This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.
Showing posts with label My Home town Negombo 23.. Show all posts
Showing posts with label My Home town Negombo 23.. Show all posts

Monday, 8 February 2016

ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්

මීගමුව ඇළපාරේ පිහිටි ශා. සෙබස්තියන් මුනිදුන්ට කැපකල කුඩා දේවස්ථානයේ ශා. සෙබස්තියන් සුරැවම ඉකුත් ජනවාරී 31 වෙනිදා මහ දවාලේදී කිසිවෙකු විසින් සොරාගෙන ගොස් තිබේ. 

ඒ ප්‍රදේශයේ ජනයා පල්ලියේ මංගල්ලය සදහා සුදානම්වෙමින් සිටියදීය. මෙම  සිදුවීම සිදුව තිබේන්නේ දවසපුරාම දේවස්ථානයේ තීන්ත අලේපකර, අවට පරිසරය පිරිසිදු කරමින් මංගල්ලය සදහා සුදානම්වෙමින් සිටි පිරිස දිවා ආහාරය ගැනීම සදහා සිය නිවෙස්වලට ගිය මොහොතේදීය. හැමතැනම සොයාබැලුවද සුරැවම සොයාගැනීමට නොහැකිවුයෙන් ප්‍රදේශයේ ජනයා මීසම භාර පියතුමාට අදාල සිද්ධිය දන්වා ඇත. මෙම  පල්ලිය අයත්  පෙරියමුල්ල මීසම්භාර පියතුමා දක්වා ඇත්තේ 'සුරැවම සොරාගත් අයට  දඩුවම් දීම දෙවියන්ට භාරකර, අපි පල්ලියේ  මංගල්ලය සුපුරුදු ලෙස කරමු යන්නය.  

එමගින් එම පියතුමා ජනයා අතර ඇතිවූ නොසන්සුන්තාවය සමනය කිරීමට මෙන්ම, භක්තිය ඇත්තේ සුරැවම් තුල නොව භක්තිවන්තයන්ගේ හදවත් තුලයැයි  යන්න පසක්කර දීමටද එය අවස්ථාවක් කරගෙන තිබේ. ඒ අනුව ප්‍රදේශයේ ජනයා පොලිසියටවත් මෙම සොරකම පිළිබදව පැමිණිලි කොට නැත. පසුගිය ඉරිදා එනම් 07/02/16 වෙනි දින, කලින් සුදානම් කරගත් ලෙසම, ඇළපාර ප්‍රදේශයේ ජනයා පල්ලියේ මංගල්ලය සුපුරුදු ලෙස උත්සවාකාරයෙන් පවත්වා ඇති අතර ඒ සදහා පෙරියමුල්ල මීසම භාර පියතුමා  ගම්පහ මොරකැටිය පල්ලියේ තැම්පත් කරඇති කොහොබ ලීයෙන් තැනූ ශා. සෙබස්තියන් සුරැවමක් ගෙන්වාගෙන ඇත. 

සමස්ථයක් වශයෙන්, මීසම භාර පියතුමා මෙම සිද්ධියේ දී ඉතාමත් ආදර්ශමත් ලෙස ප්‍රදේශයේ ජනයා සනසවමින්, අනවශ්‍ය ගැටුම් කිසිවකින් තොරව, ඉතා සාමකාමී ලෙස ප්‍රශනය විසදමින් හොද දහම් පණිවිඩයක් ලබාදී ඇති බව පෙනේ. ඒ සදහා අප සියල්ලන්ම එතුමන්ට ස්තූතිවන්ත විය යුතුය.

එහෙත් මෙම සිද්ධිය ඇසුරෙන්වත් මීගමු ජනයා සිය සංස්කෘතික උරුමයන් ආරක්ෂාකර ගැනීමට් මෙයට වඩා උනන්දුවිය යුතුබව  ඉගෙනගත යුතුය. වාර්තාවන අන්දමට මෙම සොරාගෙන ඇති ශා. සෙබස්තියන් සුරැවම ආසන්න වශයෙන් වසර 100ක්වත් පැරණිය. වර්තමාන පල්ලිය ඉදිකීරීමට පෙර තල්ගස් තිබූ මෙම පල්ලිය පිහිටි වත්තේම කුඩා මණ්ඩපයක තම්පත් කර තිබු මෙම ශා. සෙබස්තියන් සුරැවම  අවට ජනයාගේ නිතර භක්ති ආදරයට පත්වුවකි. 

මීට පෙරද මීගමු කට්ටුව පල්ලියේ  සුරැවමද මෙලෙස සොරකම් කර තිබූ අතර එහිදීද මීසම භාර පියතුමා කටයුතුකර ඇත්තේ ඉහත ආකාරයටමය. 

එහෙත් මෙවැනි සොරුන්ගෙන් සංස්කෘතික උරුමයන් රැකගැනීමට මෙයට වඩා ජනයාගේ උනන්දුවක් සහ මැදිහත්වීමක් අවශ්‍යව ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
08/02/2016.