Monday, 26 July 2021
කාලක්‍රියාකලද ගැලවීමක් නැති කිලී මහරාජාගේ සිට රූපට් මෝර්ඩොක්ච් දක්වා මාධ්‍ය ජාවාරම්කරුවෝ
Monday, 12 July 2021
එංගලන්තය කොරෝනා තකන්නේ නැද්ද?
ඊයේ පැවැත්වූ යුරෝපා පාපන්දු කුසලානය සදහා මේ තරම් සෙනගක් රැස්වෙලා හිටියේ කොහොමද? එංගලන්තය කොරෝනා ගැන තකන්නේ නැද්ද? දැනටමත් ඔය රටේ මිනිස්සු ලක්ෂයකට වඩා කොරෝනාවලින් මැරිලා නේද? එහෙම තියෙද්දීත් ඔහොම මිනිස්සු එක පොදියට රැස්වෙලා ඉන්න දෙනවද? ඇරත් මේ මිනිස්සු 'මාස්ක්' එකක්වත් දාලා නෙමේ නේද ඉන්නේ? ආදී ප්‍රශ්න රාශියක් කිහිපදෙනෙක්ම මගෙන් අහලා තිබුනා.
ඇත්ත, ඊයේ යුරෝපා කුසලාන අවසාන තරග නරබන්න 60,000ක් ලංඩනයේ වෙම්බ්ලි ක්‍රිඩාංගනයට (Wembley Stadium) රැස්වී සිටියා. එය වෙම්බ්ලි ක්‍රිඩාංගනයේ උපරිම ධාරිතාව නෙමේ. සමාන්‍යයෙන් වෙම්බ්ලි ක්‍රිඩාංගනයට 90,000කට වඩා දාන්න පුලුවන්. නමුත් යුරෝපා තරගාවලිය ආරම්හයේදී මෙතරම් ප්‍රෙක්ෂකයන් ප්‍රමාණයකට ක්‍රිඩාගාරයක් තුල තරගය නරබන්න අවස්ථාව ලබාදුන්නේ නෑ. මුල්වටයේ තරග නැරබීමට අවස්ථාව ලැබුනේ ප්‍රෙක්ෂකයන් 22,000කට පමණයි. එහෙත් අර්ධ අවසාන, අවසන් පූර්ව තරග නැරබුම සදහා ක්‍රමයෙන් වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයකට අවස්ථාව ලබාදුන්නා. ජර්මනිය සහ එංගලන්තය අතර අවසන් වටයේ තරගය නැරබීමට ප්‍රේක්ෂකයන් 45,000කට ඉඩ ප්‍රස්ථාව උදාවුනා.
ඒ කෙසේවෙතත්, තරග නැරබීමට ප්‍රවේශ පත්‍රයට අමතරව කෝවිඩ් එන්නත් සහ PCR නෙගටිව් වර්තාවකුත් ලබාගැනීමට ඉල්ලා තිබුනා. ඒ සදහා ඔවුන් පෞද්ගලිකව වියදම් දැරිය යුතුයි. ඒ අනුව බ්‍රිතාන්‍යය පවුම් 860 සිට 81 දක්වා විවිධ මිල ගණන්වලට විකිණීමට තිබූ ටිකට්පත් වලට අමතරව අවම වශයෙන් තවත් පවුම් 50ක්වත් PCR සදහා වියදම් කල යුතුයි. ඊට අමතරව මෙරට සෞඛ්‍යය සේවය හදුන්වාදී ඇති මෘදුකාංගයක (app එකක්) ලියාපදිංචි වීමටත් දන්වා තිබුනා. පසුගියදා ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලි සදහාත් භාවිතා කර තිබුනේ එම ක්‍රියා පිලිවෙතමයි. එවැනි වියදමක් සහ ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙතරම් ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමිණ සිටීමත් ඔවුන් ක්‍රිඩාවට දක්වන ඇල්ම කෙතරම්ද යන්න නිරූපනය කිරීමක්. ඒවගේම නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඇති අවශ්‍යතාවය පෙන්නුම් කිරීමක්.
මේ වගේ ආරක්ෂිත වැඩපිලිවෙලක් යටතේ රැස්වෙන ප්‍රේක්ෂකයන් පිරිසකට 'මාස්ක්' පැලැදීම අනිවාර්ය නැහැ. කොහොමත් ජුලි 19 පසු එංගලන්තයේ කෝවිඩ් නියාමනයන් ඉවත් කිරීමට අපේක්ෂා කරන නිසා 'මාස්ක්' හෙවත් මුඛ ආවරණ පැලදීම තවදුරටත් අනිවාර්ය නොවන අතර එය පුද්ගලයන්ගේ කැමැත්ත අනුව කල හැක්කක්.
තත්වය එසේවුවත්, බ්‍රිතාන්‍යය කෝවිඩ් වංසගතයෙන් සම්පූර්ණයෙන්ම ගැලවී නෑ. තවමත් දිනකට 30,000 ඉක්මවූ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් මෙරටින් වාර්තාවෙනවා. එහෙත් මරණ සංඛ්‍යාව අඩුයි, රෝහල් ගතවෙන සංඛ්‍යාවද අඩුයි. එයට හේතුව බ්‍රිතාන්‍යයේ දියත්වී ඇති එන්නත්කරණ වවැඩපිළිවෙලයි. දැනටමත් රටේ වැඩිහිටි ජනගහනයෙන් 85%කට ආසන්න ප්‍රමාණයකට අඩුම තරමින් කෝවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදී අවසන්. එය මිලියන 47කට ආසන්න මිනිස්සුන් ප්‍රමාණයක්, ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයක්. එන්නත් ලැබූ මෙම පිරිසට පවා කෝවිඩ් වැලදිය හැකිවූවත්, එය වඩා දරුනු ලෙස ඔවුන්ට බලපාන්නේ නැති බව තමයි මේ සම්බන්දයෙන් අදහස් දක්වනන්ගේ මතය.
ඒ අනුව ලෝකයෙන්ම කෝවිඩ් වසංගතය තුරන්ව යනතුරු යම් යම් අවස්ථානුකූල සකස්කරගැනීම් අනුව රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීම තමයි බ්‍රිතාන්‍යය රජයේ අරමුණවී ඇත්තේ. ඔවුන් විශ්වාස කරන්නේ එන්නත්කරණ වැඩ පිලිවෙල ඔවුන්ට ඒ සදහා පදනමක් සකස්කරදී ඇති බවයි. එය කෙතරම් නිවැරැදිද යන්න ගැන තවම කිසිවක් කිව නොහැකියි.
ඒ කොහොමවුනත්, ලෝකේ හැම රටක්ම උත්සාහ කරන්නේ නැවැත සිය රටවල් විවෘතකර ආර්ථිකයට පනපෙවීමටයි. බ්‍රිතාන්‍යයද මේම යුරෝපා පාපන්දු කුසලාන තරගාවලිය ඔස්සේත් බලාපොරොත්තුවූයේ ආර්ථිකය ප්‍රර්වර්ධනය කල හැකි එවැනි අවස්ථාවක් උදාකරගැනීමටයි. තරගාවලියේ ජය පරාජය කෙසේවෙතත්, එංගලන්ත කණ්ඩායම අවසානය තරගාවයට ප්‍රවිශ්ඨවීමත් සමග බ්‍රිතාන්‍ය ආර්ථිකයට පවුම් බිලියන 2.8 එකතුවූ බව සදහන් වෙනවා. ඒ වර්ධනය තරගාවලියේ අවසාන දිනය වූ ඊයේ (11/07/2021) වනවිට තවත් ප්‍රසාරණ වෙන්නට ඇති. එම මුදල ලංකාවේ මුදලින් කීයක්ද යන්න දැනගැනීමට අවශ්‍ය නම් පවුන් බිලියන 2.8 රුපියල් 286 වැඩිකර බලන්න.
මාකස් ප්‍රියන්ත පෙරේරා
12/07/21