This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 16 December 2015

ඉපැරණි සෝවියට් නිර්මාණ සිහිකැදවන අප්‍රිකානු පුනරුදයේ ස්මාරක

උතුරු කොරියාවේ Mansudae කලා ආයතනය බටහිර අප්‍රිකාවේ සෙනෙගාල් රාජ්‍යයේ ඩකාර් (Dakar) අගනුවර සෑදු මීටර් 49 උස 'අප්‍රිකානු පුනරුදයේ ස්මාරකය' (The African Renaissance Monument) මෑත යුගයේ නිර්මාණය කල දැවැන්තම තඹ ස්මාරකවලින් එකකි. 

ඒ සදහා  බ්‍රිතාන්‍ය පවුම් මිලියන 17ක් වැයවූ බව ගනන් බලා ඇත. 2006 වසරේ දී ඉදිකිරීම ආරම්භකල මෙම නිර්මාණය සෙනෙගාලය ප්‍රංශ යටත්විජිත පාලනයෙන් නිදහස්වී වසර 50 යෙදුන 2010 අප්‍රියල් 04 දින අප්‍රිකානු රාජ්‍ය නායකයින් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත කර ඇත. 
අප්‍රිකාව වහල්භාවයෙන් සහ අන්ධකාරයේ බැමිවලින් මීදී නිදහස් ජාතීයක් ලෙස පෙරට යෑම මෙම නිර්මාණයට තේමාව වී තිබේ. භූමියේ උස අනුව සැලකුවිට 'අප්‍රිකානු පුනරුදයේ ස්මාරකය' මීටර් 100ක් උස ඇමරිකානු නිදහස් ප්‍රතිමාවට වඩා උසය.
පැරණි සෝවියට් දේශයේ කොමියුනිස්ට් නායකයන් සිහිවීමට තනා ඇති දැවැන්ත තඹ ස්මාරකවලින් පසුව ලෝකයේ වැඩිම දැවැන්ත තඹ ස්මාරකන් ප්‍රමාණයක් ගොඩනගා ඇති රට උතුරු කොරියාවය. එයිනුත් බොහොමයක්ම නිර්මාණ තනා ඇත්තේ උතුරු කොරියාවේ Mansudae කලා ආයතනය විසිනි. 

ඔවුන්ගේ ජාත්‍යන්තර ඒකකය වන Mansudae Overseas Projects ආයතන මෙවැනිම තඹ ලෝහයෙන් නෙලා ඇති දැවැන්ත ස්මාරක දෙකක් අප්‍රිකාවේ දකුණු දිගින් පිහිටි බොස්ට්වානා රාජ්‍යයේ (The Three Dikgosi Monument of Botswana) සහ බටහිර අප්‍රිකාවේ බෙනී  රාජ්‍යයේ (A statue of Béhanzin in Benin) නිර්මාණය කර ඇත. 
මේ සෑම අප්‍රිකානු නිර්මානයකම පොදුවේ දැකිය හැකි ලක්ෂණයක් වනුයේ එම ස්මාරකයන් සියල්ලම පැරණි සමාජවාදී සෝවියට් රුසියාව නිර්මාණය කල මාක්ස්, ලෙනින්, එංගල්ස්, ස්ටැලින්, කෘශේෂෙෆ් මෙන්ම වෙනත් නිර්මාණ රාශියකත්, චීනයේ සහ උතුරු කොරියාවේ ඇති වෙනත් සමාජවාදී නායකයන්ගේ  සහ ස්මාරකවලටත් සමානකම් විදහාපෑමය. ඒ අනුව මෙම නව අප්‍රිකානු ස්මාරකයක්ද වාමාංශික ප්‍රචාරක කලාවේ තවත් කැපීපෙනෙන නිර්මාණයන් ලෙස හදුනාගත හැක. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
16/12/15. 

No comments:

Post a Comment