This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 10 November 2020

කොරෝනා එන්නත සහ රුසියාව


ඇමරිකානු ජනාධිපතිවරණය අවසන්වූ වහාම කොරෝනාවලට එන්නතක් හොයාගත්තේ යැයි යන ප්‍රවෘත්තිය පලවෙන්නට විය. එය සමස්ත ලෝකයේම දැන් වැඩි දෙනෙක් බලා ඇති ප්‍රවෘත්තියවී හමාරය. 

කොරෝනා නිසා දිනකට දහස්ගානක් මියයන මොහොතක කොරෝනාවලට බෙහෙතක් හොයාගත්තේයැයි පුවත ලෝක ප්‍රවෘත්ති අතර මුල් තැනට පත්වීම අරුමයක් නොවේ. ඒකී ප්‍රවෘත්තිය නිසා ලෝකය පුරාම කොටස් වෙළදපොලවල මිල ඉහල ගිය බව දැක්වෙන පුවතද ඒ අනුව අපට තේරුම්ගැනීමට පුළුවන.  කොරෝනා උවදුර නිසා කඩාවැටුන කොටස් වෙළදපොලවල කොටස් ලොව  මහා පරිමාන ධනවතුන් සහ කොම්පැනිකරුවන් විසින් ඉතා අඩු මුදලකට මිලදී ගනිමින් සිටීයැයි පහුගිය කාලපුරාම වාර්තාවිය. එවැනි තත්වයක් තුල කොරෝනා වසංගතය සදහා ප්‍රතිකාරයක් සොයාගත්තේයැයි වාර්තාවූ  සැනින් කොටස් වෙලදපොලවල ආයෝජකයින් ක්ෂණිකයෙන් ලාභ ඉපැයීමකට යොමුවන්නටද ඇත. ඒ සියල්ල සිදුවුයේ කොරෝනා වසංගතයට බෙහෙතක් සොයාගත්තේයැයි යන පුවත නිසාය.

කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් හොයාගත්තේයැයි ප්‍රකාශකලේ  ඇමරිකාව කේන්ද්‍රකරගත් බහුජාතික ඖෂධ සමාගමක් වන Pfizer සමාගම සහ ඔවුන්ගේ අනුබද්ධ ආයතනයක් වන BioNTech සමගම විසිනි. BioNTech ආයතනය පිළිකා රෝග සදහා භාවිතා කරන ඖෂධ නිෂ්පාදනය සම්බන්දයෙන් ප්‍රසිද්ධියක් උසුලන ජර්මන් සමාගමකි.

මේම සමාගම් කොරෝනා රෝගය සදහා ප්‍රතිකාරයක් සොයාගත්තේ යැයි නිවේදනය කිරීමට පෙර පවා, පසුගිය ජුලි මාසේම, රුසියාව කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් හොයාගත්තේ යැයි නිවේදනය කළේය. එම දවස්වලම කොරෝනා වසංගතයට එන්නතක් සොයමින් සිටි බ්‍රිතාන්‍යයේ  ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂන කණ්ඩායම් වාර්තාකල පුවතක්වුයේ ඔවුන්ට රුසියන් සයිබර් ප්‍රහාරයක් එල්ලවුන බවත්, ඔවුන්ගේ දත්ත සොරාගැනීමට රුසියානු සයිබර් හැකරුන් උත්සහකල බවත්ය.

රුසියාව ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂනවල දත්ත සොරාගත්තාද? නැද්ද? යන්න ගැන අපි නොදනිමු. එහෙත් Pfizer සහ BioNTech සමාගම්  කොරෝනාවට ප්‍රතිකාරයක් සොයාගත්තායැයි දැක්වූ සැනින්ම රුසියාවද නිවේදනයක් නිකුත්කරමින්  දැක්වුයේ ඔවුන් සතුවද කොරෝනා වසංගතය සදහා එන්නතක් ඇති බවත් එහෙත් එය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිසි අනුමැතිය ලබාදී නැති බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරයවුයේ රුසියානු කොරෝනා ප්‍රතිකාරය නියමිත පිළිවෙත්  සහ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිය ප්‍රතිකාරයේ සාර්ථකත්වය තවමත් තහවුරු කරගෙන නැති බවයි. එහෙත් රුසියානු ප්‍රතිකාරය සාර්ථක බව රුසියාව ප්‍රකාශකලා පමණක් නොව පුටින්ගේ පවුලේ එක් දියණියක් පවා ඔවුන්ගේ  කොරෝනා එන්නත අත්හදා බලා සාර්ථක ප්‍රතිපල ලබාගත් බව පුටින්ම දක්වා තිබුනි. ඇත්ත වශයෙන්ම කොරෝනා වසංගතය සදහා එවැනි සාර්ථක ප්‍රතිකාරයක් රුසියාව සතුව තිබේද? සාර්ථක නොවන ප්‍රතිකාරයක් සිය පවුලේ සමාජිකයෙකුට ලබාදීමට පුටින් ඉඩ ලබාදෙයිද? තමන්ගේ පවුලේ කෙනෙකුට ප්‍රතිකාරය ලබාදී සාර්ථකවූ පමණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාම ක්‍රියාපටිපාටිය තහවුරු කිරීමට එය ප්‍රමාණවත්ද? යන්න වෙනම තර්කයකි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස කුමක්වුවද කිසිදු රාජ්‍යයක් රුසියාවේ ප්‍රතිකාරය ඉල්ලුම් කලබවක් හෝ, අඩුම තරමින් රුසියාවවත් සිය එන්නත තම රටේ ජනයාට ලබාදීමට පියවරගත් බවක් හෝ තවමත් වාර්තාවී නොමැත. සිය එන්නත සාර්ථක බව පමණක් රුසියාව දක්වමින් සිටී. 

කොරෝනා වසංගතය සදහා එසේ රුසියානු ප්‍රතිකාර ක්‍රමය සාර්ථක යැයි දැක්වුවද Pfizer සහ BioNTech සමාගම් කොරෝනාවට ප්‍රතිකාරයක් සොයාගත්තේයැයි දැක්වූ සැනින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියවත් තවමත් සම්පුර්ණයෙන්ම ලබාදී නොමැති තත්වයක් තුල පවා, Pfizer සහ BioNTech සමාගම්වල ප්‍රතිකාරයට විශාල ඉල්ලුමක් දැනටමත් ගෝලීය මට්ටමින් ගලා එමින් තිබේ. බ්‍රිතාන්‍යය රජය පවා එම සමාගමේ ප්‍රතිකාර සදහා පවුම් මිලියන ගණනක ඇනවුමක් ලබාදී ඇත.

Pfizer සහ BioNTech යන සමාගම් බහුජාතික සමාගම්ය. රුසියාව යනු රාජ්‍යයකි. බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල පසමිතුරු රාජ්‍යකි. එවැනි රාජ්‍යයකින් කොරෝනා වසංගතය සදහා ප්‍රතිකාර මිලදී ගන්නවා වෙනුවට බහුජාතික සමාගම්වලින් බෙහෙත මිලදී ගැනීමට විවිධ රටවල් පෙලගැසෙන්නේ පසමිතුරු රාජ්‍යයකට වඩා තම තමන්ගේ රටවලටත් බදුගෙවන සමාගම්වලට ලාභාංශ ලැබෙන සමාගමකින් බෙහෙත මිලදී ගැනීම වඩා යහපත් යැයි ඔවුන් සිතන නිසාද?

ඇතැම්විට, කලක් ගතවෙනවිට, කොරෝනා වසංගතය යනු  මිනිස් වර්ගයා මුහුණ දුන් භයානක වසංගතයක් විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියණුවෙන් ජයගත් අවස්ථාවක් ලෙස දැක්වීමට මෙන්ම, මේ යුගයේ ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද යන්න ගැන පෙන්වාදීමට හැකි හොද උදාහරණයවීමටද ඉඩ තිබේ.

එවිටද අපට කීමට ඇත්තේ අපි හම්බකොලොත් අපි බෙහෙත් ගන්නවා කියාද? 

මාකස් ප්‍රියන්ත පෙරේරා
10/11/20 

6 comments:

  1. https://lankacitizens.com/social/කොරෝනා-එන්නත-සහ-රුසියාව/

    ReplyDelete
  2. ඒවත් මාර වැඩ නේද. එතකොට අර ඉන්දියාවෙ 'හදපු' එන්නතක් ලන්කාවෙ අයට දෙන්න යන්නෙ, අපේ මිනිස්සු guinea pigsද. කොහෙන් ගියත් අහින්සක මිනිස්සු තමයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ හදපු බෙහෙතක් ලන්කාවට් දෙන්න යනවා කියන නිවුස් එක මම දැක්කේ නැහැ. මම නම් පුදුම වෙන්නේ අයි එක ලංකාවට දෙන්නේ ඉන්දියාවේම පරීක්ෂණ කරන පුළුවන් කම තියාගෙන කියන එක ගැනයි. ඒ කොහොමවුනත් අර කතාව හරි: අහිංසක මිනිස්සු guinea pigවගේ තමයි ඔය ඖෂධ සමාගම්වලට

      Delete
  3. රුසියාවේ බෙහෙත ගැන වැඩි විස්තර න නේද?
    ඇමරිකාව කියන දෙයක් කරගෙන ඉමු,,,,
    අපි හම්බ කලොත් අපිට කන්න තියෙයි.......
    හෙහ් හෙහ්...

    ReplyDelete
  4. ඇත්තටම බෙහෙතක් තියෙනවා කිව්වට රුසියානු බෙහෙත ගැන එහෙම ලොකු විස්තරයක් නැහැ

    ReplyDelete