Friday, 24 February 2023
මීගමුව දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව
Monday, 20 February 2023
අවසන් ගමන් ගිය මීගමුවේ රීගල් සිනමාහල හෙවත් මීගමුවේ අශෝකමාලා
මීගමුවේ රීගල් සිනමා ශාලාව කඩා ඉවත්කල බව දැන ගත්තෙමි. අපේ යොවුන්විය ගෙවු මීගමුවේ බොහෝ ස්ථාන දැන් අපිට මතකයන් පමණක් ඉතිරිකර සදහටම බිමට සමතලාවෙමින් යයි. මීගමුවේ රීගල් චිත්‍රපට ශාලාවද එවැන්නකි.
රුපියල් 10ය 10ය එකතුකර එහි බැලූ චිත්‍රපට සංඛ්‍යාව අපමණය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම හින්දි චිත්රපටිද එහි ප්‍රදර්ශනය විය. චිත්‍රපටිය කුමක්වුවද එහි චිත්‍රපටි බැලීමට දිගු පෝලිමක් විය. එම පෝලිමේ වැඩියෙන්ම සිටියේ කුඩවලින් මුහුණ වසාගත් ජෝඩුය. මීගමුවේ ටියුෂන් පන්ති යෑමට පැමිණි පාසැල් යන වයසේ පසුවූ නාඹර තරුණ තරුණියන්ද, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයකල තරුණ, තරුණියන්ද ඔවුන් අතර බොහෝවිය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගියේ box හෝ බැල්කනිවලටය, එහි ඉඩක් නොවුකල ODC පන්තියද එකී ජොඩුවලින් පිරී යයි. චිත්‍රපටිය අවසන්වී අවුල්වු හිසකෙස් අතින් සකසමින් එලියට ඇදෙන බොහෝ යුවතියන් මෙම සිනමා ශාලාවේ "මකුණෝ එමට" යැයි නිතර චෝදනා කරති. එම යුවතියන්ගේ රත්පැහැ ගැන්වු මුහුණ සහ බෙල්ල මකුණෝ කෑවේ කෙසේදැයි කොල්ලෝ ඔලොක්කුවට අසති. එකී කතා දැන් මතකයන් පමණි. මීගමුවේ රීගල් සිනමා ශාලාවත්, එහි වූ යුවති-පතීන්ගේ දිගු පෝලීම්ද කාලයේ වැලිතලාවන්ට වැසී ගොස් හමාරය. ප්‍රේමයෙන් මුසපත්ව ආලය කරන අතර කලාවත් ලලිත්‍යයත් එකට රසවිදීමට ඉඩකඩ සලසන චිත්‍රපටියක් බැලීමට දැන් කාලේ තරුණ ජෝඩු කොහේ යනවා ඇත්ද? සිනමා ශාලාවල් සමගම එම පරම්පරාවත් නිමවී ගියේද?
මෙවර සුමති සම්මාන උලෙළට නිර්දේශවූ හොදම නම් අතරින් 06-07 දෙනෙකුම මීගමුවේන් බිහිවු කලාකරුවන් විණි. එහෙත් අදටත් මීගමුවට හොද සිනමා ශාලාවක්, කලාගාරය, නාට්‍යය ශාලාවක්, රංගශාලාවක්, ප්‍රදර්ශණාගාරයක්, කෞතුකාගාරයක්, කලායතනයක් නැත.
එහෙත් සිංහල චිත්‍රපටි කර්මාන්තය බිහිවු මුල් යුගයේදීම මීගමුව තුල සිනමාශාලා 04 බිහිවී තිබුණි. 1983 ජාතිවාදී කෝලාහල විසින් සිංහල ජාතිවාදීන් ගිනිතැබු රාජ් සිනමා ශාලාව, ආදයමක් නොවුයෙන් බංකොලොත්වු නඩරාජා ටෝකීෂ් හෙවත් කිංග්ස් සිනමා ශාලාව, මීගමුවේ ලන්සා පාලනය විසින් කඩාදැමු මීපුර සිනමා ශාලාව සහ 'සිලෝන් තියටර්ස්' ආයතනයට අයත් මීගමුව නගර මාධ්‍යයේ පිහිටි රීගල් සිනමාහල ඒ අතර විය.
කිසියම් ආකාරයක දේශිය ගෘහ නිරූපණ ශිල්පයක් (Ceylonese architect) අනුව ඉදිකර තිබූ මීගමුවේ රීගල් සිනමා ශාලාව ආරම්භයේදී, එනම් 1947දී, හදුන්වාදී ඇත්තේ 'අශෝකමලා' සිනමාහල ලෙසය. ඒ ඒහි මුලින්ම තිරගත කල චිත්‍රපටිය 'අශෝකමලා' වීම නිසාය. මාස ගණනාවක් යනතුරු එම චිත්‍රපටිය එහි තිරගතව ඇත. එවකට වැඩිපුරම ද්‍රවිඩ චිත්‍රපටි රසවිදි මීගමුවේ සිනමා රසිකයන්ට සිංහල චිත්‍රපටි ප්‍රචලිත කිරිමේ තිබිරිගෙය වුයේද මෙම රීගල් සිනමාහලය. කලක් රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව යටතේ පාලනයවූ මීගමුව රීගල් සිනමාහල එතෙක් දෙමළ චිත්‍රපටි නැරබීමට වැඩි පෙළගැස්මක් තිබු මීගමූ නගර තුල සිංහල චිත්‍රපටි නරබන්නන්ගේ හදවත බවට 1970 දශකයේ අගභාගයවනවිට පැමිණි තිබුණි. මීගමුවේ තිරගතකල සියළුම සිංහල කලාත්මක චිත්‍රපටිවල අලුත්ම නිකුතුවත්, ඉංග්‍රීසි චිත්‍රපටිත් මෙම රීගල් සිනමා ශාලාවේ තිරගතවිය. ජලගැල්මට ලක්ව, නඩත්තු කරගැනීමට නොහැකිව, 2015 නොවැම්බර් මාසයේදී මීගමුවේ රීගල් සිනමා ශාලාව වසාදැමීය.
එය කඩා ඉවත්කර එම භූමියේ සුපිරි සාප්පු සංකීර්ණයක් සහිතව නැවත චිත්‍රපට ශාලාවක් ඉදිකරන බව කියවේ. එහෙත් එය කෙතක් දුරට යථාර්ථයක් වේදෝයි යන්න සැක සහිතය. කෙසේවුවද මීගමුවේ රීගල් සිනමා ශාලාවටද අත්වූයේ මීගමුවේ අනෙකුත් සිනමා ශාලාවලට අත්වු ඉරණය ය. ඒ ගැන මම 2016 ලියූ 'මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්' ලිපිය ඔස්සේ කියවිය හැක.
මාකස් ප්‍රියන්ත පෙරේරා
17/02/23
Thursday, 9 February 2023
තද මීදුමක 'The Others' සිහිවීම
'The Others' in the thick fog...මේ දවස්වල මෙහෙ උදේට දැඩි මීදුම. මේ වගේ තද මීදුමක ඇවිද යද්දී මට මතක් වෙන්නේ 'බොද මීදුම් කදු රැල්ලේ' වගේ සින්දුවක්වත්, අර චාලි චප්ලින් (Charlie Chaplin) කිව්වයි කියන “I always like walking in the rain, so no one can see me crying" කියන එක අනුසාරයෙන් කොල්ලෝ කියන "මම මීදුමේ ඇවිදින්න කැමැතියි, එතකොට මම දුම් උරනවා කියලා කාටවත් පේන්නේ නෑ" (I like to walk in fog so that no one can see me smoking) වගේ කතා නෙමේයි; 2001දී තිරගතවුනු Nicole Kidman ඉන්න 'The Others' කියන චිත්‍රපටිය.
'The Others' කියන්නේ හොල්මන් චිත්‍රපටියක්. චිත්‍රපටිය අවසන් වෙනතුරු කවුරුත් දන්නේ නෑ, කාටත් හිතාගන්න බෑ, කවුද හොල්මන්, කවුද ජීවතුන් අතර ඉන්නේ, කවුද මියගිය අය කියන එක. ඒ ච්ත්‍රපටියේ මැද දී Nicole Kidman හොයාගන්නවා, විස්තර නොකරන, photosensitivity කියන රෝගයකින් පෙලෙන ලමයි දෙන්නත් එක්ක එයා පදිංචි වෙලා ඉන්න ජර්සි දූපතේ (Jersey, Channel Island) පිහිටි සුවිසල් නිවසේ ඊට කලින් හිටපු අයගේ ඇල්බම් (album) එකක්. ඒ album එකේ photo වල ඉන්න ඔක්කෝමල්ලා මැරිලා...එයා ඒ ගැන නිවසේ මෙහෙකරුවන්ගෙන් අහනවා, එයාලා කියනවා ඒ ඒ ගෙදර හිටපු අය, ඒ අය 1800 ගණන්වල පැතිරුණු ක්ෂය රෝග (tuberculosis) වසංගතයෙන් මියගියා කියලා අහලා තියෙනවා කියලා. පස්සේ Nicole Kidman හොයාගන්නවා ගෙදර මෙහෙකරුවෝ ඊට වඩා යමක් දන්නවා, එයලා වත්ත අතුගාලා අර කලින් මැරිච්ච අයගේ සොහොන්කොත් වැසී යන්න කුණු එකතුකරලා ඒ සොහොන්කොත් වහනවා කියලා. ඊට කලින් ඉදලා Nicole Kidman ඒත්තු ගන්නවා ඒ ගෙදර හොල්මන් තියෙනවා කියලා. හිටපු ගමන් කවුරුත් නැතිව පියානෝ එක play වෙද්දී එයා දැඩි මීදුමේ පල්ලියට දුවනවා පල්ලියේ father ව ගෙනත් ගේ bless කරගන්න. එහෙම මීදුමේ යන එයාට දෙවන ලෝක යුද්ධයේදී මැරුණුයි කියන එයාගේ සැමියා මග එනවා දකිනවා. ඇය ඔහුත් එක්ක නැවතත් ගෙදර එනවා. එත් පහුවෙනිදා උදේදී ඔහුත් ගිහින්...ඒ එක්කම ගෙදර වැඩට හිටපු මෙහෙකාරියකුත් අතුරුදන් වෙලා කියලා ඇය දැනගන්නවා.. ඒ ගැන හොයද්දී අතුරුදන්වු මෙහෙකාරියගේ සොහොන් කොත ලමයි හොයාගන්නවා...පස්සේ බලද්දි ඇයත් බොහෝ කලට පෙර මියගිය තැනැත්තියක්...ඒ අතර ගෙදරට එක එක අලුත් මිනිස්සු එනවා, යනවා. හොයලා බලද්දි මේ ගේ විකුණන්න දාලා. ඒක බලන්න විවිධ මිනිස්සු එනවා කියලා ඇය දැනගන්නවා...එහෙම හොයාගෙන ගෙදරට ගොඩවෙද්දී එයාගෙන් අහන්නේ නැතිව ගෙදර මෙහෙකරුවො ගෙදර ඔක්කෝම curtains ඉවත්කරලා..හිරු එලිය ගෙදරට එනවා...එයාට වගේම photosensitivity කියලා කිව්ව එයාගේ ලමයින්ට හිරු එලිය දරාගන්න බෑ...එයා ගෙදර මෙහෙකරුවෝ එක්ක මේගැන විශාල ආරව්වකට පැටලෙනවා. අන්තිමට මෙහෙකරුවෝ ඇයට කියනවා: 'මෙහෙ ඉන්නවා නම් ඔක්කොම එක්ක එකට එන්න ඕනේ' (learn to coexist together) කියලා. ඒ කියන්නේ ජීවත්වෙන, මියගිය සහ හොල්මන් කියන ඔය ඔක්කෝම එක්ක එකට ජීවත්වෙන්න ඕනෑ කියන එකයි...
මට ඔය චිත්‍රපටිය මතකයට ආවේ ඔය ඝන මීදුමේ ඇවිද යද්දී මා අසලින් ඇවිද යන, මුමුණන, නොමුමුණ, පෙනී නොපෙනෙනීයන අය දැක්කහමයි....
මගේ මතකයට අවේ අර කතාව; "මෙහෙ ඉන්නවා නම් ඔක්කොම එක්ක එකට එන්න ඕනේ"...ජිවතුන්ද, මලවුන්ද, හොල්මන්ද කියලා නෑ...ඒ ඔක්කොම එක්ක එකට එන්න ඕනේ (coexist together)...
මාකස් ප්‍රියන්ත පෙරේරා
09/02/23