අවුරුදු 92 ජීවත්වු ලතා මංගේෂ්කාර් සමහරවිට ලංකිකකයන් අතර මුලින්ම මුල් බැසගත්තේ 1954 තිරගතවූ T. සෝමසේකරන්ගේ 'සැඩ සුලන්' චිත්‍රයෙන් වෙන්න පුලුවන්.
සමහරවිට ඊටත් කලින් ඉදලම ලතා මංගේෂ්කාර්ව ලංකාවේ හින්දි ගී රසිකයෝ හදුනනවා ඇති. ඒ කොහොමවුනත් 1954 වෙද්දීත් ලාංකිකයෝ ඇය භාරතයේ ගීත කෝකිලාවක් කියලා අසා ඇතිවාට සැක නෑ. මොකද ඇය සින්දු කියන්න පටන් අරන් තියෙන්නේ 1942 විතර. ඒ කියන්නේ T. සෝමසේකරන්ගේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න අවුරුදු 12කට විතර කලින්. ඒවනවිටත් ඇය භාරතයේ ප්‍රකට ගායිකාවක්වී අවසන්. ඒ නිසා වෙන්න ඇති සෝමසේකරන්ගේ 'සැඩ සුලන්' චිත්‍රපටියේ ප්‍රචාරක පෝස්ටර් සදහා 'ලතා මංගේෂ්කාර් ගී ගැයූ' සිංහල චිත්‍රපටිය කියලා යොදන්නේ.
අධ්‍යක්ෂක T. සෝමසේකරන් කොහොමත් සිය චිත්‍රපටි සදහා ප්‍රචාර කටයුතුවලට දක්ෂයෙක් ලෙසයි එකල සලකා ඇත්තේ. විශේෂයෙන්ම සෝමසේකරන්ගේ 1953 'සුජාතා' චිත්‍රපටිය සදහා ෆොරිඩා ජයලත් සහ ඩොමී ජයවර්ධන බිම වැතිරී සිපගැනීමට ඔන්න මෙන්න වගේ ඉන්න පෝස්ටරය 'සුජාතා' චිත්‍රපටිය බලන්න වැල නොකැඩි සෙනග ගෙන්න ගත්තයි කියලයි කියන්නේ. එම චිත්‍රපට පෝස්ටරයේ තිබිලා තියෙන්නේ 'ෆුල් සුට්' ගහන් ඉන්න ඩොමී ජයවර්ධන හොදින් සාරියකින් සැරසි බිම දිගාවී සිටින ෆොරිඩා ජයලත්ව සිප ගැනීමට වගේ චිත්‍රයක් වුනත් සෙනග ඇදී ඇවිත් තියෙන්නේ සරාගික දර්ශන ඇතුලත්ව ඇතයි යන විශ්වාසයෙන් යැයි කියවෙනවා.මේ නිසා එම පෝස්ටරය ගැන විවිධ විචේචන එල්ලවුනාලු. ඒ අතරින් T. සෝමසේකරන් වගේ දකුණු ඉන්දියාවේ දෙමළ අධ්‍යක්ෂකවරු මීගමුවට වෙලා ඉදගෙන ලංකාවේ රසිකයන්ව කුල්මත් කරවමින් ලක්ෂ ගණනන් මුදල් ඉන්දියාවට රැගෙන යනවා කියලත් ඒ කාලේ කියවෙලා තියෙනවා. ඒ කොහොමවුනත් ඒ කාලේ නාත්තන්ඩිය, මාරවිල ආදි පොල් ඉඩම්වලටත්, මීගමුවේ සිනමාහල් කිහිපයකටත් සෝමසේකරන් ආයෝජනය කරලා තිබුනලු.
එත් ඔහු වැඩියෙන්ම ආයෝජනය කලේ සිංහල චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට බව නම් වඩා පැහැදිලියි. ඒ සදහා ඔහු කොච්චර නොපැකිලිව ආයෝජනය කරලා තියෙනවාද කිව්වොත් ලතා මංගේෂ්කාර්ව ඔහුගේ 'සැඩ සුලන්' චිත්‍රපටියේ ගීතයක් ගයනා කරවාගන්න දැඩි උත්සහයක් දරා තිබෙනවා. දකුණු ඉන්දියානු ගායක ගායිකාවන් රැසක් සිය චිත්‍රපටයට දායක කරගත් සෝමසේකරන්, සිය චිත්‍රපටය සඳහා ලතා මංගේෂ්කාර් ලවා ගීතයක් ගැයවීම එක්තරා ආකාරයකට ඔහුගේ හපන්කමක් ලෙස දැක්විය හැකියි. මේ සඳහා ඇයව හමුවුණ සෝමසේකරන්ට මුලින් ලැබුනේ හොද ප්‍රතිචාරයක් නොවේයිලු. තමා නොදන්නා භාෂාවකින් ගී ගැයීම ඇය එකහෙළාම ප්‍රතික්ෂේප කර සිටියාලු. එහෙත් සෝමසේකරන් ලේසියෙන් පසුබැහැලා, උත්සාහය අත් හරන කෙනෙක් නෙමේ.
ඔහු පළමුවෙන්ම හොයලා බැලුවලු ලතා මංගේෂ්කාරගේ රුචිකත්වයන් මොනවද කියලා. ඇය සුවද විලවුන්වලට ඉතා ඇලුම් කරන බව මේ විපරමේදී ඔහුට දැන ගන්නට ලැබිලා විතරක් නෙමේ ඇය ඒ වෙද්දී ඉන්දියාවේ නොතිබුණු නමුත් ලෝකය පුරාම ලැව් ගින්නක් වගේ පැතිරීගිය ප්‍රංශයේ Chanel No22 කියන විලවුන් වර්ගය සොයමින් සිටින බවත් ආරංචි වෙලා. සෝමසේකරන් කිසිම පැකිළීමක් නැතිව ඉහල මිලක් ගෙවා එම සුවද විලවුන් වර්ගය ප්‍රංශයේන් ගෙන්වා ගෙන ලතා මංගේෂ්කාර්ට යැව්වලු රසිකයෙකුගෙන් ලැබෙන තිළිණයක් විදිහට.
පස්සේ එම තිලිණය එව්ව රසිකයා තමන් බව සෝමසේකරන් ඇයට තමාව හදුන්වලාදීලා නැවතත් තම චිත්‍රපටියේ ගී ගයන්න එන්න කියලා ආරධනා කලාලු. ඒ විතරක් නෙමේ සිංහල භාෂාව ලතා මංගේෂ්කාරගේ මව් බසවන මරාති භාෂාවට සමාන බවත් කිව්වලු. ලතා මංගේෂ්කාරගේ සහෝදරියවු ආශා බෝශ්ලේ සිංහල භාෂාව මරාති භාෂාව වගේ කියලා පස්සේ කාලේක භාතිය-සංතුෂ්ලා එක්ක සිංදුවක් කරන්න ලංකාවට ආව වෙලාවේ කිව්වයි කියලා පත්තරෙන් දැක්කා.
කොහොමවුනත් අන්තිමට 1954දී සෝමසේකරන්ගේ ඉල්ලීම තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තත්වයට ඇයව පතකරන් තමයි සේමසේකරන් ලතා මංගේෂ්කාර්ව 'සැඩ සුලන්' චිත්‍රපටියේ ගීත කියන්න නැබුරු කරන තියෙන්නේ. ඇය අවසානයේ සිංහල බසින් ගී ගයන්නට කැමැති වෙලා විතරක් නෙමේ මදුරාසියට ඇවිත් ගීතය ගයනා කරන්නත් එකගවෙලා. එම චිත්‍රපටියේ බොහොමයක් රූගත කිරීම් කර ඇත්තේ එකල මදුරාසියේ අලුතින්ම ඉදිකල 'වාගී' චිත්‍රාගාරයේ. ඇයට සිංහල උච්චාරණය පුහුණු කිරීමට ආනන්ද සමරකෝන්ට පැවරුනාලු. දෙපොලම එම කාර්ය හොදින් ඉටුකර ඇතිබව ගීතය ඇසූවිට සිතාගත හැකියි. එම ගීතය තමයි 'ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමී' කියන ගීතය. අද හුගාක් දෙනෙක් හිතෙන්නේ එම ගීතය ලතා වල්පොලගේ ගීතයක් කියලයි නමුත් එය ගැව්වේ ලතා මංගේෂ්කාර්. එය ඇය ගැයු මුල්ම සහ ඇතැම්විට එකම සිංහල ගීතය වියහැකියි.සැඩ සුලන් චිත්‍රපටියේ එම ගීතයට නැටුමෙන් දායකවෙන්නේ පසුකාලයක සිංහල සිනමාවේ ජනප්‍රිය නිලියක්වුනු මාරවිල කොස්වාඩියේ උපන් මාරවිල ශුද්ධවූ පවුලේ බාලිකා මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ෆොරීඩා ජයලත්. ඇය දැන් වසර කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවේදී මියගියා. ලතා මංගේෂ්කාර් සුවද විලවුන්වලට ආසාකරන බව ප්‍රසිද්ධිය නිසාම ප්‍රංශ-ඉන්දියානු සුවද විලවුන් සමාගමක් 1999 දී ජෙස්මින් සහ රෝස මල් සුවදැති විලවුන් වර්ගයක් නම් කලේ 'Lata Eau De Parfum' ලෙසයි. ඒ අනුව ඇය ගායනාකල ගීත පමණක් නොව සුවද විලවුන් වර්ගයකුත් තියෙනවා.
මාකස් ප්‍රියන්ත පෙරේරා
07/02/2022
රසවත් අතීත සටහනක්...
ReplyDeleteස්තුතියි.
Deleteනියමයි. දනන් හිටියේ නැති දෙයක් දැනගත්තා. ලතා සිංහලෙන් සිදුවකුත් කියල.
ReplyDeleteමමත් ඔය සමහර කරුනු අසා තිබුනේ අපේ ලොකු තාත්තා කෙනෙක්ගේ හොදම යාලුවෙක් වුනු හියුගෝ මාස්‍ටර් ඇවිත් කතා කර කර හිටපු දේවලින්. පසුකාලයේදී කියවද්දී ඔය කරුනු මගේ මතකයට එනවා.
Deleteසිංහලෙන් එක සිංදුවක් හරි කිව්ව මදැයි.. නැත්ද මං අහන්නෙ 😃😃
ReplyDeleteතව කියන්න ගියා තව උනන්දු කලා නම්. ඔය සෝමසේකරන්ලගේ කාලේ දැඩි විරෝධයක් ගොඩනැගීලා තියෙනවා ඇයි ඉන්දියානු ගායිකාවන් යොදවලා සින්දු කියවන්නේ කියලා. 'සැඩ සුලන්' චිත්‍රපටියේ උනත් ඔක්කොම සින්දු කියලා තියෙන්නේ ඉන්දියානු ගායිකාවන්.
Delete