ඇමරිකාවේ සුදු වර්ගවාදය නැතිකරලීමට Malcolm Xගේ සටන්කාමී හඩටවත්, Martin Luther King ගේ ජීවිත පුජාවෙන් ඉටුකළ කාර්යභාරයටවත්, Muhammad Aliගේ බොක්සින් ශුරතාවලටවත්, Jesse Owensගේ ඔලිම්පික් පදක්කම්වලටවත්, Ray Charlesගේ මිහිරි ගීතවලටවත්, Barack Hussein Obamaගේ ජනාධිපතිකමටවත් නොහැකිවී ඇත. George Floyd ගේ කෘර ඝාතනය එහි තවත් එක් පිලිබිබුවක් පමණි. දිනපතා මිය යන, වද හිංසාවට ලක්වන, නොසලකා හරිනලද මිලියන ගණනක කළු ඇමරිකානුවන්ගේ ජීවිතවලට සාධාරණයක් ඉටුවීම/නොවීම බොහෝදුරට තීරණයවනුවේ ඇමරිකානු අධිපති දේශපාලන මතවාදය එරට රාජ්‍ය පාලනය තුල කෙතරම් තීරණාත්මකව නියෝජනය වෙනවාද?/නැද්ද? යන්න මතය. ඩොනල්ඩ් ට්රම්ප් වැනි සුදු-වාර්ගීක-ජාතිකවාදී, මිලිටරි දක්ෂිණාන්ශිකයෙකුගේ රාජ්‍ය පාලනය තුල පීඩිතයින්ට හිමිවෙන යුක්තියක් නැති බව කළු ජාතිකයින් මෙන්ම සෙසු සමාජ ස්ථරයන්ද දනී. ඔවුන් විදී බැස්සේ ඇත්තේ ඔවුන්ගේ විරෝධය සටහන් කිරීමටය. කඩ සාප්පු ගිනිතබමින් නගරවීදී අවුළුවන්නේ සිය හදවත්ව තුල බුරා බුරා දැල්වෙන ගින්න සටහන් කිරීමට මෙන්ය. පොලීසීයට ගල් ගහමින්, පොලිස් වාහන ගිනි තබමින් ඔවුන් ඉදිරියට ඇදෙන්නේ 'තොපේ නීතිය අපේ මරණයද?' යන්න මතු කරලමිනි.
ඇමරිකාවේ මුළු ජනග්‍රහණයෙන් කළු මිනිස්සු සිටින්නේ 13.4%කි. ආසියාතිකයෝ 5% ක් සිටී, ලතින් ඇමරිකානුවන් 18%ක් සිටි. 'සුදු' යැයි කියන යුරෝපීය ජනයා ඇමරිකාවේ ජනග්‍රහණයෙන් 60%ක් පමණවේ. එම සුදු ජාතිකයින් ස්පාඤ්ඤයෙන්, බ්‍රිතාන්‍යයෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන්, ඉතාලියෙන්, අයර්ලන්තයේන්, පෝලන්තයෙන්, පෘතුගාලයෙන්, රුසියාවෙන් සහ වෙනත් නැගෙනහිර යුරෝපියානු රටවලින් සංක්‍රමණයවුවන්ය. සංඛ්‍යාත්මකව තත්වය එසේවුවත් අපවැනි රටවල බොහෝදෙනා සිතා සිටිනුයේ ඇමරිකාවේ 'සුදු' සහ 'කළු' ජනයා හරි හරියට, පනහට-පනහක්, පනහට-හතලිහක්, වැනි ප්‍රමාණයක් සිටින බවය.
සමහරවිට එසේ සිතීමට හේතුවක් වනුයේ, එරට චිත්‍රපටි, ක්‍රීඩා, සංගීතය සහ වෙනත් ජනප්‍රිය-සංස්කෘතික අංග රාශියක එරට කළු ජනයා කැපී පෙනෙන ලෙස ඉස්මතුවී පෙනීයාමත්, සුවිශේෂ දක්ෂතා දැක්වීමත් නිසා වියහැක. එහෙත් එරට ආර්ථික, දේශපාලන සහ අධිපති සංස්කෘතික ධාරාව තුල කළු ජාතිකයින් කිසිසේත්ම බලයක්, හැකියාවක්, ආධිපත්‍යයක් උසුලන පිරිසක් නෙම්.
ඇමරිකාව තුල කළු ජාතිකයින්ට වඩා ආසියාතිකයින් ව්‍යාවසායකින්, වෘත්තීයවේදීන්ව සිටී. නිෂ්පාදන සාධක, නිෂ්පාදන සබදතා අතිමහත් බහුතරයක් එරට 'සුදු' ජනයාට අයත්ව තිබෙන අතර එහි අයිතිය අනුව ගත්තෝත් ඇත්තටම කළු ජාතිකයින් සිටිනුයේ ආසියාතිකයන්ට පමණක් නොව ලතින් ඇමරිකානුවන්ටත් වඩා අඩු හිමිකාරත්වයකිණි. දේශපාලන තලය තුලවුවත්, බැරක් ඔබාමා එරට ජනාධිපතිවරයෙක් ලෙස පත්වුවත්, ඇත්තටම කළු ජාතිකයින්ට වඩා ලතින් ඇමරිකානු නියෝජිතයින් වැඩි පිරිසක් ඇමරිකාවේ මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරනු ලැබේ. අධිපති සංස්කෘතික ධාරාවවන 'බටහිර-ක්‍රිස්තියානු' සංස්කෘතිය තුලත් කළු ජාතිකයින්ට වඩා ලතින් ඇමරිකානුවන් එකී සංස්කෘතික ධාරාව තුල වඩා අනන්‍යවී සිටී. එයට එක් හේතුවක් වන්නේ අතිමහත් ලතින් ඇමරිකානුවන් පිරිසක් කතෝලිකයින් වෙන අතර ඔවුන් ඉතාලි, අයර්ලන්ත, ස්පාඤ්ඤ, පෝලන්ත, පෘතුගීසි ජනයාගේ සමග එකම දේවස්ථාන පරිශ්‍රයක් තුල සමාජානුයෝජනයවීමත්, කළු ජාතිකයින් විවිධ නම්වලින් විවිධ දේවස්ථාන ගොඩනගාගෙන වෙන වෙනම කටයුතු කිරීමත් එයට හේතුවී තිබේ. එය එක්තරා ආකාරයක කළු ජාතිකයින් ප්‍රධාන ධාරාවෙන් විතැන්ව ඔවුන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට ගන්නා උත්සහයක් ලෙසද දැක්විය හැක.
මේ සියලූ කාරණා තුල පෙනී යන්නේ කළු ඇමරිකානු ජනයා ඇමරිකාව තුල අසාධාරණට, නොසලකා හැරීමට, නිසි පිළිගැනීමකට ලක් නොවූ සුළු ජනකොටසක් බවයි. ඓතිහාසිකව නම් ඔවුන් වහල්ලුන් ලෙස ඇමරිකාවට ගෙනෙනු ලැබුවන්ය. දහසකුත් එකත් වදහිංසාවට ලක්වුවන්ය. මීට අවුරුදු 50 විතර යනකම්ම (1970 විතර වෙනකම්) ඔවුන්ට සුදු ජාතිකයින් සමග එකම අසුනේ ඉදගැනීමටවත්, එකම පොදු වැසිකිලිය භාවිතා කිරීමටවත් ඉඩක් ලැබුනේ නැහැ.
අද නීතියානුකුලව එවැනි වර්ගවාදී නීතිරීති පැනවිය නොහැකිවූවත්, හමේ පැහැය නිසා කළු ජාතිකයින්ව වෙනස්කොට සැලකිය නොහැකිවුවත්, ඔවුන් දෙස තවමත් බලන්නේ ඒ විදිහටමය.. සැකයෙන් සහ වැඩිය ලංකර ගතයුතු නැති පිරිසක් ලෙසය... රස්සාවක් දීමේදී හෝ කළු ජාතිකයින් සමග එකට වැඩකිරීමේදී හිතන්නේ 'මුන් හොරකම් කරයිද?', 'තියෙන දෙයක් උස්සන් දුවයිද?', 'අහුවෙන දෙයකින් දමල ගහයිද?', 'මුණකට කුඩුකරලා දායිද?', 'ඇග තිබ්බට කට කියෝ කියෝ ඉන්නවා මිසක් වැඩක් කරන්න හරි කම්මැලි ජාතියක්', 'වැසිකියකට ගියත් එකත් ඉවරයි නේද?' ...ආදී ද්වේශ සහගත ආකල්ප සමගය.
කළු ජාතිකයිනුත් ඒ ගැන හොද දන්නී... කොච්චරවුවද ඔවුන් 'සුද්දෝ' සමග පෑහෙන්නේ ඉහතකී තත්වයන් කොයි මොහොතේ හෝ මතුවිය හැකියැයි යන මානසිකත්වය තුලය. කළු ජාතිකයින් සුදු ජනයා ගැන සිතනුයේ ''ඔවුන් අපි දිහා බලන්නේ සමාන මනුෂයෝ ලෙසවත්, දයානුකම්පාවෙන්වත් නොව.. සැකයෙන්, බයෙන් ද්වේශෂයේන්'' බවය. කළු ජාතිකයින්ට මේ ආතතිය දැඩි පීඩනයක් ගෙනදෙන්නකි. ඔවුන්ට එය තදින්ම දැනේ... ඔවුන් එය හැමදාම විදී... ඔවුන් එය හිරකරගෙන සිටිනුයේ ඉතාම අමාරුවෙන්ය..
ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd)ගේ ඝාතනය වැනි සිද්ධියක් ඔවුන්ට සිය විරෝධය එළිපිටම දක්වන්නට අවස්ථාවක් උදාකාරයි. පාරට බැහැස, කඩ කුඩුකර, වාහන ගිනි තබා, පොලිසියට ගල්ගසා, පොලිස්වාහන ගිනි තිබා ඔවුන් සිය විරෝධය පිටාර ගලායන්නට සලස්වයි.
කල්ලෝ පාරට බැස කඩ කුඩුකරද්දී එයට කළු-සුදු බේදයකින් තොරව ලුම්පන්, ලතින් ඇමරිකන්, අරාජික, හොරු, මිනීමරු, තක්කඩි, මංකොල්ලොකාර, සියළු සමාජ විරෝධීන් එයට එක්වේ. ඔවුන් සියල්ලෝම එකට එක්වී පුළුවන් තරම් කඩාබිද දමා විනාෂය උපරිමයෙන්ම සිදුකිරීමට වගබලාගනිති. ඔවුන්ට හැකිනම් කදාබිද දමා ගිනිතබා දමනවාට අමතරව කපා, කොටා, මරා, පුළුස්සා දැමීමට හැකිනම් එයත් කරති.
ඒ සියල්ල අන්තිමට බැරවෙන්නේ කළු මිනිස්සුන්ගේ ගිණුමටය. ''කල්ලෝ කියන්නේ කලබල ඇතිකරන, කැරලි ගහන, කඩාකප්පල්කාරී ජාතියක්'' යන මතය එ මගින් තවත් වටයකින් නැවත තවුරුවීමක් සිදුවේ. අවසාන වශයෙන් පොලිසීය හමුදාව පැමිණ වෙඩිතබා මරාදමන්නේද කළු ජනයාමය... ඔවුන් හැමදාම සෙක්කුවේ බැදී සතුන්මෙන් එකම ඉරණමක් කරමත තියාගෙන එකම රවුමේ නැවත නැවත කැරකෙන...ඒ මතම හති වැටී මියයන...ගැලවීමක්, විමුක්තියක්, ගැන අස්වැසිල්ලක්වත් නොලත් ජන පිරිසක්වී ඇත.
එය අපව නැවත කැදවන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) ගේ අවසාන් වචන පෙළටය - 'I Can't Breathe'.
පීඩීතයින්ට නිදහසේ හුස්ම ගැනීමටත් වෙරදරා අත්කර යුත්තකි.
එය අපව නැවත කැදවන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) ගේ අවසාන් වචන පෙළටය - 'I Can't Breathe'.
පීඩීතයින්ට නිදහසේ හුස්ම ගැනීමටත් වෙරදරා අත්කර යුත්තකි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
they just need freedom how can they get it . MR MARCUS dont get me wrong in my view they are doing wright thing .No pain no gain well done Mr marcus well done
ReplyDeleteI agree with you. You're absolutely right-no pain, no gain !!!
ReplyDelete