කුඩා ධීවර ගම්මානයක් වූ මීගමුව ලංකාවේ ප්‍රධාන නගර පහෙන් එකක් ලෙස වර්ධනයවීම ආරම්භවනුයේ පෘතුගීසින් පැමිණ එහි කොටුවක් ඉදිකර එතෙක් අරාබි වෙළෙදුන් කරගෙන ගිය කුරුදූ, පුවක්, ගම්මිරිස් සහ කරවල ආදී ද්‍රව්‍ය වෙළදාම ඔවුන් පලවාහැර අත්පත්කර ගැනීමත් සමගය. ඒ සමග එතෙක් මීගමුවේ අරාබි වෙළෙන්දන්ගේ වෙළෙද ද්‍රව්‍ය නැව් ගත්කල ප්‍රධාන නැව්තොටුපල පිහිටි කම්මල්තුරේ අත්හල පෘතුගීසින් වර්තමාන මීගමුව කොටුව පිහිටි ප්‍රදේශයේ සිය කටයුතු සදහා වරායක් සහ කොටුවක් ඉදිකරන ලදී. කම්මල්තුරේ යන නම එම ප්‍රදේශයට ලැබෙනුයේ අරාබි වෙළෙන්දන්ගේ වෙළෙද නැව් ප්‍රතිසංස්කරණය කල කම්හල් එහි පැවති නිසා බව Cosme Jose Costa (1990) ගේ ශාන්ත ජෝසප් වාස් / ශා. ජුසේවාස් ගමන් විස්තරවල සදහන් වේ - Life and achievements of blessed Joseph Vaz: Apostle of Canara and Sri Lanka)
ආචාර්ය සුසන්ත ගුණතිලකගේ (2010) A 16th Century Clash of Civilizations: The Portuguese in Sri Lanka කෘතියට අනුව නම් පෘතුගීසින් අවස්ථා කිහිපයකදීම කම්මල්තුරේට, වර්තමාන පෝරුතොට හෙවත් පැරණි පාරුතොටට, ද්‍රවිඩ භාෂාවෙන් (ඇල මතින් ඉදිකළ) 'ලී පාලම' හෙවත් පළගාතුරෙයි (Palangathure) හෙවත් වර්තමාන පළගතුරේ යන ප්‍රදේශවල පිහිටි ඉදිකීරීම්වලට පහර දී කොල්ලකෑම් සිදුකර ධන-ධාන්‍ය රැගෙන ගෝවේට පලාගිය බව සදහන් වේ.
කෙසේවෙතත් පෘතුගීසින් මීගමුව කුට්ටිදූව ආශ්‍රීත ප්‍රදේශයේ කොටුවක් ඉදිකළේ එය මීගමුව කලපුව සහ මුහුද යන දෙකම එකවර නිරීක්ෂණය කල හැකි නිසාත්, අවශ්‍ය අවස්ථාවකදී කලපුව දෙසට පලායාමේ හැකියාව නිසාත් යැයි පෙනේ. පෘතුගීසින්ට කෙසේවුවද එම අවස්ථාව ලන්දෙසින්ට නම් 1640 පෙබරවාරියේදී උදාවෙන ලදී. ඒ මීගමුව කොටුව අල්ලාගැනීමට ලන්දෙසි කොමදෝරු Philip Lucasz එල්ල කල පළමු ප්‍රහාරයේදී පෘතුගීසින්ගේ ප්‍රතිප්‍රහාරයන්ගෙන් බේරීමට ඔවුන් මීගමු කලපුවට ඇතුල්වූ විටය. ලන්දෙසි කොමදෝරු Philip Lucasz ගේ නෞකාව මීගමු කලපුවේ කොටුවන බව පෘතුගීසින් සිතාසිට ඇත.
එහින් මීගමු කලපුව මුහුදට වැටෙන මෝයකට අවට ඔවුන් රැකවල්ලා සිට ඇත. එහෙත් එවකට මීගමුව කොටුව භාරව සිටි පෘතුගීසි සෙනවියා වූ සෙබස්තියන් කස්ටලි ලාන්සා (Sebastian Castelli Lanza) පුදුමයට පත් කරමින් ලන්දෙසි කොමදෝරු Philip Lucasz මීගමුව කලපුවේ මුහුදට පිහිටිලා පිහිටි පටු ස්ථානයකින් ඇලක් කපා නැවත මුහුද දෙසින් පැමිණ මීගමුව කොටුව අල්ලාගෙන තිබේ. අනතුරුව ලන්දෙසි එහි සිටි සියළුම පෘතුගීසි සෙබළුන් අනුකම්පා විරහිතව කපාකොටා මරා දැමු බවත් සෙබස්තියන් කස්ටලි ලාන්සා (Sebastian Castelli Lanza) ඇතුළු කිහිපදෙනෙක් පලාගිය බවත් ජේසු නිකායික පූජකවරුන්ගේ සටහන් වල සදහන් වී තිබේ (Charles Ralph Boxer (1958) 'Christians and spices' / 'Portuguese missionary methods in Ceylon, 1515-1658'). මෙලෙස මීගමුව කලපුවේ මුහුදට පිහිටිලා පිහිටි පටු ස්ථානයකින් ඇලක් කැපු ප්‍රදේශය වර්තමානයේ ද හදුන්වනුයේ කැපුන්ගොඩ නමිනි. අද එය මීගමුව තලාහේන පේරුවේ සහ දුන්ගාල්පිටිය අසල පිහිටි ගම්මානයකි.

මීගමුව කොටුව සහ ඒවට ප්‍රදේශයේ වටිනාකම අවබෝධකරගත් ලන්දෙසින් 1644 ජනවාරියේදී Francois Caron ගේ නායකත්වයෙන් මීගමුවේ සිය බලය තහවුරු කරගැනීමත් සමග මීගමුව කොටුව සහ අවට ප්‍රදේශය නාගරික කලාපයක් ලෙස දියුණු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව මීගමුව කොටුව වටා දිය අගලක් ද මීගමුව කලපු ඉවුරේ බැම්මක්ද, මීගමුව කොටුවේ සිට නගරය දෙසට දිවයන සේ තිරස් සහ සිරස් මාවත් තුනක්ද ඉදිකල බවට 1744 දී ජොහාන් වුල්ෆ්ගන් හෙයෙද්ට් (Johann Wolfgang Heydt) අදින ලද ඉහත චිත්‍රය මෙන්ම Ron Van Oers (2000) ගේ 'Dutch Town Planning Overseas During VOC and WIC Rule (1600-1800)' කෘතියද සාක්ෂිදරයි. සිරස් අතට දිවගිය මාවත් වැල්ලවීදිය (Sea Street), මහ වීදිය (Main Street), මුදලියාර් පාර (Mudaliyer Road) ලෙස නම් කර තිබු අතර තිරස් අතට දිවගිය මාවත් පළමුවන, දෙවන සහ තුන්වන හරස් වීදි (Cross Streets) ලෙස හදුන්වන ලදී.
1796 පෙබරවාරි මාසයේදී මීගමුව ඉංග්‍රීසි පාලනයට නැතිවීමත් සමග මීගමුව කොටුවේ දකුණු සහ නැගෙනහිර කොටස් පමණක් ඉතුරුකර, සෙසු කොටස් කඩා මීගමුව කොටුව නැවත සකස් කර එය සිරකදවුරක් බවට පත්කලද, ලන්දේසීන්ගේ නගර සැලැස්මට හානියක් නොකරන ලදී. ඒ වෙනුවට මීගමුව කොටුවේ සිට නගරය දෙසට දිවයන සේ ලන්දේසින් ඉදිකළ සිරස් මාවත් තුනට තවත් සිරස් මාවත් දෙකක් ඉදිකරන ලදී. ඒ මීගමුව පැරණි වරාය ආශ්‍රිතව පැවති රේගු සහ ගුදම් ගබඩා වලට ගිය 'ගුදම් පාර' (Customs House Road) සහ වෙරල අයින දිගේ දිව ගිය ජෝර්ජ් රජ මාවතත්ය (King George Drive). ඉහත සදහන් කල නගර සැලසුම් අද ද මීගමු නගරයේ දැකිය හැකි බව මෙම සිතියම් දෙස බැලීමේදී පෙනේ.
1909 වන විට මීගමුව නගරය මීගමුව කොටුව පිහිටි ප්‍රදේශයේ සිට තවත් සැතපුම් 02ක් දුරට පැතිර ගියද මීගමුව කලපුව වටා දිවගිය කලපු ඉවුරේ බැම්ම තවදුරටත් ශක්තිමත්ව පැවති බව Henry William Cave ගේ (1910) 'The Ceylon Government Railway' කෘතියේ එන මෙම ලිපියේ මුල්ම ඡයාරූපයේන් තහවුරුවේ.
එදා මීගමුව නගරය ගොඩනැන්වූ නගර සංවර්ධන සැලැස්ම අද මීගමුව නගරයේ අනවසර ඉදිකිරීම් සහ දේශපාලන බල අධිකාරීන්ගේ මැදිහත් වීම් මගින් සිදුකල අවධිමත් ක්‍රියාමාර්ග නිසා සම්පුර්ණයෙන්ම විනාශ වී ගොසිනි. ලන්දේසින් ඉදිකළ මීගමුව කලපුව වටා දිවගිය කලපු ඉවුරේ බැම්ම කඩා දමා ඇතමුන් එහි නිවෙස් තනා ඇත. තවත් කොටසක් චීන අවන්හල් හිමියකුගේ බුක්තියට පවරා දී ඇත. අදට ද එංගලන්තයේ වෙයිමෞවුත් (Weymouth) මුහුදු වෙරළ පින්තූරයේ දකිනවිට මගේ පියා පවසනුයේ මීගමුව කොටුවපිටිය අසල මුහුදු වෙරළ ද පැවතියේ ඒ ආකාරයටම බවයි. එකල සෙනසුරාදා සහ ඉරිදාට දහස් ගණන් ජනයා ළමා ලපටීන් සමග කරදිය පෑගීමට පැමිණි මීගමුව කොටුවපිටිය අසල මුහුදු වෙරල අද කරවල මුදලාලිලා කිහිපදෙනෙකු කරවල විකිණීමට යොදාගෙන සම්පුර්නයෙන් විනාශ කොට තිබේ.
නව රජය විසින් පිහිටවීමට යනවා යැයි කියන මීගමු සංවර්ධන කමිටුවේ නායකත්වය ලබාගැනීම සදහා මීගමු එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොයිස් ප්‍රනාන්දු සහ අමාත්‍ය නිමල් ලාංසා අතර බල අරගලයක් හටගෙන ඇතැයි පුවතක් කියවුවෙමි. එහෙත් මේ සංවර්ධන කමිටුව මීගමුව සංවර්ධනය කිරීමට ඉදිරිපත් කරන සැලැස්ම කුමක්දැයි අපි සියල්ලන්ම ඉතා ඕනෑකමින් බලා සිටිමු. මේ වනවිටද මීගමුව නගරය වර්ග කිලෝමීටර් 5-7 අතර පරාසයකට පැතිර ගොස් තිබේ. ඒහින් එය කොටස් කිහිපයකට බෙදා සංවර්ධන කිරීම උචිතය. විශේෂයෙන්ම,
1. පැරණි මහාධිකරණ උසාවි සංකීරණය කෞතුකාගාරයක් බවට පත්කර, පැරණි මීගමුව කොටුව, දෙවන එලිසබෙත් මහ රැජින පවා පැමිණි මීගමුව නව තානායම, පැරණි ලන්දේසි නිවාස පිහිටි ප්‍රදේශය, මීගමුව පැරණි තානායම, සහ ඒවට කලපු තීරයත් මීගමුව පෞරාණික නගරය (Ancient Quarter) ලෙසද,
2. මීගමුව ලුවිස් පෙදෙස ආශ්‍රිත ප්‍රදේශය සංචාරක පුරවරය ලෙසද (Tourist Quarter),
3. මීගමුව නගර මාධ්‍ය වානිජ්‍ය නගර මාධ්‍ය ලෙසද (City Centre),
4. මීගමුව ලෙල්ලම, මාළු වෙළද සංකීරණය සහ මීගමු කලපුවේ දුපත් ධීවර සහ කරවල නිෂ්පාදන ප්‍රදේශ ලෙසද (Fisheries Quarter),
5. සෙසු ප්‍රදේශ නාගරික ජනයා ජීවත්වන කලාපය හෙවත් (Residential Quarter) ලෙසද,
සංවර්ධනය කිරීම උචිත බව මගේ අදහසයි.
ඒ සියල්ලටම පෙර මීගමුව කොටුව පිටිය අසල පිහිටි සුන්දර වෙරල තීරය කරවල මුදලාලිලා කිහිපදෙනාගෙන් බේරාගෙන, ඔවුන්ට මීගමුව කලපුවේ දුපතක් හෝ වෙන්කරදී, නැවතත් එංගලන්තයේ වෙයිමෞවුත් (Weymouth) මුහුදු වෙරළ සේ සුන්දර වෙරල තීරයක් බවට පත්කරන්නේ නම් මීගමුවට වසන්තය පැමිණෙන බව නොවරදවාම කිවහැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
25/09/2015.
මම පොඩි කාලේ උන්නේ මීගමු බන්ධනාගාර නිලනිවාස වල මා සෙල්ලම් කලේ King George Road නැතිනම් සෙල්බි පාරේ මම ටෙනිස් ගැහුවා ලන්දේසි කුලුන දිහා බලන්. මන් පුංච් කාලේ තව පාරක් මතු උනා දැන් කරවල වේලන මුහුදු වෙරළේ එක තමා නියම King George Road එක
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රසන්න අයියා, ඔයාගෙන් තව විස්තර ටික්කක් දැනගන්න ඕනෑ පස්සේ කථා කරන්නම් !!!
ReplyDeleteThank you so much for the information. This blog has been great help for our background study on negombo for the community landscape project that we have been assigned to.
ReplyDeleteWhy don't you directly contact me for more information, I love to engage with your project.
ReplyDelete