This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 1 March 2019

ශ්‍රී ලාංකීක විද්‍යාඥයින් දෙදෙනෙකුට කැපිල්ලක්?

මනුෂ්‍ය වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් විද්‍යාව, විද්‍යාත්මක ක්‍රමවේද සහ විද්‍යා දැනුමත්, එහි ස්වාධීනත්වයත්, වර්ධනය කොට ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට පිහිටුවා ඇති ආයතනයක් ලෙස හදුන්වන American Association for the Advancement of Science (AAAS) ආයතනය විසින් තෝරාගත් විද්‍යාඥයින් සදහා  වාර්ෂිකව පිරිනමන  සුප්‍රකට  ගෞරවණීය සම්මානය (prestigious award) සදහා නිර්දේශ වී සිටි ශ්‍රී ලාංකීක විද්‍යාඥයින්ගේ නම් නැවත සලකා බැලීමට එම ආයතනය තීරණය කර තිබේ. 

මෙසේ නම් කර සිටි ශ්‍රී ලාංකීක විද්‍යාඥයින් දෙදෙනාවුයේ කැලිෆෝනියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සේවය කරන ආචාර්ය සරත් ගුණතිලක සහ රජරට විශ්වවිද්‍යාලයේ සේවයකරන ආචාර්ය චන්න ජයසුමන යන දෙදෙනාය. ඔවුන් දෙදෙනාට මෙම සම්මානය පිරිනැමීමට තීරණය කර තිබුනේ ශ්‍රී ලංකාවේ බහුලව භාවිතාකරන වල් නාශයක් වන ග්ලයිපොසේට් (Glyphosate) සහ රජරට වකුගඩු රෝගය අතර ඇති සම්බන්දය සම්බන්දයෙන් ඔවුන් සිදුකර තිබු පරීක්ෂණ වෙනුවෙනි. 

පසුගිය පෙබරවාරි 15දා පැවැත්වීමට නියමිතව තිබු වාර්ෂික සම්මාන ප්‍රධාන උළෙලේදී 'විද්‍යාවේ නිදහස සහ වගකීම' (scientific freedom and responsibility)  වෙනුවෙන් හිමි සම්මානය හිමිවීමට තිබුනේ ආචාර්ය සරත් ගුණතිලක සහ ආචාර්ය චන්න ජයසුමන යන ලාංකික විද්‍යාඥයින් දෙදෙනාටය. එහෙත් පෙබරවාරි 06 දා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් AAAS ආයතනය දක්වා තිබුනේ  කලින් නිර්දේශ කල පරිදි ආචාර්ය සරත් ගුණතිලක සහ චන්න ජයසුමන යන ලාංකික විද්‍යාඥයින් දෙදෙනාට scientific freedom and responsibility  ක්ෂේත්‍රය යටතේ හිවීමට තිබු සම්මානය ප්‍රධානය නොකර බවත්  තවදුරටත් ඔවුන්ගේ අධ්‍යන ක්ෂේත්‍රයන් පිලිබදව අධ්‍යනය කිරීමට අවශ්‍ය බවත් දක්වන ලදී - “We are taking steps to reassess the 2019 Award for Scientific Freedom and Responsibility, after concerns were voiced by scientists and members. This award will not be presented as originally planned while we further evaluate the award selection.”

ප්‍රකට පාරිසරික පුවත් සේවයක් වන Mongabay පුවත් සේවය ඉහත තත්වය පිළිබවද  ආචාර්ය චන්න ජයසුමන්ගෙන් විමසා ඇති අතර ඔහු දක්වා ඇත්තේ කෘෂිරසායන ද්‍රව්‍ය නිපදවන සමාගම්වලින් එල්ලවී ඇති බලපෑම නිසා American Association for the Advancement of Science (AAAS) ආයතනය තමාට සහ ආචාර්ය සරත් ගුණතිලකට නිර්දේශවී තිබු සම්මානය හකුලා ගත් බවත්, සිය කෘෂිරසායන ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ ජනයාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපා ඇතයි යන්න හෙළිවීම වැලක්වීම කෘෂිරසායන ද්‍රව්‍ය  නිපදවන සමාගම්වල අරමුණ බවත් පේනවා දෙනලදී - “We understand the immense pressure exerted by affluent agrochemical companies to negatively influence the emerging scientific evidence linking one of Sri Lanka’s worst public health problems to the agrochemical industry.” 

කෙසේවුවද තවත් විද්‍යාඥයින් පිරිසක් දක්වා ඇත්තේ වල් නාශයක් ලෙස ලොව පුරාම භාවිතයට ගන්නා  ග්ලයිපොසේට් (Glyphosate) වල් නාශකය සම්බන්දයෙන් ලෝකයේ බොහෝ රටවල අවධානය යොමුවී තිබුනද ශ්‍රී ලංකාවේ තරම් ඛේදනීය තත්වයක් වාර්තා නොවේන බවය. එවැනි තත්වයක් තුල ආචාර්ය සරත් ගුණතිලක සහ චන්න ජයසුමන පෙන්වා දෙන ලංකාවේ  රජරට වකුගඩු රෝගය සහ ග්ලයිපොසේට් (Glyphosate) ඇති සම්බන්දය ගැන තවදුරටත් ක්‍රමවත් අධ්‍යනයක් සිදුකිරීම අවශ්‍ය යැයි  AAAS ආයතනය දක්වා තිබීම පිළිගත හැකි තත්වයක් බවය. 

තමන්ගේ අධ්‍යන හුදු සම්මාන වෙනුවෙන් සිදුකරන්නක් නොවන බව දක්වන ලාංකීය විද්‍යාඥයින් දෙපල සම්මාන ඔස්සේ විද්‍යාඥයින් හෝ ඔවුන්ගේ සොයාගැනීම් හෝ ඔවුන්ගේ සොයාගැනීම්වල විද්‍යාත්මක වැදගත්කම තක්සේරු නොකල හැකි බවත් දක්වයි - “Recognition for scientists is not always offered for proof of outcome and it often was about the process of highlighting issues of scientific validity.” 

එසේවුවද, මහපොලව, සතා සිව්පාවා සහ මිනිස්වර්ගයාම හෝ අනතුරේ හෙලා හෝ අධික ලාභයක් ලැබීමට කටයුතු කරන කෘෂි රසායන නිෂ්පාදන සමාගම් සහ ඔවුන්ගේ නිෂ්පාදන විසින් සිදුකර ඇති විනාශය ලොවට තව තවත් හෙළිකිරීමට ලංකාව ඇසුරෙන් මෙන්ම වෙනත් රටවල් ඇසුරෙන්ද පෙන්වාදීමට මෙම ලාංකීය විද්‍යාඥයින් දෙපලටද ලෝකයේ වෙනත් විද්‍යාඥයින්ටද හැකිවේවායි යන්න සියළු මානව වාදීන්ගේ පොදු හැගීමය.

(මෙම ලිපිය සිය පිටුවල copy කර past කිරීම වෙනුවට මෙහි දක්වා ඇති තොරතුරු සම්බන්දයෙන් තවදුරටත් සොයා බලා වැඩි විස්තර සමග නැවත පල කරන්නේ නම් සියල්ලන්ටම යහපතකි.)   

මාකස් ප්‍රියන්ත පෙරේරා.
01/03/2019

No comments:

Post a Comment