This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 21 May 2021

විශ්‍රාමයන නීතිපති හෙලිනොකරන පාස්කු කුමන්ත්‍රණය

පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඉකුත් 18/05/21 සිරස රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශකරන ලදී. 

පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇතයි ලොවපුරාම ජනයා කියන්නට ගත්තේ නීතිපතිවරයා එසේ කියන්නට වසර දෙකකට පෙරය. එනම් පාස්කු ප්‍රහාරය එල්ලවූදා සිටය. 

මහජනයාට එසේ හැගීගියේ පාස්කු ප්‍රහාරය එල්ලවී විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් Facebook ඇතුළු සමාජ මාධ්‍යයවලට මුදාහැර තිබූ ලිපියක් නිසාය. එකී ලිපියට අනුව ශ්‍රී ලංකා පොලීසියේ ඉහලම නිලධාරීන් පිරිසක් පාස්කු ඉරුදින ලංකාවේ පල්ලිවලට මෙන්ම අගනුවර හෝටල්වලටද ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි කලින් අනතුරු අගවා තිබුනු බව හෙලිවිය. ඔවුන් එය දැනගත්තද ප්‍රහාරය වැලැක්වීමට කිසිවක් නොකලේ ඇයිදැයි මහජනයා ප්‍රශ්න කරන්නට විය.

එකී පෙලගැස්මත් සමග මෙම ප්‍රහාරයේ අරමුණ රට තුල ප්‍රබල ආන්ඩු විරෝධී පෙලගැස්මක් ඇතිකර ඒවන විටත් අප්‍රසාදයට පාත්‍රව පැවැති යහපාලන රජය කෙරෙහි ජනතා අප්‍රසාදය තවතවත් ඉතා තීව්‍ර ලෙස වර්ධනයකර යහපාලන ආන්ඩුව ඉතිහාසයෙන්ම අතුගාදැමිම හෙවත් ප්‍රහාරය පිටුපස බල දේශපාලන පෙළගැස්මක් තිබුණිදැයි යන කසුකුසුවක් පැවතිනි. එවැනි කසුකුසුවකට හේතුවන්නේ අගමැති S.W.R.D. බණ්ඩාරනායක ඝාතනයේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ඇසක් අහිමිවිමේ බෝම්බ පිපිරිම දක්වා නිමක් නැති ඝාතන ලංකා දේශපාලනයේ මැතිවරණ සිතියම සමග ගැට ගැසී ඇති නිසාය.

එකී එලඹගැනීම් තවතවත් තහවුරු කරමින් ප්‍රහාරයෙන් සතියක් යන්නට මත්තෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කලේය. ඒ ඔහුව පොහොට්ටුවේ නිල අපේක්ෂාකයා ලෙස ඉදිරිපත් කිරීමට තියා, අඩුම වශයෙන් ඒ වනවිට පොහොට්ටුව සිය අපේක්ෂකයා තෝරාගැනීම සදහා රටපුරාම පවත්වමින් පැවති සමීක්ෂණයවත් අවසන්වී නොතිබි තත්වයකය. එමෙන්ම ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවයවත් ඉවත්කරගෙන තිබුනේ නැත. එහෙත් පාස්කු ප්‍රහාරය එල්ලවී සතියක් යන්නට මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනබව ලහි ලහියේ ප්‍රකාශ කිරීම බොරදියේ මාළු බෑමක්ද? නැතිනම් කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක කූටාප්‍රප්තියක්දැයි මහජනයා සැකකරන්නට විය. 

අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා 'ප්‍රහාරයක් සිදුවෙන බව දැන සිටියත් මෙතරම් විශාල ප්‍රහාරයක් සිදුවේ යැයි' නොසිතූ බව දැක්වීමද, හිටපු ජනාධිපතිවරයාට සහ පොලීසියේ ඉහල නිලධාරින්ට ප්‍රහාරය ගැන අනතුරු ඇගවීම් කලින්ම දැනුම් දුන් බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කිරීමද, පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දෲඩ කුමන්ත්‍රණයක් දියත්වී ඇති බව තවදුරටත් ඉස්මතු කරන්නටවිය. 

මෙකී සැකය තව තවත් තහවුරු කරමින් සහරාන්ගේ මුස්ලිම් අන්තවාදි ක්‍රියාකාරකම් ගැන පරීක්ෂණ පවත්වමින්, සහරාන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කරගත් පොලිස් පරීක්ෂක නාලක සිල්වා මහතාව නාමල් කුමාර නම් ආදිසි පුද්ගලයෙක් හෙලිකල ඊනියා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ව්‍යාජ තොරතුරු ඔස්සේ අත්අඩංගුවටගෙන සහරාන් සහ ඔහුගේ පිරිවර අත්අඩංගුවට පත්වීම වැලැක්වීමට කටයුතුකල බව හෙලිවීමද පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් දියත්වී ඇති බව නැවැත නැවැත මතුකරන්නට විය. 

ප්‍රහාරයෙන් පසුව සිදුකල විමර්ශනවලදී රටපුරාම ඉස්ලාමීය ත්‍රස්තවාදයක් උඩුදුවා ඇතිබවක්ද, ඔවුන් කඩු, කිනිසිවල සිට මරාගෙන මැරෙන බෝම්බ දක්වා අවිආයුධවලින් සන්නද්ධවී සිට ඇති බවද, ඔවුන්ගෙන් ඇතැමෙක් කලින් පැවැති රාජපක්ෂ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ලබා සිටි පිරිසක් බවද පෙනීයන්නට විය. එමෙන්ම ප්‍රහාරය එල්ලවන විට ජාතික ආරක්ෂාව බිදවැටී, යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන සහ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දර මහතාව පවා ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැදවන තත්වයක් උද්ගතවී තිබුනි. එසේවුයේ හිටපු ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධීව පැවති රජය පැවතියෙදිම මහින්ද රාජපක්ෂ මහතා සමග නව රජයක් පිහිටවීමට ගොස් එය අසාර්ථකවූ තත්වයක් තුල ඇතිවූ විරසකය නිසාය. ඒ ඔස්සේ ජාතික ආරක්ෂාවේ හිඩසක් නිර්මාණයවී තිබූ බව සහ ඒ හිඩස ඔස්සේ ආරක්ෂක ජාලයන්ට මුවාවී කිසියම් හෝ ප්‍රහාරයක්, විනාශයක්, කිරිමේ හැකියාව වීවෘතව තිබුනු බව ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ පිලිබද අභ්‍යන්තර තොරතුරු දන්නා අයට රහසක් නොවූ බවද හෙළිවන්නට විය. 

ඉන් උපරිම ප්‍රයෝජනය ගෙන ලොව පුරාම මධ්‍යකාලින යුගයේ මෙන් ඉස්ලාමීය ආගමික ක්ලිෆාට් රාජ්‍යයක් (Caliphate) බිහිකිරිම පිළිබද උනන්දුවූ සහරාන්ලා ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකරමින්,  සිය දිවි නසා ගනිමින්, ඉස්ලාමීය ආගමික ක්ලිෆාට් රාජ්‍යයක් පිළිබදවු සිතියමට ලංකාවද ඈදීමට කටයුතු කලද, ප්‍රහාරය පිටිපස හෝ ප්‍රහාරය ගැන තොරතුරු කලින්ම හෙළිවී තිබියදීත්, ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකරමින් ප්‍රහාරකයින්ට වක්‍රකාරව හෝ සහය දැක්වූ වෙනත් බලවේග වුයේදැයි යන සැකයද නොබදව ඉතිරිව තිබුණි. 

මේ සැකය වඩ වඩාත් මෝදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරය මහා බැංකු වංචාවත් අභිබවමින්, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුන්ගේ සෝසුසුම් ගැන පවා අනුකම්පා විරහිතව, පොහොට්ටුවේ වේදිකාවල සිය දේශපාලනය ව්‍යාපෘතිය සදහා පාස්කු ප්‍රහාරය නිර්ලැජ්ජිතව ප්‍රචාරක වැඩපිළිවෙලක් ලෙස භාවිතා කිරිම තුලය. ''තුවක්කුව බැන්ඳේ කවුද කියා හෙලිවෙනවලු දඩයම කරතියන් යද්දී'' යැයි යන ප්‍රකට කියමන සමාජ සහ දේශපාලන වේදිකාවල සාකච්චාවට ලක්වෙන්නේ එවැනි පසුබිමකය. ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රහාරය ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිපල සම්බන්දයෙන් පමණක් නොව ඉංදියාවේ මහමැතිවරණයේ ප්‍රතිපල සම්බන්දයෙන්ද අතිශයින් බලපෑම් කළේය. පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ ඉන්දියාවේ මහාමැතිවරණ සමයේය. එකී මැතිවරණය තුල අගමැති මෝදීගේ භාරතිය ජනතා පක්ෂය මුළුමනින්ම පාහේ ස්ථානගතවී තිබුණේ මුස්ලිම් විරෝධයක් මතය. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ලවන බව ඉන්දියාව දිගින් දිගටම අනතුරු අගවා තිබිම අගමැති මෝදී යටතේ ඉන්දියාව ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් කෙතරම් ඉදිරියක පසුවන්නේද, ශ්‍රී ලංකාව කෙතරම් පසුබෑමක පසුවන්නේද, යන්න ජනගත කිරිමට මෝදීගේ භාරතිය ජනතා පක්ෂයට හොද අවස්ථාවක් සැලසිණි. ඇතැම් විචාරකයින්ට අනුව ඉන්දියානු දේශපාලනය තුල මුස්ලිම් විරෝධය සහ ජාතික ආරක්ෂාව කේන්ද්‍රීය සාධකයක් බවට පත්වීමට සමාන්තරව එවැනිම මාතෘකාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය තුල පොහොට්ටුවේ කේන්ද්‍රීය මාතෘකාව බවට පත්වීම එහි අපේක්ෂකයාවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය දේශපාලන පෙලගැස්ම යම් ආකාරයක් අනුමැතියක් අත්කර දෙන්නක්ද විය. 

මේ ආකාරයට ක්‍රමයෙන් මූදුවෙමින් පැවති පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවුයේද? තවදුරටත් එකී කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මකද? යන සැකය නැවත සාකච්චාවට පත්වෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම සක්‍රියකර එහි සාක්ෂි විභාගයන් නැවත අලුත්වටයකින් ඇරබීමත් සමගය. විවෘත කොමිසමක්ව පැවති එකී කොමිසමේ සාක්ෂි විභාගයේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ජනමධ්‍යට පවා විවෘත නොකර රහසිගතව ලබාගැනිමට කටයුතු කිරීම තුල මහජනයාට හෙළිනොකළ යුතු තොරතුරු සහ සාක්ෂි තිබේදැයි යන සැකයක් මතුවීම තුල පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතිනේද යන සැකය නැවත කරලිය කැදවන ලදී. එම සැකය වඩාත් තහවුරුකලේ කොමිසමේ අවසන් වාර්තාව පවා මහජනයාට විවෘත නොවීම තුලය. කාදිනල්තුමා ඇතුළු ශ්‍රී ලංකා කතෝලික සභාවටද මුළු වර්තාවම ලබාදුන්නේ ඒගැන හඩක් නැගිමකින් අනතුරුවය. 

මෙලෙස මුල් බැසගෙන තිබූ පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවුයේද? යන සැකය තවදුරටත් සැකයක් නොව, පැහැදිලිවම සාක්ෂි සටහන් ඔස්සේ නිගමනයකට පැමිණිය හැකි කාරණයක්ය යන්න විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශය තුල ගම්‍යවේ. ඇතැම්විට විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා එවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉල්ලිම් ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සහ නඩු විභාගවෙතටයෑමට ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශය අවශ්‍ය තරම් වේගයකින් කටයුතු නොකිරීම සහ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජාතික බුද්ධි අංශ ඔස්සේ එල්ලවන විවිධ නියාමනයන් නිසා වියහැක. ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන්ගේ නම් කොමිසමේ වාර්තාව ඔස්සේ හෙළිවී ඇතිබව පාස්කු ප්‍රහාරය පිලිබද පාර්ලිමේන්තු විවාදයේදීද කියවිණි. එහෙත් මෙරට අපරාද නඩු 27, 000 ක් අවසන්කළා යැයි කියන විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවී ඇතයි යනුවෙන් කල ප්‍රකාශය කිසිසේත්ම සුළුවෙන් සැලකිය නොහැක්කකි. ඇතැම්විට පාස්කු ප්‍රහාරය ගැන කිසියම් නඩුවක් පැවරුනහොත් මිටත් වඩා තොරතුරු හෙළිවේ යැයි යන සැකයක් නිසා පාස්කු ප්‍රහාරය පිළිබද නඩු නොපවරණ තැනකට  කිසියම් පාර්ටශවයක් කටයුතු කරමින් සිටින්නේදැයි යන සැකයක් එතුමාට තිබිමට පුළුවන. 

එහෙත් පැහැදිලිවම ශ්‍රී ලංකා කතෝලික සභාව මේ පිලිබදව නිහඩව නොසිටිනු ඇත. දිගින් දිගටම නඩු නොපවරන තත්වයක් මතුවුවහොත් දැනට ඉදිරිපත්වී ඇති සාක්ෂි විමර්ශනය ගැන සටහන් සහ  පාස්කු කොමිසමේ වාර්තාවවුවද නැවත සමාලෝචනය කිරීමට, නැවත විමර්ශනය කිරීමට කිසියම් ජාත්‍යන්තර ආයතනයක් වෙතයාමට ශ්‍රී ලංකා කතෝලික සභාවට හැකියාවක් ඇත. වසර තිහකට පෙර උතුරු අයර්ලන්තයේ Hugh Mullan පියතුමා ඇතුළු පිරිසක් ඝාතනය කල 'බැලිමර්ෆි සමුහ ඝාතනය' (Ballymurphy Massacre) ගැන තොරතුරු හෙළිකර ගත්තා වැනි ක්‍රියාමාර්ගයකටවුවද ප්‍රවේශවීමට ශ්‍රී ලංකා  කතෝලික සභාවට ඕනෑ තරම් ඉඩප්‍රස්තාව තිබේ. එහෙත් පවත්නා කොරෝනා වසංගත තත්වය සහ නඩු පවරන්නේ යැයි ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ලබාදෙන පොරොන්දුව ඉටුකිරිමට ඔවුන්ටද කාලයක් දියයුතුව ඇත. 

කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරයට මාස 25ක් ගතවෙන අදවන දිනයක අප නැවත මතක් කල යුත්තේ පාස්කු ප්‍රහාරය ගැන යුක්තිය ඉටුවීම ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට සහ කිතුනුවන්ට සැනසීමක් අත්කර දෙන්නක් වන අතර පාස්කු ප්‍රහාරය ගැන සෑම සියලු තොරතුරක්ම හෙළිවීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය තවුරුවීමට වඩ වඩාත් හේතුවන බවයි. ඒ  සදහා අප සියල්ලන් එකට පෙලගැසෙමු. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
21/05/21

Wednesday, 19 May 2021

කොස්, පොලොස් සහ ඇපැල්

ගිය සුමානේ මම මේ ටින් තෝරතෝර ඉද්දී සුද්දෙක් ඇවිල්ලා කියනවා මේවා නම් මරු, ඌරු මස් වගේමයි: Absolutely fantastic, කියලා. මම එයාට කියන්න ගියේ නෑ ඔව්, ඔව් මම දන්නවා. අපි පොඩිකාලේ ඉදන් ඕවා කලා තියෙනවා. සුද්දෝ අපිට ඕවා කියලා දෙන්න ඕනෑ නෑ, කියලා..

අපි මොකටද අපි දන්න කියන දෙයක් අලුතින් රසවිදින මිනිහෙක්ට එහෙම පල්පාට් දාන්නේ? තවතවත් ඔහුව දිරිමත් කරනවා මිසක්.

ඒත් මම ඔහුගෙන් ඇහැව්වා ''උබ කොහොමද මේවා ඉව්වේ?'' ''මොකක්ද රෙසපි එක?'' කියලා. එතකොට මට මේ හාදයා YouTube එකෙනුයි, වෙබ් සයිට්වලිනුයි රෙසපි බර ගානක් පෙන්නුවා .

ඊට පස්සෙ මගෙන් ඇහැව්වා අපි කොහොමද මේවා උයන්නේ කියලා...YouTube එකේ උයන "අපේ අම්මා" උයන්නේ සිංහලෙන් විතරක් නිසා මට සිද්දවුනා ඒ ටික ඒ හාදයාට තේරුම් කරලා දෙන්න. ඒ වගේම අපේ රටේ, අපේ අම්මලා, කාන්තාවෝ පොලොස් හදන හැටි ගැනත් මම දන්න ටිකත් කිව්වා.

ඊට පස්සේ මම ඔහුට වරකා ටින් එහෙමත් තියෙනවා කාලා බලන්න කිව්වා. ඔහු මගෙන් ඇහැව්වා ඊට අමතරව තව මොනවද මේ Jack Fruit වලින් උයන්නේ කියලා. මම ඔහුට කොස්, පොලොස්, හෙරලි, Brazil nut වගේ තියෙන කොස් ඇට ගැනත්, කිරිකොස්, වැල / වරකා ගැනත් කිව්වා. ඊට අමතරව කොස් කොළ, කොස් ලී ගැනත් සදහන් කලා.

එතකොට ඔහු කියපු දෙයක් තමයි මේ වගේ රටවල (බ්‍රිතාන්‍යයේ/යුරෝපයේ) එහෙම ගස් නෑනේ කියලා. ඔහු එයින් අදහස් කලේ කොස් ගස් නෑ කියන එක නෙමේයි; කොළයක ඉදන් කද දක්වා ප්‍රයෝජනයට ගත හැකි ගස් නෑ කියන එකයි.

මම ඔහුගෙන් ඇහැව්වා ''ඇපැල් ගස් ටිකක් ඒ වගේ නේද?'', ''ඇපැල් ගෙඩි කන්න, උයන්න, රසකැවිලි/ඩෙසර්ට්(dessert) හදන්න, සයිඩර් (Cider) ඉදන් ඇපැල් යුස පානයන් හදන්න, ඌරුමස්, සලමන්, මැකරල් වගේ මාළු දුම් ගස්සන්න ලී දඩු වශයෙන් භාවිතා කරන්න, ඇපැල් කොළ, දළු, උදරාබාධ, සමේ රෝගවලට, තම්බලා, කොටලා එහෙම ගන්නවා නේද''? කියලා.

"ඇත්තම නේන්නම් උබ කියනකම් මට ඒක මතක් උනේ නෑනේ" කියලා ඔහු කිව්වා. මම කිව්වා කොස් (Jack Fruit) උනත් අපේ රටවල එහෙම තමයි. එහි වටිනාකම අවබෝධ වෙන්නේ මෙහෙම ටින් වලින් හරි, මර්කට් එකෙන් හරි සල්ලිදීලා ගන්න ගියහමයි, එතකන් තවත් නිකන් බෝගයක්, අතුරු ආහාරයක් (staple food) විතරයි කියලා...

ඇත්තටම එහෙම නෙමේද? වටිනාකමක් එකතුකරනකම් වටිනාකමක් නෑ නේද? කොස් උනත්, ඇපැල් උනත් එහෙම නෙමේද? ගස්යට වැටිලා යනකම්, ඔහේ තියෙනකම් කිසිම වටිනාකමක් නෑ. වටිනාකමක් එකතුකෙරුවොත්, මිලක් එකතුකෙරුවොත්, තමයි වටිනාකමක් ලැබෙන්නේ...

එහෙම වෙන්න ඕනේ නෑ...

හැම දේකම වටිනාකමක් තියෙනවා කියලා අවබෝධ කරගෙන ජීවත්වුනාම, හැමදෙයක්ම රැක ගන්නවා විතරක් නෙමේ, හැම දෙයක්ම හොදින් ‍රසවිදිනත් පුලුවන්. අවශ්‍යවන්නේ වටිනාකමක් තියෙනවා කියලා අවබෝධකරගෙන, වටිනාකමක් ඇතිව ජීවත්වීමයි !!!

අපේ ගම්වල කොස් කාපු හැටි ගැන මේ ලිපියෙන් කියවන්න - මීගමුවේ කොස් කෑම

මාකස් ප්‍රියන්ත පෙරේරා
19/05/21

Saturday, 15 May 2021

ඊශ්‍රායල-පලස්තීන පිලිබද ප්‍රතිපත්තිය කුමක්ද ?

අ

පි කිසිසේත්ම ඊශ්‍රායලයේ 'දතට දතක්ද, ඇසට ඇසක්ද' යන ප්‍රතිපත්තිය සමග සිටගත යුතු නැත. 

අප පෙනීසිටිය යුත්තේ යුක්තිය, සාමය සහ සහජීවන වෙනුවෙනි. 

එක්දිනකට පමණක්වත් ඊශ්‍රායලයට ගිය එකම පාප්වරයාවූ 6 වෙනි පාවුලු පාප්වහන්සේ සදහන් කල ආකාරයටම යුක්තිය ඉටුකිරීමකින් තොරව සැබෑ සාමයක් අත්කර ගත නොහැකි බවත්, යුද්ධයෙන් ඇතිකල හැකි සාමයක් නැති බවත් අපි පිලිගත යුතුය.

ඊශ්‍රායලය සහ පලස්තීනය යන රාජ්‍යයන් දෙකේම පැවැත්ම පිළිගෙන එකිනෙකා කටයුතු කලයුතුය යන එක්සත් ජාතීන්ගේ 'රාජ්‍යයන්-දෙකේ' විසදුම හැර ඊශ්‍රායල-පලස්තීන අර්බුදයට වෙනත් විසදුමක් නැතය යන්න අප අවබෝධ කරගත යුතුය.

එමෙන්ම 'ජෙරුසලම' යනු ජුදා, ක්‍රිස්තියානි, මුස්ලිම් යන සියළු ආබ්‍රහමික ආගම්වල 'ශුද්ධවූ නගරය' බව, සාමයේ නගරය ලෙස සියලු පාර්ශව පිළිගත යුතුය. 

මාගේ ක්‍රිස්තියානි මිතුරන්ගෙන් මම ඉල්ලා සිටින්නේ වතිකානුව 'ඊශ්‍රායලය සහ පලස්තීනය' සම්බන්දයෙන් දක්වන 'ප්‍රතිපත්ති' සොයා බලා හොදින් අධ්‍යනය කරන ලෙසයි. 

වතිකානුව කිසිසේත්ම ඊශ්‍රායල හෝ පලස්තීන ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් පෙනීසිටින්නේ නැත. වතිකානුවේ ඊශ්‍රායල-පලස්තීන ප්‍රතිපත්ති මුළුමනින්ම පදනම්වී ඇත්තේ යුක්තිය, සාමය, සහජීවනය සහ ජෙරුසලමේ අයිතිය පිළිබද ප්‍රතිපත්තිය මත පමණක් බව තරයේ එත්තුගත යුතුය. 

මට නම් ලංකික කිතුනුවන්ට කීමට ඇත්තේ ඊශ්‍රායල-පලස්තීන අර්බුදය "ජාතිවාදීන්ගේ සහ වර්ගවාදීන්ගේ තේරුම්ගැනීමක්වු ජුදා - මුස්ලිම් රාමුවක" සිිරවී නොසිට, දූපත් මානසිකත්වයකින් එපිටට ගිය විශ්වීය අනන්‍යතාවයක් සහ දේශීය පදනමක් සහිත කිතුනුවන් විය යුතු බවය. 

We should not stand with Israel's 'an eye for an eye, a tooth for a tooth' policy. 

We should stand for peace and co-existence. In order to achieve real peace, justice must be fulfilled. 

We should support the Israeli–Palestinian two-state solution.

All parties should recognise Jerusalem as a holy city of Abrahamic religions of Judaism, Christianity and Islam. 

මාකස් ප්‍රියන්ත පෙරේරා

15/05/21

Wednesday, 21 April 2021

පාස්කු ප්‍රහාරයට වසර දෙකයි: යුක්තිය නැති තැන ඇත්තේ සාමයක් නොව සාපයකි. ඉන් මිදීමට නම්..


අදට වසර දෙකකට පෙර යෙදී තිබු 2019 පාස්කු මංගල්‍යය සැමරීමට අප්‍රියල් 21වෙනි ඉරුදින ඉවුම්පිහුම් ආදී කටයුතුවලට සියල්ල ලකලෑස්තිකර කොලඹ කොච්චිකඩේ සා.අන්තෝනි පල්ලියටද, මීගමුව කටුවාපිටිය පල්ලියටද, මඩකලපුවේ සියෝන් කිතුනු දේවස්ථානයටද ගිය කිතුනු ජනයා නැවත කෙදිනකවත් සුපුරුදු ලෙස සිය නිවෙස්කරා නොපැමින අදට වසර දෙකක් ගත්වී ඇත.නත්තල මෙන් උත්කර්ෂවත්ව සමරන පාස්කු මංගල්‍යය සැමරීම වෙනුවට කිතුනුවන්ට එදා සිදුවූයේ මරාදැමු සිය ජනයා වෙනුවෙන් විලාපදීමටය. එදින දේවස්ථාන කරා ගිය එම ජනයා මෙන්ම පාස්කු නිවාඩුව සතුටින් ගත කිරීමට අගනුවර තරු හෝටල් වෙත පැමිණ සිටි ජනයාටද අත්වුයේ එකම ඛෙදනීය ඉරනමකි.

මේ සියල්ල සිදුවන්නේ පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාවලට මෙන්ම අගනුවර ප්‍රසිද්ද හෝටල්වලටද ප්‍රරහාරයක් එල්ලවන්නේ යැයි තොරතුරු සහ අනතුරු ඇගවීම් ප්‍රහාරයට සති ගණනාවකට පෙර සිටිම ලැබි තිබී ඇති තත්වයක් තුලය.

එහෙත් පොලීසියේද, ජාතික ආරක්ෂාව බාරව සිටි බලධාරීන් මෙන්ම නිලධාරින්ද මෙකි අනතුරු ඇගවීම් ගැන කිසිවක් නොකර ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර බලාසිටියහ.

ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය එදින දේවස්ථාන කරා ගිය අහිංසක ජනයා මෙන්ම පාස්කු නිවාඩුව භුක්තිවිදීමට කොලඹ හෝටල්වලට ගිය ජනයාගේද ජීවිත අනතුරේ හෙලීය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය 269ක්වු පිරිසෙන් 202 දෙනෙක්ම මියගියේ කටුවපිටියේ, කොච්චිකඩේ සහ මඩකලපුවේ පල්ලිවල ආගමීකවතාවත්වලට සහභාගීවී සිටි පිරිස් අතුරිනි. ඉන් කටුවපිටියේ පමණක් 115ක් මියගිය. කොලබ කොච්චිකඩේ 56ක් මියගියේය. මඩකලපුවේ සියොන් කිතුනු දේවස්ථානයට එල්ලකල ප්‍රහාරයෙන් 31 දෙනෙක් මියගිහය. ඒ අතරන් 57 දෙනෙකුම ළමුන්ය. කටුවපිටියේ ළමුන් 32ක්ද, කොච්චිකඩේ ළමයින් 10 දෙනක්ද, මඩකලපුවේ ලමයින් 15ක්ද එම මියගිය පිරිස අතරවෙති.

ප්‍රහාරයෙන් පවුල් 380ක, 486 දෙනෙක් තුවාල ලැබීය. ඉන් කටුවපිටියේ පමණක් 222ක් විය. කොච්චිකඩේ 91 දෙනෙකි. මඩකලපුවේ 67 දෙනෙකි. දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් ගණන 408කි. ඉන් 202ක්ම කටුවපිටියේය, කොච්චිකඩේ 139කි. මඩකලපුවේ 67කි. අංශභාගීවූ ගන්න 12කි, ඔවුන් තවමත් රෝහලවලින් ප්‍රතිකාර ලබමින් සිටි. ඒ අතරින්ද 7 දෙනෙකු කටුවපිටියේය, කොච්චිකඩේ 3 දෙනෙකි. මඩකලපුවේ දෙදෙනෙකි. වසර දෙකකට පසුවද තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 47කි. ඉන් 18ක් කටුවපිටියේ අයය, 17ක් කොච්ච්කඩේ අයය. 12 දෙනෙකු මඩකලපුවේය. මෙම ත්‍රස්ත ප්‍රරහාරය නිසා දෙමාපියන් අහිමිවූ දැරුවන් ගණන 21කි.

ප්‍රහාරය සිදුකලේ ලංකාවේ ක්‍රමයෙන් වැඩී ගිය ඉස්ලාමීය අන්තවාදී කන්ඩායමක් බව පැහැදිලිය. එහෙත් ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ වර්ධනයටද, ඉස්ලාමීය අන්තවාදීන්ට කිසිදු බාධාවකින් තොරව ප්‍රරහාරය එල්ල කිරීමට හැකිවූයේද, රටේ දේශපාලන නායකත්වයන්ගේ සිට ජාතික ආරක්ෂාව භාර නිලධාරින්ගේ මෙන්ම බලධාරීන්ගේ අනුදැනුම ඇතිව බව ප්‍රහාරය ගැන විමර්ශනයට පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව අනුවද ඔප්පුවී හමාරය.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කල ජනාධිපති කොමිසම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විත අවසන් වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුනි. එහෙත් අද වනතුරුම කොමිසමේ නිර්දේශ අනුව ප්‍රහාරය සම්බන්දයෙන් නීතිපතිවරයා නිසි නඩුපැවරිමකට ගොස් නැත. පාස්කු ප්‍රහාරය ගැන නීතිමය කෝණයකින් අධ්‍යනය කර අදාල නඩු පැවරීම් සිදුකිරීමට නීතිපතිවරයා විසින් නීතීඥයින් 12 දෙනෙකු පූර්ණ කාලීනව යොදවා සිදුකරමින් සිටින ක්‍රියාකලාපයේද තවමත් කිසිදු ප්‍රගතියක් වාර්තාවී නොමැත.

එමෙන්ම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සදහන් කල පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් පොලීස් විමර්ශන අවසන්කර අත්අඩංගුවටගෙන රදවාගෙන සිටින 267දෙනා අතරින් 33දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට ලබාදුන් ලිපිගොනු 8 සම්බන්දයෙන්ද තවමත් නඩු පැවැරීමක් සිදුකර නොමැත. මීට මාසයකට දෙකකට පමණ පෙර නීතිපතිවරයා කොලඹ අගරදගුරු නිවසට ගොස් දක්වා තිබුනේ පොලීසියේ ලිපිගොනුවල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල ඇති අඩුපාඩු නිවැරැදිකර අදාල නඩු පැවැරීම් සිදුකරන බවය. එහෙත් එහිලා කෙතරම් කලක් තවත් බලා ඉන්නට සිදුවේදැයි අපි නොදනිමු.

ඉකුත් කළු ඉරිදා විරෝධය සංවිධානය කරමින් කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දක්වාලුයේ පාස්කු ප්‍රරහාරයට වසර දෙකක් පිරෙන අද දින වනවිට නීතිපති දෙපාර්තමේන්තුව අදාල නඩු පැවැරීම්වලට යොමු නොවුනහොත් රට පුරාම දැවැන්ත උද්ගෝෂණ මාලාවකට යොමුවන බවයි. එහෙත් ලෙඩාට හදිස්සිවුවද දොස්තරට හදිස්සි නැති බව පෙන්වමින් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව තවමත් නිසි නීතිමය ක්‍රියාමාර්ගයන් කරා යොමුවීමක් දක්නට නොමැත.

ඇත්තවශයෙන්ම, කොමිසමේ වාර්තාව අනුව නඩු පැවරීම පිලිබවද ඇත්තේ උභතෝකෝටිකයකි. ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතිකවාදී බලවේගවල උවමනාව වී ඇත්තේ කොමිසමේ අවසන් වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේපකර හිටපු ජනාධිපති සිරිසේනව සහ කොමිසම දෝෂදර්ශනයට ලක්කර ඇති බලධාරීන්ව සහ නිලධාරින්ව බේරාගැනීමය.

එහෙත් කුමන අඩුපාඩු පැවැතියද කොමිසමේ වාර්තාව පිලිගෙන කොමිසම චෝදනා එල්ලකර ඇති සියල්ලන්ට එරෙහිව නඩු පැවරිය යුතුයැයි කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික සභාව තීරණය කිරීමත් සමග කාදිනල්තුමාව මෙන්ම සමස්ත ශ්‍රී ලංකා කතෝලික පල්ලිය සහ කතෝලික ප්‍රජාවම ජාතිවාදි ජාතිකවාදීන්ගේ (ethnic nationalist) ඉලක්කය බවට පත්වී තිබේ.

ජාතිවාදී ජාතිකවාදි (ethnic nationalist) බලවේග ආන්ඩුව තුලත්, ඉන් පිටතත් සිටිමින් ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව කිසිවෙකුට නඩු නොපැවැරීමට කටයුතු කරමින් සිටිනාඅතර කාදිනල්තුමා ඇතුලු ශ්‍රී ලංකා කතෝලික සභාවට අවශ්‍යව ඇත්තේ අපරාදකරුවන් අධිකරණය ඉදිරියට පැමිනවීමය.

මෙම ස්ථාවරය නිසාම කාදිනල්තුමාව වටකර පහරදෙන, එතුමාගේ ප්‍රතිරූපයට හානීකරන ප්‍රචාරක උපක්‍රමවල සහ එතුමාගේ ප්‍රකාශයන්ගෙන් කොටසක් උපුටා දක්වමින් ඔවුනොවුන්ගේ දේශපාලනය සිතැඟි අනුව මාධ්‍ය මෙහෙයවීම ඔස්සේ කාදිනල්තුමාව දඩයම් කිරීම අරභා ඇත්තේ ඒ අනුවය.

ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රරහාරයේ අපරාදකරුවන් අධිකරණය ඉදිරියට පැමිනවීම කාදිනල්තුමාගේ හෝ ශ්‍රී ලංකා කතෝලික සභාවේ පමනක් නොව පාස්කු ඉරිදා ප්‍රරහාරයෙන් විපතටපත් සියල්ලගේම අපේක්ෂාවය.

පසුගිය වසර දෙකක කාලය පුරාම ඔවුන් විදිනා වේදනාව සම්බන්දයෙන් පැහැදිලිවම යුක්තිය ඉටුවිය යුතුය.

එම කාලය පුරාම ඔවුන්ගේ දුක සැප බෙදාගනිමින්, ඔවුන්ගේ ලෙඩදුක්වලට පවා උදව් උපකාරකරමින්, ඔවුන්ගේ ‍යැපීම්, යෑම්-එම්, විය-හියදම්, ඉදුන්හිටුම් සහ ගේදොර අවශ්‍යතා සදහාද ශ්‍රී ලංකා කතෝලික සභාව දැක්වු දායකත්වය පැහැදිලිවම අගය කලයුතුය. "කාදිනල්තුමා සහ පල්ලිය ඇරෙන්නට වෙන කිසිම කෙනෙක් අපේ පිහිටට හිටියේ නෑ" යැයි ඔවුන් නිතර නිතර ප්‍රකාශ කරන්නේ එම නිසාය.

පාස්කු ප්‍රරහාරයට වසර දෙකක් පිරෙන අද දින විරෝධතාවයක් දියත්කරනු වෙනුවට කතෝලික පල්ලිය කලේ පාස්කු ප්‍රරහාරයෙන් විපතට පත්වූවන් සැනසීම වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිමය. පාස්කු ප්‍රාහාරයෙන් විපත්ට පත්වුන් ජීවත්වු නිවාස 71ක දිව්‍ය පුජා පවත්වමින් ඔවුන්ගේ මලාවු සියළු ආත්මයන්ට සමාදාන පැතීමේ සිට රටපුරාම ආගමීකවතාවත් සිදුකිරීමේ සහ විනාඩි දෙකක නිහඩතාවයක් ප්‍රකාශයට පත්කිරීමේ සිට අද දින (21/04/2021) දියත්කරන ලද සියලු වැඩසටහන්වල අවධානය යොමුකර ඇත්තේ පාස්කු ප්‍රරහාරයෙන් විපතට පත්වුවන් වෙනුවෙන් සහනය, සැනසීම සහ සාමය අත්කරදීම වෙනුවෙනි.

එහෙත් පාස්කු ප්‍රරහාරයෙන් විපත්ට පත්වුවනට සැබෑ සාමයක් අත්කර දිය හැක්කේ යුක්තිය ස්ථාපිත කිරීම තුල පමනක් බව කතෝලික සභාව හොදින්දනී 1971 දෙසැම්බර් මස 8 වෙනි දින 6 වෙනි පාවුළු ප්‍රකාශයට පත්කල සාම දින පනිවිඩයේද දැක්වුයේ ''ඔබට සාමය අවශ්‍ය නම් යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න'' ("If you want Peace, work for Justice") යන්න.

ඇත්තවශයෙන්ම, එකී පනිවිඩය අද එදාටත් වඩා වැදගත්ය. අපගේ ශ්‍රී ලංකා දේශයට අතිමහත් ලෙස වැදගත්ය. අපරාධකරුවන්ට දඩුවම් නොදෙන, අපරාධකරුවන් ආරක්ෂා කරන, අපරාධකරුවන්බව දැන දැනම ඔවුන්ව රජකරව අප ශ්‍රී ලංකා දේශයට 6 වෙනි පාවුළු පාප්තුමාගේ එම පනිවිඩය ඉතා වැදගත්ය. යුක්තිය ඉටුකිරීමේන් තොර අත්කරගත හැකි සැබෑ සාමයක් නැත. යුක්තිය ඉටුනොවෙන, අපරාධකරුවන් නිදැල්ලේ සිටින සමාජයක ඇත්තේ සාමයක් නොව සාපයකි. ඉන් අත්මිදිය හැක්කේ අපරාදකරුවන් නිතිය ඉදිරියට පැමිණවීම තුල පමනි. පාස්කු ප්‍රරහාරය දියත්කල අපරාධකරුවන් මෙන්ම එම ප්‍රරහාරය ගැන දැන දැනත් එය වැලැක්වීමට කිසිවක් නොකල බලධාරීන් සහ නිලධාරින් නීතිය ඉදිරියට පමුනුවමින් යුක්තිය ඉටුකිරීමේ සම්ප්‍රදායක් රට තුල ඇති කර සැබෑ සාමයක් වෙනුවෙන් යොමු වෙමු.

''The work of righteousness will be peace, And the effect of righteousness, quietness and assurance forever'/ ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය'' (Isaiah /යෙසායා 32:17)


මාකස් ප්‍රියන්ත පෙරේරා
21/04/2021

Monday, 19 April 2021

ලංසලාට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදයි


ඉස්සරහට ජාතිවාදීන්ගෙන් නිමල් ලංසලාටත් බේරුමක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. එයාලා මුල්වටයෙන්ම ලංසලාවත් කුණුකූඩෙට විසිකරලා දාන්න තමයි යන්නේ. කාට හරි ඕනේ නම් කියන්න පුලුවන් එහෙම වෙනවා නම් හොදයිනේද කියලා. ඒත් ප්‍රශ්නය එච්චර සරල නෑ...

ලංසාලා කොච්චර පොහොට්ටුවට කඩේ ගියත්: 'අපි ගම්පහ', 'අපි සිංහල', 'අපි ලංකාවේ ජාතිකත්වය නියෝජනය පොහොට්ටුවේ නියමුවන්', 'ගෝඨාභය රාජපක්ෂ තමයි මේ රට බේරගත්ත වීරයා', 'මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ ජන නායකයා' වගේ මොන 'ලොකු ටෝක්ස්' දුන්නත්, ලංසා කියපු ගමන් "මුන් මේ කොහෙ උන්ද?" කියලා තමයි රටේ උන් අහන්නේ (මාකස් ලා කිව්වත් එහෙම ම තමයි ).

රටේ තත්වය දැන් ඕක තමයි. 

ඉස්සර වගේ ක්‍රිස්තියානි බෞතීස්ම නම් විතරක් නෙමේ පෘතුගීසි වාසගම් පවා තියෙන උන් දිහා පිටස්තරයන් වගේ බලන තත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ තත්වය රාජපක්ෂලාගේ යුගයේදී වඩාත් තීව්‍ර ලෙස වර්ධනය වුනා. ඉස්සරහට තත්වය තවත් දරුනුයි. 

ඉතින් නිමල් ලංසලා උඩදාගෙන රාජපක්ෂලාට කඩේ ගියාට රාජපක්ෂලා පිටිපස්සේ තියෙන බලවේගය තනිකරම ජාතිවාදී ජාතිකවාදී බලවේගයක් කියලා ලංසාලා තේරුම් ගන්නේ නෑ. එයා මේ 'බැසිල් බැසිල්' කිය කිය රාජපක්ෂලාගේ පස්සෙන් පාරෙන් වැටුනට බැසිල්වත් මට්ටුකරන් තමයි සිංහල-බෞද්ධ ජාතිවාදී ජාතිකවාදී බලවේග ඉස්සරට එමින් තියෙන්නේ. 

මොකද විමල් - බැසිල් අතර පොහොට්ටුවේ බල අරගලය උත්සන්න වුනු ගමන් විමල් වීරවංශගේ 'ලංකා සී නිවුස්' වෙබ් අඩවිය බැසිල්ට විතරක් නෙමේ බැසිල්ගේ ඇට්ටෝ බැට්ටෝ, බැච්චෝ බිජ්ජෝ, ඔක්කොටම දිගටම ගහන්න ගත්තා. ඕක කලින්ම දැක්ක නිසා තමයි මම අර 30/03/21 පද පේලි 04කුත් ලිව්වේ:

පාසැල් මිතුර නිමල් ඔබේ සැපදුක් කෙලෙසින්වීද?
අප්පා නැතිකලට ඔබ රැකුමට බාප්පා ගුවනින් එයිද?
කොයිහැටි උනත් බැසිල් ගැන සිතා ආන්ඩුව රැකගන්න,
එත් හැම කුණු ගොඩටම කටමැද නොදොඩන්න!!

දැන් විමල් ලා නෙමේ පොහොට්ටුවේ න්‍යායාචාර්ය විදිහට සලකන නලින් ද සිල්වාත් කෙලින්ම ලංසලාට 'පල නොකියා පල කියන' පලා බෙදන්න පටන් අරන් තියෙනවා. නලින් ද සිල්වාගේ කාලය වෙබ් පිටුවේ 13/04/21 පලවුනු 'ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා' ලිපියේ කෙලින්ම කියලා තියෙනවා 'ලංසාලා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගැන දැනුමක් නැති, මහා සංඝයා වහන්සේලාට ගරු බුහුමන් නැති, රණවීරුවන්ගේ ජීවිත පුජාවන් ගැන අබමල් රේනුවක තැකීමක් නැති පොහොට්ටුවේ සිටින ජාතිකත්වයක් නැති, ජාතිකත්වයට විරුද්ධ' එකෙක් කියලා. (ලිපිය පහලින් තියෙනවා කියවන්න පුලුවන්.) 

ඉස්සරහට ලංකාවේ දේශපාලනය බෙදෙන ජාතිකත්වය සහ ජාත්‍යන්තරත්ව කියන බෙදුම් රේඛාවකදී ලංසලාට පැහැදිලිවම තමන්ගේ පිල තෝරාගන්න සිදුවෙනවා නියතයි. එය පොහොට්ටුවේ ඇතුලේද පිටද කියලා වෙනසක් නෑ. සටන දිග හැරෙන්නේ එහෙම නම්, ලංසා එකතුවෙන්නේ ඔය කොයි ගොඩටද කියන එක උඩ තමයි ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තීරණය වෙන්නේ. 

ඕනේ නම් කාට හරි අහන්න පුලුවන් ලංසාලා මෙහෙම හරි කැපිලා යනවා නම් ඒක නෙමෙද වෙන්නේ ඕනෑ? කියලා. 

මම නම් හිතන්නේ ලොකු තුවාලයකින් පීඩා විදින දියවැඩියාව රෝගියෙකුගේ තුවාලයට විතරක් නෙමේ දියවැඩියාවටත් නිසි ප්‍රතිකාර නොකර සුවවීමක් නෑ කියලයි. ඒ කියන්නේ ලංසා වැනි දේශපාලකයින් ඉවත්කිරීම තුල පමනක් ලංකාවේ දේශපාලනය යහපත් දිසාවකට යොමුවෙන්නේ නෑ. ඒකට ලාංකීක දේශපාලනය වෙලාගෙන ඇති ජාතිවාදී ජාතිකවාදී බලවේග පරාජය කල යුතුයි. ඇත්තටම ලංකාවේ දේශපාලනය තුල තීරණාත්මක සාධකය එයයි.

අර ඉතාලියේ ජිවත්වූ දේශපාලන දාර්ශනිකයෙක්වු  Antonio Gramsci ගේ 'Contradiction and Overdetermination' කියන දේශපාලන විග්‍රයක් අනුව යමින් ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1984 මැයි මාසේ දී Lanka Guardian සඟරාවට ලිව්ව 'May Day After July Holocaust' නම් ලිපියේ දැක්වූවා වගේ ලංකාවේ ජන වාර්ගික අර්බුදය ප්‍රමුඛතම දේශපාලන සාධක බවට, 'Overdetermination' සාධක බවට පත්වීම, 'අධිනිශ්චයවීම', තමයි 1980 දශකයේ ඉදන් අදටත් ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට මුල් බැසගෙන තියෙන්නේ. ඒක විසදන්නේ නැතිව සංවර්ධනය නෙමේ යහපත් පාලනයක්වත් ලංකාවට අත්කරගන්න බෑ කියලා තමයි අපි තවමත් තේරුම් ගන්නේ. 

ඒ අනුව ලංසාව පොහොට්ටුවේන් විසිවෙනවාද? නැද්ද? කියන එකට වඩා පොහොට්ටුව තුලත්, රට තුලත් ජාතිවාදී ජාතිකවාදීන් කොච්චර බලවත් වෙනවාද කියන එකයි අපිට මුලික වශයෙන්ම වැදගත් වෙන්නේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
19/04/2021 

මහාචාර්ය නලින් ද සිල්වා හුගේ කාලය  වෙබ් පිටුවේ ලියු ලිපිය 

Tuesday, 13 April 2021

ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් සභා මැතිවරණය අපි ඉක්මනින් තියෙනවා. ඒ සඳහා නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට එම අණපනත් ගෙන එනවා. පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා.

පළාත් සභා මැතිවරණය තියන්න එපා කියලා එක එක්කෙනා කිව්වට, ප්‍රජාතන්ත්‍රවාදී රටක, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව අපිට කටයුතු කරන්න බැහැ. පළාත් සභා මැතිවරණය තියන එක ජනතාවගේ අයිතියක්. අපි කොට්ඨාස ක්‍රමය පළාත් සභාවට හඳුන්වා දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොට්ඨාස ක්‍රමය. නමුත් සමහර අය, සමහර පක්ෂ පරණ ක්‍රමයට යමු කියනවා. කොට්ඨාසය තුළත් අපේක්ෂකයෝ තුන්දෙනෙක්, දෙදෙනෙක් දාන්න පුළුවන් වෙන්න ඕන. පක්ෂයට ඡන්දය දෙනවා. හැබැයි ඉල්ලන පුද්ගලයාට කැමති නැහැ. අකමැත්තෙන් මනාපය දෙනවා. එය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා. දැන් මෙම ක්‍රමය තුළත් සුදුස්සන් තෝරන්න පුළුවන්. එම අයිතිය ජනතාවට ලැබෙනවා.



මේ සඳහාත් සමහර අය විරුද්ධ වෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට දෙද්දී විරුද්ධ වෙන්න බැහැ. තමන්ට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. කැමති අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන්. එක එක අය කෑගැහුවට ජනතාවට තියෙන අයිතියක් අපිට නැති කරන්න බැහැ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.”



ඉහත සඳහන් වන්නේ රාජ්‍ය ඇමති ලංසා කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැන ලංකා සී නිවුස් සමාජයිය මාධ්‍යයේ සටහන් වී තිබූ පුවතක කොටසක්. එය නිවැරදි යැයි අප විශ්වාස කරනවා. ඒ නිවැරදි නම් පමණක් පහත සඳහන් ප්‍රතිචාරය වලංගුයි. මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ලංසාගේ නොදැනුවත්කම, උද්ධච්ඡකම, මහා සංඝායා වහන්සේට නොසැලකීම ආදී කරුණු රාශියක්. ඕනෑම දේශපාලනඥයෙක් කරන ආකාරයට ලංසා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ද එල්ලෙනවා.

1987 දී වයස දහතුනක් වූ ලංසා කළේ මොකක් ද ඔහුගේ දේශපාලනය කුමක් ද යන්න ආදිය ගැන මට වැටහීමක් නැහැ. පළාත් සභා ඇති කෙළේ කාගේ වුවමනාවට ද, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට අනුව ද, ඔය කියන මහජනයා පළාත් සභාවලට එකඟ වුණා ද ආදිය ගැන ලංසා දන්නේ මොනවාදැයි මා දන්නේ නැහැ. ලංසා කියන්න පුළුවන් පළාත් සභා කොහොම ඇති වුණත් ඒවා දැන් මෙරට ස්ථාපිතයි කියල. ඒ තර්කය අනුව අප 1815 දී කොහොම එංගලන්තයට යටත් වුණත් එය ස්ථාපිතයි කියල එහෙම ම ඉන්න තිබුණා. අප නිදහස වෙනුවෙන් සටන් කළා. ජ වි පෙ නම් සටන් කෙළේ නිදහසක් ගැන නොවෙයි. නොදන්නා අය නම් කියයි විජේවීරට විරුද්ධ ව නඩු පැවරුවේ රැජනට විරුද්ධව කැරළි ගැසීම කියා තිබූ පමණින් විජේවීර එලිසබෙත්ට විරුද්ධ ව සටන් කළා කියලා. ඔහුගේ ඊනියා සටන මාක්ස්ගේ ඊනියා පංතියක් වෙනුවෙන් මිස ජාතියක් වෙනුවෙන් නො වෙයි.

ලංසාට අමතක ඇති ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ හැටි. එහෙමත් නැත්නම් මන්ත්‍රීවරු හෝටල්වල හිරකරගෙන දහතුන්වැනි සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට එරෙහිව ගොස් ජනමතවිචාරණයක් නොවත්වා සම්මත කරගත් හැටි. දහතුන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට අනුව සම්මත කරගත් එකක් නො වෙයි. ලංසා එය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන්නේ ඔහු ජේ ආර් පාක්‍ෂිකයකු නිසා ද? එහෙමත් නැත්නම් එකල ඔහුට වයස දහතුනක් පමණක් වූ නිසා ද? දන්නෙ නැත්නම් විජේමුනි විජිත රෝහණ ද සිල්වාගෙන් දැන ගන්න.

අනෙක් අතට පළාත් සභා ඇති කෙළේ කාගේ ප්‍රශ්නයක් විසඳන්න ද? ලංකාවේ දෙමළ ජනයාගෙන් බහුතරය ඉන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. පළාත් සභා පිහිටුවීමෙන් ඔවුන්ගේ ඇතැයි කියන ප්‍රශ්නය විසඳෙනවා ද? රණවිරුවන් ජීවිත පූජාවෙන් සටන් කෙළේ අහවල් දේකට ද? පළාත් සභා පවත්වාගෙන යනවා කියන්නේ රණවිරු ජීවිත පූජාව සතපහකට ගණන් නොගැනීමක්. ලංසාට චන්ද්‍රිකා ජීඑල් මංගල සමග එක් වී ඊනියා සාම සාකච්ඡා මගින් ඔය කියන ප්‍රශ්න විසඳා ගැනීමට බැරි වුණේ මොකද? ඉන්දියාවෙ වුවමනාවට අප මත බලෙන් පැටවූ පළාත් සභා ලංසාගේ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ද? අද අපේ නිදහස වෙනුවෙන් නම් කරන්න ඕන ඉන්දියාවට යට නොවී පළාත් සභා අහෝසි කිරීමයි. ලංසා පක්‍ෂ ලංකාවට නො වේ ද?

පොදුජන පෙරමුණේ ජාතිකත්වයක් නැති අය ඉන්නවා. ඔවුන් හිතන්නේ ජාතිකත්වයක් ඇති අය ජාතිවාදීන් කියා. ජාතිකත්වවාදීන් නිසා තමයි ඊනියා සාම සාකච්ඡා බිඳ වැටුණේ. ලංසාලා ක්‍රියා කරන්නේ ජාතිකත්වයට විරුද්ධ ව. පළාත් සභාවලින් කසිකබල් දේශපාලනඥයන් කිහිප දෙනකුගේ රැකියා ප්‍රශ්නය හැරෙන්නට විසඳෙන වෙනත් ප්‍රශ්නයක් නැහැ.

ලංසා කියන්නේ එක් එක්කෙනා කීවාට පළාත් සභා මැතිවරණ නොතියා ඉන්න ලංසාගේ ප්‍රජාතන්ත්‍රවාදය, එ කියන්නේ ජේ ආර්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව බැහැ කියා. මේ කියන එක එක්කෙනා කවුද? මෙරට මහා සංඝයා වහන්සේත් ලංසාට අනුව එක එක්කෙනා ද? මහා සංඝයා වහන්සේ ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණ නොතියා ඉන්න පමණක් නොවෙයි. ජේ ආර්ගේ හා රජිව් ගාන්ධිගේ පළාත් සභා අහෝසි කරණ ලෙසටයි. මෙරට මහා සංඝයා වහන්සේ ලංසාට අනුව එක එක්කෙනා වෙන්න පුළුවන්. ඒ ලංසාට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගැන දැනුමක් නැති නිසා වෙන්න පුළුවන්. මට නම් ඔය මන්ත්‍රීවරුන් එක එක්කෙනාවත් නො වෙයි. අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදය. 

Sunday, 11 April 2021

රාජ්‍ය ගෞවරයවත් හිමි නැති රැජිනගේ ස්වාමිපුරුෂයා

 බ්‍රිතාන්‍යය රැජිනගේ ස්වාමිපුරුෂයාවූ පිලිප් කුමාරයා ඉකුත් 09/04/2 දින මියගියේය.  වයස අවුරුදු 100යක් පිරෙන්න මාස දෙකකට පෙර අනුනමවියේදී  ඔහු මියගියේ බ්‍රිතාන්‍යය කිරීටය දැරූ රජ හෝ රැජිනගේ වල්ලභයා (consort) ලෙස වැඩිම කලක් ජීවත්වූ තැනැත්තා ලෙසිනි. 

ඩෙන්මාර්ක් සහ ජර්මන් සම්භවයක් ඇති ග්‍රීක රජපවුලක කුමාරයෙක් ලෙස උපත ලැබූ ඔහු කුඩා කාලයේ සිටම කරදර රාශියකට මුහුණ පෑවෙකි. ඔහු ඉපදී මාස කිහිපයක් යන්නට මත්තෙන් ග්‍රිසියේ ඇතිවූ කැරැල්ලිකාර තත්වය නිසා ඔහුගේ පවුලේ සියල්ලන්ට රටින් පිටුවහල්ව ඉතාලියට පලායෑමට සිදුවිය. පසුව මවගේ අසනීප තත්වයත්, පියා මවගෙන් වෙන්ව ප්‍රංශයට පිටත්ව  යෑමත් නිසා අමිහිරි ලමා කාලයක් ඔහුට ගෙවන්නට සිදුවිය. 
 
පාසැල් අධ්‍යපනය සදහා ස්කොට්ලන්තයට පැමිනි ඔහු පසුව බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ නිලධාරියෙකුගේ ලෙස පත්වීමක් ලැබ බ්‍රිතාන්‍යය පුරවැසිකමද හිමිකරගන්නා ලදි. එලිසබෙත් කුමරිය ඔහුට හමුවෙන්නේ ඔහු නාවික හමුදා නිලධාරියෙකුගේ ලෙස සේවය කරන අතරදීමය. පසුව ප්‍රේමයක් බවට පත්වෙන ඔවුන්ගේ ඇසුර 1947 නොවැම්බර් 20වන දින විවාහයකින් කෙලවර වෙනලදි.

ඇත්තවශයෙන්ම,  අවුරුදු 73ක් පවුල් ජීවිතයක් ගතකරනවා යන්න පහසු කටයුත්තක් නොවේ. ඇරත් රැජිනගේ ස්වාමිපුරුෂයා ලෙස කටයුතු කිරීම කිසිසෙත්ම පිරිමියෙකුට ලෙහෙසි කටයුත්තක් නොවේනු ඇත. අඩුුම තරමින් ඔහුගේ වාසගමවුු 'මවුන්ට් බැට්න්' යන්නවත් සිය දරුවන්ට දීමට නොහැක. පිලිප් කුමරුගේ සහ එලිසබෙත් රැජිනගේ දරුවන් රැගෙන යන්නේ පියාගේ වාසගම නොව රජපවුලේ පෙළපත් නාමය වන 'වින්සර්' යන්නය  

 බ්‍රිතාන්‍යයේ රජ හෝ රැජිනගේ වල්ලභයාට නීතියානුකූලව හෝ ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක්, තනතුරක් හිමිවන්නේ නැත. අඩුම තරමින් රාජ්‍ය අවමඟුල් උත්සවයක් හෝ නොලැබේ. එහෙත් පිලිප් කුමාරයා විවිධ කටයුතුවලට ස්වෙච්ඡාවෙන්ම ක්‍රියාකාරීවෙමින් බ්‍රිතාන්‍යය සමාජය තුල ඉහල නමක් සහ පිලිගැනීමක් දිනාගැනීමට සමත්ව සිටියේය. දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් සටන්කල අභීත නාවිකයෙක් ලෙසත් ඔහුව පිලිගැනීමට ලක්ව තිබුනි. ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නිසාම සිසිලියේදී ඔහු මෙහෙයවූ නෞකා සමුහය නාසී ජර්මන් ප්‍රරහාරයන් පරදවා නිරුපද්‍රිතව ආරක්ෂිත වරායක් කරා යාත්‍රා කරවීමට හැකිවීම ඔහුගේ වීර ක්‍රියා අතර වැඩියෙන්ම සාකච්ඡාවට ලක්වන්නකි. එලිසබෙත් කුමරියගේ පියාවූ 6 වෙනි ජොර්ජ් රජ 1952 පෙබරවාරි 6 මියයෑමත් සමග ඇය බ්‍රිතාන්‍යය රැජින ලෙස පත්වීමත් සමග පිලිප් කුමාරය සිය නාවික හමුදා නිලයෙන් ඉවත්වී ඇයගේ සහ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩිකාලයක් මිඩංගු කිරීමට ඔහුට සිදුවිය. ඒ අතර ස්වෙච්ඡා සේවයන් සදහාද ඔහු කැපවී ක්‍රියාකලේය. විශේෂයෙන්ම දැන් කාගේත් අවධානයට ලක්ව ඇති පරිසරය වැනි කරුනු ගැන මුලින්ම අවධානය යොමුකල තැනැත්තෙක් ලෙසත් ඔහුව හැදින්වේ. 

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම සාර්ථක ගැහැනියක් සිටිනවා සේම සෑම සාර්ථක ගැහැනියක් පිටුපසම සාර්ථක පිරිමියෙක් සිටී. සාර්ථක විවාහ දිවියක රහසද එයය. එහින්, වික්ටෝරියා-ඇල්බට් මෙන් එලිසබෙත්-පිලිප් යනුවෙන් ලියවෙන යුගයක් ගැනත් ඉදිරියේදී අසන්නට ලැබෙනු ඇත. ඔහුට මොක් සුව අත්වේවා !! 

 1954 යෙදුන එලිසබෙත් රැජිනගේ සහ පිලිප් කුමරුගේ ලංකා සංචාරයේ ජයාරූප කිහිපයක්ද පහතින් පලවේ. එම සංචාරයේදී ඔවුන් දෙපල මීගමුවටද පැමිණි බව මම මීට පෙර ලියා තිබුනි. මීගමුව නව තානායම අසල ඇති King George Drive පෙදෙස ඒ නමින් නම් කර ඇත්තේද ජෝර්ජ් කුමරු රජවීමට පෙර ලංකාවේ සිදුකල සංචාරයකදී මීගමුවට පැමින අසුන් පැදි මාර්ගය හැදින්වීමටය. ඒ ගැන මා මෙම යොමුවෙන්  කියවිය හැක.  

 මාකස් ප්‍රියන්ත පෙරේරා
 10/04/21 

Wednesday, 7 April 2021

රදගුරු රායප්පු ජෝශප් කොටියෙක්ද?

අද දින අවසන් ගමන් යන මන්නාරමේ හිටපු රදගුරු ගරු රායප්පු ජෝශප් රදගුරුතුමා පිලිබදව මීට වඩා පුළුල් කතිකාවක් ඇතිවිය යුතුව තිබේ.

විශේෂයෙන්ම යුද්ධ සමයේදී සහ පශ්චාත් යුද්ධ සමයේදී එතුමා කලේ කුමක්ද? ඔහු කරමින් සිටියේ කුමක්ද? යන්න ගැන සිංහල කතෝලිකයන්ට මීට වඩා පුලුල් අවබෝධයක් ලැබිය යුතුව තිබෙන බව අවිවාදිතය. 

සිංහල සමාජය තුල එතුමාට ලබාදි තිබුන 'කොටි' ලේබලය නිසාම සිංහල කතෝලිකයින් පමණක් නොව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයද එතුමාගේ වැඩ කටයුතු ගැන සාකච්ඡාකලේද ඉතාම අඩුවෙනි. 

රායප්පු ජෝසප් රදගුරුතුමා සහ යාපනයේ රදගුරදගුරුතුමන්ලා කොටි නායකයෙක් වු තමිල් චෙල්වම්ව වරක් හමුවී සාකච්ඡා කරන සහ එකට පෙනීසිට ගනුලැබු ඡයාරූප කිහිපයක් සිංහල පුවත්පත්වල පලවී තිබූ අතර ඒ පිලිබදව විශාල කසුකුසුවක් සිංහල සමාජය තුල පැතිර තිබුනි. යුද්ධය පැවැති සමයේදී රජයේ ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාකාරිත්වයන් තුල දෙමළ ජනයා විපතට සහ අපහසුවට පත්වෙන අවස්ථාවන්හිදී ඊට එරෙහිව ඔහු හඩ නගන සෑම විටම ඔහුගේ හඩ නිහඩ කිරීමට හෝ නොසලකා හැරීමට එම ඡයාරූප පසුව නැවත නැවත යොදාගත්බව නොරහසකි.

එහෙත්, එතුමා කොටි හිතවාදීයෙක්ද? ඔහු LTTE මතවාදයන් නියෝජනය කල තැනැත්තෙක්ද? බෙදුම්වාදීයෙක්ද? යන්න පිලිබදව කිසිවිටක සිංහල සමාජය තුල තුලනාත්මක සාකච්ඡාවක් සිදුනොවීම සිංහල සමාජයේ සීමාසහිත තේරුම් ගැනීම්වල ඔවුන් තවතවත් හිරවී සිටීමට අනුබල දෙන්නක්වී තිබේ. 

ඇත්තවශයෙන්ම, සිංහල සමාජය තුල එවැනි සාකච්ඡාවක් සිංහල-බෞද්ධ පාර්ශ්වයන්ගෙන් හෝ ජාතිවාදී මාධ්‍යය මුදලාලිලාගේන් හෝ අවස්ථාවාදී දේශපාලකයන්ගෙන් බලාපොරොත්තුවිය නොහැක. එය සිදුවිය යුතුව තිබුනේ ශ්‍රී ලංකා කතෝලික සභාව තුලින්ම. එහෙත් ඔවුන් එහිලා ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවුයේ රායප්පු ජෝසප් රදගුරුතුමාගේ කටයුතු සම්බන්දයෙන් පෙනීසිටීම ම සමස්ත ශ්‍රී ලංකා කතෝලික සභාවටම කොටිලේබලය ඇලවීමට හේතුවිය හැකිය යන අනතුර නිසාය. 

එහෙත් දැන් කොටි නොමැත. රායප්පු ජෝසප් රදගුරුතුමාද නික්ම ගොසිනි. එහෙත් එතුමාට සාධාරණය ඉටුකිරීමට දැන්වත් පියවර ගතයුතුය. 

මන්දයත්, ජෝශප් රායප්පු රදගුරුතුමා LTTE මතවාදය නියෝජනය කල තැනැත්තෙක්වත්, කොටියෙක්වත්, බෙදුම්වාදීයෙකුවත් නොව LTTE ය විවේචනය කල, ඔවුන්ගේ කටයුතු නිසා දෙමළ ජනයාට සිදුවෙන විපත්, පීඩාවන් සහ දුක් කම්කටොලු ගැන එහි නායකත්වය සමග දිගින් දිගටම මුහුනට මුහුනලා ප්‍රශ්නකල, ඔහු ජීවත්වු දෙමළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශවල ජනයාගේ දුක් කම්කටොලු වෙනුවෙන් රජයේ ආරක්ෂක හමුදාවල බලයට හෝ LTTE ත්‍රස්තවාදීන්ගේ තුවක්කුවලට හෝ බියනොවී අභීත්ව පෙනී සිටි සැබෑ දේවපුත්‍රයෙක් බව, සැබෑ ජේසු අනුගාමිකයෙක් බව, එතුමාව දැන හැදින සිටි ජනයා දැන් නිතර සිහිපත්කරන නිසාය. 

එවන් යහපත් මනුෂ්‍යයෙක්ට, සැබෑ ආගමීක නායකයෙකුට නිරපරාදේ කොටි ලේබල් අලවා හෝ වෙනත් මොනයම්ම අවලාද නගමින් හෝ සිදුකරන අසාධාරණයට, අකටයුතුකමට, අපි කිසිසේත්ම ඉඩ දියයුතු නැති. ජෝශප් රායප්පු රදගුරුතුමාගේ ජීවනචරිතය මෙන්ම ඔහුගේ අපෝස්තලික කාර්යභාරයද, සොය බැටළු රැලේ එඩේරා ලෙස ඔහුගේ ක්‍රියාකාරීත්වය පිලිබදවද පුළුල් තුලනාත්මක සාකච්ඡාවක්, අධ්‍යනයක්, අවශ්‍ය වන්නේ එහිනි.
 
1940 වසරේ අප්‍රියෙල් 16 වැනිදා යාපනය නෙදුන්තීව් හි උපත ලැබූ රායප්පු ජෝෂෆ් රදගුරුතුමන් පූජක දිවිය ඇතුළත් වීමට පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙනි. පසුව රදගුරුතුමන් ඉතාලියේ පොන්ටිෆිකල් නාගරික විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ද ලැබීය. 1967 දෙසැම්බර් මාසයේදී කතෝලික පූජකවරය ලබා ගත් රදගුරතුමන් යාපනයේ ශාන්ත සේවියර්ස් සෙමනේරියේ මහාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළේය. 1992 ජූලි මාසයේදී ඔහු මන්නාරම රදගුරු පදවියට පත් විය.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
05/04/21