This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 18 January 2022

අපේ මාස්ක් එකතුකරන විදේශිකයා

ලංකාවට ආපු විදේශිකයෙක් පාරේ දාල තියෙන මාස්ක් එකතුකරලා කෝටුවක ගහන් යන මේ පින්තූරය ගැන සමාජ මාධ්‍යයවල කියවුනු කරුණ  තමයි 'අපි ලැජ්ජා වියයුතුයි' කියන එක. 

ඇත්තටම අපි ලැජ්ජාවිය යුතුයි තමයි. 

හැබැයි ඒ, මේ විදේශීකයා ඇවිත් අපේ මිනිස්සු පාරේ දාලා ගිය මාස්ක් එකතුකරන එක ගැන නෙමේ අපි අපේ සවිඥානකත්වය නැතිනම් අපේ චෛතසිකය  (Consciousness) ගැනයි ලැජ්ජාවෙන්න ඕනේ. 

වෙනවිදිහකට කිව්වොත් මේ පින්තුරය දැකලා ඇයි අපිට කියන්න බැරි, නැතිනම් මාතෘකාවක් දාන්න බැරි: "පිටරටක නගරසභාවේ රස්සාව කරන එකෙක් හොලිඩේ ආවාහම කරන දේ" වගේ එකක්..

එහෙම කියන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි අපි දන්නවා අපි වැරදිකාරයෝ කියලා..අපි දන්නවා අපි ඔහොම වැඩ කරනවා කියලා... මාස්ක් විතරක් නෙමේ ඕනෑ කුණු ගොඩක් ඔහේ අතහරිනවා කියලා අපි දන්නවා... වගවිභාගයක් නැතිව ඔහේ දේවල් කරනවා කියලා අපි දන්නවා...අපි වැරදිකාරයෝ බව අපි දන්නවා.

 මේ විදේශිකයා කරන දෙයින් අපි ලැජ්ජාවෙන්න ඕනේ පාවිච්චි කරපු මාස්ක් හරි වෙන කුණු ගොඩක් හරි පාරේ දැමීම ගැන විතරක් නෙමේ: ඊට වඩා පුළුල් අර්ථයකින් අපි අපේ Consciousness එක ගැන ලැජ්ජාවෙන්න ඕනේ. 

'සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් අපි පව්කලෙමු' කියන එක ගැනයි අපි සවිඥානක වෙන්න ඕනේ. ඒක පල්ලි ගිහින් මම පව්කාරයෙක්මි කියනවාට වඩා බැරෑරුම් දෙයක්. 

ලැජ්ජාවෙන්න වැඩ නොකරන චෛතසිකත්වයකුයි අපි ගොඩනගා ගන්න ඕනේ.  එතකොට පාරේ කුණු දැමිම වගේ දේවල් විතරක් නෙමේ තවත් බොහෝ දේවල් නොකරාවි.  රටක් ජනතාවක් විදිහට විතරක් නෙමේ තනි තනිවත් එවැනි සවිඥානකත්වයක් ගොඩනගා ගැනීම දැවැන්ත අභියෝගයක්. හැබැයි එක කරනවා නම් විශාල සහනයක් වගේම මහත්වූ සුන්දරත්වයක් සහ සතුටක් අත්කරගැනීමටත් හේතුවක්. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
18/01/22

4 comments:

  1. හැබැයි ඉතින් මේ රටෙත් මිනිස්සු මාස්ක් විසි කරලා යනව නේද පාර දිගේ. අපේ පැත්තේ නම් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත,ඒත් වැඩේ කියන්නේ මේ වගේ මාස්ක් එකතුකරන් යන කළු සුද්දෙක්වවත් නෑනේ.😃😃

      Delete
  2. ඔය වැඩෙත්, 4to ගහන කෙනා පවා social media වලට දාන්න හොඳ topic එකක් හොයා ගත්ත විතරයි. මිනිසුන්ගෙ ආකල්පවල පටු භාවය තමා ලොකුම දුර්වලකම. එක් අතකින් සුද්ද වර්ණනා කරන ගමන් අපි ඒ ගුණය අපි තුලට ගන්නෙ නෑ.

    ReplyDelete