මෙවර අයවැයෙන් මීගමුව කලපුව ඇතුළු රටේ තවත් කලපු 10යක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. ඊට අමතරව මීගමුව සහ මාරවිල මුහුදු වෙරළ සංචාරක පුරවරයන් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම සදහා තවත් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර, එනම් 24/10/17 දින, ශ්‍රී ලංකා රජයේ නිල වෙබ්අඩවිය දැක්වුයේ මීගමුව කලපුව සංවර්ධනය කිරීමට වරාය නගර (port city project) සංවර්ධන ව්‍යාපෘතිය විසින්ද රුපියල් මිලියන 50ක් වෙන්කර ඇතිබවය. එම නිවේදනයේ තවදුරටත් දැක්වුයේ මීගමුව කළපුව විශාල පාරිසරික දුෂණයකට ලක් වී තිබීම තුල පරිසරයටත්, ධීවර කර්මාන්තයටත් බලපෑ ඇතිබවය. එම නිවේදනය මෙසේය:
"මීගමුව කළපුව දැනට විශාල පාරිසරික දුෂණයකට ලක් වී තිබේ. එයට හේතු කිහිපයකි.
1. අවට කරවල වියලීමේ කර්මාන්තයේ දෙදෙන පිරිස් විසින් කරවලට යොදන ලුණු ටොන් සිය ගණනක් දිනපතා කළපුවට මුදා හරිති. එමගින් කළපුවේ ජලයේ සමබරතාව ගිලිහී යාම නිසා ජලජ ජීවින් හා පැළෑටි වර්ධනයට එය ඉමහත් බාධාවකි.
2. එමෙන්ම ඉවත ලද මත්ස්‍ය අපද්‍රව්‍ය කලපුවට බැහැර කිරීම හා මීගමුව කලපුව අවට මලාපවහනය කාණු 11ක් ඔස්සේ මීගමුව කළපුවට බැහැර කිරීම ද සිදුවේ.
3. ඒ හැර අත්හැර දමා තිබෙන බෝට්ටු විශාල ප්‍රමාණයක්ද කළපුව අවට දක්නට ලැබේ. මෙම කටයුතු තුළින් මීගමුව කළපුව විශාල පාරිසරික දුෂණයකට ලක්වීමත්, එමනිසා ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනයට එය මහත් බාධාවක්ව ඇති බවත් නිලධාරිහු පෙන්වා දුන්හ. මේ නිසා මීගමුව කළපුව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 50ක මුදලක් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා තිබේ."
වරාය නගර ව්‍යාපෘතියට මීගමුව අවට මුහුදෙන් වැලිගැනීම නිසා ධීවරයන්ගේ ජීවනෝපායන්ට හානි පැමිණෙන බැවින් මීගමුව සහ ඒ අවට ධීවරයෝ දැවැන්ත විරෝධතාවයක නිරතවිය. ඒ සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතාවය අවසානයේ වරාය නගර ව්‍යාපෘතිය ඉවත්කිරීම කෙසේවෙතත් මීගමුව කලපුවේ අපද්‍රව්‍ය ඉවත්කිරීමේ එකගතාවයකින් විරෝධතා කෙලවරවී ඇති බවක් පෙනේ. යහපාලන රජය සමයේ දියත්වෙන බොහෝ විරෝධතාවයන් අවසානවී ඇත්තේ අදාල ව්‍යාපෘතිය නවතා දමනු වෙනුවට ව්‍යාපෘතිය රැකෙන නමුත් විරෝධතාවයන් එකගතාවකින් කෙලවරවීමෙනි. ඒගැන මම මීට පෙර ලියා ඇත (සාමාන්‍යකරණ කල සමාජයක ආන්තික සටන් හෙවත් මීගමු ධීවරයන්ගේ වරාය නගරයට එරෙහි සටන). සයිටම් සටන සම්බන්දයෙන්ද එවැනි ලක්ෂණ දැකිය හැකිවුවද ඒගැන කීමට තවම කල්වැඩිය. එහෙත් මීගමුවෙන් නැගුන වරාය නගර විරෝධයේ නම් තත්වය එසේ බවකීමට ඇති ඉඩ වැඩිය.
එක් අතකින් කටුනායකදී රොෂාන් චානක සහ හලාවතදී ඇන්ටනී ප්‍රනාන්දු යන පුද්ගලයන්ට පසුගිය 'රාජපක්ෂ අය්යලා-මල්ලිලාගේ රජය' විසින් එල්ල කල වෙඩිපහරින් සහ මේලේච්ච මර්ධනයෙන් අත්කරදුන් "සමාදානයේ සැතපීම" (එම දෙදෙනාම කිතුනුවන් බැවින් මම ඒ පදය යොදමි) වෙනුවට මීගමුව ධීවරයන්ගේ විරෝධය මෙවැනි එකගතාවයකින් හෝ අවසන්වීම යම් ප්‍රමාණයක සැනසීමකි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ රජය සමයේදී, එනම් 2014 අයවැයෙන්, මීගමුව කලපුව සංවර්ධනය කිරීමට ලබාදුන් මිලියන 1500යක මුදල මීගමුව හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය ධීවර ඇමතිවරයෙකු වූ, සරත් ගුණරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයටත්, සිය අවශ්‍යතාවයන්වලටත් වියදම් නොකර මීගමුව කලපුව සංවර්ධනය කිරීමට යෙදවුයේ නම් අද මීගමුව ධීවරයන්ට වරාය නගර ව්‍යාපෘතියෙන් මුදල් ලබාගෙන මීගමුව කලපුව සංවර්ධනය කිරීමට අළුත් උවමනාවක් කිසිසේත්ම අවශ්‍ය නොවනු ඇත (සරත් ගුණරත්න මහතා සහ මීගමුව කලපුව සංවර්ධනය කිරීමට දුන් මුදල්වලට සිදුවූ දේ ගැන මෙතනින් කියවිය හැක).
කෙසේවුවද. මීගමුව කලපුව මෙන්ම මීගමුව වෙරළ තීරයද පැහැදිවම සංවර්ධනය කල යුතුය. මීගමුව ලංකාවේ 04වෙනි ප්‍රධානම නගරයවුවද, ලංකාවේ වඩාත් ප්‍රකටම සංචාරක පුරයන්ගෙන් එකක්වුවද මීගමුව කලපුව හෝ මීගමුව වෙරළ තීරය ඊට කිසිසේත්ම ඔබින ලෙස සංවර්ධනය වී නොමැත. එක් අතකින් මීගමුව කලපුව යනු 'මීගමුවේ ජීවනාලිය'ය (Negombo's life). ඒ මන්දැයි ('ඊලග මහා ගංවතුරෙනුත් මීගමුව බේරේයිද?' ) යන ලිපිය කියවා බලන්න.
අනෙක් අතින්, මීගමුවේ වෙරළ යනු 'මීගමුවේ ආඩම්බරය'ය (Negombo's pride) - ඒගැන අමුතුවෙන් දැන ගැනීමට අවශ්‍ය නම් ('අනූවිය සපුරන එලිසබෙත් රැජිනගේ මීගමූ සංචාරය සහ මීගමු වෙරළ පිළිබද ගැටළුව') යන ලිපිය ඔස්සේ කියවිය හැක.
රාජ-රාජ මහා මන්ත්‍රීන්, දෙස් විදෙස් සුපතල ප්‍රභූන්, ජනකාන්ත නළු-නිලියන්, ලොව සුපතල ගායක-ගායිකාවන්, සංගීතඥයින් සහ මහා ප්‍රාඥයින්ගේ සංචාරක සටහන් අතර ලියවුණු මීගමුව වෙරළ අද නිමල් ලාන්සා ඇතුළු මීගමුවේ දේශපාලකයින්ගේ අනුහසින් කරවල මුදලාලිලා කිහිපදෙනෙකු බදුගෙන, මුළුමහත් වෙරළ තීරයම විනාශකර ඇත. එහෙත් එය කලකට පෙර දෙස්විදෙස් සංචාරක සගරාවල පිටුගණන් ඡයාරූප, සංචාරක සටහන්වල සහ සංචාරක ප්‍රවර්ධන දැන්වීම්වල පළවූ වෙරළ තීරයකි.
පසුගිය නොවැම්බර් පළමුවෙනිදා (01/11/17) Island පුවත්පතේ පළවූ ලිපියකින් කියවුනේ ලෝකප්‍රකට විද්‍යාඥානයෙක්වන, නොබෙල් ත්‍යාගලාභී, ඇල්බර්ට් අයින්ස්ටයින් (Albert Einstein) මහා විද්වතාණන් සහ එම මැතිනියද යටකී මීගමුව වෙරළේ සුන්දරත්වය විදීමට 1923 ජනවාරි 19 දා මීගමුවට පැමිණ ඇති බවය.
ජපානයේ පැවති විද්වත් සමුළුවකට නැවෙන් ගමන් කල ඔහු ජපානය බලායන අතරතුර කොළඹටත්, පසුව සමුළුව අවසාන වී නැවෙන් ආපසු යමින් සිටියදී නැවත කොළඹට පැමිණ ඇති අතර එතැන් සිට මීගමුවට දුම්රියෙන් ගොස් තිබේ. ඒ 1909 දී මීගමුව දුම්රිය මාර්ගය ඉදිකර වසර 14කට පසුවය. (ඒ ගැන මීගමුවට ප්‍රථමවරට දුම්රිය පැමිණි දා) යන ලිපිය ඔස්සේ කියවිය හැක. මීගමුව දුම්රිය ස්ථානයට පැමිණි මෙම දෙපල එතැන් සිට රික්ෂෝ රථයකින් මීගමුව නගරයේ සිරි නරබා ඇත. ඒම යුගයේ මීගමුව නගරයේ රික්ෂෝ රථ ධාවනය සිදුවී ඇති අතර. රික්ෂෝකරුවන්ගේ සහ මීගමුවේ කරත්ත කරුවන්ගේ වැඩවර්ජනයක් ගැනද, පැරණි ලංකා සම සමාජ පක්ෂය ඔවුන් සමග සමීපව කටයුතු කල අයුරැ ගැනද තොරතුරු තිබේ.
කෙසේවුවද, අයින්ස්ටයින් මහතාව හෝ එම මැතිනියව මීගමුවේදී හෝ ඔහු කොළඹ නගරයේ සැරිසරනවිටදී හෝ අදුනාගත් බවක් නොපෙනේ. ඒ වෙනුවට මීගමුවේදී රික්ෂෝ රථයෙන් ගමන් කරන මේ අමුත්තන් කවුදැයි විමතියෙන් විමසන අයුරු ගැන ඔහු සිය දින සටහනේ සටහන් කර ඇත. මීගමුව මහවීදියේ රික්ෂෝ රථයෙන් ගමන් කරමින් සිටින විට ගෙවල් අතරින් උසට වැවුන පොල් ගස් තිබු බව සදහන් කරයි. අද මෙන් විශාල ගොඩනැගීලි ප්‍රමාණයක් නොතිබි එකල ගොඩනැඟිලි අතරින් පතර පොල් ගස් විශාල ප්‍රමාණයක් තිබීම මවනුයේ අලංකාර චිත්‍රයකි.
අනතුරුව, මීගමුව වෙරල දෙසට පිවිසි ඇති රික්ෂෝකරුවන් අයින්ස්ටයින්ව මීගමුව වෙරළට ගෙනගොස් තිබේ. මෙම වෙරළ තීරය වෙන කිසි පෙදෙසක් නොව අද කරෝල මුදලාලීලා විනාශ කර ඇති මීගමුව කොටුව පිටිය අසල ඇති මීගමුව නව තානායම පිහිටි වෙරළ තීරයය. එහිදී ඔහු මීගමුව ධීවරයන් අතර එකල ජනප්‍රියවූ අඩනිරුවත් කැහැපොට සරම ගැන සටහන් කර ඇත්තේ නිරුවත්ව සිටීමක් ලෙසය. එහෙත් ධීවර දරුවන් නම් නිරුවතින් සිටී බව පැහැදිලිය. රුවල් ඔරු ගමන්කරන වේගය ගැනද. මාළු බේරන ධීවර කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් ගැනද අයින්ස්ටයින් සටහන් අතර වේ. එමෙන්ම වෙරළ අද්දර කලපුවේ සිට පැමිණෙමින් සිටි විශාල කිබුලෙකුට ධීවරයන්ගේ දරුවන් විසින් ගල්ගසා එලවා දැමු බවද දක්වා තිබේ. කලකට පෙර මීගමුව කලපුවේ සිටි කරදිය කිබුලන් දඩයම් කිරීම ගැන මා සතුව ඇති විස්තර මම පසුව සටහන් කරමි. අනතුරුව මීගමුව නව තානායමට ගොස් දිවා ආහාරය ගත් අයින්ස්ටයින් යුවල පසුව නැවතත් මීගමුවේ සිට කොළඹට යෑම සදහා මීගමුව දුම්රිය ස්ථානයට පැමිණ තිබේ. එහිදී ඔහුට මුණගැසුණු ලංදේසි සහ සිංහල මිශ්‍ර සුන්දර යුවතියක් ගැන සිය දින පොතේ සටහන් කරන අයින්ස්ටයින් දක්වනුයේ ඒ ඔහු දුටු සුන්දරම කාන්තාව ඇය බවය. තමන් සමග දවස ගෙවූ රික්ෂෝකරුවන්ට රුපියල් 05ක් දුන් බවද, මීගමුවෙන් කෙසෙල් මිලදී ගත්බවද සදහන්ය.
මේ කරුණු The Island (01/11/17) පුවත්පතට එම ලිපිය සම්පාදනය කල ප්‍රකට ලාංකික විද්‍යාඥානයෙක්වන Kirthi Tennakone මහතාගේ සටහන්වල තිබුනේ පහත සදහන් ආකාරයටය:
"Einstein and Elsa got into a tramcar, proceeded to the Fort Railway station and took a train to Negombo. Stepping down from the train at Negombo, the couple hired two rickshaws, one of the drivers probably knew some German as he had worked as a mahout in Hagenbeck’s circus in Hamburg. Hagenbeck was a German zoo-keeper who lived in Sri Lanka for a long time. Einstein says, along the Negombo Main Street houses stood separated amidst coconut palms. When they were strolling, passersby inquisitively looked at them, a gesture not different, if a Sinhalese couple were to walk in the streets of Berlin. The rickshaw men took, Einstein and Elsa to the Negombo Fishing Port. Here Einstein had been curious to observe the speed with which trawlers sail, despite crudeness and saw how a flock of greedy crows following a boat approaching the shore. They have also seen a gigantic crocodile in a marshland, near a stream. Einstein says it spanned about 30-feet, when villagers threw stones, the animal quietly retracted to the stream. After lunch at the Negombo Guest House, Einstein and Elsa were driven to the Negombo Railway Station. Einstein gave five rupees each to the rickshaw men and they were so delighted the fellow who was in Hamburg, returned to the station in a while and presented a gift of bananas to Einstein. While waiting on the platform, Einstein says he met a young Sinhalese lady with her sister and mother and learnt that her grandfather was Dutch. Einstein says they were village aristocrats, and that she was one of prettiest women he had ever seen.''
මේ සම්බන්දයෙන් තවත් විස්තරයක් මම Josef Eisinger (2011) ලියූ Einstein on the Road කෘතියේ කියවීය. එය පහතින් දැක්වේ:
ඇල්බට් අයින්ස්ටයින්ගේ පමණක් නොව මීගමු ගැන ලියවී ඇති පැරණි විස්තර කියවීමේ දී පෙනීයන කරුණක්වනුවේ මීගමුව යනු කෙතරම් වාසනාවන්ත නගරයක්ද, එයට කෙතරම් නම් හොදින් විරාජමානව නැගී සිටිය හැකිව තිබු නගරයක්ද? යන්නය. එහෙත් නිදහසින් පසු ගෙවීගිය 70 වසරක කාලය තුල එයට අත්වූ ඉරණම කියාපානුයේ රටටම අත්වූ ඉරණමේ එකම ආනිසංසය නොවේද? අපි අපේ නගරය හදා රටට හදමුද?
මාකස් ප්‍රියන්ත පෙරේරා
12/11/2017.