This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 9 October 2022

පුටින්ගේ උපන් දිනයදා නොබෙල් සාම තෑග්ග පුටින්ගේ විවේචකයන්ට දිමේ නොබෙල් දේශපාලනය

2022 වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලාරුසියාවේ වසර ගණනාවක් සිරගතකර සිටින ඇලෙස් බියලියාට්ස්කි (Ales Bialiatski) සහ යුක්රේනයේ අනුස්මරණ සහ සිවිල් නිදහස සඳහා වූ මධ්‍යස්ථානය (Memorial and the Center for Civil Liberties) නම් මානව හිමිකම් කණ්ඩායම දිනාගෙන ඇති බව ප්‍රකාශයට පත්වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම උග්‍ර පුටින් විවේචනයන් වන අතරම රැසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව දිගින් දිගටම හඩ නැගුවන්ද වෙනවා.

රුසියානු ජනාධිපති පුටින්ගේ 70 වෙනි උපන් දින සැමරේම යෙදි තිබුන ඊයේ (07/10/22) දිනයේම පුටින් විරෝධීන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව ප්‍රකාශ කිරීම තුලම නොර්වේජියානු නොබෙල් ත්‍යාග සංවිධායකයන් යම් අකාරයට දේශපාලන පණිවිඩයක් ලබාදී ඇති බව පැහැදිලියි.

නව සාම ත්‍යාගය ලාභීන් හදුන්වා දෙමින් ඔවුන් ඔවුන්ගේ රටවල "යුධ අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම ලේඛනගත කිරීම සඳහා කැපී පෙනෙන උත්සාහයක් දැරිම" ("an outstanding effort to document war crimes, human right abuses and the abuse of power") සදහා ගත් උත්සාහයට ගෞරවයක් ලෙසත්. "ඔවුන් වසර ගණනාවක් තිස්සේ බලය විවේචනය කිරීමට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති අයිතිය ප්‍රවර්ධනය කර ඇති," ("They have for many years promoted the right to criticize power and protect the fundamental rights of citizens,") සේවය අගය කිරීමක් ලෙසත් මෙවර ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව දැක්වීම තුලම නොර්වේජියානු නොබෙල් ත්‍යාග සංවිධායකයන් දේශපාලන මතය පිලිබිඹු වෙනවා.

වැඩි දෙනෙක් බලාපොරොත්තුවුයේ මෙවර නොබෙල් සාම ත්‍යාගය ඉංග්‍රීසි විකාශකයෙක් (broadcaster), ජීව විද්‍යාඥයෙක්, ස්වභාවික ඉතිහාසඥයෙක් සහ කතුවරයෙක් වන ඩේවිඩ් ඇටෙන්බරෝ (David Attenborough) ට හිමිවෙනු ඇති බවයි.

එහෙත් මේවන විට පරිසරය අභිබවා 'ආක්‍රමණිකයාට එරෙහි දේශපාලනය' ලෝකයේ මූලිකම අවධානයට පාත්‍රවී ඇති බවක් මෙවර නොබෙල් සාම ත්‍යාගය ඇසුරින් ප්‍රකාශවන බව මගේ හැගීමයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

08/10/22

1 comment: