පිදෙල් කැස්ත්‍රෝගේ මරණයෙන් පසු ඔහු ගැන බොහෝදේ සිංහල පාඨකයාට කියවීමට ලැබී ඇත. ඔහු පෙරමුණ ගත් කියුබානූ විප්ලවය පිලිබදවත්, ඔහුගේ අධිරාජ්‍ය විරෝධී දේශපාලන ක්‍රියාකාරීත්වය පිලිබදවත්, ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔහුට සහ කියුබාවට එල්ලවූ මාරාන්තික තර්ජන පිලිබදවත්, ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනය ගැනත්, තවත් බොහෝදේ ගැනත් ඒ අතර වේ. එහෙත් පිදෙල් කැස්ත්‍රෝ සහ ආගම අතර තිබු සම්බන්දය කොයි ආකාරාවීදැයි විමසා බැලීමක් එම ලිපි ඔස්සේ සිදුකර නොතිබුණි. සිංහල පාඨකයන් අතරින් විශාල පිරිසක් ආගම් සහ ආගමික ඇදහීම පිලිබදව උනන්දුවක් දක්වන්නන් වන නමුත් පිදෙල් කැස්ත්‍රෝ පිලිබදව ලිවීමේදී ඒ සම්බන්ධයෙන් අවදානයක් යොමුකර නොතිබුනේ ඇයි යන්න පුදුමයට කරුණකි. එය ඇතැම් විට 'කොමිනියුස්ට්කාරයන්ට ආගමක් නැතැයි' යන ප්‍රකට උපකල්පනය කැස්ත්‍රෝටද ආදේශ කිරීම නිසාද? නැතහොත් කැස්ත්‍රෝගේ ජීවන චරිතයට ආගම සම්බන්ද කිරීම නොසලකා බැලිය යුතු දෙයක් ලෙස සැලකු නිසාද? නැතිනම් ඒ පිලිබදව කිසිවක් නොදැන සිටීම නිසාද? යැයි මම නොදනිමි. එහෙත් මගේ කියවීමට අනුව නම් පිදෙල් කැස්ත්‍රෝ යනු සිය ජීවිතකාලය පුරාම ආගම සමග පොර බැදූවෙක් වන බවයි.
විශේෂයෙන්ම ආගම ඇදහූ, එහි වත්පිළිවෙත් අනුව ජීවත්වූ, සිය දරුවන්ට දැඩි ආගමික පසුබිමක් යටතේ හික්මීම සහ අධ්‍යාපනය ලබා දියයුතු යැයි විශ්වාස කල පවුලකින් පැවැත එන්නෙක් ලෙසද, සිය ජීවිතයේ සැදෑ සමයේ නැවත (යම් තාක්දුරකට) එවැනිම පවුලක ජීවත්වූ කෙනෙකු ලෙසද පිදෙල් කැස්ත්‍රෝට සිය ජීවිතයේ පරිච්චේද දෙකකදී ආගම සමග පැහැදිලිවම කටයුතු කිරීමට සිදුව තිබුණි.

විශේෂයෙන්, Louis Althusser ගේ For Marx (1965) කෘතීයේ ව්‍යුහගත ආකෘතිය යොදාගනිමින් Althusser විසින් කාල් මාක්ස් ගේ බුද්ධිමය ජීවිතය ව්‍යුහාත්මකව අධ්‍යනය කළ ලෙස පිදෙල් කැස්ත්‍රෝගේ දේශපාලන ජීවිතයද එවැනි විශ්ලේෂනාත්මක අධ්‍යනයක් ඔස්සේ විමසා බැලුවහොත් පිදෙල් කැස්ත්‍රෝ සහ ආගම අතර තිබු සම්බන්දය වඩා ගැබුරින් හෙළිදරව් වනූ ඇත. කෙසේවුවද කැස්ත්‍රෝ සහ ආගම අතර පැවති සම්බන්ධය කවරාකාර වීදැයි ඔහුගේ ජීවිතය පරිච්චේද 03ක් ඔස්සේ සලකා බැලිමෙන් යම් අවබෝධයක් ලැබිය හැකි බව පෙනේ. ඒ අනුව
1. හැදෙන වයසේ කැස්ත්‍රෝ කෙනෙකු
2. විප්ලවවාදී තරුණ කැස්ත්‍රෝ කෙනෙකු සහ
3. මහළු වයසේ කැස්ත්‍රෝ කෙනෙකු
ඔහුගේ දේශපාලන ජීවිතය තුල හදුනාගත හැකිවේ. හැදෙන වයසේ කැස්ත්‍රෝ සහ මහළු වයසේ කැස්ත්‍රෝ පැහැදිලිවම ආගම සමග සම්බන්ධයක් ඇති, ආගමික ඉගැන්වීම් සිය ජීවිතය සමග සම්බන්ද කරගැනීමට හෝ නැවත නිර්වචනය කරගැනීමට උත්සහ දැරුවෙක් වේ. එහෙත් විප්ලවවාදී තරුණ කැස්ත්‍රෝ ආගම ප්‍රතික්ෂේප කරන, පල්ලියට එරෙහි, පල්ලි සහ එහි ආයතන ව්‍යුහය අභියෝගයට සහ විනාශයට ලක්කරන තැනැත්තෙකි.

පිදෙල් කැස්ත්‍රෝ උපත ලබන කියුබාවේ ජනග්‍රහණයෙන් 60% කතෝලිකයන්වූ අතර වෙනත් ක්‍රිස්තියානි කණඩායම් ඇතුළුව එරට ජනග්‍රගනයෙන් දළ වශයෙන් 75%ක් පමණ පිරිසක් ක්‍රිස්තියානි ආගම ඇදහු රටක්විය. කැස්ත්‍රෝද නිල වශයෙන් භෞතීස්ම වූ තැනැත්තෙක් වේ. ඔහු සිය ප්‍රාථමීක, ද්වීතීය පමණක් නොව විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබා ඇත්තේ ජේසු නිකාය (Society of Jesus/Jesuits) නම් රැඩිකල් නමුත් දැඩි කතෝලික ආයතනවලිනි. ඇත්ත වශයෙන්ම කැස්ත්‍රෝ මාක්ස්, ලෙනින් , එංගල්ස් ආදීන්ගේ අදහස්වලට යොමුවීමට පෙර ඔහු සිය සිත යොමුකර තිබුනේ ජේසුස් ක්‍රිස්තුස්, ඉගනේෂශ් ලොයලා (Ignatius of Loyola) සහ ෆ්‍රැන්සිස් සේර්විස්(Francis Xavier) ආදීන්ගේ ඉගැන්වීම් වෙතය. එහෙත් ඒ සියල්ල තුල ප්‍රධාන වශයෙන් අවධානයට යොමුකළ දෙයක්විය. ඒ දිළිකම/දිළින්දන්(poverty) සහ පීඩිතයන් (oppressed peoples) ආදිය. ජේසු නිකාය (Jesuits) දිළිකම සහ දයාවේ සේවය වෙනුවෙන් කැපවීම තුල විමුක්තිය සේවුවන් වේ. විශේෂයෙන් ජේසු නිකායට සම්බන්ද බොහෝ පුජකයන් ඒ කාලය වනවිටත් දකුණු ඇමරිකාව තුල හිස ඔසවමින් තිබු විමුක්ති දේව ධර්මය (Liberation Theology) පිළිබද මුල් කාලීන කතිකාවන්වල යම් ආභාෂයක් ලැබුවන්විය. ඔවුන් ඒ ඔස්සේ කතෝලික ආගමික ඉගැන්වීම ඉතාමත් රැඩිකල් ආකාරයකට පරිවර්තනය කර තිබුනි. පිදෙල් කැස්ත්‍රෝ මේ සියල්ලේම අභාෂය ලැබුවෙක් බව ඔහුගේ චරිතා ප්‍රධාන කිහිපයකම දැක්වේ. ඇත්ත වශයෙන්ම පිදෙල් කැස්ත්‍රෝගේ ප්‍රථම දේශපාලන පක්ෂය වන්නේද 'කියුබානු ඔර්ත්ඩොක්ස්' (Partido Ortodoxo) පක්ෂය නම් ජාතිකවාදී, වාමවාදී, ක්‍රිස්තියානි සහ ස්පාඤ්ඤ සංස්කෘතික අනන්‍යතාවය සහිත පක්ෂයකි. එහෙත් 1949 වන විට කැස්ත්‍රෝ 'කියුබානු ඔර්ත්ඩොක්ස්' පක්ෂයේ වාමගාමීන්ගේ කොටසට තල්ලුවී තිබිණි. මාක්ස්-ලෙනින්වාදී ලිපිලේඛන සහ වෙනත් කොමිනියුස්ට්වාදී ක්‍රියාකාරීන් සමග අදහස් හුවමාරුව ඔස්සේ කැස්ත්‍රෝ මාක්ස්වාදීයෙකු බවට ක්‍රමයෙන් පත්ව, 'කියුබානු ඔර්ත්ඩොක්ස්' පක්ෂය විතැන්කරමින් මොන්කාඩා (Moncada Barracks attack) ප්‍රහාරයට නායකත්වය දෙන 'The Movement' සංවිධානය බිහිකිරීමත් එක්තරා ආකාරයකින් කැස්ත්‍රෝගේ ජීවිතයේ එක් කාල පරිච්චේදයක් අවසන් කල ( Louis Althusser ගේ For Marx හී මාක්ස් සම්බන්දයෙන් භාවිතා කරන ආකාරයේ) epistemological break ලෙස දැක්විය හැකි ( හෝ නොහැකි) තත්වයක් ලෙස සැලකීමට පුළුවන.
එය පල්ලිය,ජේසු නිකාය, ජේසුස් ක්‍රිස්තුස්, ඉගනේෂශ් ලොයලා, ෆ්‍රැන්සිස් සේර්විස් ආදීය අරක්ගත් (හැදෙන වයසේ) කැස්ත්‍රෝගේ ජීවිතයේ එක් යුගයක් අවසන් කළේය.
අනතුරව එළබි කැස්ත්‍රෝගේ විප්ලවවාදී ජීවිතයේදී ඔහු ආගම ප්‍රතික්ෂේප කළේය. 2007 New York Times (11 March) ලිපියකට අනුව මොන්කාඩා ප්‍රහාරයෙන් අනතුරුව සිරගතව සිටි කැස්ත්‍රෝ සමග ජේසු නිකායික පුජකයන් සම්බන්දතා පවත්වා තිබුනි. නමුත් කැස්ත්‍රෝ මෙක්සිකෝවේ සිට සිය ගරිල්ලා හමුදාව ගොඩනගමින් සිටි අවධියේ සිට ජේසු නිකාය සහ කතෝලික පල්ලිය සමග ඔහුට තිබු සම්බන්දය අවසන්වී තිබේ. එයට හේතුව වී ඇත්තේ කතෝලික පල්ලිය සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කල නිසා බව දැක්වේ. පල්ලිය කැස්ත්‍රෝගේ සන්නද්ධ අරගලයට මෙන්ම කියුබානු විප්ලවීය ලේ සෙලවීම්ද ප්‍රතික්ෂේප කළේය. එහෙත් කැස්ත්‍රෝගේ ප්‍රතිචාරය වුයේ කතෝලික පල්ලිය ස්පාඤ්ඤයේ සහ වතිකානුවේ අවශ්‍යතා මිස කියූබාවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටින බවයි. කියුබානු විප්ලයෙන් පසු බොහෝමයක් පල්ලි සහ ඔවුන්ගේ ආයතන වසාදමන ලදී. නත්තල් උත්සවය ඇතුළු සියළු ආගමික නිවාඩු අවලංගු කළේය. රාජ්‍ය ඒහික (atheist) රාජ්‍යයක් බව ව්‍යවස්ථාගත කළේය. එහෙත් සීමිත මට්ටමින් හෝ පල්ලිය ක්‍රියත්මක විය. ඔවුන්ගේ හඩ නැවත ඇසෙන්නට වුයේ ඇමෙරිකානු සම්බාධක වඩාත් දුෂ්කරවූ සෝවියට් දේශය බිදවැමෙන් පසු යුගයේය. එනම් 1991 දී කියුබානු රදගුරු සමුළුව විසින් ඇමෙරිකානු සම්බාධක ඉවත්කරන මෙන් කල ඉල්ලීමත් සමගය. එම ඉල්ලීම ඇමෙරිකානු රදගුරු සමුළුවද සහ වතිකානුවද නැවත බලගැන්වීය.
සෝවියට් දේශය බිදවැටීමත් සමග බිදවැටෙන මාක්ස්, ලෙනින් , එංගල්ස් ආදීන්ගේ වියමන් තුල වියපත්වන පිදෙල් කැස්ත්‍රෝට නැවත දෘශ්‍යමාන වන්නේ සිය ජීවිතයේ මුල් කාලයේ යුක්තිය, සමාජ සදාරණත්වය, දිළිදුකම, පීඩිතයන්, ආදිය තමාට මුලින්ම හදුවන්වාදුන් ජේසුස් ක්‍රිස්තුස්, ඉගනේෂශ් ලොයලා (Ignatius of Loyola), ෆ්‍රැන්සිස් සේර්විස් (Francis Xavier), ජේසු නිකාය (Jesuits) සහ පල්ලිය ආදියය. වියපත්ව මහළු වයසට ක්‍රමයෙන් පත්වෙමින් සිටි පිදෙල් කැස්ත්‍රෝ 1992 දී ආගම ඇදහීම පිලිබදව කියුබානු ව්‍යවස්ථාව පනවා තිබු නීති ලිහිකර රාජ්‍ය ඒහික (atheist) රාජ්‍යය යන්නේ සිට කියුබාව ලෞකික (secular state) රාජ්‍යක් යන්න දක්වා වෙනස් කරන ලදි. තවද 1996 දී පිදෙල් කැස්ත්‍රෝ වතිකානුවේ නිල සංචාරයක නිරතවී දෙවන ජුවන් පාවුළු (Pope John Paul II) පාප්වරයාට කියුබාවේ සංචාරයක් සදහා ආරාධනා කරන ලදී. 1998 ජනවාරියේදී කියුබාවට ප්‍රථමවරට පාප්වරයෙක් සම්ප්‍රාප්ත විය. ඒ දෙවන ජුවන් පාවුළු පාප්වරයාය. එම ගමනින් පසු නත්තල් උත්සවය ඇතුළු සියළු ආගමික නිවාඩු සදහාවූ තහංචි ඉවත්කරන ලදී. 1998 නත්තල් සමරුව නිලවශයෙන් පවත්වන ලදී. කැස්ත්‍රෝට වැඩිම නත්තල් සුබපැතුම් පත් ප්‍රමාණයක් ලැබුන නත්තල ඒය වී තිබුණි. එම නත්තලත් සමග සියළු ආගමික ආයතන නැවත කියුබාව තුල නිලවශයෙන් ක්‍රියාත්මක වන්නට විය. දෙවන ජුවන් පාවුළු පාප්වරයා හැර 2012 දී අටවන බෙනඩික් පාප්වරයාද, 2015 දී වර්තමාන ෆ්‍රැන්සිස් පාප්වරයාද කියුබාවට ගොස් තිබුණි. මෙම පාප්වරු තිදෙනාම පිදෙල් කැස්ත්‍රෝව මුණගැසී සාකච්චා කර තිබේ. ඒ අතර කැස්ත්‍රෝගේ පල්ලිය, ආගම සහ විශ්වාසය පිලිබදවවූ අදහස් ගැනද අවධානය යොමුකර තිබුණි. 1952දී සිය සොහොයුරියකගේ විවාහ මගුල් උත්සවයෙන් පසුව කැස්ත්‍රෝ 2005 දී නැවත හවානා බැසිලිකාවට ගියේය. ඒ දෙවන ජුවන් පාවුළු පාප්වරයාගේ මරණය අනුස්මරණය කිරීමේ වැඩසටහනකට සහබාගීවීම සදහාය.
පිදෙල් කැස්ත්‍රෝ සිය අවසාන භාගය තුල මතුකර පෙන්වූ වැදගත්ම ලක්ෂණය වුයේ මිනිසෙකුට ආගමෙන් ගැලවීම කෙතරම් අපහසුද යන්නය. එහෙත් කැස්ත්‍රෝ වූකලී ආගමික හර පද්ධතින් ඔස්සේ උකහාහත් යුක්තිය, සමාජ සදාරණත්වය, දිළිදුකමට එරෙහිවීම සහ පීඩිතයන් වෙනුවෙන් කැපවීම ආදිය වෙනත් ආකාරයකින් ක්‍රියාවට නංවන්නට කටයුතු කල තැනැත්තෙකුයැයි කීවහොත් එය වඩා නිවැරදිය.
මා මෙයට පෙර මැඩෝනා ගැන ලියු මැඩෝනා: යථාර්තය සහ ප්‍රතිරූපය අතර ස්ත්‍රීත්වය (එය මෙතනින් කියවිය හැක) යන ලිපියේ සදහන් කල ලෙසම මැඩෝනා මෙන්ම කැස්ත්‍රෝද ආගමට හැරීම, සමාජයේ සියල්ල මායාවන් බව අවබෝධකරගෙන ආගම සහ දෙවියන් පමණක් යථාර්තයක් ලෙස පිළිගැනීමේ තත්වයක් හෙවත් සමාජය නිට්ෂෙගේ (Nietzsche) ‘දෙවියන් මියගොස් තිබේය’ (God is dead) යන්නේ සිට දෙවියන් මියගොස් නැත (God is not dead) යන්න දක්වා පැමිණීමක් හෙවත් ‘පශ්චාත්-නුතනත්වයේ’ (Postmodernity) සිට යථාර්තය (Reality) දක්වා පැමිණීමක් යැයි Jock McGregor (1997) දක්වා තිබු අදහස නැවත නැවතත් මතු කිරීමක් නොවේද ?
මාකස් ප්‍රියන්ත පෙරේරා
02/12/2016.

සමාජවාදය / ෆැසිස්ට්වාදය ගොඩනැඟී ඇත්තේ කතෝලික චින්තනය මත.
ReplyDeleteලිබරල් ධනවාදය ගොඩනැඟී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි ග්‍රීක් චින්තනය මත.
This comment has been removed by the author.
ReplyDeleteජගත්, ඔයාගේ අදහස් සම්පුර්ණයෙන්ම නලීන් ද සිල්වා මහතාගේ අදහස්වල උපුටාගැනීමක්, නැවත පළකිරීමක්. එහෙත් ඔබ ඒ අදහස් පිලිබදව ස්වාධීනවන පරීක්ෂණයක් කරලා තියෙනවාද ? මගේ අවබෝදයට අනුව සමාජවාදය / ෆැසිස්ට්වාදය ගොඩනැඟී ඇත්තේ කතෝලික චින්තනය මතයි, ලිබරල් ධනවාදය ගොඩනැඟී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි ග්‍රීක් චින්තනය මතකියන එක වගේම . "ලිබරල් ධනවාදය ගොඩනැඟී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි ග්‍රීක් චින්තනය මත යැයි කියන ඒක තවත් එක මතයක් විතරයි." ඒ මතය ඇත්ත කියන්න වගේම , නැහැ ඒක බොරු කියන්නත් ඕනෑ තරම් සාක්ෂි, කරුණු තියෙනවා. හැබැයි ඔබට වගේම නලීන් ද සිල්වාටවත් දාර්ශිකවත්, විශ්ලේෂ්ණාත්මකවත් ඔප්පුකර පෙන්වීමට තරම් අධ්‍යනයක් නැහැ.
ReplyDelete