This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 18 October 2021

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ම‍ංත්‍රී ආමෙස්ගේ ඝාතනය වෛරය සහ ද්වේෂය වෙනුවට ප්‍රේමය සහ මනුෂ්‍යත්වය පැතිරවීමෙන් අවස්ථාවක් කරගන්න - ආමෙස් පවුලේ සාමාජිකයින්

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ම‍ංත්‍රී සර් ඩේවිඩ් ආමෙස් (Sir David Amess) මහතාව මරාදැමීම බ්‍රිතාන්‍යය සමාජය තුල ත්‍රස්තවාදය, අන්තවාදය, පිහි ඇනුම් සහ ආරක්ෂාව පිලිබද සමාජ අවධානය ඉහලයෑමටත්, ඒ පිලිබදවවූ සාකච්ඡාව නැවත මතුවීමටත් හේතුවක්ව ඇත. පිහි ඇනුම් බ්‍රිතාන්‍යයේ නිතර වර්තාවන, තරුණ ප්‍රජාව නිතර ගොදුරුවෙන මෙන්ම තරුණ ජනයා බහුලව සමාජය මත මුදාහරින ප්‍රචන්ඩත්වයක් බවට පත්ව ඇත. මෙයට පෙරද, 2010 දී, 

ලන්ඩනයේ Stephen Timms මංත්‍රිවරයා පිහි ඇනුමකටත්, 2000දී චැතැම් පළාතේ Nigel Jones මන්ත්‍රීවරයා කඩු පහරකටත් ලක්විය. එහේත් 2015 දී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෝ නොවීම පිලිබදව විමසා බැලූ බ්‍රේක්සිට් ජනමත විමසුම (Brexit referendum) අතරතුර බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මංත්‍රිනී ජෝ කොක්ස්ව (Jo Cox) සුදු අන්තවාදියෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීමෙන් අනතුරුව මරාදැමු දෙවන මංත්‍රිවරයා වන්නේ මෙම ඩේවිඩ් ආමෙස් (David Amess) ම‍ංත්‍රීවරයාය. 

භක්තිමත් කතෝලිකයෙකු වු ඩේවිඩ් ආමෙස් (David Amess) මංත්‍රිවරයා මියයන විට 69ක් වියේ පසුවිය. සාමාන්‍ය පවුල් පසුබිමකින් පැවත එන ඒ මහතා 1983  සිට නැගෙනහිර එසෙක්ස් පලාතේ ආසන නියෝජය කල, බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් මංත්‍රිවරයෙක් ලෙස සේවය කල මංත්‍රිවරුන් කිහිපදෙනාගෙන් කෙනෙකි. බ්‍රිතාන්‍ය රැජිනගෙන් නයිට් පදවියක් ඔහුට හිමිවන්නේද මහජන නියෝජිතයෙක් ලෙස දීර්ඝකාලයක් ඔහු ඉටුකල එම සේවය නිසය. මනුෂ්‍යත්වය පිලිබදව, දිලිදුකමට එරෙහිව මෙන්ම සත්ව අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටි ඩේවිඩ් ආමෙස් (David Amess) ම‍ංත්‍රීවරයා පැපුවා නිව්ගිනි රජ්‍යයේ නිදහස (The Free Papua Movement) වෙනුවෙන්ද පෙනීසිටි තැනැත්තෙකි. 

මෙම මංත්‍රිවරයා මරාදමනු ලැබුවේ සුපුරු ලෙස සිදුකරන සිය මහජන හමුවේදීය.  බ්‍රිතාන්‍යය මංත්‍රිවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් හිමිනොවීමත් ඝාතකයාට මංත්‍රිවරයා මරාදැමීමට පහසුවක්වී තිබෙන බව කියවේ. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනඇති 25 හැවිරිදි සෝමාලි සම්භාවයක් ඇති තරුණයා අධ්‍යාපන ඉලක්කයන් අසාර්ථකවු, කොලු කන්ඩායම්වල රංචු ගැසීම්වලත් පසුව ඉස්ලාමීය අන්තවාදී මතවාදයන්ට ගොදුරුවුවෙකු බව කියවේ. 

එවැනි ආන්තිකකරණයට ලක්වු තරුණ කොටස්වල බලාපොරොත්තු බිදවැටීම, මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහිවීම, වර්ගවාදී සහ අන්තවාදී මතවාදයන්ට ගොදුරුවීම, එහිම දිගුවක් ලෙස ප්‍රචන්ඩත්වයනට නැබුරුවීම සමාජයක් ලෙස හැම මනුෂ්‍ය කොට්ටාශයකටම දැන් මුහුණදීමට සිදුවී ඇති දැවැන්ත අර්බුදයකි. 2015 දී මරාදැමු බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මංත්‍රිනී ජෝ කොක්ස්ගේ (Jo Cox) මරණයත්(ඒ ගැන මෙතනින් කියවන්න) මෙම ඩේවිඩ් ආමෙස් (David Amess) ම‍ංත්‍රීවරයාගේ මරණයත් අපට මතුකරන අනතුරු ඇගවීම එයය. එයට විසදුම් සෙවීම සමාජයක් ලෙස අපි සියල්ලන්ට මුහුණදීමට ඇති  අති දැවැන්ත අභියෝගයකි.

මේ අතර ඩේවිඩ් ආමෙස් (David Amess) ම‍ංත්‍රීවරයාගේ කුරිරු ඝාතනය සම්බන්දයෙන් කම්පාවට ලක්ව ඇති  සියළුදෙනාගෙන් එම ඇමෙස් පවුලේ සියල්ලන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාව වෛරය, ද්වේෂය ආදිය පැතිරවීමට අවස්ථාවක් කරනොගෙන ප්‍රේමය, කරුණාව මනුෂ්‍යත්වය පැතිරවීමෙන් අවස්ථාවක් කරගන්නා ලෙසයි:"We ask people to set aside their differences and show kindness and love to all. Please let some good come from this tragedy. We are absolutely broken, but we will survive and carry on for the sake of a wonderful and inspiring man."

No one deserves a horrific death like this: R.I.P, Sir David Amess. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

18/10/2021.

4 comments:

  1. මේක සෝමාලි කාරයාගේ වැඩක් වෙන්න බෑ, මැල්කොම් රන්ජ්ත් දන්නවා ඇති

    ReplyDelete
  2. මෙහෙනම් නිසි පරීක්ෂණයක් වෙයි, කවුද මේ පිටිපස්සේ ඉන්නේ කියලා හෙලිකර ගනියි. නමුත් ලංකාවේ තමයි ඒක වෙන්නේ නැත්තේ.

    ReplyDelete
  3. ඔය කියන ජාතිාය කොල්ලො කෙල්ලොා ඔය වගේ අන්තවාදී සංවිධාන වලට බැඳෙනව වැඩී නේද අනික උංට ඒවට ගෙවීම් ඉදං හම්බෙනව ඇති නේ.
    ලංකාව වගේ ඩිපෙන්ඩර් හැටයි චොපර් විස්සයි ඇස්ටී ඇප් හත්තට සීයයි දෙන්නැද්ද එහෙ මන්තිරිලට

    අවාසනාව අවාසනාව 🙈🙈🙈

    May His Soul Rest In Peace

    ReplyDelete
    Replies
    1. නැහැ, එහෙම කිසිම ආරක්ෂාවක් නැහැ. මේ සිද්ධියෙන් පස්සේ මංත්‍රිවරුන්ට යම් ආරක්ෂාවක් දෙන්න පාර්ලිමේන්තුවේ කතාවෙලා තියෙනවා.ඒකත් එක පොලිස් භටයෙක් මහජන දිනයේදී පමණක්. ඔව් අර ආන්තිකකරණය වෙච්ච කොටසක් තමයි ඔය වගේ අන්තවාදී මතවාදයන්ට වඩාත් නතුවෙන්නේ.

      Delete