මේ දිනවල ලංකාවේ මාධ්‍යවල දැවෙන මාතෘකාව වී ඇත්තේ පියා ඒඩ්ස් රෝගයෙන් මියයාම නිසා කුලියාපිටියේ දරුවෙකුට පාසැල අහිමිවීම තුල උද්ගතවී ඇති තත්වයය. රටේ ප්‍රධාන ජනමාධ්‍යවල සිට වෙබ්අඩවි, බොලොග් අඩවි, Facebook දක්වාවූ සෑම මාධ්‍යකම පාහේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එයය. ඒකී මාතෘකාව විවිධ අය සාකච්ඡාකර ඇති ආකාර කිහිපයක් පහතින් වේ:
'දරුවාගේ අධ්‍යාපන අයිතිය අහිමිකිරීම කෙතරම් අපරාධයක්ද ? /ඇරත් දරුවා HIV ආසාදිතයෙක් නොවේ' (BBC සංදේශය/දෙරණ/හිරු/සිරස/ITN).
'ඒඩ්ස් ඇල්ලීමෙන් සහ සුළගින් පවා බෝවෙන බව සොයාගත් කුලියාපිටියට ස්තූතියි' / 'ඉස්සර කිව්වේ තුම්පනේ කියලා දැන් කියන්නේ කුලියාපිටිය කියලා' / 'මෝඩ ගැමියෝ'/ ලෝකය ගැන මේලෝ අවබෝධයක් නැහැ' (Facebook).
'ගැමියෝ කියන්නේ මේ වගේ මෝඩ මිනිස්සු, උන් කුහකයෝ, ආත්මාර්ථකාමී, ඔය කොළඹ ඉදන් කවි ලියන උන් දන්නැහැ ගැමියෝ එහෙමයි කියලා..'(W3 Lanka)
'අන්තිමට බලන්න ක්‍රිස්තියානි ට්‍රිනිටියයි, මුස්ලිම් සහිරාවයි ළමයව ගන්න යන්නේ, බලමුවහාම උන් සිංහල බෞද්ධයන්ට වඩා කොච්චර හොදද /අන්තිමට මේක ආගමික ප්‍ර්ශනයකුත් උනානේ (මාතලන් ගේ Facebook පෝස්ට් එක සහ 'සොදුරු සිත' දක්වා තිබූ කොමෙන්ට් එක.)'
'අපි ට්‍රිනිටි ආදිශිෂ්‍යන් ලෙස ට්‍රිනිටියේ මේ තීරණය ගැන ආඩම්බර වෙන්න ඕනෑ' ( ඒසේ කියනුයේ කුමාර් සංගක්කාර, සුජීව සේරසිංහ වැනි සල්ලිකාරයින්ගේ දරුවන් නොවේ. විවිධ හේතු මත එහි ඉගැනීමට අවස්ථාව ලැබූ සාමාන්‍ය / දුප්පත් දෙමාපියන්ගේ දරුවන් කිහිපදෙනෙකුය.)'
'ළමයාට ත්‍රිත්ව විද්‍යාලයෙන් ආරාධනා කිරීම සුදු අධිරාජ්‍යවාදින් ගේ මිෂනාරි කුමන්ත්‍රණයක් - විමල් වීරවංශ..ළමයාට සහිරා විද්‍යාලයෙන් ආරාධනා කිරීම මුස්ලිම්කරණයේ සැඟවුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් - ගලගොඩ අත්තේ ඥාණසාර / මේ ළමයව ත්‍රිත්ව විද්‍යාලයට අරගෙන ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අනුකාරකයෙකු කිරීමට දරන වෑයම පැරදවීම මේ මොහොතේ සිංහල බෞද්ධ අප ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගයයි - මහාචාර්‍ය නලීන් ද සිල්වා කියයිද දන්නෙ නැහැ' / NGO වලටත් ඊළග project මෙන්න මාතෘකාව (උවිදු කුරුකුලසුර්ය Facebook.)
මීට අමතරව රන්ජන් රාමනායක ඇතුළු බොහෝදෙනෙකු පෙනීසිටින වීඩියෝ ගණනාවකි.
මේ ආදී ලෙස ඉහත ළමයාගේ පුවත විවිධ ලෙස තම්බා, හෝදා, වියලා, නැවත නැවත ලුණු ඇඹූල් දමා විවිධ ලෙස සකසා එයම බුදමින් සිටී. දැන් එය ලංකාවේ ප්‍රධාන ජන මාධ්‍යවලට පමණක් සීමාවූ රෝගයක් නොවේ එය වෙබ් අඩවිවලද, නුතන සමාජ මාධ්‍ය ලෙස සැලකෙන බොලොග් අඩවි, Facebook දක්වාද පැතිරුණ දෙයකි. නව තොරතුරු සොයා, නව ප්‍රවණතා හදුනාගෙන අළුත් පුවත් පලකරනු වෙනුවට ඔවූන් බොහෝ දුරට සිදුකරනුයේ තිබෙන දෙයක් තම්බාගැනීමය. කුලියාපිටිය හපකරන ඔවුන් සහ ඔවුන් මාතෘකාව කරගන්නා කුලියාපිටි වාසීන් අතර ඇත්තේ මොන වෙනසක්ද ?
ඇත්තටම, මෙම ප්‍රශනය ප්‍රවෘතියක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමට පෙර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානයට ලක්කර අභ්‍යන්තර මට්ටමින් විසදා ඉන් අනතුරුව ප්‍රවෘතියක් ලෙස පලකලේ නම් ප්‍රශනය මෙතරම් දුර යන්නේ නැත. අමතක නොකළයුතු කරුණක්වන්නේ අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්ව HIV ආසාධිත හෝ HIV ආසාධිත දෙමාපියන්ගේ දරුවන් ගණනාවක් ලංකාවේ පාසැල්වල ඉගෙනුම ලබන බවයි. එහෙත් එවැනි තත්වයක් තිබියදී පවා මාධ්‍ය සිය 'රේටින්' වැඩිකර ගැනීමට මෙම ප්‍රශනය issue එකක් ලෙස භාවිතා කර ඇතිබව පෙනේ. එමගින් අදාල ළමයාටත්, එම දෙමාපියන්ටත්, ගැමියන්ටත්, කුලියාපිටියටත්, සමස්ථ ශ්‍රී ලංකාවටත් විශාල අපකීර්තියක් සහ හානියක් සිදුවිය.
එහෙත් මේ ආකාර අනන්තවත් ගැටළු විවිධ පුද්ගලයන්ට නිතර සිදුවෙන ඉන්දියාවේ ජාතික මාධ්‍යවලින් මෙන්ම සමාජ වෙබ්අඩවිවලින්ද තනි පුද්ගලයන්ගේ ප්‍රශ්නවලට මෙතරම් අවධානයක් යොමුවනුයේ බොහෝ කළාතුරකිනි. විශේෂයෙන්ම සුවිශේෂී තත්වයක් යටතේ පමණි.
පසුගිය සුමානේ එරට ජාතික මාධ්‍යතුලත් සමාජ වෙබ්අඩවිවලත්, ජාත්‍යන්තර මාධ්‍යවල එරට ගැන පලවන පුවත්වලත් වැඩි අවධානය දිනාගත්තේ ඉන්දියානු මහා බැංකුවේ (Reserve Bank of India) අධිපතිතුමා වන Raghuram Rajan ඉහල උද්ධමනය රටක ආර්ථික විනාශකරන ආකාරය ගැන දකුණු ඉන්දියානු 'තෝසා' කෑම උදාහරණයටගෙන පැවැත්වූ දේශනය. එය පහත වීඩියෝවෙන් නැරබිය හැක.
ඔහුගේ මෙම ආර්ථික මොඩියුලය 'තෝසා ආර්ථික මොඩියුලය ලෙස' බොහෝ මාධ්‍ය හදුන්වාදෙන ලදී. ගිය සතියේම එම මොඩියුලය එරට ඉංජිනේරු සිසුවියක් විසින් කාටත් තේරෙන ලෙස ප්‍රශ්න කිරීමද සිදුකරන ලදී. එයද ඉන්දියානු මාධ්‍ය සහ සමාජ වෙබ්අඩවිවල බහුලව හුවමාරුවිනි. එම ඉංජිනේරු සිසුවියගේ ප්‍රශ්නයවුයේ උද්ධමනය ඉහල යනවිට ඉහල යන 'තෝසා' මිල උද්ධමනය පහල යනවිට පහල නොයන්නේ ඇයි? යන්නය. එය පහතින් දැක්වේ.
ඇයට පිළිතුර ලෙස 'එය තාක්ෂණික වශයෙන් දියුණුනොවන ක්ෂේත්‍රයක පුහුණු සේවකයන් රදවාගැනීමට සිදුකරන වැටුප් වැඩිකිරීම් තුල සිදුවන්නක් බව ප්‍රකට ආර්ථික විද්‍යාඥානයින් දෙදෙනෙක්වන පොල් සැමුවෙල්සන් (Paul Samuelson) සහ බලසා (Balassa) විසින් ඉදිරිපත්කර ඇති 'Balassa-Samuelson Effect' නම් ආර්ථික නියාමනය ඇසුරින් ඔහු විස්තර කරදෙන ලදී. එයාද බොහෝ ඉන්දියානුවන්ගේ Facebook පිටුවල හුවමාරුවුවකි.
මෙම සිදුවීම් දෙකම 'The Indian Central Bank’s Raghuram Rajan and His Dosanomics Theory' නමින් ඉකුත් 02/03/2016 දින The Wall Street Journal (wsj.com) නම් සුප්‍රකට ජාත්‍යන්තර මාධ්‍යයේ පලවී තිබුණි. විශේෂයෙන්ම, ඉන්දියාවේ දැන් සිදුවන ආර්ථික වර්ධනයත් සමග එරට මහ බැංකුව පොලී අනුපාතය පහත මට්ටමකින් පවත්වාගෙනයාම තුල උද්ධමනය තවත් ඉහල ගොස් එරට ආර්ථික වර්ධනයේ සෑබෑ ප්‍රතිපල මහජනයාට අත්නොවන බවට විපක්ෂ කොන්ග්‍රසය නගන චෝදනාව හමුවේ එරට මහා බැංකුවේ අධිපතිතුමාගේ ඉහත 'තෝසා ආර්ථික විග්‍රහය' නිතැතින්ම සාකච්ඡාවට ලක්වෙනු බව නොරහසකි.
ඒ, අපි කුලියාපිටියේ ළමයාගේ පුවත විවිධ ලෙස තම්බා, හෝදා, වියලා, නැවත නැවත ලුණු ඇඹූල් දමා විවිධ ලෙස සකසා යලි යලි බුදමින් සිටින විට අපිට සැතපුම් 30ක් එහයින් පිහිටි අපේ අල්ලපු රටේ සාකච්ඡාවෙමින් ඇති දෙයකි. ඒයද එකක් පමණි. තවත් දේවල් රාශියකි. එන් එහාට ගියවිට තවත් රටවල තවත් බොහො දේවල වේ. එහෙත් අපිට ඒ ගැන හංකවිසියක් නැත.
ඉතින් 'කුලියාපිටිය' කියන්නේ මුළු ලංකාවටමද ?
මාකස් ප්‍රියන්ත පෙරේරා
05/03/2016.
කොහොමටත් අපේ රට ගොසිප් වලට කැමතියි, තෝසෙ වලටත් ඒ වගේමයි :-)
ReplyDeleteඒ කොහොම උනත් මේ ලමයගේ ප්‍රශ්නය මේ විධියට තොසේ එක වගේ දෙපැත්ත දදා ඉන්නේ මාසයක් ගිහිල්ලත් තවමත් ඒ ලමයාට සාධාරණය ඉෂ්ඨ කරන්ට කාටවත් පුළුවන් වෙලා නැතිනිසා නේද?
//මෙම ප්‍රශනය ප්‍රවෘතියක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමට පෙර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානයට ලක්කර අභ්‍යන්තර මට්ටමින් විසදා ඉන් අනතුරුව ප්‍රවෘතියක් ලෙස පලකලේ නම් ප්‍රශනය මෙතරම් දුර යන්නේ නැත.// දැන් දරුවාට පාසැලක් සොයාගැනීම තවත් අමාරුයි කියලයි මට හිතෙන්නේ
Deleteතරහ වෙන් එපා. ඔබ මෙතන සම්පුර්ණයෙන්ම වගේ වැරදියි. ඉන්දියාවේ මාධ්‍ය තුලත් මේ වගේ දේ ඕන තරම් සාකච්චා කෙරෙනවා. කුල ප්‍රශ්න නිසා පාසලකට යන්න බැරි ළමයි ගැන හෙම. මෙතන සමජ ජාල ඇද්දේ මේක බලන් ඉන්න බැරිම තැන. ගිය සුමානේ ගිසිප් ලංකා එකේ විතරයි නිව්ස් එක දැම්මේ. පස්සේ දොස්තරලා ගියහම ගිහිල්ල මේ ළමයට ඒඩ්ස් නෑ කියද්දී ගම වැසියෝ ළමයි අස් කරගෙන ගිය. ඇමති ගම වැසියන්ගේ පැත්ත ගත්ත. ආණ්ඩුව කට වහගෙන හිටිය. අපකීර්තියට පත් වුනේ විහින්. ලමයව කොහොම හරි පාසලකට දාන්න බැරි වුනොත් ආයිත් මැදිහත් වෙනවා අපි නම්. ඔබේ තර්කය ඉතාම කණගාටුවට කරුනක්.
ReplyDeleteඅජිත් මොනවද ඔයා කියන්නේ ?
ReplyDelete// මේ ආකාර අනන්තවත් ගැටළු විවිධ පුද්ගලයන්ට නිතර සිදුවෙන ඉන්දියාවේ ජාතික මාධ්‍යවලින් මෙන්ම සමාජ වෙබ්අඩවිවලින්ද තනි පුද්ගලයන්ගේ ප්‍රශ්නවලට මෙතරම් අවධානයක් යොමුවනුයේ බොහෝ කළාතුරකිනි. විශේෂයෙන්ම සුවිශේෂී තත්වයක් යටතේ පමණි.//
//මෙම ප්‍රශනය ප්‍රවෘතියක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමට පෙර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානයට ලක්කර අභ්‍යන්තර මට්ටමින් විසදා ඉන් අනතුරුව ප්‍රවෘතියක් ලෙස පලකලේ නම් ප්‍රශනය මෙතරම් දුර යන්නේ නැත.//
//අමතක නොකළයුතු කරුණක්වන්නේ අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්ව HIV ආසාධිත හෝ HIV ආසාධිත දෙමාපියන්ගේ දරුවන් ගණනාවක් ලංකාවේ පාසැල්වල ඉගෙනුම ලබන බවයි. එහෙත් එවැනි තත්වයක් තිබියදී පවා මාධ්‍ය සිය 'රේටින්' වැඩිකර ගැනීමට මෙම ප්‍රශනය issue එකක් ලෙස භාවිතා කර ඇතිබව පෙනේ. එමගින් අදාල ළමයාටත්, එම දෙමාපියන්ටත්, ගැමියන්ටත්, කුලියාපිටියටත්, සමස්ථ ශ්‍රී ලංකාවටත් විශාල අපකීර්තියක් සහ හානියක් සිදුවිය//
//මේ ආදී ලෙස ඉහත ළමයාගේ පුවත විවිධ ලෙස තම්බා, හෝදා, වියලා, නැවත නැවත ලුණු ඇඹූල් දමා විවිධ ලෙස සකසා එයම බුදමින් සිටී. දැන් එය ලංකාවේ ප්‍රධාන ජන මාධ්‍යවලට පමණක් සීමාවූ රෝගයක් නොවේ එය වෙබ් අඩවිවලද, නුතන සමාජ මාධ්‍ය ලෙස සැලකෙන බොලොග් අඩවි, Facebook දක්වාද පැතිරුණදෙයකි. නව තොරතුරු සොයා, නව ප්‍රවණතා හදුනාගෙන අළුත් පුවත් පලකරනු වෙනුවට ඔවූන් බොහෝ දුරට සිදුකරනුයේ තිබෙන දෙයක් තම්බාගැනීමය. කුලියාපිටිය හපකරන ඔවුන් සහ ඔවුන් මාතෘකාව කරගන්නා කුලියාපිටි වාසීන් අතර ඇත්තේ මොන වෙනසක්ද ?//
හොදින් කියවන්න එතකොට අවබෝධවෙයි !!!