This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 27 November 2022

මීගමුවේ FIFA කලාපය සහ මීගමුවේ football උණ

ආණ්ඩුවේ සංචාරක කටයුතු පිලිබද ඇමැති හරීන් ප්‍රනාන්දු මැදිහත්වෙලා මීගමුවේ FIFA කලාපයක් හදලා සංචාරය ප්‍රවර්ධන කටයුත්තක් ක්‍රියාත්මක කිරීමට පටන් අරන් කියලා දැක්කා.

මේ ගැන කටාර් ශ්‍රී ලංකා තනාධිපති වෙබ් පිටුවේ වගේම තවත් තැන්වලත් දැන්වීම් පලකරලා තිබුනා.

වැඩේ කොච්චර සාර්ථකද කියලා කියන්න දන්නේ නෑ. ඒත් ඒ සමග මීගමුවේ රෙස්ටුරන්ට් සහ තවත් තැන් කිහිපයකම live match & live music කියලා දැන්වීමුත් පල කරලා තිබුනා දැක්කා. ඒ දේශිය සංචාරකයින් සහ පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන වෙන්න පුලුවන්.

ලංකාවේ අනෙක් තැනවල කොහොම වුනත් football උනුසුම ලංකාවේ හොදටම දැනෙන තැනක් තමයි මීගමුව කියන්නේ.

ඉස්සර ජුපිටර්ස්/යූත්/සෙරමික්/ඔවිඔ/බොස්කෝ ආදී කණ්ඩායම් මීගමුවේන් පිටත සෙල්ලම් කරද්දී මීගමුවේ මිනිස්සු බස් අරගෙනයි ගියේ. මමත් අපේ තාත්තත් එක්ක එහෙම ගිහින් තියෙනවා. එහෙම ගිහින් බ්‍රිස්ටල් කුසලානේට එකපාරක් සෝන්ඩර්ස් එක්කත්, තවපාරක් රත්නම් එක්කත් තිබ්බ final මැච් වල මහා 'වලි' ගිය හැටි මතකයි.

මීගමුවේ football කියන්නේ එහෙම උණුසුමක් තිබ්බ තැනක්. මේ පාර ලෝක කුසලානය තුල වුවත් මීගමුවේ පාපන්දු ලෝලීන්ට ලෝක පාපන්දු උණුසුම වැලදගන්න යම් අවකාශයක් නිර්මාණය වීම සතුටට කරුණක්. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
26/11/2022

No comments:

Post a Comment