දැන් ලංකාව තමන්ගේම වූ ලෝකයක හිරවෙමින් තියෙන්නේ...සෙසු ලෝකයේ වෙන්නේ මොකක්ද කියන්න දන්නේ නෑ... මෙච්චර උණුසුමක් තියෙන ඇමැරිකානු ජනාධිපතිවරණය ගැන පවා එහෙට එහෙම දැනෙන්නේ නෑ... එහෙව් එකේ Quincy Jones ගේ මරණය කොහොමත් අදාල වෙන්නේ නෑ... Quincy Jones කියන්නේ කවුද කියලාවත් බොහෝ දෙනෙක් දන්නේ නෑ... හැබැයි Quincy Jones ගේ නම නොදන්නවා වුනත් අතිශය ජනප්‍රිය වූ ඔහුගේ ඇතැම් සංගීත නිර්මාණ නම් රටේ මිනිස්සු අහලා තියෙනවා. විශේෂයෙන්ම මයිකල් ජැක්සන්ගේ Billie Jean, We Are the World, Thriller, Bad, Don’t Stop වගේ සින්දු.
ඒවත් අහලා තියෙන්නේ මයිකල් ජැක්සන් කියන සින්දු විදිහට මිසක් ඒ සිංදු හැදුව කෙනා දන්නේ නැතිවයි. අපි "නිර්මාණකරුවා දන්නේ නැති, නිර්මාණ පමණක් රසවිඳින ජාතියක්" කියලා මම facebook ආපුම කාලේ නිමල් මෙන්ඩිස් ගැන ලියද්දි ලිව්වා (ඒ ලිපිය මෙතනින් පිවිස කියවන්න පුලුවන්). ඒ වගේම තමයි අපි මයිකල් ජැක්සන්ගේ සින්දු අහලා තිබුනට, ඒවා දන්නවා වුනාට, ඒවා බලලා තියෙනවා වුනාට, මයිකල් ජැක්සන්ගේ සිංදු විතරක් නෙමේ මයිකල් ජැක්සන්ගේ ස්වතන්ත්‍ර සංගීත ජීවිතයම ගොඩනැගුවේ Quincy Jones කියලා ලංකාවේ මයිකල් ජැක්සන්ගේ සිංදු අහන හුගාක් දෙනෙක් දන්නේ නෑ.
මයිකල් ජැක්සන්ගේ නිර්මාණ ඔස්සේවත් Quincy Jones ව හදුනා නොගත් කෙනෙකුට Frank Sinatra ගේ Fly Me to the Moon සින්දුව, Ray Charles ගේ One Mint Julep සින්දුව, Lesley Gore ගේ My Party වගේ සිංදු නිර්මාණය කළේ ඔහු, Elvis Presley ගේ සින්දුවල second trumpet part එක ගහන්නේ ඔහු...The Pawnbroker වගේ චිත්‍රපටිවල ඉදන් Prince of Bel-Air, The Color Purple වගේ චිත්‍රපටිවල සංගීතය නිර්මාණය කළේ ඔහු වගේ කාරණා කිසිසේත්ම හදුනාගනී කියලා හිතන්න බෑ...
Quincy Jones වගේ අය විතරක් නෙමේ, බටහිර ජනප්‍රිය, pop, මෙන්ම ශාස්ත්‍රීය සංගීතය ගැන වගේම පෙරදිග සංගීතය ගැන වුනත් ලංකාවේ ඒ හැටි මුල් බැසගත්ත කතිකාවක් නෑ... විවිධ සංගීත ශානර ගැන ගැඹුරු කතිකාවක් නෑ... instrument එකක්, සංගීත භාණ්ඩයක්, වාදනය කරන්න පුලුවන් ගොඩාක් අය හිටියට music notes කියවන්න, ලියන්න පුලුවන් අය ඉතා අඩුයි. ගීත රචනය, තනු නිර්මාණය හා නිෂ්පාදනය ආදිය ගැන අවධානය යොමු කළත් සංගීතය කියන්නේ ප්‍රසාංගික හා නිර්මාණාත්මක (performance and composition) මාදිලියකට (featured) පමණක් සීමා නොවූ මානව ශාස්ත්‍ර සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් (perspective) මානව චර්යාව විශ්ලේෂණය කළ හැකි විෂයක් ලෙස සංගීතය හැදෑරීම ලංකාවට තවමත් ආගන්තුකයි.
එතරම්ම දුරකට නොගියත් අඩුම තරමේ සමකාලීන සංගීත නිර්මාණ පිටුපස සිටින විශිෂ්ඨයන් පිලිබදවත් ලාංකිකයන්ට එතරම්ම අවබෝධයක් නෑ...ඒ නිසා තමයි මයිකල් ජැක්සන් ගේ සින්දු ඇහැව්වත් එම නිර්මාණ පිටුපස සිටි Quincy Jones වගේ කෙනෙකුව මගහැරෙන්නේ... එහෙත් ඇත්තම ප්‍රශ්නය අවුරුදු 91ක් ජීවත්වූ, ඒ වගේ දැවැන්තයෙක්ව ලාංකිකයන්ට මගහැරෙන්නේ කොහොමද? සංගීතය පිලිබද ලාංකික කතිකාව තුලට ඔහුව හසු නොවෙන්නේ කොහොමද? කියන එකයි...ඒ අපි සෙසු ලෝකයෙන් ක්‍රමයෙන් දුරස්වෙමින් යන නිසා ද?
මාකස් ප්‍රියන්ත පෙරේරා
05/11/24