කොරොස්ම හෙවත් චතාරික කාලයේදී ලංකාවේ මෙන්ම ලෝකයේ විවිධ රටවල චතාරික චාරිත්‍ර ගැන වරි මගේ Facebook පිටුවේ තබනලද සටහන් කකිහිපයක් පහතින්වේ. එසේ තැබූ සටහන්වල එකතුවක් පවත්වාගත හැකිනම් කෙතරම් හොදදැයි විටක සිතේ. විශේෂයෙන්ම, දවසින් දවස ඒ ලියුදෙවල් යටපත් වෙමින් අලුත් අලුත් ගොඩවල් Facebook පිටුවලට එකතුවෙන බැවින් කලින් තැබූ සටහන්වල අල්ප මාත්‍ර මතකයක් හෝ නැතිවෙන වාර අනන්තය. කුඩාවියේදී, මුද්දර, පරණකාසි, මුදල් නෝට්ටු, Postcard, පින්තුර, පොත්පත් එකතුකල මම දැන්වුවද ගෙදරගියවිට නැවත ඒවා දිගහැර බැලීමට, ඒ ගැන මගේ ඥාතීන් සහ මිතුරන් සමග විස්තර කතාකිරීමට ප්‍රිය කලෙමි. ඒවා දිගහැර බලන සෑම විටම ''එහෙම විනෝදාංශ දැන් ළමයින්ට නැතැයි'' මගේ මව කියයි. එවිට මට සිතෙනුයේ ඒ අයට කුමන හෝ සතුටක් අහිමිවී ගොස් ඇති බවය. නැතහොත් මගහැරී ඇති බවය. ලිවීම රැකියාවේ කොටසක් බවට පත්ව තිබු කාලයේදී විවිධ සගරාවලට, පුවත්පත්වලට, ප්‍රකාශනවලට, newsletters සහ නිබන්දනවලට ලියු දේවල් රාශියක්ද මම එකතු කලෙමි. එහෙත් එදිනෙදා අත්දකින, කියවන, විදින, විදවන, හිතට එන, රසවිදින බොහෝදේ අපි Facebook පිටුවල නිතිපතා ලියූවද Facebook පිටුවල එම සටහන් තමන්ට කැමතිලෙස රැස්කර තැබිය නොහැක. බ්ලොග් අවකාශය තුල ඊට වඩා ඉඩක් ඇතැයි සිතුනි. මේ ඒ සදහා දැරූ උත්සහයකි. පසුගිය පාස්කු සමයේ Facebook පිටුවේ මා ලියූ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.
1. අළු බදාදා ලිස්බන් නුවර Basilica da Estrela හීදී
==================================================
පාස්කු සමය අරබන දිනයවූ අළු බදාදා අපි සිටියේ පෘතුගාලයේ ලිස්බන් නුවරය. අපි එහි Basilica da Estrela දේවස්ථානයට ගියෙමු. 1776 දී පෘතුගාලයේ පළමුවන මරියා රැජින සිය පුත්‍රා ( Jose, Prince of Brazil) වෙනුවෙන් ඉදිකළ මෙම දේවස්ථානය ලිස්බන් නුවර ප්‍රකට පැරණි දේවස්ථානයකි. අළු බදාදා දින අළුවලින් සිය හිස් මත කුරුස සලකුණ ඇදගැනීමට බොහෝ පිරිස් එහි රැස්ව සිටියහ.
2. අපේ පලාත්වල පාස්කු නාට්‍යය රගදැක්වීම්
==============================
(Feb 23 . 2018) ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මේ වසරේදී මීගමු නගර මධ්‍යයේ පිහිටි ශා. පීතර දේවස්ථානයේ තැම්පත්කර ඇති බැවින් මෙවර මීගමු දූවේ පාස්කු සංදර්ශනය දැකීමට නොලැබෙනු ඇත. එහෙත් මෙම පාස්කු සමයේ නිතැතින්ම මතකට එන අපේ පලාත්වල පාස්කු නාට්‍යය රගදැක්වීම්වල නම් අඩුවක් නොමැත. ඉතිහාස කරුණු සහිතව ඒ ගැන පලවී ඇති ලිපියකි මේ.
3. ක්‍රිස්තුස් වහන්සේගේ දරුණුතම ප්‍රකාශය සහ පාදනමස්කාරය.

කොළඹ ආර්යාවෝ රවිකිඤ්ඤා වැයූ බෝලවත්තේ පාස්කු නාට්‍ය
-------------------------------------------------------------------------
කොරොස්ම කාලය හෙවත් චතාරික සමයේ දේව ජනතාවගේ භක්ති අභ්‍යාස අතුරින් පාස්කු නාට්‍යයන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මධ්‍යතන යුගයේ ප්‍රංශය එංගලන්තය ජර්මනිය වැනි රටවලින් ආරම්භ වූ මෙම භක්ති අභ්‍යාස පසුකාලීනව පෙරදිග හා අපරදිග රටවලට සපැමිණි ධර්මදූතවරුන්ගේ ධර්මදානීය මෙහෙවරේ සුවිශේෂාංගයක් ලෙස නම් කළ හැකිය. පාස්කු නාට්‍ය කලාව පෘතුගීසි ආගමනයෙන් අප දේශයට සංක්‍රමණය වූ උප සංස්කෘතික ලක්ෂණයක් ලෙස නම් කළ හැකිය. එහි මූලාරම්භය ලෙස ස්පාඤ්ඤයේ වීදි සංචාරයේ කිරීමේ කිරීමේ දී රංගගත වූ ‘‘ ඕටෝස්’’ නම් කෙටි නාට්‍යය භක්ති අභ්‍යාසය නම් කළ හැකිය. පෘතුගීසි සමයේ දී මෙරට පළමු කිතුනු නාට්‍යය රග දක්වා ඇත්තේ ක්‍රි.ව. 1602 දී කොළඹ අනුනායක දෙව්මැඳුර ආසිරි ගැන් වූ විට දී ය. පසුව ක්‍රි.ව. 1615 දී කම්මලේ දෙව්මැදුරේ ආසිරි ගැන්වූ විට දී ය. පසුව ක්‍රි.ව. 1615 දී කම්මල දෙව්මැඳුරේ මංගල්‍යය දින ලෝකය මැවීම ද ක්‍රිස්තුන් වහන්සේගේ මාංශගතවීමේ සිදුවීමද රඟ දක්වා ඇත. තව ද ක්‍රි.ව. 1617 දී හලාවත කොන්ස්තන්තීනු අගරජුගේ සිත් හැරීම ද ක්‍රි.ව. 1627 මාතර දී ශු. ස්නාවක ජුවාම් මුනි චරිතය ඇසුරින් වාසප්පුවද රඟ දක්වා ඇත.
මෙකළ ප්‍රැන්සිස්කානු වාර්තාවනට අනුව මහා පාද නමස්කාරයක් 16 වන සියවසේ දී මෙරට සිදුකර ඇත. දැඩි පශ්චාත්තාපී ක්‍රියාකරමින් යාච්ඥාවෙන් හා භාවනාවෙන් ජේසු සමිඳුන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රථිමාවක් රැගෙන දුක්ප්‍රාප්ති ගීතිකා හෙවත් පසම් ගී ගයමින් ගමන් කළ බව සඳහන් වේ. පෙර කී ප්‍රථිමාව මෙරටට ගෝවෙන් රැගෙන ආ බවත් එමගින් මෙරට පාස්කු නාට්‍ය ප්‍රථමයෙන් සිදුවූ බවත් පිළිගැනේ. මෙරට ප්‍රථිමා මගින් පාස්කු රඟ දැක්වීම බෙහෙවින්ම ව්‍යාප්ත වුයේ ඕලන්ද පිඩන යුගයේ දී ය. ඒ සඳහා ගෝවේ ශාන්ත පාවුළු විදුහල මහඟු පිටුවහලක් විය. මේ විද්‍යායතනයේ අධ්‍යාපනය හැදෑරූ ශු. ජුසේවාස් මුනිඳුන්ගේ හා ජාකොම් ගොන්සාල්වෙස් පියතුමන්ගේ සුවිශේෂි දායකත්වයෙන් මේ ප්‍රථිමා පාස්කු මෙරට තුළ ව්‍යාප්ත විය. ඒ ක්‍රි. ව. 1705 සිට ය. ක්‍රි.ව. 1705 දී වන්නියෙන් ආරම්භවූ පාස්කු නාට්‍ය සඳහා ප්‍රථිමාවන් ගෝවෙන් රැගෙන ආ බව සඳහන් වේ. එම ප්‍රථිමා අදත් මන්නාරමට නොදුරු පරපාන්කන්ඩල් දේවස්ථානයේ ද, පේසාලෙයි දේවස්ථානයේ ද දක්නට ඇත. දැනට ලංකාවේ ඉපැරණිම පාස්කු වන්නියෙන් ආරම්භ වූ බව පිළිගැනේ.මේ නිසාම මේ යුගවල දී වන්නිය, අලම්බිල්, කොට්ටියාර්, වහකෝට්ටේ, මහනුවර යනා දී දේවස්ථානවල ශු. සතිය පැවැත්වීමේ දී මේ ප්‍රථිමා පාස්කු රංගගත විය. මෙහි දී ශු. ජුසේවාස් පියතුමා විසින් රචිත ‘‘මහාපාදනමස්කාරය කෘතිය’’ වනාහි එකළ ගෝවේ පැවැති පාදනමස්කාරය ඇසුරින් රචනා කරන ලද්දකි. ඔරතෝරියානු වාර්තාවන්ට අනුව ක්‍රි.ව. 1705 දී මෙරට මුලින්ම පාස්කු රඟ දක්වා ඇත්තේ වන්නි ප්‍රදේශවල ය. මේ සඳහා රැගෙන එන ලද ප්‍රථිමාවන් ගෝවෙන් රැගෙන ආ බව සඳහන් වේ. මෙහි විශේෂත්වය වුයේ මෙහි ප්‍රථිමාවන් ලීයෙන් නෙලා තිබූ අතර එහි හිස, පාද, දෙඅත් පමණක් තිබීමය. සෙසු කොටස්වලට මැද ලීයක් තබා පිදුරු, පුළුන් යොදා ඇඳුම් ආයිත්තම්වලින් සරසා තබන ලදි. මුල් යුගයේ පැවැති පාස්කු දර්ශන නිහඬව ක්‍රියාකරන ඒවා විය. ජකොමේ ගොන්සාල්වෙස් පියතුමා මේ නිහැඩියාව බිඳ හැරියේ දුක්ප්‍රාප්ති ප්‍රසංගය හෙවත් දේශනා නවයේ පසම් පොත තුළිනි. එමගින් මුළු දුක්ප්‍රාප්තිය සත්සතියකට බෙදා දේශනා 09 කට සකස් කොට ඉදිරිපත් කෙරුණු අතර මේ දේශනාවෙන් උස් හඬින් උච්චාරණය කරන විට එදිනට අදාළ ජවනිකාව ප්‍රථිමාවන් මගින් (රූප විලාසය) වේදිකාවේ රංගගත කෙරිණි. මේ දේශනා බොහෝ විට උච්චාරණය කරන ලද්දේ පුජාප්‍රසාදිතුමකු විසිනි. මෙහි දී ක්‍රිස්තු චරිතය උදෙසා ප්‍රතිමා 09ක් පමණ භාවිතයට ගත් බව සදහන් වේ. ඒවා නම් ක්‍රිස්තුස් වහන්සේ යාච්ඤා කරමින් සිටින සුරුවම, සිරගතව සිටින සුරුවම, අඩ නිරුවත් කොට ගල්කණුවේ බැඳ දමා ඇති සුරුවම, කටු ඔටුන්න සහිත සුරුවම, පිලාත් අභිමුව සිටින සුරුවම, කුරුසේ කරගසා ගත් සුරුවම, කුරුසිය ඇණ ගසා සිටින සුරුවම, කුරුසිය මත මිය ගිය සුරුවම, කුරුසියෙන් බා මරි මවගේ උකුලේ තබා තිබෙන සුරුවම යනුවෙනි.
ක්‍රි.ව. 1743 දී ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ මරණින් පසුව ශු. සතියේ දී බෝලවත්තේ දී පාස්කු නාට්‍ය රඟ දැක්වූ ආකාරය මෙසේ විස්තර කර ඇත.
‘‘ශු. සතියේ දී පාස්කු ප්‍රදර්ශනය මෙහි පැවැත්විණි. පූජාප්‍රසාදීන් වහන්සේලා හය නමක් පැමිණ එක්කෙනෙක් දෙමළෙන් ද අනිත් අය සිංහලෙන් ද ධර්ම දේශනා පැවැත්වූහ. කොළඹින් පැමිණි ලන්දේසි ජාතික කතෝලික බවතුන් හා ඔවුන්ගේ ආර්යාවන් ද දූ පුතුන් ද පෘතුගී‍්‍රසි භාෂාව දැන සිටියෙන් ඔවුන් සඳහා එම භාෂාවෙන් ම පවත්වන්නට යෙදුණේ ය. කොලොම්පුරයෙන් ද මීගමුවෙන් ද මාතර දිසාවෙන් වැනි බොහෝ ඈත ගම්වලින් බෝලවත්තට සම්ප්‍රාප්ත වූ ජන පිරිස අසංඛ්‍යාත වූහ. ඔවුහු ගොබ් ඉරුදින පැමිණ පාස්කු ඉරිදා දක්වා එහි රැඳී සිටියෝය. ග්‍රාමයේ නිවාස මෙපමණ මහත් පිරිසකට ප්‍රමාණවත් නොවූයෙන් පොල්අතුවලින් තාවකාලිකව ආවරණ කරන ලදී. පාස්කු ප්‍රදර්ශනය ජවනිකා දොළහකින් යුක්ත විය. සමහර ජවනිකා ගැන දෙමළෙන් ද සමහර ඒවා සිංහලෙන් හෝ විස්තර දේශනයකින් ඉදිරිපත් කරන ලදී.
සියල්ලෝම පුරුෂයෝ ද ස්ත්‍රීහු ද කුඩා ළමෝ පවා දල්වන ලද ඉටි පහන් රැගෙන ඊට සහභාගී වූහ. පෙරහර ගිය එක් පිරිසක් සිංහලෙන් ද අනෙක් පිරිස දෙමළෙන් ද යාච්ඥා සිය බසින් ම පැවැත්වූ නමුත් කිසි වාදබේදයක් නැතිව සියල්ල පිළිවෙලින් හා භක්තියෙන් සිදුවිය. පෙරහර නැවත දේවස්ථානයට පැමිණි කළ එහි අංශයක සුදානම් කරන ලද ගල්ලෙනහි ස්වාමිදරුවන්ගේ ප්‍රථිමාව තැන්පත් කරන ලදී. ඉන්පසු මහජන පිරිස කාණ්ඩ දෙකකට බෙ දී සංගීත ගායනා කළහ. කොළඹ සිට පැමිණි ආර්යාවෝ රවිකිඤ්ඤා, වීණා, සිතාර් යනා දී තුර්ය භාණ්ඩ ගෙනා බැවින් ඒවා වාදනයෙන් සංගීතයට ආධාර කළහ. තව ද පෘතුගීසි භාෂාවෙන් ඇතැම් ලයාන්විත ගීත ගායනා කරන ලදී. ( ඔරතෝරියාන වාර්තාව - 1743)
කල්යත්ම ලන්දේසි පීඩනය නිම වී බ්‍රිතාන්‍ය යුගය ආරම්භ වූ විට පාස්කු නාට්‍ය කලාව ඉතා ශීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වන්නට විය. විශේෂයෙන් මුහුදුකරයේ හලාවත, මීගමුව, පමුණුගම, පිටිපන, දූව ආදී ප්‍රදේශවල ශීඝ‍්‍රයෙන් වර්ධනය විය. දූවේ පාස්කු නාටක ඉතිහාසය වසර 400 කටත් වඩා පැරැණි ය. මේ පාස්කු සංදර්ශනය ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ දුක්ප්‍රාප්තිය ප්‍රසංගය භාවිත කරමින් ප්‍රථිමා මගින් නිරූපණය විය. ක්‍රි.ව. 1838 මාර්තු 27 වන දින ඉන්දියාවේ කොචින්හි සිට දූවට රැගෙන ආ ක්‍රිස්තු ප්‍රථිමාව මේ පාස්කු නාට්‍යයේ කේන්ද්‍රස්ථානය විය. මේ ප්‍රථිමාව කොචින්හි ශ්‍රේෂ්ඨ ප්‍රථිමා ශිල්පියකු වූ ජෝකිනු මෙස්ත්‍රීගේ නිර්මාණයකි. එතැන් සිට අද දක්වාම ලෝකයේ ප්‍රකට පාස්කු නාට්‍යයන් අතරින් දූව පාස්කු දර්ශනය දෙවැනි ස්ථානය ලබා ඇත.
1939 දී මීගමුව දූව මිසම් පාලනාධිති පියතුමා ලෙස පත්වීම ලද මර්සලීන් ජයකොඩි පියතුමා එතෙක් පැවැති පැරණි ප්‍රතිමා පාස්කුව වෙනුවට දුක්ප්‍රාප්ති ප්‍රසංගය හරහා ඩොරති සේසර්ගේ Born to be a king නාට්‍යය ඔස්සේ පාස්කු නාට්‍ය පිටපතක් සම්පාදනය කරන ලදී. ක්‍රි.ව. 1859 වසරේ දී ජා-ඇල වික්ෂෝප මාතා දේවස්ථානය මුල්කරගෙන ඓතිහාසික පාස්කු දර්ශනයක් ඇරඹූ අතර අදත් මේ පාස්කු දර්ශනය නොනැසී පැවතීම සුවිශේෂී වේ. පල්ලන්සේන දේවස්ථානයේ දැනට තිබෙන ප්‍රථිමාවන් තුන ක්‍රි.ව. 1847 දී ඉන්දියාවේ සිට පැමිණි ශිල්පියකු විසින් නෙළන ලද කිතු සමිඳුන් ගල් කණුවේ බදින ලද ප්‍රථිමාව උකුත් වූ ප්‍රථිමාව හා උත්ථාන වීමේ ප්‍රථිමාව නිරූපණය කොට පාස්කු සංදර්ශන එහි දී ආරම්භ විය. මෙහි දී කිතු සමිඳුන් මරියතුමිය ජුවාම් ගෝලයා හා මරිය මදලේනා යන චරිතවලට සුරුවම් භාවිත කර ඒවාට ඇදුම් අන්දවා රූකඩ අනුසාරයෙන් රඟ දක්වනු ලැබීය. කළමුල්ලේද ක්‍රි. ව 1844 දී ගෝවෙන් රැගෙන ආ ප්‍රථිමාවන් නිසා එහි පාස්කු සංදර්ශන සුප්‍රකට විය. ක්‍රි.ව 1885 දී මෝදර සා. ජෝන් දේවස්ථානය ආශ්‍රිතව ප්‍රථිමා නිරූපණය කරමින් ප්‍රථිමා පාස්කුවක් ඇරඹූ ලංකාවේ අලංකෘතම ජේසු සමිඳුන්ගේ යාගික ප්‍රථිමාව ඔවුන් සතු වීම සුවිශේෂී වේ. ක්‍රි.ව. 1924 වසරේ දී බොරලැස්ස ග්‍රාමයේ විසු කේ. ලෝරන්ස් පෙරේරා මහතා විසින් මිනිස් නළුවන් යොදාගෙන පාස්කු දර්ශනයක් ආරම්භ කිරීම ද සුවිශේෂී වේ.
මෙලෙස සාහිත්‍යාංගයෙන් පිරි සාදාචාර සම්පන්න වූද, දේවධාර්මික අංගයන්ගෙන් සමන්විත වූ මේ භක්ති අභ්‍යාසය මඟින් ලාංකේය සංස්කෘතියට කිතුනු අපගේ දායකත්වය මොනවට කියා පායි.
අසේල දසනායක (දිනමිණ, 14/03/2016)
3. ක්‍රිස්තුස් වහන්සේගේ දරුණුතම ප්‍රකාශය සහ පාදනමස්කාරය.
==========================================
4. සිකුරාදාට මාළු කෑම, මස් කෑමෙන් වැළකීම
===============================
Those who grew up observing traditions of the Catholic Church will know all about the meat guilt on Good Friday.The more devout followers of the religion will have had this guilt probably every Friday, and many households will still observe a fishy Friday due to the Christian tradition. Abstinence from meat on Fridays is actually a rule laid out by the Vatican and remains in force today.
5. ගොබ් ඉරිදා - Palm Sunday:
(Mar 02. 2018) කලක් ශ්‍රී ලංකා ළමා රක්ෂණ අධිකාරියේ සේවය කල මගේ මිතුරෙක් මතුකළ බයිබල් පාඨයක් පසුගියදා හලාවත ඉරණවිල දරුවාගේ පාපතර ඝාතනයත් සමග මගේ මතකයට නැගුණි.
ඉරණවිල 'ඇමරිකන් හඩ' ට විරුද්ධව පාදනමස්කාර, පෙළපාලි, උද්ගෝෂණ ආදී බොහොමයකට සම්බන්දවූ අපට හලාවත-තොඩුවාව පාරේ පිහිටි ඉරණවිල, බරුදැල්පොළ, අඔකදවිල ආදීය ඇතුලත් එම ප්‍රදේශය ගැන මෙන්ම එහි වෙසෙන ජනයාද, ඔවුන්ගේ හැදියාව, විශ්වාසය සහ මනුස්සකම් ගැනද මට හොද අවබෝධයක් විය. එම ප්‍රදේශයේ දරුවෙකුට එවැනි ඉරණමක් අත්වීම ගැන කණගාටුවූ මට, ඉරණවිල සුන්දර මුහුදු වෙරළත් එහි ගම්වැසියන් සමග අප ගතකල කාලයත්, ඒ සමග, ක්‍ෂණයකින්...මාගේ මිතුරා කලකට ඉහතදී මතුකළ බයිබල් පාඨයත් මතකයට ආහ.
අදාල බයිබල් පාඨයෙන් කියවුනේ 'කුඩා දරුවන්ගෙන් කවරෙකු හෝ වරදයේ යොදවන කවරෙකු හෝ (බූරුවෙකු විසින් කරකවනු ලබන) විශාල ඇඹරුම් ගලක් බෙල්ලේ එල්ලා මුහුදේ හෙළීම වඩාත් යහපත්ය' යන්නය (Whoever causes one of these little ones who believe in me to sin, it would be better for him if a great millstone were hung around his neck and he were thrown into the sea - Mark 9:42). ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දැඩි සහ දරුණුතම ප්‍රකාශය මෙය විය හැක. එහෙත්, එය කෙතරම්ම දරුණු අපරාධයක්ද යන්න මතුකිරීම සදහා ජේසුස් වහන්සේ එම චචන ඒම තේරුමෙන්ම භාවිතා කල බව පැහැදිලිය.
ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය ගැන මෙනෙහි කරණ මෙම කොරොස්ම හෙවත් පාස්කු හෙවත් චතාරික සමයේදී සිදුවිය යුත්තේ ජේසු ගැන තැවීමට වඩා උන්වහන්සේගේ වචනය වඩාත් අරුත් ගැන්වීම නොවේද? ක්‍රිස්තුස් වහන්ගේ ගැන තැවීමට වඩා සැබෑ කුරුසියේ පාද නමස්කාරය විය යුත්තේ එය නොවේද? (චතාරික සමයේ නිතර සිදුකරන පාදනමස්කාරය ජනවන්දනාවට එකතුවූ අයුරු ගැන පහත ලිපියෙන් කියවිය හැක.)
===============================
(9/03/2018)පාස්කු සමයේදී සිකුරාදාට මස් කෑමෙන් වැළකී මාළු ආහාරයට ගැනීමේ කතෝලික පල්ලියේ පැරණි රීතිය දැන් නැවතත් කරළියට ඇවිල්ලා. මාළු ගන්න පෝලිම වගේම ආපනශාලාවලත් 'Friday fish fry' දැන්වීම් පලකරන්න පටන් අරන්. ඇත්තටම අපේ ගම්වල (මීගමුව සහ ඒ අවට) මෙන්ම අපේ ගෙවල්වල නම් මේ රීතිය දිගටම ක්‍රියාවේ යෙදවූවා. එහෙත් ඇයි ආගම ක්‍රමයෙන් ගිලිහි යනවා කියන යුරෝපයේ සහ බටහිර රටවල මෙවැනි රීතින් යලි පැමිණ තිබෙන්නේ? //Abstinence from meat on Fridays is actually a rule laid out by the Vatican and remains in force today...On the anniversary of Christ’s death, the church encourages followers to abstain from eating meaty flesh of warm-blooded animals on this day.//
Why do we eat fish on Friday?
---------------------------------------
(Aisling Moloney, Metro (UK), Friday 27 Oct 2017 ලිපියක්)
Many Christians, especially Catholics, refrain from eating meat on Friday, and this tradition is most popular on Good Friday. Jesus was executed on Good Friday and died for our sins, he sacrificed his flesh for us. On the anniversary of Christ’s death, the church encourages followers to abstain from eating meaty flesh of warm-blooded animals on this day.
People are told to go for the alternative which is fish, as fish comes from the sea, they are cold-blooded, it is thought of as a different kind of flesh meaning it is okay for consumption on Good Friday. When Christianity was banned, fish symbols were used a secret symbol for Christians so they could identify each other.
Many of Jesus’ close followers were fishermen, and when the lord resurrected he cooked a fish meal for his Apostles. The history of the Christain religion is fishy alright. There were plenty of meat-free days in the medieval Christian calendar: Fridays, Wednesdays, Saturdays, Advent, Lent and other holy days like Good Friday. The global fishing industry grew as a result of the increased demand for fish because of holy fasting from meat
People demanded a lot of herring, a fish that was bland but plentiful, during medieval times when they really needed to preserve fishing supplies. The masses demand fresh fish, but this was very difficult to achieve with herring, so cod became popular because it tasted better when cured and lasted longer. There was a Friday meat ban imposed by the Pope and ensured that the fishing industry was booming as a result, but in the 1960’s these laws were relaxed by Pope Paul VI, but the Friday meat ban still applies to the 40 days of the Lenten fast. Refraining from eating meat on a Friday is a small sacrifice for the major sacrifice given by Jesus when he was crucified. The McDonald’s Filet-o-Fish was invented by a franchise owner in Cincinnati, in a particularly Catholic area who struggled to sell his burgers every Friday, and came up with the Fillet-o-fish instead. The Friday abstinence rule is still in effect for Catholics, and can only be avoided each week if there is some other sacrifice in its place.
The Apparition on the Lake of Tiberiade, from the story of Christ after the Resurrection, the verso of the Maesta altarpiece by Duccio di Buoninsegna, (c.1278-1318).
4. Seville හී වැලපෙන දේවමෑනියන්ගේ චතාරික පෙරහැර. ================================================
දකුණු ස්පාඤ්ඤයේ Seville නුවර විශේෂ චතාරික සිරිතක්වේ. ඒ පාස්කු සමයේ අවසාන සතිය වන ශුද්ධවූ සතියේදී (ස්පාඤ්ඤ භාෂාවෙන් Semana Santa) Seville නුවර ඇති වැලෙපෙන දේවමාතාවන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර නගරය පුරා වීදි සංචාරය කිරීමය.
එම පෙරහරේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇනගසා සිටින ප්‍රතිමා, දුක්ප්‍රාප්තියේ දර්ශන පමණක් නොව කළු සහ සුදුලොගු ඇදගත් මුහුන වසාගත් තැතිගන්නා පෙනුමක් ඇති පිරිස්ද ගමන්කරයි. එම පෙරහැර ඔස්සේ Seville නුවර ඇති වැලෙපෙන දේවමාතාවන්ගේ ප්‍රතිමාවේ වැගිරෙන කදුළුවල අර්ථය කුමක්දැයි දක්වයි.
සියවස් ගණනාවක් යුද්ධවලින්, ජාතිවාදී, ආගම්වාදී සහ දේශපාලන ලේවැගිරීම්වලින්, මරාදැමීම්වලින්, වධහිංසාවලින් හෙම්බත්වූ Seville වැසියන්ට දේවමාතාවන්ට සිය පුත්‍රයාවන ජෙසු අහිමිවීම හුදෙක් චතාරික වතාවත් නොව සිය ජීවන අත්දැකීම් බව පසක් කර දෙයි.
එම පෙරහැර ආරම්භ කරනුයේද එවැනි පසුබිමක් මතය. එහෙත් චතාරික සමයේදී මරියතුමීයගේ වේදනාව ගැන කථාකරන අපි, අපේ රටේ මව්වරුන්ගේ, සහ එහි වැසියන්ගේ වේදනාව ගැන මෙනෙහි නොකරන්නේ නම් එහි අර්ථයක් නැත.
5. ගොබ් ඉරිදා - Palm Sunday:
=====================
ලොව පුරා කිතුනුවන් සමරන බයිබලයේ සදහන් ක්‍රිස්තුන් වහන්සේ රාජ තේජ ජෙරුසලමට පැමිණීම, පාම් අතු ඔසවමින්, සළු වනමින් ජෙරුසලම් වැසියන් ඔහුව පිළිගැනීම, 4 සියවසේදී ජෙරුසලමේ වැසියන් සැමරූ ආකාරය ගැන එහි ගිය ස්පාඤ්ඤ වන්දනාකරුවෙකුගේ සටහනක්.
David Gibson (Mar 25, 2018), Stories of Palm Sunday, Herald Malaysia
//The Palm Sunday cry of Christians, “Blessed is he who comes in the name of the Lord,” was heard many centuries ago in Jerusalem’s streets. It still is heard today. The words of this cry are so familiar that their meaning risks being overlooked or taken for granted. They hold a great challenge, however.
Let’s visit the writing of Etheria, a woman from Galicia, a Spanish province, who travelled to the Holy Land in the fourth century. Her word images of Christian life in Jerusalem became an invaluable tool for future historians.
The Palm Sunday procession she described must have been quite a sight. It began at the Mount of Olives, with the people bearing palm and olive branches. Parents carried children on their shoulders, as the somewhat slow-moving procession made its way from the mount’s top and through the city.
It advanced slowly, Etheria explained, in order not to weary people. Her account revealed that much of the day had been, and still would be, devoted to prayer, singing and worship. These events surely fatigued many.
Notably, after the Gospel account was read aloud, of Jesus entering Jerusalem on a donkey, surrounded by children carrying branches and palms, the procession commenced.
Etheria indicates that people of all ages and ranks walked together, praying, singing and responding to each other, “Blessed is he who comes in the name of the Lord.”
This happened around the year 385, setting in motion the events of the week ahead, known to Etheria as the Great Week, known to us as Holy Week.
There can be a sense, as Holy Week begins, that light now will be cast on whatever is good and whatever detracts from the good. The week ahead, after all, recounts the passion of Jesus. Yet, it culminates on as high a note as possible, the Lord’s Resurrection.
The days of the Easter triduum, beginning on Holy Thursday and ending on Easter, are like one day in which currents of death and new life converge wondrously.
With all of that in mind, contrast Jerusalem’s Palm Sunday in 385 with the Palm Sunday of 1980 in El Salvador’s capital, San Salvador.
Blessed Oscar Romero, San Salvador’s Catholic archbishop, had been assassinated just six days earlier while celebrating Mass. Known and greatly respected for his social justice advocacy and closeness to his people, but strongly opposed by some, he had sensed that he might meet a violent death in his conflicted nation.
Palm Sunday was the day of his funeral. His casket was placed on the front steps of his cathedral. But shooting erupted in the square, and many were killed. Thousands sought protection by crowding into the cathedral.
The Archbishop’s casket was brought inside and quickly placed in the tomb prepared for him.
Archbishop John Quinn, at that time San Francisco’s archbishop, attended the funeral. He asked demandingly, “Who was responsible for this sacrilege, for this insult to humanity, for this unbelievable outrage on Palm Sunday?”
Six years later, Archbishop Quinn returned to San Salvador to deliver a speech to a World Day of Peace observance. The events of Palm Sunday 1980 represented a call to become peacemakers, he suggested.
“In its suffering, death and persecution, the Church is called to share in the mystery of the suffering and death of Christ,” said Archbishop Quinn. He stressed that “the Gospel of Christ calls, not to violence but to reconciliation.”
He insisted: “Sin and death are not the victors. The victor is Jesus Christ.”
With the start each year of Holy Week, Christians turn intently toward Jesus. Paradoxically, however, to turn toward Jesus does not require turning away from others. Instead, to be bonded with Christ is to be bonded in him with so many others and to turn toward them too!
Doesn’t the Palm Sunday cry of Christians, then, challenge every Christian and Christian community to come “in the name of the Lord”?
We know much about Jesus. He cared for the sick. He befriended the poor, instilled hope and communicated life and love. Does coming in the name of the Lord imply all of that and more?
Bishop Daniel E. Flores of Brownsville, Texas, said recently that the kingdom of the crucified and risen Christ “is not about cultivating relations with people who can profit you, it’s about being good to people who cannot pay you back.”
That suggests that those who come in the name of the Lord will find themselves running at times against society’s tide.
Love, Pope Francis remarks in his 2018 Lenten message, “is the core of the Gospel,” but love can “grow cold.” A “chill that paralyses hearts and actions” can sweep over us, he cautions. It can weaken the “sense of being members of one human family” and even result in violence when others do “not live up to our expectations.”
As Easter approaches, he encourages all to ask “how it happens that charity can turn cold within us. What are the signs that indicate our love is beginning to cool?” //
7. Happy Easter my friends, let's celebrate it !!!!!!!

====================================
මරණයට ඔහු නැවතිය නොහැකිවිය, ඔහුද, ඔහුගේ ධර්මයද නැවත නැගීසිටියහ. Death couldn't hold him, he has risen, his teaching survives and made the world a better place !!! මෙවර පාස්කු මංගල්‍ය සැමරීම සදහා කතෝලික සභාවේ වතිකානු රාජ්‍ය විසින් ඉතා අපුරු මුද්දරයක් නිකුත්කර තිබේ. ඒ ස්පාඤ්ඤ ජාතික Raúl Berzosa Fernández ගේ ආරෝහ පරිණාහ දේහධාරී ක්‍රිස්තුන් වහන්සේගේ චිත්‍රයක් සිය පාස්කු මුද්දරය සදහා තෝරා ගැනීමය. මෙම චිත්‍රය තෝරාගැනීමේ අරමුණ ලෙස ඔවුන් දක්වා තිබුනේ ඔහු ඇත්ත වශයෙන්ම නැගිට්ටා (''He is truly risen'') යන්න මතුකරලීමය. සම්ප්‍රදායික සීමාවන්ගෙන් මිදී සිය පණිවිඩය නව පරපුර වෙතටද ගෙන යෑමට කතෝලික පල්ලියට ඇති උවමනාව මෙම මුද්දරය මනාව කියාපායි. මෙම මුද්දරය සමග වතිකානුව නිකුත්කර ඇති නිවේදනය පහතින්වේ:
"Today, throughout the entire world, the Church proclaims once again the wondrous news of the first disciples: "Jesus is risen!" – "He is truly risen, as he said!" The ancient feast of Passover, the commemoration of the liberation of the Jewish people from slavery, reaches its completion with the resurrection of Jesus Christ who freed us from the slavery of sin and death, and opened the way for us to eternal life. When we let sin dominate our lives, we lose our way on the right path, and we go wandering around like lost sheep. Our Shepherd, God himself, came searching for us. In order to save us, he lowered Himself to the humiliation of the cross. Today we can proclaim: "The Good Shepherd has risen, who laid down his life for his sheep, and willingly died for his flock, Alleluia!".
මාකස් ප්‍රියන්ත පෙරේරා
22/04/2018