ඉකුත් පෙබරවාරි 04 දිනට යෙදුන ශ්‍රී ලංකාවේ 68වෙනි නිදහස් දිනය නිමිත්තෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබු සමරු උත්සවයට සහභාගීවීමට ලැබුණි.
වැඩබලන මහ කොමසාරිස්තුමා වන සුගීෂ්වර ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවති අතර ජාතික ගීය සිංහලෙන් ගයා, පොල්තෙල් පහන දල්වා, ආගමික වතාවත් සිදුකර, වැඩබලන මහ කොමසාරිස්තුමා කථාවක් පවත්වා, අනතුරුව ජාතික ගීය දෙමලෙන්ද ගයා උත්සව සභාවේ වැඩ අවසන් කර කැවූම්-කොකිස්-කිරිබත් මෙන්ම වඩේද, අක්බර් තේ හා නෙස්කැෆේ කෝපිද පිළිගැන්වූ තේපැන් සංග්‍රහයකින් නිමකරන ලදී.
ආගමීක වතාවත් පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේද, සිවාසිරි සුප්‍රනායම් කුරුක්කල්තුමාද, දයා දර්ශන පියතුමාද, මවුලාවි මොහොමඩ් අන්නාස්තුමාද විසින් ද සිදුකරන ලදී.
රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ධර්මදේශනා සිදුකරන ලදී. ප්‍රථමයෙන් සිංහලෙන් ධර්මදේශනය කල බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකාව වසර 2500කට වඩා කාලයක් තුල විවිධ පරසතුරු අක්‍රමණවලට මුහුණ දෙමින්, ඒවා පරාජය කරමින්, රට-ජාතිය-ආගම ආරක්ෂා කරගනිමින්, අපේ අනන්‍යතාවය සහ නිදහස රැකගැනීමට කටයුතු කල ආකාරය සිහිපත් කලහ. එහිලා දිවිහිමියෙන් කටයුතු කල රජවරු, විරුවන්, කැප්පෙටිපොළ නිලමේතුමා, ශ්‍රී සුමංගල හිමියන් සහ අනගාරික ධර්මපාලද, හිටපු ජනාධිපති තුමා ඇතුළු අපේ රටේ සියළු රාජ්‍ය නායකයන්ද එම අවස්ථාවේදී උන්වහන්සේ සිහිපත් කරන ලදී .
අනතුරුව, සිවාසිරි සුප්‍රනායම් කුරුක්කල්තුමා හින්දු ආගමික වතාවත් සිදුකර රටට සහ වැසියන් සුභ පතන ලදී.
ඉන් අනතුරුව දයා දර්ශන පියතුමා, බයිබලයේ නව ගිවිසුමේ, මැතිව්තුමාගේ සුවිශේෂයේ 5 පරිච්චේදයේ 1-12 වගන්තිවල සදහන්, "සිතින් දිළින්දෝ භාග්‍ය වන්තයෝය, මක්‌නිසාද ස්‌වර්ග රාජ්‍ය ඔවුන්ගේය.... ධර්මිෂ්ඨකම නිසා පිපාසය විඳින්නේ භාග්‍යවන්තයෝය මක්‌නිසාදයත්, ඔවුහු පරිපූර්ණ කරනු ලබන්නෝය.... සාමය ඇති කරන්නො භාග්‍ය වන්තයෝය..." ආදීය සදහන් ජේසුතුමාගේ කන්ද උඩ දේශනය ඇසුරින් මනුෂ්‍ය වටිනා කම් අවධාරණය කිරීමට කටයුතු කරන ලදී. තවද, අතින් බත්කන අපට ඇගිලි පහම ඉතා හොදින් පැවතීම වැදගත් බවත්, එක් ඇගිල්ලක් තුවාලවුවහොත් හෝ හොදින් ක්‍රියාත්මක නොවුනහොත් බත්කෑමට කෙතරම් අපහසුදැයි උපැහරණක් දක්වමින් විස්තර කරන ලදී. ලෝකයේ සුන්දරම රටවලින් එකක් වන ලංකාවේ ඉපදීමට වරම්දීම ගැන දෙවියන්ට ස්තුතිකරමින් සිය ආගමික වතාවත් අවසන් කරන ලදී.
අනතුරුව, ඉස්ලාම් ආගමික වතාවත් සිදුකල මවුලාවි මොහොමඩ් අන්නාස්තුමාද සිය ආගමික වතාවත්වලින් අනතුරුව සුභ පැතුම් එක්කරන ලදී.
වැඩබලන මහ කොමසාරිස්තුමාවන සුගීෂ්වර ගුණරත්න මහතා අනතුරුව පැවති සිය කථාවේදී ශ්‍රී ලංකාව කෙතරම් අපුර්ව රටක්දැයි මතුකරන ලදී. අපමණ ගැටළු, ගැටුම් සහ විවිධ අර්බුධ හමුවේ අපි රටක්, ජාතියක් වශයෙන් පෙරට පැමිණ ඇති ආකාරය, ලබා ඇති ජයග්‍රහණය ආදිය එතුමාගේ කථාවට අන්තර්ගතවී තිබුණි.
එහෙත් ඒ සියල්ලටම වඩා මා සිත්ගත්තේ පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ ඉංග්‍රීසියෙන් කල මධුර ධර්මදේශනය. බුදුදහමේ උගන්වන අපරිහානී ධර්මවල එන කරුණු 07 වන 1. සමගියෙන් වාසය කිරීම 2. සාමයෙන් රැස්වීම, සාමයෙන් සාකච්ඡා කර, සාමයෙන් විසිරයාම 3. රටේ ඇති පැරණි නිතී අඛණ්ඩව පිළිපැදීම 4. වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම සහ ඔවුන් රැකබලා ගැනීම 5. සියළු කාන්තාවන්ට ගෞරවයෙන් සැලකීම සහ ඔවුන් සහ ළමයින් රැකබලාගැනීම 6. රටේ ඇති සියළු ආගම්වලට එකහා සමානව සැලකීම 7. තමන්ගේ නගරයට නොවැඩි රහතන්වහන්සේලා වැඩමකරවීම සහ රහතන්වහන්සේලා රැකබලාගැනීම ආදිය එම ධර්මදේශනයේ පදනම විය.
එය ඇසූ මට එකවරම සිහියට නැගුනේ අද මානව හිමිකම් කතිකාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතිකාව මගින්ද අවධාරණය කරන බොහෝ කරුණු කරණා මීට වසර 2500කට පෙර කාලයක වදාල බුද්ධ දේශනයේ ඇතුලත්වී තිබුනා නේද? ජේසුතුමාගේ කන්ද උඩ දේශනයට වසර 600කට පෙර බුදුන් වහන්සේ ඒ කරුණු මතුකර තුබුණා නේද? දතට දතක් ද, ඇහැට ඇහැක් යැයි උගන්වා තිබූ, මෝසෙස්ගේ දසපනත මුලික නිතිය කරගත්, සම්ප්‍රදායක යුදෙව් සමාජයක ඉපිද-වැඩුන ජේසුතුමන්ට, 'දෙවියන්ට ප්‍රේම කරන්න', 'අසල්වැසියන්ට ප්‍රේම කරන්න', 'වෙෙරය වෙනුවට සමාව දෙන්න' ආදි සිතුවිලි පැමිණියේ පෙරදිග පැවති මෙවන් දර්ශනවලින්ද? ජේසුතුමා ඉන්දියාවට පැමිණ බුදු දහම ඉගෙනගත්තා යැයි ඇතැමුන් තර්ක කරන්නේ ඒම කරුණු මත පදනම්වද? පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියු 'යෝ වද තම් පවරෝ මනු ජේසූ' හුදු ස්ථානෝචිත ප්‍රඥාව පිළිබද ප්‍රකාශනයකට සීමා කරනවාට වඩා බුදුදහම ('ජේසූ' හෙවත් ජ්‍යෙෂ්ඨ යන අර්ථයෙන්ම) ක්‍රිස්තියානි ආගමට වඩා ජ්‍යෙෂ්ඨයි නේද ? හෙන්රි ස්ටීල් ඔක්කොට් තුමා ලංකාවට එන්නේ ඒ ක්‍රිස්තියානියට වඩා ජ්‍යෙෂ්ඨ ධර්මය කුමක්දැයි යන්න සොයාගැනීමට නේද? බටහිර බුදුදහම වේගයෙන් පැතිරෙන්නේ, පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ ඉංග්‍රීසියෙන් කල උක්ත ධර්මදේශනයේදී සාකච්ඡාකල අපරිහානී ධර්මවල එන කරුණු ආදිය ක්‍රිස්තියානියට වඩා පෙරාතුව බුදුන්ගේ දේශනා තුලින් සාකච්ඡා කර ඇති නිසා නේද ? ආදිය යය.
එහෙත්,
පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ සිංහලෙන් කල ධර්මදේශනයේදී මෙවැනි කරුණු සාකච්ඡා නොකළේ ඇයි?
එතුමන්ගේ සිංහල ධර්මදේශනයේදී ලංකාවේ වසර 2500ක කාලයක් තුලවූ විවිධ පරසතුරු අක්‍රමණ ගැන, රට, ජාතිය, ආගම ආරක්ෂා කරගැනීම පිලිබදව, අපේ අනන්‍යතාවය සහ නිදහස රැකගැනීම පිලිබදව සහ දිවිහිමියෙන් කටයුතු කල රජවරු, විරුවන්, නායකයින් සිහිපත් කිරීම මිස ඉංග්‍රීසියෙන් වදාල අපරිහානී ධර්ම ආදි බුදුදහමේ උගන්වන මහා ඥාන ප්‍රභාව සිංහලෙන් මතු නොකළේ ඇයි? දැයි මට සිතුනි. ඇතැම් විට එය සිංහලෙන් වැදෑරීමට වඩා ඉංග්‍රීසියෙන් වැදෑරීම එතනට වඩාත් සුදුසුයැයි එතුමන්ට සිතුනේදැයි මම නොදනිමි. එනයින්ම, නැවත මාගේ මනසට ඇදී ආවේ මිහිදු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට ධර්මය දෙසීමට පෙර ඇසූ: "රජතුමනි, ඒ බොහෝ අඹ ගසුත්, වෙනත් ගසුත්, හැර තවත් ගස් තිබේද?" යන පැනය හා බැදුණු කරුණුය.
කෙසේවුවද, උත්සව සභාවේ වැඩ අවසන්වූ පසු, දන්නා හදුනන කිහිපදෙනෙකු සමග සතුටු සාමිච්චියේ යේදී, තේපැන් සංග්‍රහයට පහත මහලට පැමිණි මට, ජාතික ගීය දෙමලෙන් ගැයූනූ විට මහත් ආශ්වාදයෙන්, උස් හඩින්, එය දෙමලෙන් ගැයූ කාන්තාවක්, සිය පිගානට බෙදාගත් කිරිබත් සහ ලුණු-මිරිස් අතින් අනමින් 'yes, it's true we can't eat rice with a sore finger' (ඉදිමුණු ඇගිල්ලක් එක්ක අපිට අතින් බත් කන්න බැහැ) යැයි කියනු ඇසුවෙමි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
16/02/2016.

//පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියු 'යෝ වද තම් පවරෝ මනු ජේසූ//
ReplyDeletemeke therune naha

ඕකේ ඔය ආගිය, මුල ගිය කථාව තමයි, පානදුරාවාදයේදී එංගලන්ත සභාවේ ක්‍රිස්තියානු පුජකයෝ පිරිසක් ඇසුවලු 'ඔච්චර අනාගතය පෙනෙන බුදුන්වහන්සේට අනාගතයේ ජේසුස් වහන්සේ කියලා කෙනෙක් ඉපදින බව දැක්කේ නැත්ද කියලා? ඇත්තටම, ඒ ගැන බුද්ධ දේශනයේ සදහන්ව නැහැල්ලු. එහෙත්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් අවස්තාවට ගැලපෙන ලෙස ඡත්ත මානවක ගාථාවල එන
ReplyDelete'යෝ වදතං පවරෝ මනු ජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි'
යන ගාථාව කියා ඇහුවලු, ඇයි අහල නැත්ත? කියලා.
එහි මුල් පද පේලිය 'රෝ මනු ජේසු' යන්න කියවෙන නිසා, එමගින් ක්‍රිස්තියානි පුජකයන් පාලි නොදන්නා නිසා නොමග යවන්න පුළුවන් උනාලු. (ගාථාවේ තේරුම නම් කතා කරන මිනිසුන් අතර යම් ජ්‍යෙෂ්ඨ වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමි යන්නයි)
නමුත් මම කියන්නේ, පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියු 'යෝ වද තම් පවරෝ මනු ජේසූ' හුදු ස්ථානෝචිත ප්‍රඥාව පිළිබද ප්‍රකාශනයකට සීමා කරනවාට වඩා බුදුදහම ('ජේසූ' හෙවත් ජ්‍යෙෂ්ඨ යන අර්ථයෙන්ම) ක්‍රිස්තියානි ආගමට වඩා බුද්ධ දේශනය ජ්‍යෙෂ්ඨයි නේද ? අර පානදුරාවාදයේදී ජේසු හෙවත් ජ්‍යෙෂ්ඨ යන්න තුල ජේසුතුමාගේ ඉගැන්වීම් වලට පැරණියි යන්න හෙවත් ජ්‍යෙෂ්ඨයි යන්න ද ඒත්තු යන බවයි. වෙන විදිහකට කිවීවොත් කන්ද උඩ දේශනයේ සදහන් කරන ඊට වසර 600කට පෙර බුදුන් වහන්සේගේ දේශනාවල මතුකර තුබුණා නේද? සමහර විට එක් අර ක්‍රිස්තියානි පුජකයින් පවා පිළිගන්න ඇති.
Anagathaye jesu kenek upadina bawa budunta adaala nathi nisaa ehema aramunu nokaranna athi kiyana uththare ne denna oona.boru kiyala e minissu rawatanawata wadaa
ReplyDeleteAnagathaye jesu kenek upadina bawa budunta adaala nathi nisaa ehema aramunu nokaranna athi kiyana uththare ne denna oona.boru kiyala e minissu rawatanawata wadaa
ReplyDeleteඇත්ත, පැහැදිලි නොමග යැවීමක් තිබෙනවා. අපේ රටේ ඔය කථාව ගොඩනැගා ඇත්තේ 'දැක්කානේ අපි උන්ට දුන්න ගේම' වගේ වහසිබස් දොඩන්නයි. නියම බෞද්ධ හරයන් මතුකරන්න නෙමෙයි. ඇත්තටම, 'එංගලන්ත සභාවේ පුජකයින් පවා පිළිගත්තා ක්‍රිස්තියානි ආගමේ කථාකරන මනුෂ්‍ය වටිනාකම් බුදුන්ගේ ඉගැන්වීම්වල ඊට කලින් සාකච්ඡා කරලා තිබෙනවා' ආදී කථා තමයි ප්‍රචලිත කරන්න තිබුනේ.ඇත්තටම බටහිර පැතිරුනේ එහෙම කථාවක්. එහෙත් අපේ රටේ පැතිරුනේ අර වගේ වහසි බස්.
ReplyDelete