This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 7 January 2025

වෙරළ වනසා නගරයම ගදගස්සන මීගමුවේ කරවල ප්‍රශ්නයට මගේ විසදුම


පසුගිය දා මම මගේ Facebook පිටුවේ මතුකළ "Clean Sri Lanka යටතේවත් මීගමුවම ගද ගස්සන කරෝල මුදලාලිලාගෙන් මීගමුව සුද්ද පවිත්‍ර කරන්නේ කවදා ද?" යන විමසුමට ප්‍රතිචාර දක්වමින් පසුගිය මහා මැතිවරණයට ජාතික ජනබලවේගය (මාලිමාව) නියෝජනය කරමින් මීගමුව ආසනයෙන් ඉදිරිපත් වු දොස්තර Henry Rosariyo Fernando මහතා එහිලා "ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි අදහස් හා යෝජනා ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටියේය. එමඟින් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක කර ගැනීමට පහසු වෙනු ඇතැයි ද දක්වා තිබුනි (Marcus Priyantha Perera, I request you everyone to publish your suggestions and values practically possible to implement, that’ll make us easy to succeed our efforts)

මීගමුවේ සමාජ, දේශපාලන හා සංස්කෘතික අවශ්‍යතා සම්බන්ධයෙන් නායකත්වය දිය හැකි, මිගමුවේ ජනයාට කිසියම් හෝ සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි, මීගමුවේ අනාගත දේශපාලනඥයෙකු හා ජන නායකයෙකු ලෙස මතුවිය හැකි, දොස්තර හෙන්රි රොසයිරෝ මහතා දක්වා ලූ එම ප්‍රතිචාරය අගය කරමින්, මුළු මීගමුවම දුගන්දයෙන් පිරි අපායක් බවට පත්කර ඇති, මීගමුව කොටුව වෙරළ ආශ්‍රිතව සිදුකරණ කරෝල සැකසීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් ඉහත ප්‍රශ්නයට විසදුම ලෙස මම ඉදිරිපත් කළෙමි.

මගේ විසඳුම ප්‍රවේශ දෙකක් මත පදනම් විය. පලමු වැන්න නම් (1) නැවත බෙදාහැරීමය (redistribute) දෙවැන්න නම් (2) පරිමාණය අඩු කිරීමය (scale down).

1) නැවත බෙදාහැරීම (redistribute) යන්නෙන් මා අදහස් කලේ, දැනට ක්‍රියාත්මකම වෙන මීගමුව වෙරළේ මාළු කැපීම, පිරිසිදු කිරීම, ලුණු දැමීම සහ වියලීම යන සියල්ලම එකම ස්ථානයක සිදුවෙමින් පවතින ඉතා අපිරිසිදු, අවට පරිසරය විනාශ කරන සහ දුගන්දයෙන් පිරුනු කරෝල සැකසීමේ ක්‍රියාවලිය අඩුම වශයෙන් කොටස් දෙකකට බෙදා හැරීමය.

විශේෂයෙන්ම කිසිදු පරිසර නීතියක් සැලකිල්ලට නොගනිමින් වෙරළේ ඔහේ සිදුකරන මාළු කැපීම, පිරිසිදු කිරීම සහ ලුණු දැමීම ආදිය එතනින් ඉවත් කර පරිසර හිතකාමී පහසුකම් සහිත වෙනත් ස්ථානයකට ගෙන ගියහොත් මෙම වෙරළ පරිශ්‍රය මීට වඩා පිරිසිදු වනු ඇත.

මගේ යෝජනාව නම් කරෝල නිෂ්පාදකයින්ට මීගමුව වෙරළ භාවිතා කිරීමට අවශ්‍ය නම් එය හුදෙක්ම කරෝල වේලීමට පමණක් සීමා කළ යුතුය යන්නය. එය ද, සීමිත ප්‍රදේශයකට පමණක් සීමා කළ යුතුය. බල්ලන්ට, බළලුන්ට, මළ මුත්‍රා කළ නොහැකි මැස්සි හෝ රාක්ක මත සිදුකරන්නේ නම් එය වඩාත් සනීපාරක්ෂක වනු ඇත. දැනටමත් ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ කරෝල සැකසීමේ ක්‍රියාවය සිදුවන්නේ ඒ ආකාරයටය. 


2) දෙවන ක්‍රියාමාර්ගය නම් පරිමාණය අඩු කිරීම ය (scale down). ඉන් මා අදහස් කළේ මේ මොහොතේ, කරෝල සෑදීමේ ක්‍රියාවලිය සඳහා ලබා දී ඇති ඉඩ ප්‍රමාණයට වඩා නිෂ්පාදන ක්‍රියාවලිය විශාල වී ඇති නිසා එයට ලබා දී ඇති ඉඩකඩට ගැලපෙන ලෙස කරවල සැකසීම කුඩා කිරීමය.

පැහැදිලිව දැනට මීගමුව නගරාශ්‍රිත මුහුදු වෙරළේ සිදුකරණ කරෝල සැකසීමේ ක්‍රියාවලිය සෑම අංශයකින්ම අදාල ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. කරෝල සකසන්නන් වෙරළේ ටැංකි, ගබඩා වැනි ස්ථිර ගොඩනැගිලි පවා කිසිදු අවසරයකින් තොරව ඉදිකර ඇත. පොදු මිනිස් අවකාශයක් වන මීගමුව වෙරළ සහමුලින්ම කරෝල ව්‍යාපාරිකයින් සිය අභිමතය පරිදි භාවිතා කරමින් සිටී. මීගමුව නගරය ආශ්‍රිතව ඇති කුඩා වෙරළ තීරයකට මහා පරිමාණ කරෝල නිෂ්පාදන ක්‍රියාවලියක් දැරිය නොහැකි තරම් විශාලව පැතිර ගොස් ඇත. එම වෙරළේ සෑම ඉඩක්ම කරෝල ව්‍යාපාරිකයින්ට භාවිතා කිරීමට ඉඩ නොදිය යුතුය. එය ප්‍රමාණයෙන් කුඩා කළ යුතුය. 

මීගමුවේ මහා පරිමාණ කරෝල ව්‍යාපාරිකයන්ට මහා පරිමාණයෙන් කරෝල නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නම් එහිලා පරිසර හිතකාමී, පහසුකම් සහිත, සුදුසු ස්ථානයක් කුලියට ලබා දිය යුතුය, නමුත් මීගමුව නාගරික වෙරළ එහිලා කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවේ.


මීගමුවේ පුරවැසියෙක් ලෙස මම ද කරෝල ව්‍යාපාරයේ වටිනාකම දනිමි. නමුත්, පරිසරය පමණක් නොව අපගේ මීගමුවේ සංස්කෘතික උරුමයන් පවා විනාශ කරමින් සිදුකරන මෙම මහාපරිමාණ කරෝල සැකසීමේ ක්‍රියාවලිය මේ ආකාරයටම සිදුවීමට දිය නොහැක. කරෝල නිෂ්පාදනය ද තිරසාර ලෙස දියුණු විය යුතුය. මුහුදු වෙරළේ පසෙක පරිසර හිතකාමී, කුඩා පරිමාණයේ කරවල සෑදීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා දැකීමට මම ද කැමැත්තෙමි, එය සංචාරකයින් පවා ආකර්ෂණය කර ගත හැකි ප්‍රදර්ශණාත්ම ලක්ෂණ සහිත ක්‍රියාවලියක් නම් වඩාත් යෝග්‍යය. එවැන්නක් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් සාඩම්බර ඉතිහාසයක් සහිත මීගමුවට ආභරණයක් වනු ඇත.

එහෙත් දැන් මීගමුව කොටුව ආශ්‍රිතව සිදුකරමින් ඇත්තේ, මුළු මීගමුව ගද ගස්සන, මීගමුවේ මහජන අවකාශය, පරිසරය හා මීගමුවේ සංස්කෘතික උරුමයන් පවා විනාශ කරණ, කිසිදු නීතියක් නොසලකන, මහජන සෞඛ්‍යයට පවා අහිතකර, කරෝල සැකසිමේ ක්‍රියාවලියකි. එය කිසියම් සමාලෝචනයකට හා සම්මුතියකට ලක් කළ යුතුමය.

දොස්තර හෙන්රි රොසයිරෝ මහතාගේ විමසුමට ඉහත කරුණු යොමුකළේ පහතාකාරයෙනි:

(Henry Rosariyo Fernando - Thank you for your request) That is a really good approach. I really appreciate it.

My solution is based on two approaches. First, redistribute. Second, scale down.

1) What I mean by redistribute is currently, fish-cutting, cleaning, salting, and drying are all happening in the same place, which is very unhygenic, environmentally unfriendly and putrid. If we remove the fish-cutting, cleaning and salting out of the premise and move it to a different location with environmental friendly facilities, this would be much cleaner. My suggestion is if they want to use Negombo beach, use it for fish-drying only and on a rack. That will be more hygienic.

2) What I mean by scale down is at the moment, the dry fish making process is larger than the space provided for it. It is out of the capacity allocated on the beach. They've even built storage spaces on the beach. This is too much and too large for a small beach like Negombo beach. Don't allow the businessmen to use every space of the beach. Scale it down. If they want to do it on an industrial level, rent them a suitable place, but not the Negombo City beach.

I know the value of this business but we cannot allow it to destroy our Negombo heritage. I am not against the dry fish industry, but I think that industry must evolve sustainably. I don't mind a small scale dry fish making process to operate on a side of the beach, then that would be nice display for tourists and good for Negombo's fishing history.

Hope you will consider this and that it will help you.

Marcus Priyantha Perera
මාකස් ප්‍රියන්ත පෙරේරා
06/01/25

No comments:

Post a Comment