ද දන්නේ නෑ හැමදාම මේ දුර්ගන්ධස්සාරේ දරාගෙන ඉන්න. මුළු මීගමුවට තියෙන ලස්සනම වෙරළ මීගමුවේ කාලකණ්ණි දේශපාලකයෝ කරෝල මුදලාලිලාට බදු දීලා. මුලු මීගමුව කරෝල ගදේ බෑ.
අනෙක් පැත්තෙන් මාළු මාකට් එකේ වහල කඩන් වැටිලා, වැසිලි වලවල් උතුරලා, මාලු වෙලෙන්දන් විතරක් නෙමේ, ධීවරයින්ට විතරක් නෙමේ, මාලු ගන්න එන මනුස්සයෙක්ට පවා හදිස්සියකට යන්න වැසිකිලියක්, කැසිකිලියක් නෑ. ඔක්කොම යන්නේ වෙරළට. ඉස්සර කාන්සියට ගිය නගරයවු මීගමුව, අද දුර්ගන්ධස්සාරේ නගරය වෙලා. ලන්සාලා ගොඩනගලා තියෙන නගරය එන්න ඒවගේ ජරාගොඩක්.
මීගමුව කොටුව පිට්ටනිය ගරාවැටිලා, නගරේ ප්‍රධාන පුරාවස්තුව වෙච්ච මීගමුව කොටුව කුණු කන්ද වලින් වැහිලා ගිහිල්ලා. ධීවරයින්ට ඉන්ධන නෑ. වැඩි මිලදිලා ඉන්ධන ගහලා මුහුදු ගිහින් මාලු අල්ලන් ඇවිත් ඒ ගනණ්වලට මාළු විකුණන්න බැරිව ධීවරයාත් ලත්වෙනවා, ඒ ගනන් වලට මාළු ගන්න බැරිව මිනිස්සුත් ලතවෙනවා.
කාමච්චෝඩේ ඩඩ්ලි මාර්කට් එක කඩලා එතන වෙලද සංකීර්ණයකුයි, තට්ටු ගෙවලුයි ඉදිකරනවා කියලා එතන නන්නත්තාර කරලා දාලා.
තෙල්වත්ත හන්දියේ මීගමුව නගර සභා පුස්තකාලය හදන්න ගිහින් එකට දැන් දොරවල් ජැනෙල්වත් දාගන බැරිව මීගමුවේ පුස්තකාලයත් ඉවරයි.
නගරේ මැද්දෙන් ගමන් කරන දුම්රියයි පාර කොච්චියක් යද්දී වැහුවහම නගරේ දෙපැත්තේන්ම වාහන වලින් හිරවෙනවා. ඒකට එක්කෝ දුම්රිය මාර්ගය උස්සලා හදන්න ඕනේ, නැතිනම් වෙන මොනවා හරි විසදුමක් දෙන්න ඕනේ කියලා මිනිස්සු ඉල්ලනවා, ඒත් ඒවට විසදුමක් නෑ.
මීගමුව සංවර්ධන සැලැස්ම කියලා එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒවයින් මීගමුවේ ඔය කියපු ප්‍රශ්න එකකටවත් උත්තර නෑ.
ඒත් නගරය සංචාරක පුරවරයක් කිරීමට නම් සැලැස්මේ ලොකු බරක්, ඉඩක්, වෙන්කරලා තියෙනවා. ඔය කරන්න හදන්නේ මොකක්ද?
මිගමුවේ මිනිස්සුන්ගේ ඉඩම් ටික කොල්ලකන්නයි හදන්නේ. සංචාරක කර්මාන්තය සදහා කියලා ඉඩම් ටික පවරාගන්නයි හදන්නේ.
එතකොට මීගමුවේ මිනිස්සු කොහෙද යන්නේ? එක්කෝ නගරයේම මුඩුක්කු වලට යන්න ඕනේ නැති නම් නගරය අතහැර යන්න ඕනේ.
එතකොට මීගමුවේ අනන්‍යතාවයට, ලංකාවේ කතෝලිකයින්ගේ අගනගරය කියන පුංචි රෝමය කියලා හදුන්වපු මිගමුවට වෙන්නේ මොකක්ද? මේ හදන්නේ මීගමුව කතෝලික/ක්‍රිස්තියානි ජනයාගෙන් හිස් කරලා දාන්නද? පාස්කු බෝම්බයෙන් කතෝලිකයින්ට කල හානියවගේ දහ ගුණයක හානියක් කරන්නද මේ හදන්නේ...
පියුම්වර්ධන මහත්මයා ඔය සියලු කරනු කැටිකර ගන්නවා. කැටිකරගන්නවා විතරක් නෙමේ ඒ සදහා කතෝලික ගිහි සංවිධාන එකතුවක් ලෙස සංවිධානයවීමේ වැදගත්කමත් මතුකරනවා. කතෝලික සභාව කියන්නේ පූජකයන්ගේ විතරක් සභාවක් නෙමේ. ගිහියන්ගේද සභාවක්. අතීතයේ ලංකාවේත් ශක්තිමත් කතෝලික ගිහි ව්‍යාපාරයක් තිබුනා. එහෙම ශක්තිමත් කතෝලික ගිහි ව්‍යාපාරයක් තිබ්බ කාලවල දේශපාලකයෝ විතරක් නෙමේ පාලකයෝත්, කතෝලිකයින්ට/ක්‍රිස්තියානින්ට හානි කරන කිසිවක් කරන්න පැකුලුනා. අදත් අපිට එවැනි සාමුහික ශක්තියක් අවශ්‍යයි. අර මේ පක්ෂ නෙමේ, අපි ගිහි ජනතාවක් ලෙස සංවිධානයවීමයි වැදගත්.
එම්මානුවෙල් පියුම්වර්ධන මහත්තයලා, මිගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය විදිහට එකතුවෙලා මීට කලිනුත් එහෙම කරලා තියෙනවා. මීගමුවේ දිස්ත්‍රික් මහ රෝහලේ සත්මහල් ගොඩනැගිල්ලට හානිපැමිනිලා එම ගොඩනැගිල්ල හිස්කරද්දී, මීගමුව රෝහලේ විවිධ අංග, දෙපාර්තමේන්තු ගලවන් ගිහින් ගම්පහ රෝහලට හයිකරලා මීගමුව රෝහල පහත හෙලන්න යද්දි, ඒකට විරුද්ධ පියුම්වර්ධන මහත්තයලා මිගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය කියන ගිහි සංවිධාන විදිහට එකතුවෙලා මීගමුව ඉතිහාසයේම පැවැත්වු දැවැන්තම පෙලපාලිය සංවිධානය කරලා, දැවැන්ත වැඩ කොටසක් කරලා මීගමුව රෝහල ආරක්ෂා කරගත්තා. අපිට ඕනේ එහෙම බලයක්. මම ඒ ගැන ලියලා තියෙනවා. එයමෙම යොමුවෙන් කියවන්න පුළුවන්. එම්මානුවෙල් පියුම්වර්ධන මහත්මයාගේ කතාව පහතින් තියෙනවා අහන්න.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
28/01/22
අපිරිසිදුකම, අපිළිවෙළ මීගමුවට ලැබුන උරුමයක් වගේ. මේ ලිපියේ තරමටම නොවුනත් අපි පාසල් යන කාලයෙත් ඔය ප්‍රශ්න ඔය විදියටම තිබුනා. වැසි කාලයට පරණ බස් ස්ටෑන්ඩ් එක වටේ කානුවලට වැටිලා කීදෙනෙක් අමාරුවේ වැටෙනවා දැකල තියනවද?
ReplyDeleteඇත්තම කතාව කිසිම පාලකයෙක් මීගමුව පිරිසිදු නගරයක් කරන්න උත්සහ කලේ නෑ
Deleteකතෝලික ගිහි සංවිධාන එකතුව
ReplyDeleteනාම පුවරුවේ හෙල බස දෙවැනි තැනට දමා ඇත්තේ මන්ද?
නැහැ වැඩි වැදගත්කමක් දීමට මැද්දට දමා තිබෙනවා.
Deleteඅර මීගමුවට නිගමබු කියල නම වැටුණ කියල.තියන කුප්‍රකට කතාව මතක් වුණා
ReplyDeleteලන්සල නං සම්මක්කපේකට රටකට ගමකට ඵලක් වෙන වැඩක් කරනඋං නෙවී. උංට පලක් වෙන දෙයක් කරගත්තත්
ලංසලා මීගමුව ගොඩනගනවට වැඩිය කලේ ඒ අය ගොඩනැගෙන එකයි.
Deleteමීගමුව ජන හා ආගමික විවිධත්වයේ මුලින්ම තියන නගරයක්.මීගමුව ආරක්ෂා කරන්න නම් ආගමික හෝ ජාති හෝ භේදයෙන් තොරව සංවිධානය සැලැස්මක් අවශ්‍යයි.එතකොට තමා අරමුණට යාමට පහසු වන්නේ.එක ආගමක් හෝ ජාතියක් යටතේ අනිත් අයට සංවිධානය කරන්න ගියාම දේශපාලන ඇත්තෝ ඒක නියමෙට විනාශයට පත් කරනවා.ඒකට මීගමු පුරවැසියන්ගේ එකතුවක් ඕනා. මාක්ස් ප්‍රියන්ත සහෝදරයාට ඒක හොදින් තේරෙනවා කියලා මම දන්නවා.
ReplyDeleteපැහැදිලිවම. මිගමු නගරයේ අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලිකටත් යම් මැදිහත්වීමක් කලහැකියි. ඒ සියල්ලටම වඩා මිගමු ජනතාව පුරවැසි එකතුවක් ලෙස සංවිධානය වීම තමයි මුක වශයෙන්ම වැදගත්.
Delete