ජැකාගේ ක්‍රමය යනු එන උන් සියල්ලන්මට උපරිමයෙන් සලකන, වෙඩිමේ pre-shootවලට බාලි/ඩුබායි යවන, මේරියස් වැනි එල බෑන්ඩ් එකක් ගෙන්වා පැලෙන්ඩ සද්දේ දා, ''මාත් දැන් දෙකක් නමා ගන්න ඕනෑ'' කියා ජැකාද අඩියක් ගසා, මැද්දට පැන නටන full marvelous වෙඩින්ය.
මහරජාගේ වෙඩින් ඊට වෙනස්ය. ඔහු බෙලිඅත්ත කිට්ටුව, වැව්තාවුල්ලක් අසබඩ, හෙළ සිරිතට, මස් මාන්සයෙන් තොර, පොල් කට්ටක් පුරවා දෙන රණවරා මල් සංග්‍රහයකින් අනතුරුව, මොරිස් මයිනර් කාර් එක්ක ජෝඩුව යවා වැඩි උජාරුවකින් තොරව වැඩ අවසන් කරායැයි පෙනී යන ලෙස මගුල් කෑමය.
ඕනේ නම් මහරජාට ජැකාට වඩා උජාරුවට වෙඩිමක් ගත හැකි බවට සැකයක් නැත. මොනවයින් කියා අඩුවක්ද? එහෙත් ජැකාට මෙන් ''මාත් දැන් දෙකක් නමා ගන්න ඕනෑ'' කියා අඩියක් ගසා දෙනෝ දාහක් ඉස්සරහට පැන නටන්න මහරජාට බැරිය. ඔහුට maintain කිරීමට status තිබේ. එහින් දේශීය ක්‍රමයට, හෙළ සිරිතට, මස් මාන්සයෙන් තොර, පොල් කට්ටක් පුරවා දෙන රණවරා මල් පොදකින් ලෝකයට පේන්නට පුතාගේ වෙඩිම කල බව පෙන්වා ජාමේ බේරා ගත හැක. ඒ අතරම පින්ලන්තයේ සිට පැමිණෙන ලේලිගේ පාර්ශ්වයටද Sri Lankan traditional wedding කියා ecotourism පාරක් යන අතර අමුතුම ආතල් එකක්ද ඒ අයට දිය හැක.
ඒත් ''මම දාන්නේ ඉතාලියේ නිෂ්පාදිත Louis Vuitton's සපත්තු විතරමයි'' කියා පත්තරේට කියූ රාජපක්ෂ කොල්ලෝ අර වගේ රණවරා මල් වෙඩින් එකකින් විතරක් සෑහේද? අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට වෙනම fun එකක් ගන්න වෙනම Wedding Party එකක් සෙට් කරනු ඇත. ඒක ඔය ගිණිමාධ්‍යහනේ අව්කාස්ටකේ වේලි වේලි කරනා මගුලක් නොව Shangrila වැනි සීතල තැනක, ගානට ඇග රත්වෙන, සුන්දර ලෙස ඇග කිලිපොලා යන රස මියුලැසිය පිරි සුපිරි වෙඩිමක් වනු නොවනුමානය.
ඒකට ඔය වීරකැටිය වෙඩිමට ආරාධනාකල උන්ගෙන් කීයෙන් කී දෙනෙකුට කියනු ඇත්ද? රැස්වීම්වලට කන්ඩ බොන්ට දී එක්කන් ගියාට උන් කණ බොන තැන්වලට ඔය හැම එක්වම වද්දා ගනීද? මහ රජා සහ ජැකා ගන්නා ආතල්වල වෙනස එහෙමය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
25/01/2019.









