අමරසිරි කලංසූරිය ගේ ජීවිත කතාවත් හරියට අර විල් ස්මිත් රගපාන The Pursuit of Happyness (2006) වගේ චිත්‍රපටියකට නැගිය හැකි ජීවිත කතාවක් වගේ කියලා හිතුනා ඔහු පුවත්පත්වලට දීලා තිබුන interview කිහිපයක් කියවලා බලද්දී... මම note කරපු කරුණු කිහිපයක් පහතින් තියෙනවා..
* ඔහුගේ අම්මා මැරෙන්නේ මාළු කට්ටක් හිරවෙලා... අම්ම ගැන තියෙන එකම මතකය බස් එකේ යද්දි හුලගට ගහගෙන ගිය එයාගේ තොප්පිය බස් එක නවත්වලා අරන් ඇවිත් දෙනවා කියන එක විතරයි. පියා දෙවන කසාදයක් කරගන්නවා, කුඩම්මාගෙන් කරදරයක් නෑ...කොහොමත් මව කියන්නේ කලං ගේ ජීවිතයට එහෙම සමීප චරිතයක් නෙමේ වගේ...
* තාත්තා තමයි ඔහුගේ ජීවිතට වැඩියෙන්ම අදාල. ඔහු කුඩා ව්‍යාපාරිකයෙක් ගම් දනව් පුරා ගිහින් එකතු කර ගත්තු භවභෝග දුෂ්කර පලාත්වල විකුණනලා පස්සේ වෙලද සැලක් දාගන්නවා. කඩේදී තාත්තාට ගහන්න ආව කෙනෙකුට කුඩා කලංසුරිය බෝතලෙකින් ඔලුව පැලෙන්න ගහනවා... චන්ඩියා..
* ස්වර්ණජෝතියෙන් තමයි ඉස්කෝලේ යන්න පටන් ගන්නේ, ඉංග්‍රීසි උගන්වන්න තාත්තා සා. ක්‍රිස්ටෝපර් විද්‍යාලයට දානවා, පස්සේ ධර්මරාජ.. එතන තමයි එයාගේ ඉස්කෝලේ..
*පාසැල් ගමන අවසන් කරලා රස්තියාදුවට වැටෙනවා, හම්බවෙන්න මොනවා හරි කරගෙන කීයක් හරි හොයාගන්නවා, ගෙදර ගැන වගකීමක් තිබුන බවක් පෙන්නේ නෑ... එහෙ මෙහෙ වෙවි ඉද්දි නෑයෙක්ගේ රසකැවිලි කඩයක වැඩ ලැබෙනවා තුන්වේලම කෑමත් එක්ක... (කෑම බීම, ඉදුම් හිටුම් අමාරු කාලයක්) ඒ කඩේට බඩු ගන්න නුවර ගියහම ස්කොලේ කැඩෙට් සර්ව හම්බවෙනවා... ඔහු තොරතුරු විමසද්දී සියල්ලම නොවලහා ඔහුට හෙළි කරනවා ‘තමුසේ කැමැති නැද්ද හමුදාවට බැඳෙන්න?' .... කැඩෙට් සර් කලංගෙන් අහනවා.. කලං ගේ ඇඟට අමුතු ශක්තියක් ලැබුණලු... දුවලා ගිහින් ඇප්ලිකේශන් දානවා..
*ඉන්ටව්ව් ගිහින් හමුදාවට යනවා... එකේ පොඩි පෙම් පළහිලව්වක් නිසා හමුදා ජීවිතේ එපා වෙනවා.. හමුදාවෙන් පැනලා එනවා... ඒක දිග කතාවක්ලු.. මොනව..ගේ...ප්‍රේමයක්ද? (කලං මුළු ජීවිතම දිග හැරියත් ඒ ගැන කතාකරන්නේ නෑ)
* ආපහු රස්සාවක් හොය හොය ඉද්දි නුවර ලියෝන්ස් හොටලයේ රස්සාවක් ලැබෙනවා.. අලුත් life එකක් ලැබනවා.. හොදට කන්න ලැබනවා.. සප්පායම් වෙනවා.. ඇඟට නිකං අමුතුම ෆිට් එකක් එනවා.. හවස හෝටලේ වැහුවට පස්සේ නුවර Y. M.C.A එකට ගිහින් බොක්සිං ප්‍රැක්ටිස් කරනවා (ඉස්කොලේ කලෙත් බොක්සිං කරලා තියෙනවා) ෆුල් ෆිට් එකේ ඉන්නවා.. ඒත් උණ අඩුවෙන්නේ නෑ... ලියෝන්ස් හෝටලේ ගහගෙන රස්සාව නැතිවෙනවා.. ආපහු පාරේ..
*පට්ට කට්ට කාලයක් එනවා... එක එක දේවල් කරනවා..ගල් කඩන්නත් යනවා..පස්සේ නුවර ‘මල්ලිකා’ ඡායාරූප ශාලාවේ අතුපතු ගාන්න රස්සාවක් ලැබනවා.. එකෙදී පොටෝ සුද්ද කරගන්න නිතර එන පරණ පාසැල් මිතුරෙක් හම්බවෙනවා රංජිත් පෙරේරා කියලා.. එයා චිත්‍රපටියක් කරන්න හීනදකින කොල්ලෙක්.
*දවසක් Studio එක අස්පස් කරන කොට මුල්ලකට ගොඩ ගසා තිබූ මි. මී. 16 යේ දළ සේයාපට තොගයක් කලංට හම්බ වෙනවා. එක පාරටම කලංට මතක් වෙන්නේ රංජිත් පෙරේරාව. Studio එකේ අයිතිකාරයට කියලා ඒ දළ සේයාපට ටික රංජිත්ට ලබා දෙනවා. රංජිත් ඒ දළ සේයා පට යොදාගෙන ‘රැයත් දවාලත්’ කියලා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. කලං කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් විදිහට රංජිත් පෙරේරා කලංසූරියව ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගන්නවා. ප්‍රධාන නිළියට යොදා ගත්තේ අනෝමා වත්තල්දෙණිය. ඇය කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ශිෂ්‍යාවක්.
* කලං ඒ චිත්‍රපටියේ රඟපාන්නේ පාපන්දු ක්‍රීඩකයකුගේ චරිතයක්. කැමරාවට මුහුණ දුන් ප්‍රථම වතාව වුණාට රඟපෑම ඔහුට අලුත් දෙයක් වුණේ නෑ ලූ.. මොකද ඔහු පාසල් ශිෂ්‍ය භට කඳවුරකදී මිතුරන් එක්ක ඉදිරිපත් කරපු ඉංග්‍රිසි නාට්‍යයක ‘මැක්වීටා’ කියන ස්ත්‍රී චරිතය රඟපාලා තිබුණලු.... ඒ පාසල් නළුවා නැවත ජීවමාන කළේ රංජිත් පෙරේරා ගේ චිත්‍රපටිය. ඔහු ඔහුට රඟපෑම ගැන නොයෙක් ගුරුහරුකම් ලබා දුන්නලු..
* ඔය චිත්‍රපටිය බලන්න ආව ඩී. බී. නිහාල්සිංහ මෙහෙම කිව්වලු "කවුද මේ හාදයා, හොඳට රඟපාලා තියෙනවා. මිනිහට හොඳ සිනමැටික් මූණක් තියෙනවා.."
* ඔය කාලේම කලං තමන්ගේ බිස්නස් එකක් විදිහට ඇදුම් බිස්නස් එකක් කරන්න හිතනවා. Studio එකෙන් අයින්වෙලා නුවරඑළි ගිහින් සුද්දෝ ඇදලා දාල ගිය ඇදුම් ගොඩගහලා විකුණන නුවරඑලියේ තැනකින් රැ.15කට කලිසන් 4ක් ගෙනත් ඒවා හොදට හෝදලා, මැදලා, නුවරින් ගත්ත ලාබ සෙන්ට් ටිකක් දාලා අර Studio එකේ පුතාට විකුණනලා බිස්නස් එක පටන් ගන්නවා..
* බිස්නස් එක නැගලා යනවා, හන්දි හන්දි ගානේ, පොලවල් ගානේ නුවරඑළියෙන් ගෙනත් අර ඇදුම් විකුණනවා... පස්සේ My Inn කියලා නුවර ඇදුම් කඩයක් කරනවා... බිස්නස් නරක නෑ... එයාගේ බිරිදත් හම්බවෙන්නේ එහෙදි.. ඔක්කොටම වඩා එගොල්ලන්ගේ ඉස්කොලේ හිටිය ධර්මසේන පතිරාජව නිතර හම්බවෙනවා.. ධර්මසේන පතිරාජ තමයි ‘හන්තානේ කතාව' ට නළුවෝ තෝරනවා කියලා කියන්නේ...
* ඒ interview එකට කලංසූරිය යන්නෙත් අර සුද්දෝ ඇදලා දාලගිය එයා හොදට හෝදලා විකුණන පොකට් දෙකේ කමිසයයි, ඩෙනිම් කලිසමයි ඇඳගෙන. රබර් බුෂ් සපත්තු කුට්ටමකුත් දාගෙන. අනෙක් අය ඇවිත් හිටියේ ඒ කාලේ හිටපු ජනප්‍රිය නළුවෝ විදිහට හැඳ පැළඳ ගෙන. ජැන්ඩියට ඇඳලා. බම්ප් එක තියලා. කොන්ඩේ පස්සට පීරලා, ගිනිකූරු කට් එක තියලා වගේ නොයෙක් මෝස්තරවලට. කලං ව කවුරුත් ගණන් අරන් නෑ. ඒත් එතන හිටපු කොණ්ඩය වවා ගත් සුදු, උස, හීන්දෑරි තරුණයෙකුයි කලංසූරියව තමයි ප්‍රධාන නළුවටයි සහය නළුවටයි තෝරාගන්නේ. ප්‍රධාන නළුවා විජය කුමාරණතුංග. කලංසූරිය ‘හන්තානේ කතාව' චිත්‍රපටියට රඟපාල තියෙන්නෙත් අර සම්මුඛ පරීක්ෂණයට ඇඳපු සූට් එකෙන්ම තමයි.
* එහිදි කුළුපගවු කලංසූරියයි විජයි කොච්චර හිතවත් වුනාද කිව්වොත් කලංසූරිය විජයවත් සම්බන්ධ කරගන්නවා එයාගේ බිස්නස් එකට... බස් එකේ නුවරඑළිය ගිහින් ඇදුම් ගේන්න, හෝදලා, මැදලා, පිරිසිදු කරලා බයිසිකලෙන් අරන් ගිහින් විකුණනන්න විජයත් සම්බන්දවෙනවා.. ‘හන්තානේ කතාව' තිරගත වුනාම විජය නළුවෙක් වෙනවා... කලංසූරිය දිගටම බිස්නස් එක කරන් ඉන්නවා...
* ඔය අස්සේ ධර්මසේන පතිරාජ එනවා අහස් ගව්ව‘ චිත්‍ර පටිය කරන්න සල්ලි හොයාගෙන. කලංසූරිය බිස්නස් එකට සල්ලි යටකරලා නිසා සල්ලි නෑ කියනවා.. එත් ඒයා ඒ වෙද්දි ගොඩනගාගෙන තිබුන බිස්නස් කන්ටෑකුයි, ඉස්කොලේ යාළුකමුයි එක්ක හසලක ව්‍යාපාරිකයෙක් වෙච්චි මිත්‍රරත්න හේරත්ව හොයලා දෙනවා ධර්මසේන පතිරාජට 'අහස් ගව්ව‘ චිත්‍රපටිය කරන්න..
* කලංසූරිය එකේ රගපානවා.. හොදම සහය නළුවා විදිහට සරසවි සම්මානෙත් ලැබෙනවා... එතනින් එහාට අමරසිරි කලංසූරිය කියන නලුවා අපිට හමුවෙවා.....
අමරසිරි කලංසූරිය කියන්නේ දක්ෂ නලුවෙක්.. ආදරේ හිතෙන නළුවෙක්.. සිනමාවේ ඉන්න පියරු බබාලට වඩා ඇත්තටම ආකර්ශනීය නළුවෙක්.. එයා නිකන් පුම්බපු චරිතයක් නෙමේ.. ඇත්ත ලෝකේ ඔබ, අපි වගේ චරිතයක්... එයාගේ තියෙන විශේෂත්වය මොකක්ද? හුරුබුහුටිකමද?, සලමන් ඛාන් වගේ දගලනකමද? දගකාරකමද? ක්‍රිඩා ශීලීත්වයද රස්තියාදුකාර කමද? රවුම් මුහුනක් ඇති අනෙක් නලුවන් අතරේ දිගටි මුහුණක් ඇති තැනැත්තෙක් වීමද? සමහරවිට ඔය ඔක්කොම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුලුවන්..
ඒත් එයාගේ ජීවිත කතාව දිහා බලද්දී මට නම් පෙනෙන දේ තමයි ඒයාව ඒ තැනට ගෙනාවේ එයාගේ රුචිකත්වය, එයාගේ taste එක... එක සිංහල - බෞද්ධ - ජාතික - දේශිය taste එකක් නෙමේ කෙලින්ම බටහිර.. එයා නුවර හිටියත්, බෞද්ධ ඉස්කෝලෙකට ගියත්.. එයාගේ රුචිකත්වය බටහිර එකක්.. එයා අදින්නේ, පලදින්නේ, බොක්සිං ගහන්නේ.. මැක්විටා වගේ ස්ත්‍රී චරිත ඔලුවෙ තියෙන්නේ.. ඒ හින්දයි... බස්නාහිර-වයඹ වෙරළ අවට අයට මීගමුව cultural hub එක වෙනවා වගේ රට මැද මහනුවර හිටිය කලංසූරියගේ cultural hub එක වෙන්නේ නුවරඑළිය.. සුද්දෝ එහෙ දාල ගිය ඒව තමයි කලංසූරිය මාකට් කරන්නේ, මාකට් වෙන්නෙත්. ඒ රටම සංවෘත ආර්ථිකයකට සීමාකරලා සිය රටදේ සිරි සැප දේ කියලා රටම කිසියම් ආකාරයකට හිරකරලා තිබ්බ වෙලාවක... ඒත් වැඩේ කියන්නේ 1977 රටම ඇරලා කලංසූරිය මාකට් කරපු දේවල් තොගපිටින් දොරේ ගලායන වෙලාවකත් කලංසූරියට ඉල්ලුමක් තිබුන එකයි... ඒ එයා එයාටම අනන්‍යයවු අනන්‍යතාවක් ඒ වනවිටත් ගොඩනගාගෙන තිබුන නිසයි.. එයා unique role මොඩල් එකක් වීම නිසයි...
ඒ නිසා මෙහෙම දෙයක් කියන්නම ඕනේ...ඕනේ නම් කෙනෙකුට සුද්දෙක් දාල යන කලිසමකිනුත් ගොඩ යන්න පුලුවන් හැබයි තමන්ටම වූ අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුලුවන් නම්... එකට සංස්කෘතික වටිනාකමක් එකතුකරන්න පුලුවන් නම්.. අමරසිරි කලංසූරිය කියන්නේ එහෙම කෙනෙක්..
මාකස් ප්‍රියන්ත පෙරේරා
03/04/23
හොඳ ලිපියක්. කලන්සුරිය මගේ ප්‍රියතම නළුවෙක්.
ReplyDeleteස්තුතියි අජිත්!!
Delete