දැන් ඉන්න බුවාලට බුවනෙකබාහු රජ්ජුරුවෝ වැඩකුත් නැහැ, රාජ සභා ගොඩනැගිල්ල වැඩකුත් නැහැ, 13 වන සියවසේ නිර්මාණ වැඩකුත් නැහැ, කුරුණෑගල රාජධානියාවත්, දඹදෙණි යුගයවත් වැඩක් නැහැ. කොහෙන් හරි කමක් නැහැ ගානක් හම්මකර ගන්න පුළුවන් නම් ඒවා කඩලා බිදලා දාලා ලට්ටලොට්ටවලට හරි, අබිලිදුබුලිවලට හරි, කළුගල්, ගඩොල්, ලී කෑලිවලට හරි විකුණන පුළුවන් නම් එච්චරයි...ගානක් හොයාගන්න එක තමයි ඒ අයට තියෙන ලොකුම දේ.
එහෙම ගණනක් හොයාගෙන ටයිල් අල්ලලා, හොද බාත්රූම් එකක් දෙකක් එක්ක අළුත් ගෙයක්දෝරක් හදාගන්න එක, අළුත් වාහනයක් පදින එක, කොහේ හරි ගිහිල්ලා හොදට කලාබීලා ෆොටෝ ටිකක් ගන්න එක, තමන්ගේ නම ගහගන්න මොනවා හරි දෙයක් කරලා පුම්බිලා පෙන්නන ඉන්න එක තමයි ඒගොල්ලෝ ජීවත්වෙනවා කියලා කරන්නේ...
ඇත්තටම ඔය වගේ මිනිස්සු කොච්චර පුම්බන්න හැදුවත්, පිම්බිලා පෙන්න හැදුවත්, පුම්බන්න බැහැ...පිම්බිලා ඉන්න බැහැ..මැද ලොකු පැච් එකක් තියෙනවා... ඔය මිනිස්සුන්ගේ ජීවිතවල ලොකු හිලක් තියෙනවා..පිරවිය නොහැකි ලොකු පදාසයක් තියෙනවා...කුරුණෑගල නගරාධිපතිගේ විතරක් නෙමේ..අනෙක් නගරාධිපතිලාගේ විතරක්..පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්‌ගේ විතරක් නෙමේ..රටේ බොහෝ දෙනෙකුගේ තත්වය ඒකයි...
එක උගත්කමක් පිළිබද ප්‍රශ්නයක්වත්, වැදගත්කම පිලිබදව ප්‍රශ්නයක්වත් නෙමේ. සංස්කෘතික වටිනාකම් පිලිබදව ප්‍රශ්නයක්. ජීවත්වෙනවා කියලා තේරුම් අරන් තියෙන්නේ දේ පිලිබදව ප්‍රශ්නයක්. ඇත්තටම ජීවත්වෙන්න දන්නේ නැතිකම පිලිබද ප්‍රශ්නයක්.
ලස්සනට ජීවත්වෙන්න කැමති මිනිස්සු තමා වටා ඇති පරිසරය විනාශය කරයිද? ගහ කොළ සතා සිව්පාව විනාශ කරයිද? පැරණි දේ කඩලා බිදලා දාලා කුඩු පට්ටම් කරයිද? නැහැ කවදාවත් නැහැ. ඒඅය ඒවා තවදුරටත් වැඩිදියුණුකරයි.. ලස්සන කරයි.. තියෙනදේ රැකගෙන තවදුරත් අලංකාරවත් ලෙස පවත්වාගෙනයයි..එහෙමයි මිනිස්සු ජීවත්වෙනවා කියන්නේ. සංස්කෘතික වටිනාකම් ගැන හරයක් තේරෙන මිනිස්සු කටයුතු කරන්නේ එහෙමයි. සමාජයක් පවතින්නේ ඒ වගේ සමාජ වටිනාකම් තේරුම්ගත්ත මිනිස්සු ඉන්නකම් විතරයි...
කලින් පරම්පරාවල ඒවායේ වටිනාකම් දන්න අය ටික දෙනෙක් හරි ඉතුරුවෙලා හිටියේ නැතිනම්, ඕවා මීට කලිනුයි විනාශවෙලා යන්නේ..දැන් නම් ඒ අයත් අඩුයි..සුද්දගේ කාලේ, ඊට පස්සේ පත්වුණු කළු සුද්දන්ගේ කාලේ ඕවා ඔහොම හරි ආරක්ෂා වුනා, මිනිස්සු රැකබලාගත්තේ නැතත් අඩුම තරමින් නීතිය හරි ක්‍රියාත්මකවුනු නිසා...
නමුත් දැන් ඉන්න පද්දන්ගේ කාලේ..උන්ට සංස්කෘතික වටිනාකම් කියලා දේකුත් නැහැ..නීතිය, ආචාර ධර්ම කියලා දෙයකුත් නැහැ...ඔක්කොම ඉවරයි හරයක්..වටිනාකමක්..දැනුමක්...අවබෝධයක් කියලා කිසිම දෙයක් නැහැ.
පාලකයින්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් නැහැ..වෙන රටවල මිනිස්සු තමන්ගේ කියන දේවල් රැකගෙන..බලාගෙන...වැඩිදියුණු කරගෙන.. කොච්චර ලස්සනට තියන් ඉන්නවද...අඩුම තරමින් කෑලී කැඩිලා බිමට වැටිලා තියෙනදේ වල් බිහිවෙලා කැලාවෙලා යන්න නොදී සුද්ද බුද්ද කරලා හරි...පෙන්න කරන්න, දකින්න බලන්න සලස්වලා තියෙනවා.ඒ අවට පරිසරයේ පවා ගහක් කොළක් මලක් වවලා ලස්සනට තියෙනවා.ඒවා බලාකීයා ගන්න විවිධ සංවිධාන හදාගෙන ඒවා ආරක්ෂා කරලා, ඒවා ගැන දිගින් දිගටම ජනතාව දැනුවත් කරනවා. විවිධ උත්සව සංවිධාන කරලා ඒවා ගැන අවධානය ගිහිලී නොයන්න කටයුතු කරනවා..
එත් අපේ රටවල, අපේ මිනිස්සු අතර එහෙම දේවල් නැහැ..කඩලා බිදලා විනාෂම කරලා දාපුවහාම විතරක් කෑ කෝ ගහනවා...එතකොට පරක්කු වැඩියි. ඔක්කොටම වඩා මිනිස්සුන්ට passion එකක් ලැදියාවක්, ලලසාවක්, මහත් උනන්දුවක් තියෙන්න ඕනේ..අපේ මිනිස්සුන්ට තියෙන්න passion නෙමේ fashion -මොස්තර, විලාසිතා, අනුකරණ. Fashion වලට grace එක ගන්න බැහැ..ලාලිත්‍යය, අලංකාරය, ශිෂ්ටත්ව ගොඩනගන්න බැහැ..එක කරන්න පුළුවන් passion වලට විතරයි (Fashion cannot build grace, but passion can.) මිනිස්සුන්ට තමන්ගේ සමාජ වටපිටාව ගැන ලැදියාවක්, ලලසාවක්..වටිනාකමක් නැතිනම් ඔය මොකවත් රැකන්නේ නැහැ..පවතින්නේ නැහැ..අඩුම තරමේ ඒ මිනිස්සුන්ටවත් පැවැත්මක් නැහැ...නික්ම්ම නිකන් ශරීර කූඩු ටිකක්, හිස් පොළවක් විතරයි ඉතුරුවෙන්නේ...
මාකස් ප්‍රියන්ත පෙරේරා
20/07/2020
No comments:
Post a Comment