කිතුනුවන්ට කළු හොදට හුරු පැහැයක්.
ඉස්සර අපේ ගම්වල කොරොස්ම හෙවත් පාස්කු හෙවත් චතාරික කාලේට, ආච්චිලා ඇන්දේම කළු.
දැම්මේම කළු වේල්.
මරණයකට, මළ ගෙයකටවුනත් ඇන්දේම කළු.
මිනිය ගෙනයන පාර පුරාම එල්ලුවේ කළු කොඩි.
කළු ලෝගුවක්වක් (cassock) හරි කළු කරපටි කමිසයක් (black collar shirt /clerical shirt) හරි පල්ලියේ පියතුමාන්ලා ඇදන් ඉන්න අවස්ථා
ඕනෑ තරම් තිබුනා.
පස්සේ කළු අලුවෙලා සුදුවුනා.
කළු ඇදුම වෙනුවට සුදු ඇදුම භාවිතයට ආවා.
කළු කොඩි වෙනුවට සුදු කොඩි එල්ලුවා.
ඒත් වෙනත් රටවල කතෝලික/ක්‍රිස්තියානි ජනයා කළු ඇදුම් ඇදීම දිගටම කරගෙන ගියා.
මරණයකදි, මලගෙයකදීවුනත් ඔවුන් ඇන්දේම කළු.
ඒ රටවල පියතුමාලාත් අදින්නේම සුදුකරපටිය ඇති කළු කමිස, කළු කලිසම, කළු කබාය.
කොච්චර රස්නේ උනත් ග්‍රිසියේ, සයිප්‍රසයේ, ආර්මේනියාවේ ඔර්තඩෝක්ස් කිතුනු පියතුමන්ලා අදින්නේම කළු ලෝගුව.
ඒ රටවල මිනිස්සු පල්ලි යන්නෙත් කළු ඇදලයි.
ඇදුම ගැන, ඇදුමේ පාට ගැන, කතෝලික පල්ලියේ දැඩි රෙගුලාසි දැන් නෑ.
ඒ හින්දා කිතුනුවෝ දැන් පල්ලි යන්නේ
කැමති පාටක ගැලපෙන ඇදුමක් ඇදලයි.
කළු වෙනුවට දැන් අපි වෙනත් පාට ඇදුම් ඇන්දත්,
කළු අපිට නුහුරු පාටක් වුනේ නෑ.
අපෙන් ටික ටික ඈත්වුනු කළු,
ක්‍රමයෙන් විරෝධතාවල ලකුණ බවට පත්වුනා.
ඒත් කිතුනු ජනයා ඔවුන්ගේ කනගාටුව ප්‍රකාශ කරන්න සංවේගාත්මක අවස්ථාවල ඇන්දේම කළු ඇදුම්.
මාර්තු 07,
අපි කළු ඇන්දේ ඒ දෙකටමයි,
විරෝධය පලකරන්නයි,
අපේ සංවේගය ප්‍රකාශ කරන්නයි.
කිතුනු අපට,
කළු:
කවදත් නුහුරු පාටක් නොවෙයි !!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
07/03/2021
No comments:
Post a Comment