This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 7 April 2021

රදගුරු රායප්පු ජෝශප් කොටියෙක්ද?

අද දින අවසන් ගමන් යන මන්නාරමේ හිටපු රදගුරු ගරු රායප්පු ජෝශප් රදගුරුතුමා පිලිබදව මීට වඩා පුළුල් කතිකාවක් ඇතිවිය යුතුව තිබේ.

විශේෂයෙන්ම යුද්ධ සමයේදී සහ පශ්චාත් යුද්ධ සමයේදී එතුමා කලේ කුමක්ද? ඔහු කරමින් සිටියේ කුමක්ද? යන්න ගැන සිංහල කතෝලිකයන්ට මීට වඩා පුලුල් අවබෝධයක් ලැබිය යුතුව තිබෙන බව අවිවාදිතය. 

සිංහල සමාජය තුල එතුමාට ලබාදි තිබුන 'කොටි' ලේබලය නිසාම සිංහල කතෝලිකයින් පමණක් නොව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයද එතුමාගේ වැඩ කටයුතු ගැන සාකච්ඡාකලේද ඉතාම අඩුවෙනි. 

රායප්පු ජෝසප් රදගුරුතුමා සහ යාපනයේ රදගුරදගුරුතුමන්ලා කොටි නායකයෙක් වු තමිල් චෙල්වම්ව වරක් හමුවී සාකච්ඡා කරන සහ එකට පෙනීසිට ගනුලැබු ඡයාරූප කිහිපයක් සිංහල පුවත්පත්වල පලවී තිබූ අතර ඒ පිලිබදව විශාල කසුකුසුවක් සිංහල සමාජය තුල පැතිර තිබුනි. යුද්ධය පැවැති සමයේදී රජයේ ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාකාරිත්වයන් තුල දෙමළ ජනයා විපතට සහ අපහසුවට පත්වෙන අවස්ථාවන්හිදී ඊට එරෙහිව ඔහු හඩ නගන සෑම විටම ඔහුගේ හඩ නිහඩ කිරීමට හෝ නොසලකා හැරීමට එම ඡයාරූප පසුව නැවත නැවත යොදාගත්බව නොරහසකි.

එහෙත්, එතුමා කොටි හිතවාදීයෙක්ද? ඔහු LTTE මතවාදයන් නියෝජනය කල තැනැත්තෙක්ද? බෙදුම්වාදීයෙක්ද? යන්න පිලිබදව කිසිවිටක සිංහල සමාජය තුල තුලනාත්මක සාකච්ඡාවක් සිදුනොවීම සිංහල සමාජයේ සීමාසහිත තේරුම් ගැනීම්වල ඔවුන් තවතවත් හිරවී සිටීමට අනුබල දෙන්නක්වී තිබේ. 

ඇත්තවශයෙන්ම, සිංහල සමාජය තුල එවැනි සාකච්ඡාවක් සිංහල-බෞද්ධ පාර්ශ්වයන්ගෙන් හෝ ජාතිවාදී මාධ්‍යය මුදලාලිලාගේන් හෝ අවස්ථාවාදී දේශපාලකයන්ගෙන් බලාපොරොත්තුවිය නොහැක. එය සිදුවිය යුතුව තිබුනේ ශ්‍රී ලංකා කතෝලික සභාව තුලින්ම. එහෙත් ඔවුන් එහිලා ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවුයේ රායප්පු ජෝසප් රදගුරුතුමාගේ කටයුතු සම්බන්දයෙන් පෙනීසිටීම ම සමස්ත ශ්‍රී ලංකා කතෝලික සභාවටම කොටිලේබලය ඇලවීමට හේතුවිය හැකිය යන අනතුර නිසාය. 

එහෙත් දැන් කොටි නොමැත. රායප්පු ජෝසප් රදගුරුතුමාද නික්ම ගොසිනි. එහෙත් එතුමාට සාධාරණය ඉටුකිරීමට දැන්වත් පියවර ගතයුතුය. 

මන්දයත්, ජෝශප් රායප්පු රදගුරුතුමා LTTE මතවාදය නියෝජනය කල තැනැත්තෙක්වත්, කොටියෙක්වත්, බෙදුම්වාදීයෙකුවත් නොව LTTE ය විවේචනය කල, ඔවුන්ගේ කටයුතු නිසා දෙමළ ජනයාට සිදුවෙන විපත්, පීඩාවන් සහ දුක් කම්කටොලු ගැන එහි නායකත්වය සමග දිගින් දිගටම මුහුනට මුහුනලා ප්‍රශ්නකල, ඔහු ජීවත්වු දෙමළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශවල ජනයාගේ දුක් කම්කටොලු වෙනුවෙන් රජයේ ආරක්ෂක හමුදාවල බලයට හෝ LTTE ත්‍රස්තවාදීන්ගේ තුවක්කුවලට හෝ බියනොවී අභීත්ව පෙනී සිටි සැබෑ දේවපුත්‍රයෙක් බව, සැබෑ ජේසු අනුගාමිකයෙක් බව, එතුමාව දැන හැදින සිටි ජනයා දැන් නිතර සිහිපත්කරන නිසාය. 

එවන් යහපත් මනුෂ්‍යයෙක්ට, සැබෑ ආගමීක නායකයෙකුට නිරපරාදේ කොටි ලේබල් අලවා හෝ වෙනත් මොනයම්ම අවලාද නගමින් හෝ සිදුකරන අසාධාරණයට, අකටයුතුකමට, අපි කිසිසේත්ම ඉඩ දියයුතු නැති. ජෝශප් රායප්පු රදගුරුතුමාගේ ජීවනචරිතය මෙන්ම ඔහුගේ අපෝස්තලික කාර්යභාරයද, සොය බැටළු රැලේ එඩේරා ලෙස ඔහුගේ ක්‍රියාකාරීත්වය පිලිබදවද පුළුල් තුලනාත්මක සාකච්ඡාවක්, අධ්‍යනයක්, අවශ්‍ය වන්නේ එහිනි.
 
1940 වසරේ අප්‍රියෙල් 16 වැනිදා යාපනය නෙදුන්තීව් හි උපත ලැබූ රායප්පු ජෝෂෆ් රදගුරුතුමන් පූජක දිවිය ඇතුළත් වීමට පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙනි. පසුව රදගුරුතුමන් ඉතාලියේ පොන්ටිෆිකල් නාගරික විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ද ලැබීය. 1967 දෙසැම්බර් මාසයේදී කතෝලික පූජකවරය ලබා ගත් රදගුරතුමන් යාපනයේ ශාන්ත සේවියර්ස් සෙමනේරියේ මහාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළේය. 1992 ජූලි මාසයේදී ඔහු මන්නාරම රදගුරු පදවියට පත් විය.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
05/04/21

4 comments:

  1. මාකස් අයියේ මෙතන ප්‍රශ්ණයක් තියෙනවා.
    ඇයි උඹ රසප්පු ජෝෂප් ගැන වග උත්තර බඳින්නේ.

    ඕක කරන්න ඕනේ දෙමළ මිනිහෙක් නේද?
    උතුරු පලාතේ සේවය කරන දෙමළ කතෝලික පූජකයෙක්ම උඹේ ලිපිය වගේ ලිපියක් ලිව්වානම්හොඳයි.

    උඹ ඕක ලිව්වාම අපිට පෙනෙන්නේ පුක දෙනවා වගේ.

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    මම සිංහල කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කතෝලික ආගම දෙමෙල්ලුන්ට අදහන්න ඇරලා උඹලා බුද්ධාගමට වරෙල්ලා කියලයි.

    ReplyDelete
  2. සිංහල නම් බෞද්ධ නොවන්නේ සිංහල-කතෝලිකයින් පිරිසක් සිටින නිසාම වගේම තමයි දෙමළ නම් හින්දු නොවන්නේ දෙමළ-කතෝලිකයන් පිරිසක්ද සිටින නිසයි. සිසිංහල-බෞද්ධයාට ඇති දෙමලාට නැති ප්‍රශ්න කියන්නේ ඕවට.

    ReplyDelete
  3. හොඳටම විෂ්වාසයි, ඊලාම් කියන වචනෙත් ක්‍රිස්තියානි දෙමලෙක් ඉදිරිපත්කල එකක්.
    මොකද ඊලාම් රාජ්‍යය ගැන තියෙන්නේ බයිබලයේ. හැබැයි ඒක තියෙන්නේ ඊස්‍රායලයට බස්නාහිරෙන් (නූතන ලෙබනනයේ කියලා තමයි විස්වාස කරන්නේ)

    ඉතිහාසය ගැන අවබෝධයක් තියෙන දෙමලෙක් ඔය වචනේ පාවිච්චි කරන්නේ නෑ.
    තම්බපන්නියං වාගේ වචනයක් දාන්න තිබුනා. ඒක දෙමළ වගේ නිසා :D
    (තම්බපන්නි කියන්නේ වචනෙ විජය ආපු රටේ අගනුවර නමලු, හරියට නිව් යෝර්ක්, නිව් පැරිස් වගේ - ඒක නෝන්ඩි නිසා පන්ඩුකාභය රජ්ජුරුවෝ සිංහලය කියලා අළුත් නමක් දාන්න ඇති. විජය දාපු නම් ඈත රටවල්වල දිගටම පාවිච්චි වෙලා තියෙනවා.

    ඊලාම් වචනෙ නම් ඉංග්‍රීසියෙන් ඉගෙනගත්ත ක්‍රිස්තියානි දෙමළ ජාතිකවාදියෙක්ගේ වැඩක්.
    )
    ඊලාම් වචනේ ජනප්‍රිය වුන නිසා දෙමෙල්ලුන්ට ඒකට “අරිසෙන් අහුබුදු“ගේ වර්ගයේ නිරුක්ති දෙන්න සිද්ධ වුනා.

    ජේසුගේ ගෝලයෙක් වුන තෝමස් ගැනත් දෙමළ කතාවක් තියෙනවා.

    ReplyDelete
  4. ඊලාම් රාජ්‍යයක් ගැන බයිබලයේ කොහේද තියෙන්නේ ?

    ReplyDelete